A social ill ignored by most

Kawindu intends raise awareness of the dangers brought upon by alcohol and how he intends to stop the menace altogether.


කවුරුත් කතා නොකරන ව්‍යසනයක් ගැන

තිහාගොඩ කවිඳු සමාජයට ව්‍යසනයක් වූ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ හැමගේම අවධානය යොමු කිරීමට උත්සාහ දරයි.


ஒரு சமூக நோய்வாயில் பெரும்பாலானவர்கள் புறக்கணிக்கப்படுகிறார்கள்

மதுவைக் கொண்டுவரும் ஆபத்துக்களை விழிப்புணர்வை ஏற்படுத்துவதற்கும், அவர் எப்படித் துஷ்பிரயோகம் செய்வதற்கும் அவர் விரும்புகிறார்.




Kavindu,
Pahala Vitiyala,
Thihagoda.
2016.04.27

To His Excellency the President,
Presidential Secretariat,
Colombo,

Honorable Sir,

I am Nuwan Thushara who is writing to you Honorable Sir. I wish to tell you my story. I was born in Kuwait and brought up Pahala Vitiyala village situated in Thihagoda in Matara District. My loving Grand Mother who taught me Sinhala language passed away at my pre-school age by a cancer. After that, my parents migrated again. My mother is Nalika Ratnayake. My father is Anura Shantha. I was brought up by my step-mother and step-father. They took good care of me.

Later, my parents returned to Sri Lanka. My mother has a certain illness which turned into a severe cancer later. My father tried in every way to cure her, but nothing succeeded. I had a little brother when mother died. We were so helpless at that time. Our Grand Father took care of us for a long time. Our father married again to restore a mother’s love for us. She has been divorced by her drunkard husband. She also had a child. Our father empathied her and married her by thinking of us. I was in Grade 7 at that time, and I was poor at education. Our father was working in an ice company. But I could pass the G.C.E. O/L examination with the support of my second mother who was courageous. My commitment, my Grand Father’s support and my friends’ support contributed to this. I have got A-2, B-3, C-1, S-2. I have come a difficult path for this success. I cannot mention all my hardships here. I wish to enter University in Arts Stream. At present, I have one brother and two sisters. I have mentioned only few of my personal information. I have other matters to mention in this letter.

I have lot of experiences of life. There is something special that I like to mention here. That is neither poverty, weakness nor my success. That is the alcohol problem in the country. Now it has become a major problem in the country, but the people never care it. People in our country think that they are in the sky when they are drunk. They think it is a medicine. The foreigners deceived us. Even they would not think it will go so far. Most people make their voice about caste, nationality, religion, poverty and affluence. But people of all these categories have been largely addicted to alcohol and drugs. Now there is no distinction as ladies and gents. Everybody drink. Drugs are the reason for most of robberies, rapes, and all other criminals. Husbands torture their wives, addicts try to rape other women. All these problems occur because of drugs. The country goes under a shadow because of this. Prisons are being populated.
Why can’t we stop them? Nothing is impossible if we try. Lot of money are wasted due to this. They only get dangerous diseases like cancers. We cannot stop them because powerful people are engaged in them. If I could become the President of the Country, I will start the “Amadyapa Program”. However, I will safeguard the next generation. I will do my service by satisfying the wishes of my parents. I never use drugs. They are disgusting.

The society has become disgusting because of this. I am so afraid of what is going to happen. Also I am so furious about it. It is disrespect to our nationalities and cultures. We should eradicate it from the country. Otherwise, the future generation will suffer. Therefore, I request you to eradicate this great menace from the country. It is your duty. I conclude my letter at this point. Lord Buddha bless you!

Faithfullly,
Nuwan Udara.

කවිදු,
පහළ විටියල,
තිහගොඩ.

2016.04.27

ජනාධිපතිතුමා වෙත,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

ජනාධිපතිතුමනි,

බුදු සරණයි !

මා මෙය ලියන ලද්දේ අතිගරු ජනාධිපතිතුමා වෙතටය. මෙම ලිපිය ලියන මා නුවන් උදාර. මා මෙතැන් සිට මාගේ විස්තර ඔබට පවසන්නේය. මා ඉපදුනේ විදේශ රටකය. එනම් කුවේට් රාජ්‍යෙයහි මම උපත ලබන්නෙකි. එහෙත් මාගේ දෙමව්පියන් ලංකාවෙහි බැවින් ඔවුන්ගේ පදිංචිය වූ ලංකාවෙහි මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ කොට්ඨාශයේ පහළ විටියල යන ග්‍රාමයෙහි මා හැදී වැඩුණේය. මා එකල ආදරයෙන් බලා මා හට සිංහල පුරුදු කළ මාගේ ආදරණීය ආරච්චි මා පෙර පාසල් අවධියටත් පෙර පිළිකාවක් සැදී මෙලොවින් සමුගන්නා ලදී. ඉන් පසුව දෙමව්පියන් දෙදෙනා නැවත රැකියා සදහා විදේශගත විය. ඔවුන් දෙදෙනාගේ නම් ප්‍රකාශය කලේ නම් මාගේ මව නාලිකා රත්නායක වේ. මාගේ පියා අනුර ශාන්ත විදානගේ වේ. ඉන්පසුව මා හැදී වැඩුණේ මාගේ පුංචි සහ බාප්පා සමගය. ඔවුන් මාව ඉතා හොදින් බලා ගන්නා ලදී. කාලයක් ගත වෙනවාත් සමගම දෙමව්පියන් නැවත පැමිණියේය. එහිදි මව මෙරටට එන විට යම් ලෙස රෝගාතුර වී සිටියේ පසුව කාලයක් යන විට මෙම රෝගය දරුණු පිළිකාවක් බවට පත් වුණි. එහෙත් තාත්තා ඔහුගේ ශ්‍රමය සහ ධනය සියල්ලක්ම වියදම් කර ඇයව බේරගන්න හැදුවත් එය කිරීමට තරම් අපොහොසත් විය. මව මිය යන විට මා හට කුඩා මල්ලි කෙනෙකුද සිටින ලදී. එයින් අපි විශාල අසරණතාවයකට පත් විය. පසුව කලක් තිස්සේ අපගේ සීයා විසින් අපව බලා කියා ගන්නා ලදී. තවද, අන් අයගෙන්ද පිහිට ලැබීය. තාත්තා නැවත අපට මව් සෙනෙහස ලබා දීමට නැවත ඔහු විවාහයක් කර ගන්නා ලදී. ඇයගේ සැමියා ද ඇයට දරුවෙකු සිටියදී බේබදු කමින් ඇය දික්කසාද කර ඇයව වෙන් කර දමන ලදි. එහෙත් අපගේ පියාණන් ඒ ගැනද අනුකම්පා කර අප ගැන ද සිතා ඇයව විවාහ කරගත්තේය. එවිට අපගේ පියා රැකියාවක නිරත වී සිටියේ අයිස් කර්මාන්තයක වේ. මේ වන විට මා 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය. තවද මේ සිදු වූ කරදරවලින් මාගේ ඉගනීම පහත් තත්ත්වයකට වැටී තිබුණි. එහෙත් මාගේ දෙවැනි මවගේ ධෛර්යය උත්සාහයෙන් මාව ඕ ලෙවල් විභාගය සමත් කරවන ලදී. මා ද එයට කැප විය. මාගේ සීයා සහ අනෙක් නෑදෑ හිත මිතුරෝද සහායලබා දුන්නේය. මම A – 2 B – 3 C – 1 S - 2 වශයෙන් විභාගය ජය ගන්නා ලදී. මේ සදහා මෙම දුක් කටුක මැද ඉදිරියට ආ පුද්ගලයෙකි. මෙහි එය සදහන් නොකිරීමට තරම් ය. මම ජීවිතය ගැන ඉදිරියට සිතූ මා කලා විෂයයන් හදාරා විශ්ව විද්‍යාලයට යෑමට අධිෂ්ඨාන කර ගත්තේය. දැන් අප පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටී. මාගේ පෞද්ගලික තොරතුරු වලින් ටිකක් මෙහි සදහන් කර ඇත්තේ හැබැයි මෙහි සදහන් කිරීමට මා හට තවත් තොරතුරු තිබේ.

මාගේ ජීවිතයේ විශාල අත්දැකීම් රාශියක් ඇති පුද්ගලයෙකි. හැබැයි මාගේ හිතට කා වැදුණු විශාල අත්දැකීමක් තිබෙනවා එය මහාගේ තිබෙන දුප්පත්කමවත්, දුර්වලකමක්වත් සහ මාගේ ජයග්‍රහණයක්වත් නොවේ. එනම් අන් මිනිසුන් ගැන, එනම් මේ අපේ රටේ දැනට පවතින මධ්‍යසාර ගැටලුව පිළිබදවයි. මේ මධ්‍යසාරය අපේ රටේ විශාල ප්‍රශ්නයක් වි තිබුණත් එය අපේ රටේ මිනිසුන්ට කිසිදු හැගිමක් දැනීමක්වත් නැත. අපේ රටේ මිනිස්සු බිව්වහම හිතන්නේ ඒ ගොල්ලො ඉන්නේ අහසෙ කියල? මේවා ඖෂධයක් කියලා? සුද්ද ඒ කාලේ අපේ මිනිස්සුන්ට ඇන්දුව තමයි. හැබැයි මේ තරම් දුරට ඇන්දෙයි කියලා හිතුවේ නැහැ. අද සමාජයෙ මිනිස්සු හරියට කෑගහන්නේ ජාති, කුල භේද, පොහොසත්කම, දුප්පත්කම ගැන. හැබැයි මේ සේරම මත්ද්‍රව්‍ය වලට බොහෝ ලෙස ඇබ්බැහි වීමක් වෙලා තියෙන්නේ. තවද දැන් ගෑණු පිරිමි භේදයක් නැහැ. ඔවුන් දොගොල්ලොම බොනවා. මේ ර‍ටේ සිදුවෙන මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, සියළු අපරාධ වලට හේතුව මෙම මත්ද්‍රව්‍ය. උදාහරණයක් ගත්තොත් ගෙදරක සැමියා බිල ඇවිල්ලා ගෙදර නෝනත් එක්ක රණ්ඩුවීම තවද මත්ද්‍රව්‍යයෙන් මත් වුණු කෙනෙක් යම් ස්ත්‍රියක් දැක ඇයව බලහත්කාර ලෙස දූෂණය කිරීම යන සියල්ලක්ම සිදුවන්නේ මෙම මත්ද්‍රව්‍ය නිසා. මේවායින් රටට ලොකු අපකීර්තියක්ද හිමිවන්නේ. හිර ගෙවල් වැඩි වන්නේද මේවා නිසා.

ඇයි අපට මේවා නවත්වන්න බැරි. උත්සාහ කළහොත් බැරි වෙන දෙයක් නැහැනේ. එහෙත් මේවායින් ධනය නිකරුනේ වියදම් වෙනවා. නිකම් බොරුවට පිළිකා වැනි ලෙඩ රෝග හදා ගන්නවා. මේවා අපට බැහැ නවත්වන්න. මේවාට ලොකු බලවතුන් මැදිහත්ව කරන දේවල්ය. හැබැයි දවසක මම ජනාධිපති සේ ඉදිරියට ඇවිත් නැවත අමධ්‍යප ව්‍යාපාරය අනිවාර්යයෙන් ආරම්භ කරනවා. මේ රටේ සිටින ඊළග පරම්පරා කෙසේ හෝ රැක ගන්නවා. නැතිනම් ඒක මගේ යුතුකමක් නොවේ. ඒ වගේ ම මගේ දෙමව්පියන්ගෙ බලාපොරොත්තු ඉටු කර කෙසේ හෝ මේ සේවය මා විසින් කරගෙන යනවා. මා ද කිසි දවසෙක මත්ද්‍රව්‍ය වලින් රැකෙන්නේ නැත. මා හට එය පිළිකුල්ය. මා එයින් තොර ය.

මිනිසුන් කෙරෙහි මේ මත්ද්‍රව්‍ය ගැන දැඩි ඇලීම නිසා මේ සමාජභාවය අනිවාර්යයෙන්ම පිලිකුල් භාවයට පත් වී මෙය විනාශකාරී බවට පත් වීම ගැන මා හට තිබෙන්නේ දැඩි බයක් ය. තවද මට මේ කෙරෙහි ඇත්තේ දැඩි තරහකි. මෙය අපගේ ජාතීන්ට, සංස්කෘතියන්ට ආගම් වලට කරන අගෞරවයකි. මෙය අප නැති කළ යුතුය. නැතිනම් අනාගත පරම්පරාවද විනාශයට ඇද යාමට ඉඩ ඇත.

මේ නිසා මම ඔබගෙන් ඉල්ලන්නේ මේ දේ තේරුම් ගෙන මේ රටේ තියෙන්නා වූ විශාල ප්‍රශ්නය මේ රට තුළින් ම තුරස් කර යුතුය. එයයි ඔබගේ ද යුතුකම වන්නේ. මෙයින් මා ලියන ලද ලියුම අවසන් කරමි. ඔබට සම්මා සම්බුදු සරණයි !



මෙයට - විශ්වාසි,


නුවන් උදාර

கவிந்து,
கீழ் விட்டியல,
தியகொட,
2016.04.27.
ஜனாதிபதி,
ஜனாதிபதி செயலகம்,
கொழும்பு.

கடவுள் துணை!
ஜனாதிபதி அவர்களே,
இக்கடிதத்தை மேன்மைதங்கிய ஜனாதிபதி அவர்களுக்கே எழுதுகிறேன். இக்கடிதத்தை எழுதும் நான் நுவன் உதார. நான் இங்கே இருந்து எனது தகவல்களை உங்களுக்குச் சொல்கிறேன். நான் வெளிநாட்டில் பிறந்தவன். அது குவைத் நாட்டில் தான் பிறந்தேன். ஆனால், எனது பெற்றோர் இலங்கை வதிவிடலாளராவதுடன் இலங்கையில் மாத்தறை மாவட்டத்தில் திஹாகொடை பிரிவின் கீழ் விட்டியல எனும் கிராமத்தில் தான் வளர்ந்தேன். என்னை அந்தக் காலத்தில் அன்புடன் பார்த்துக்கொண்டு எனக்குச் சிங்களப் பழக்கவழக்கங்களைப் புகட்டிய எனது அன்புள்ள பாட்டி நான் முன்பள்ளி செல்லும்போதே புற்று நோயால் அவதியுற்று இவ்வுலகில் இருந்து விடைபெற்றார். அதன்பிறகு பெற்றோர் இருவரும் மீண்டும் தொழில் நிமித்தம் வெளிநாடு போய்விட்டார்கள். அந்த இருவரின் பெயர்களைக் கூறுவதெனில் எனது அம்மா நாலிக்கா ரத்நாயக்க, அப்பா அநுர சாந்த விதானகேயாகும். அதன்பிறகு நான் வளர்ந்தது எனது சித்தப்பா மற்றும் சின்னம்மாவுடனேயேயாகும். அவர்கள் என்னை நன்றாகப் பார்த்துக்கொண்டார்கள். காலம் கடந்ததுடன் எனது பெற்றோர் மீண்டும் நாட்டுக்கு வந்தனர். எனது அம்மா இந்நாட்டிற்கு வரும்போது ஒரு நோயாளியாகவே வந்தார். பின்னர் காலம் செல்லச் செல்ல இந்த நோய் கடுமையான புற்று நோயாக மாறியது. எனது அப்பா அவரின் உழைப்பால் பெற்ற பணம் அனைத்தையும் செலவு செய்து காப்பாற்ற நினைத்தும் அவரைக் காப்பாற்ற முடியாமல் போய்விட்டது. அம்மா இறக்கும்போது எனக்கு ஒரு சின்னத் தம்பியும் இருந்தான். அதனால் நாங்கள் மோசமான நிலைக்குத் தள்ளப்பட்டோம். பின்னர் எனது தாத்தா எங்களைப் பாதுகாத்துக்கொண்டதோடு மற்றவர்களின் உதவியும் கிடைத்தது. அப்பா மீண்டும் எங்களுக்குத் தாய்ப் பாசத்தைப் பெற்றுக் கொடுப்பதற்காக மறு திருமணமும் செய்துகொண்டார். அவரின் கணவர் அவருக்கு ஒரு குழந்தை இருக்கும்போதே குடிகாரத் தன்மையால் அவளை விவாகரத்துச் செய்து அவளிடமிருந்து பிரிந்துவிட்டதால், எனது அப்பா அவர் மேல் அனுதாபங்கொண்டதுடன் எங்களைப் பற்றியும் நினைத்து அவளைத் திருமணம் செய்துகொண்டார். அப்போது எங்களது அப்பா ஒரு ஐஸ் நிறுவனத்திலேயே வேலை செய்தார். அப்போது நான் 7ஆம் தரத்தில் படித்துக்கொண்டிருந்தேன். இந்தப் பிச்சினைகளால் எனது படிப்பும் கீழ் மட்டத்திலேயே இருந்தது. எனது இரண்டாவது தாய் கொடுத்த தைரியம், முயற்சியால் நான் O/L பரீட்சையை நன்றாகச் செய்து முடித்தேன். நானும் அதற்காக நல்ல முயற்சி செய்தேன். எனது தாத்தா மற்றச் சொந்தங்களும் நண்பர்களும் எனக்கு மிக உதவி செய்தார்கள். நான் A – 2, B – 3, C – 1, S – 2 என்று பரீட்சையில் வெற்றிகண்டேன். இவ்வாறு நான் பல துயரங்களுக்கு மத்தியில் முன்னுக்கு வந்தவன். இனி அதைப்பற்றிக் குறிப்பிடாமல், எனது வாழ்க்கையில் முன்னோக்கிச் செல்ல நினைத்த நான் கலைப் பிரிவைத் தோந்தெடுத்து சர்வகலாசாலைக்கு உள் நுழையும் சந்தர்ப்பத்தையும் பெற்றுக்கொண்டேன். இப்பொழுது எனது குடும்பத்தில் 2 சகோதரிகளும் ஒரு சகோதரனும் இருக்கின்றனர். எனது தனிப்பட்ட தகவல்கள் கொஞ்சம் இதில் இணைத்துள்ளேன். ஆனால், இதில் இணைப்பதற்கு இன்னும் தகவல்கள் இருக்கிறது.
நான் வாழ்வில் அதிகமான அனுபவங்களைப் பெற்றுள்ள நபர் எனினும் எனது மனதில் ஆணியால் அடிக்கபட்டது போன்ற அனுபவங்கள் இருக்கிறது. அது என்னுள் இருக்கும் ஏழ்மை, இயலாமை, மற்றும் எனது வெற்றிகள் அல்ல. அது மற்ற மனிதர்களைப் பற்றியது. அதாவது நமது நாட்டில் இப்போது நடைமுறையிலுள்ள போதைவஸ்து தொடர்பான பிரச்சினையாகும். இந்தப் போதைவஸ்தானது எமது நாட்டிற்கு மிகப் பெரிய பிரச்சினையாக இருந்தாலும் அது தொடர்பாக நமது நாட்டு மக்களுக்கு எவ்வித உணர்வோ, புரிதலோ இல்லை. எமது நாட்டு மக்கள் குடித்தவுடன் நினைக்கிறார்கள் அவர்கள் வானத்தில் இருப்பதாக. இதனை ஒரு ஔடதம் என்று வெள்ளையர்கள் அக்காலத்தில் எங்கள் மனிதர்களை எமாற்றினார்கள் தான். ஆனால், இவ்வளவு தூரம் ஏமாறுவார்கள் என்று நினைக்கவில்லை. இன்றுள்ள சமூகத்திலுள்ளவர்கள் சத்தம் போடுவது ஜாதி, குலம், பேதம், பணக்காரர், ஏழையைப் பற்றியேயாகும். ஆனால், இவை அனைத்தும் போதைவஸ்த்திற்கு அடிமையாகி இருக்கின்றது. அத்தோடு, இப்போது ஆண், பெண் என்ற பேதமில்லாமல் இருபாலாரும் குடிக்கிறார்கள். இந்நாட்டில் நடைபெறும் கொள்ளை, பாலியல் வன்முறை போன்ற குற்றச் செயல்களுக்குக் காரணமாக அமைவது இந்தப் போதைவஸ்த்தாகும். உதாரணத்திற்கு எடுத்துக் கொண்டால் வீட்டின் கணவர் குடித்துவிட்டு வந்து மனைவியுடன் சண்டையிடுவது அத்தோடு போதைவஸ்தினால் வெறியடைந்த ஒருவர் ஒரு பெண்ணைக் கண்டு அவளைப் பாலியல் வன்முறையில் பலாத்காரமாக ஈடுபடுவது எல்லாம் நடப்பது இந்தப் போதைவஸ்தாலாகும். இதனால் நாட்டிற்குப் பெரிய அபகீர்த்தி ஏற்படுவதுடன், சிறைகள் அதிகரிப்பதும் இதனாலாகும்.
ஏன் இதை எங்களால் நிறுத்த முடியாது? முயற்சித்தால் முடியாதது ஒன்றுமில்லை. இதில் பணம் தெரியாமலேயே செலவழிகிறது. இதைப் பொய்யாகக் குடித்துப் புற்றுநோய் போன்றவற்றை உருவாக்கிக்கொள்கிறார்கள். இதை எங்களால் நிறுத்த முடியாது. இது பெரிய பலம் படைத்தவர்கள் இடையிலிருந்து நடாத்தும் செயலாகும். ஒரு நாள் நான் ஜனாதிபதியாக வந்து போதைவஸ்தை ஒழிக்கும் திட்டத்தை முக்கியமாக ஆரம்பிப்பேன். இந்நாட்டில் இருக்கும் எதிர்காலப் பரம்பரையை எவ்வாறாவது காப்பாற்றுவேன். அது என் கடமையாகும். அதேபோன்று எனது பெற்றோரின் எதிர்பார்ப்புகளையும் நிறைவேற்றி எப்படியாவது இச்சேவையைச் செய்துகொண்டு போவேன். இன்னும் எவ்வளவு நாளைக்குப் போதைவஸ்திற்கு அடிமையாக இருப்பீர்கள்? எனக்கு அது ஒரு அருவருப்பானது. நான் அதைத் துறந்தவன்.
மனிதர்கள் இந்தப் போதைவஸ்திற்கு ஈர்க்கப்பட்டுள்ளதால் இந்தச் சமூகம் நிச்சயமாக அருவருப்புள்ளதாக மாற்றமெடுத்து அழிவடையும் நிலையை நினைக்கும்போது மிகப் பயமாக உள்ளது. மேலும், இதை நினைக்கும்போது எனக்கு மிகக் கோபம் வருகிறது. இது எமது இனத்திற்கு, கலாசாரத்திற்கு, மதங்களுக்கு அகௌரவத்தை ஏற்படுத்துவதாகும். இதை நாம் ஒழிக்க வேண்டும். இல்லையெனில் இது எதிர்கால சந்ததியினரை அழிவை நோக்கி இட்டுச்செல்லும்.
இதனால் நான் உங்களிடம் கேட்பது, இதைப்பற்றிப் புரிந்துகொண்டு, இது இந்நாட்டிலுள்ள பாரிய பிரச்சினையாகும். இதை நாட்டிலிருந்தே இல்லாதொழிக்க வேண்டும். இதுதான் உங்கள் கடமையாகும். இத்தோடு இந்த மடலை நிறைவு செய்கிறேன். உங்களுக்குக் கடவுள் துணை இருப்பாராக!
இப்படிக்கு
உண்மையுள்ள




A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License