We lived like brothers and sisters

A brother shares about the conflict occurred between the communities who lived peacefully.


අපි ජීවත් වුණේ සහෝදර සහෝදරියන් වගේ

අත්දැකීම් එකඟව එකට ජීවත් ප්රජාව අතර වන ගැටුම ෙබදා.


ஒரு தாய் பிள்ளைகள் போன்று வாழ்ந்து வாழ்ந்தோம்

ஒற்றுமையாக வாழ்ந்த சமூகங்களுக்கிடையில் ஏற்பட்ட முரண்பாடு பற்றிய அனுபவ பகிர்வு.



CMP/AMP/SAM/VAP/01

Muvangalai is a small beautiful place in Ampara District, rivers, sugar canes, fruits all around. I lived there with my wife my two daughters and my mother in law who is blind. The majority in the village was Sinhalese with us there are 12 Tamil families, we went to work in a sugar factory women also go to work. There is no scarcity for food both Sinhalese and Tamils lived in unity. Exchanging food, each others homes for festivals we lived happily. We Tamils didn’t have temples but we had a stone under a tree and worshipped. When we cooked pongal in that temple, Sinhalese also come and ate pongal, worshipped our god. My wife was pregnant at that time. As we had two girls earlier my wife wanted to have a boy she wrote names of boys for the baby. Three months before the date of delivery we bought things home. My eldest daughter lived with my sister in Sammandhurai and studied there. She was 5 years old. As I went to work my wife looked after my other daughter and my blind mother

In 1990 there was ethnic conflict in many places there was trouble at Malwatha, Veeramunai but we didn’t expect anything to happen on our place. But it did Sinhalese started to murder families. On 13th June some Sinhalese armed with knife, machete, petrol and came chasing the Tamil people. I took my second daughter and told my wife to take my mother and go. One Sinhalese man told me to go to Tamil villages as there would be trouble but didn’t take much care. Suddenly Sinhalese came on a lorry, we didn’t know what to do we went to the forest one by one. My wife didn’t know what to do she said “ I am pregnant they won’t do anything to me you go” I thought they won’t do anything to my wife and mother and carried my daughter away. My sister’s daughters removed their gold ornaments and gave it to my wife. I saw them put them all in a bag and give it to my wife. She said I will be ok I’ll hide in some Sinhalese house. I agreed and went with all the male colleagues. But it didn’t happen as I thought they murdered all the women, children and burnt them. I faced lot of difficulties and with a will to save my daughter, hid in the forest and crossed rivers and to Veeramunai we took refugees in a school
I saw my villagers too there. I told my daughter that her mother should be coming, and I didn’t know what to do. I n that time some of my villagers came there one of them told some names and told that he saw them murdered and came running there. He said if they had seen me they would have murdered me. That he saw my sisters son who was 22 being burnt in a tyre. I was so shocked. When I was crying a helicopter bombed us and the army began shooting. We were lying down on the ground. We escaped from that place and came to the refugee camp at Karaitivu school. There were many Tamils in Karaitivu, faced a lot of hardships. After some time we moved to new village Vallakapity. My children are married. I live in a small house now. I pray that nobody should face a situation like I did.


CMP/AMP/SAM/VAP/01- 01

කන්දයියා,
වලතාපිටිය.

අම්පාර දිස්ති‍්‍රක්කයේ පුංචි තැනක් තමයි මුවංගල. ඒ ගමට විලේජ් 1 කියල යි කියන්නෙ. ඒ ස්ථානය ලස්සන තැනක්. ඔයවල්, උක් මෝල්, පලතුරු වර්ග, පලා කොළ වර්ගවලින් පිරී තිබෙන තැනක්. ඒ ගමේ තමයි මමයි, මගේ භාර්යාවයි, දරුවන් දෙදෙනයි, මගේ භාර්යාවගේ අම්මත් එයාට ඇස් පේන්නෙ නැහැ. එයත් අපිත් එක්ක තමයි හිටියෙ. ඒ ගමේ බහුතරයක් හිටියෙ සිංහල ජනතාව. දෙමළ පවුල් 12ක් පමණ යි හිටියෙ. අපි හැමෝ ම සීනි ෆැක්ටරියට වැඩට යනවා. සමහර කාන්තාවන් උක් වතුවලට වැඩට යනවා. කෑමබීමවලට අඩුවක් ඇත්තෙ ම නැහැ. හොඳ ස්ථානයක්. නමුත් දෙමළ ජාතිකයන් අඩු යි. අපි ඒ අය සමග ඥාතීන් වාගේ තමයි ජීවත් වුණේ. කෑමබීම බෙදාහදා ගන්නවා. ඔවුන්ගේ ගෙවල්වල පැවැත්වෙන උත්සවවලට අපි යනවා. ඔවුන් අපේ ගෙවල්වල පැවැත්වෙන උත්සවවලට එනවා. මෙසේ එකිනෙකා අතර හොඳ බැඳීමකින් සිටියා. අපි ඒ අයගේ කෝවිලට යනවා. අපිට කෝවිලක් නැහැ. නුග ගහක් යට ගලක් තියලා අපි පුද පූජා පැවැත්තුවා. ඒ කෝවිලේ අපි කිරි ඉතුරුවොත් අපේ අසල්වැසි සිංහල ජනතාවත් පොංගල් කනවා. අපේ දෙවියන්ට ඔවුනුත් වඳිනවා. මෙසේ අපි හොඳින් ජීවත් වන විට මගේ භාර්යාව ගැබ් ගත්තා. මේ 3 වෙනි දරුවා. කලින් දරුවො දෙදෙනා ගැහැණු ළමයි. ඒ නිසා මේ දරුවා පිරිමි දරුවෙකු වෙන්න ඕන කියා මගේ භාර්යාවට ආශාවක් තිබුණා. නම පවා පිරිමි ළමයින්ගේ නම් තමයි ලියලා තියන්නෙ. මගේ භාර්යාවට දරු ප‍්‍රසූති දිනට මාසයක් තිබිය දී අවශ්‍ය බඩුමුට්ටු ටික අර ගෙන ආවා. මගේ වැඩිමහල් දරුවා අක්කගේ ගෙදර ඉඳ ගෙන ඉගෙන ගත්තා. මෙහේ සිංහල පාසල් නිසා සම්මන්තුරේ පාසලේ අක්කලාගේ ගෙදර ඉඳ ගෙන ඉගෙන ගත්තා.

ජනවාර්ගික අර්බුදය
අවතැන් වීම්

01-02

ඒ දරුවට වයස අවුරුදු 5 යි. 2 වැනි දරුවට වයස අවුරුදු 2ක් විතර ඇති. මමත් වැඩට යන නිසා මගේ භාර්යාව පව් ඇස් පේන්නෙ නැති අම්මවත් බලා ගෙන පුංචි දරුවත් බලා ගන්නවා. අල්ලපු ගෙදර සිංහල ළමයත් හොඳින් බලා ගන්නවා. මෙසේ සිටිය දී තමයි 1990 වසර ලැබුවේ. ඒ කාලෙ සිංහල දෙමළ ජාතිවාදී කලබල කාලය. බොහෝ ස්ථානවල ජාතිවාදී කලබල තිබුණා. ඒ දවස්වල තමයි අම්පාර, මල්වත්ත, වීරමුණෙයි යන ප‍්‍රදේශවල දෙමළ ජාතිවාදී කලබල ඇති වුණේ. මෙහෙත් කලබල ඇති වෙයි කියා අපි බලාපොරොත්තු වුණේ නැහැ. එක පාරට ම කලබල ඇති වුණා. දෙමළ මිනිසුන්ව සිංහල මිනිස්සු කපලා මරා දැමීම නිතර නිතර සිදු වෙමින් පැවති කාලයක්. අපි කොහෙත් ම බලාපොරොත්තු වුණේ නැහැ අපේ ප‍්‍රදේශයෙත් කලබල ඇති වෙයි කියලා. එක පාරට ම 6 වැනි මාසෙ 13 වැනි දින සිංහල මැරයන් කිහිප දෙනෙකු අත්වල උක් ගස් කපන පිහි, පොලු, පොරොවා, කඩු වැනි ආයුධ අතට අර ගෙන ඇසට දුටු දුටු දෙමළ ජාතිකයන්ව ආවේගයෙන් එළවා ගෙන දුව ගෙන ආවා. මම මගේ පුංචි දරුවා එනම් දෙවැනි දරුවා වඩා ගෙන දුවන්නම්, ඔයා අම්මවත් එක්ක ගෙන යන්න කියා භාර්යාවට කියලා, ඒ වෙලාවෙත් කිව්වා ගැහැණුන්ට මොකුත් කරන එකක් නැහැ, පිරිමින්ට තමයි මොනවා හරි කරන්නෙ බය නැතිව අල්ලපු ගෙදර උදවියයි, අනෙක් දෙමළ පවුල් ටිකයි දෙමළ ජනතාව වෙසෙන ප‍්‍රදේශවලට යන්න කියා සූදානම් වුණා. එහි සිටි සිංහල කෙනෙකු කීවා, දැන් මේ පැත්තෙ කලබල ඇති වෙන්න යනවා, කල්වේලා ඇතිව දෙමළ ජනතාව සිටින ප‍්‍රදේශයකට යන්න කියා. ඒ වෙලාවේ දී පවා අපි එය ලොකුවට ගණන් ගත්තේ නැහැ. හැමෝ ම එකතු වෙලා කථා කරලා තීරණයකට එමු කියා සිතා ගෙන සිටිය දී, එක පාරට ම ලොරියකින් ඇවිල්ලා සිංහල මිනිස්සු බැස්සා.

01-03

අපිට මොනවා කරන්න ද කියා හිතා ගන්න බැරි වුණා. කැලෑ ප‍්‍රදේශයට යමු කියා සිතා එම ස්ථානයෙන් නික්ම වෙලා බොහෝ දෙනෙකු සිටි නිසා එක් එක් කෙනා හැංගි හැංගි ගියා. ඒ අවස්ථාවේ දී මගේ භාර්යාවට මොක ද කරන්නෙ කියා සිතා ගෙන සිටියා. මම ගැබිණි මවක් නිසා මට මොකුත් කරන එකක් නැහැ, ඔයා යන්න කියා මාව පිටත් කළා. මමත් හිතුවා ඇත්ත තමයි, එයාවයි නැන්දම්මාවයි මොනවා කරයි ද කියලා. මොක ද ඇස් පේන්නෙ නැහැ නෙ, කියලා මගේ දෙවැනි දුව විතරක් වඩා ගෙන මම ගියා. මගේ භාර්යාව අතට එහි සිටි මගේ අක්කලාගේ දුවලා රත්තරන් බඩු ටික ගලවලා දුන්නා. මෙන්න නැන්දෙ මේවා ඔයා ළඟ තියා ගන්න. ඔයා බඩදරු අම්මා කෙනෙක් නිසා ඔයාට මොකුත් කරන එකක් නැහැ කියලා. හැමෝගේ ම රත්තරන් බඩු ටික ගලවලා බෑග් එකකට දාලා ඔතලා මගේ භාර්යාව අතට දෙනවා මම දුටුවා. මගේ භාර්යාව ඒවා අතට අර ගෙන කියනවා හරි හරි ඔය ගොල්ලන් ඉස්සර වෙලා යන්න, මට ප‍්‍රශ්නයක් නැහැ, අම්මටත් ඇස් පේන්නෙ නැහැ, අපි මෙහෙ ඉන්න සිංහල මිනිසුන්ගේ ගෙවල්වලට වෙලා හැංගිලා ඉන්නම් කියා. හරි කියා අපිත් තවත් පිරිමි ටිකකුත් එකතු වෙලා ගියා. නමුත් සිදු වුණේ ඒක නෙමෙයි. එහි පැමිණි මිනීමරු මැරයන් මත්පැන් බීලා ජාතිවාදී චේතනාවෙන් සිටි නිසා කාන්තාවන් දරුවන් කියා බලන්නෙ නැතිව හැමෝ ම කපලා පැට්‍රෝල් වක් කරලා ගිනි තියලා තිබෙනවා. මමත් බොහොම අමාරුවෙන් මගේ දුව බේර ගන්න ඕන නිසා කැලෑ පාරවල් ඔස්සේ වතුර ඇළවල් පසු කර ගෙන එක්තරා විදියකට වීරමුණේ ප‍්‍රදේශයට ඇවිල්ලා පාසලක සිටියා. එහි දී බොහෝ දෙනෙකුව දැක්කා මගේ ගමේ අයවත් දැක්කා.

01-04

මගේ දුව අඬ අඬා ආපු නිසා බඩගින්න හා මහන්සිය නිසා කිසිවක් දන්නෙ නැති නිසා වෙන්නෙ මොකක් ද කියා දන්නෙ නැතිව තිගැස්සිලා හිටියා. මොනව ද වුණේ කියා දන්නෙ නැතිව අම්මා එයි කියා දරුවාගේ සිත සනසමින් මොක ද වුණේ කියා දන්නෙ නැතිව සිතේ දෙගිඩියාවෙන් සිටියා. මගේ ගමෙන් කිහිප දෙනෙකු එහි පැමිණියා. අනෙක් අයට මොක ද වුණේ කියා දන්නෙ නැතිව සිටියා. එයින් එක් කෙනෙක් කිහිප දෙනෙකුගේ නම් කියලා කීවා ඒ ගොල්ලන්ව කපලා මරා දැම්මා, මම ඒක දැකලා බයට දුව ගෙන ආවා, ඒ ගොල්ලන් මාව දැක්කෙ නැහැ, දැකලා තිබුණා නම් මාවත් කපා දමන්නට ඇති කියා ඔහු කීවා. අක්කගේ පුතා ඔහුට වයස අවුරුදු 22ක් විතර ඇති. ඔහුගේ නම කියලා ඔහුවත් ටයර් දාලා පිච්චුවා කියා තවත් කෙනෙකු කීවා. මේවා අහන විට කොහොමට ඇත් ද, දෙවියනේ අපට මෙහෙමත් ඉරණමක් ද කියා ළත වුණා. එම ස්ථානයේ සිටින විට තවත් ගුවන් යානාවක් (හෙලිකොප්ටරය) බෝම්බ දැමුවා වැහි වහින ගාණට. බයට එහෙම ම මුණින් අතට වැටී පරාණෙ අතින් අල්ලා ගෙන හිටියා. එක පැත්තකින් හමුදාව වෙඩි තියා ගෙන එනවා. මේ ත‍්‍රස්ත විපත්වලින් බේරිලා කාරෙයිතිවුවලට ගියා. කාරෙයිතිවු පාසලේ අනාථ කඳවුරේ සිටියා. ගම්මාන බොහොමයකින් පැමිණි දෙමළ ජනතාව සමග භාර්යාව අහිමි වූ මමත් කාරෙයිතිවු ප‍්‍රදේශයේ නොයෙකුක් කරදර මත්තේ ජීවත් වී කුණාටුවකින් පසු ලැබුණු සුසුමක් මෙන් දැනට නව ගම්මානයක් වන වලතාපිටියේ පදිංචිව සිටිනවා. මගේ දරුවන් විවාහ වෙලා දැන් හොඳින් ඉන්නවා. මම දැන් වලතාපිටියේ පුංචි පැල්පතක ජීවත් වෙනවා. මට ඇති වෙච්ච මේ තත්ත්වය වෙන කිසිවෙකුට සිද්ධ වෙන්න එපා කියමින් අවසන් කරන්නම්.

CMP/AMP/SAM/VAP/01

கந்தையா
வளத்தாப்பிட்டி

அம்பாறை மாவட்டத்தில் ஒரு சிறிய இடம்தான் மூவாங்களை அவ்வூரினை வில்லேச் 1 என்று அழைப்பார்கள். அந்த இடம் ஒரு அழகான இடம். ஆறுகள் கரும்பு பீலிகள் பழ வகைகள் கீரை வகைகள் நிறைந்த ஒரு இடம். அவ்வூரில்தான் நானும் எனது மனைவி 2 பிள்ளைகளுடன் பெண் பிள்ளைகளும் எனதுமனைவியின் அம்மா கண் தெரியாது அவரும் எங்களுடன் தான் இருந்தார். அந்த ஊரில் சிங்கள மக்கள் அனேகமானவர்கள் அது ஒருசிங்கள ஊர் அதில் எங்களோடு 12 தமிழ் குடும்பம் மட்டுத்தான் வாழ்ந்தார்கள். நாங்கள் எல்லோரும் வேலைக்கு சீனி பெக்டரிக்கு போவோம். சில பெண்கள் கரும்புதோட்ட வேலைக்கு போவார்கள். உணவுக்கு பஞ்சமே இல்லை. நல்ல இடம் ஆனால் தமிழ் இனத்தவர்கள் குறைவு நாங்களும் சிங்கள மக்களுடன் ஒருதாய் பிள்ளைககள் போன்று தான் வாழ்ந்து வந்தோம். உணவுகள் பரிமாறிக் கொள்வது. அவர்களுடைய வீட்டு விசேட தினங்களுக்கு நாங்கள் போவோம். அவர்கள் எங்கள் வீட்டு விசேடத்துக்கு வருவார்கள். இப்படி ஒருவருக்கு ஒருவர் நல்ல பாசத்தோடு வாழ்ந்து வந்தோம். அவர்களின் கோயிலுக்கு நாங்கள் சென்று வணங்குவோம். எங்கள் தமிழ் மக்களுக்கு கோயில் இல்லை. ஒரு ஆலமரத்தின் கீழ் ஒருகல்லை வைத்து வணங்கி வந்தோம். அந்த கோயில்ல பொங்கல் வைத்தால் எங்கள் பக்கத்துசிங்களவர்களும் வந்து பொங்கல் சாப்பிட்டு எங்கள் கடவுளையும் வணங்குவார்கள். இப்படி நன்றாக வாழ்ந்து கொண்டு இருக்கையில் எனதுமனைவி கர்ப்பமாக இருந்தார். 3வது பிள்ளை எனக்குமுதல் இரண்டு பெண் பிள்ளைகள் என்றபடியால் இந்த பிள்ளை ஆண் குழந்தையாக இருக்க வேண்டும் என என் மனைவி ஆசைப்பட்டார். பெயர் கூட ஆண் பிள்ளையின் பெயர்கள் எழுதி வைப்பார். எனது மனைவிக்கு பிரசவ டேட் வருவதற்கு ஒரு மாதத்துக்கு முதல் சாமான்கள் எல்லாம் வாங்கி வந்தோம். எனது மூத்த பிள்ளை எனது அக்கா வீட்டில் வசித்து அங்கு படிக்க இங்கு சிங்கள பாடசாலை என்ற படியால் சம்மாந்துறை பாடசாலையில் எனதுஅக்கா வீட்டில் இருந்து படித்து வந்தார்.

அந்த பிள்ளைக்கு 5 வயது இரண்டாவதுமகளுக்கு 2 வயது இருக்கும். நானும் வேலைக்கு போவதால் எனது மனைவி பாவம் கண் தெரியாத அம்மாவையும் எனது மகள்சின்ன பிள்ளையை பார்த்து வருவார். பக்கத்து வீட்டு சிங்கள பிள்ளை நன்றாக பார்ப்பார். இப்படி நன்றாக இருக்கையில்தான் 1990ம் ஆண்டு வந்தது அந்த நாட்களில் தமிழ் சிங்கள மக்கள் இனப்பிரச்சினை காலங்கள் பல இடங்களில் பிரச்சினைகள் நடந்து கொண்டுதான் இருந்தது. அந்த நாட்களிலேதோன் அம்பாறை மல்வத்தை வீரமுனை போன்ற இடங்களிலும் தமிழ் இனக்கரவலம் நடந்த நேரங்கள் இங்கும் பிரச்சினை வந்தது. தமிழ் மக்களை சிங்களவர் வெட்டிக் கொலை என்று அடிக்கடி நடந்து கொண்டு இருந்த காலப்பகுதி சிறிதும் எதிர்பார்க்கவில்லை. எங்கள் இடத்திலும் பிரச்சினை என்று திடீரென்று6ம் மாதம் 13ம் திகதி சில சிங்கள வெறியர்கள் கைகளில் கரும்புவெட்டும் கத்தி கம்பு கோடாரி வாள் பெற்றோர் போன்ற ஆயுதங்களை எடுத்து வந்து கண்ணில் பட்ட தமிழ் இனத்தவரை ஆவேசமாக துரத்திக் கொண்டு ஓடி வந்தார்கள். நான் எனதுசிறிய பிள்ளையை அதாவது இரண்டாது மகளை தூக்கி ஓடுகின்றேன். நீங்கள் அம்மாவை கூட்டிக் கொண்டுபோங்கள் என்று என்மனைவியுடன் கூறி விட்டு அப்போது கூட என் மனைவிடயம் கூறினேன். பெண்களை ஒன்றும் செய்யமாட்டார்கள்.ஆம்பிளகளை தான் என்னமும் செய்வார்கள். பயப்படாம பக்கத்து வீட்டாளுடனும் மற்ற தமிழ் குடும்பத்துடனும் தமிழ் மக்கள் இடங்களுக்குச் செல்வோம் என்று ஆயத்தம் செய்தோம். அதில் ஒருசிங்கள மனிதர் கூறினார். இப்படி பிரச்சினை வரப்போகுது நேரத்தோடு தமிழ் ஊர்களுக்கு போங்கள் இங்குபிரச்சினை வரப்போகிறது என்று கூறினார். அப்போது கூட அதனை நாங்கள் பெரிதுபடுத்தவில்லை. எல்லோரும் கலந்து ஆலோசித்து போவோம் என்று இருக்கும் போது திடீரென்று லொறியில் இருந்துசிங்கள ஆண்கள் வந்துஇறங்கினார்கள்.

எங்களுக்கு என்ன செய்வது என்று காட்டுப்பகுதியில் நடந்து செல்வோம் என்று அவ்விடத்தை விட்டு நிறைய பேருடன் ஒவ்வொருவராக ஒளிந்து ஒளிந்து சென்றோம். அப்போது என் மனைவிக்குஎன்ன செய்வதுஎன்றுபுரியாமல் இருந்தார். நான் கர்ப்பவதி என்பதால் என்னை எதுவும் செய்யமாட்டார்கள். நீங்கள் போங்கள் என்று என்னை போகச் சொன்னார். நானும் நினைத்தேன் உ்மைதான் அவரையும் மாமியையும் எல்லாம் என்ன செய்யப் போகிறார்கள் என்று. ஏன் என்றால் கண் தெரியாது என்று எனது இரண்டாவது பிள்ளையை மட்டும் தூக்கிக் கொண்டு நான் போனேன். என் மனைவிடயம் அங்குஇருந்த எனதுஅக்காவினுடைய மகள்மார்கள் நகைகளை கழட்டிக் கொடுத்தனர் இந்தாங்க மாமி உங்கள்ட்ட இருக்கட்டும் ஏன் என்றால் நீஞ்கள் புள்ளத்தாச்சி உங்களை பார்த்தா எதுவும் செய்யமாட்டார்கள் என்றுஎல்லோருடைய நகைகளையும் கழட்டி ஒரு பையில் கட்டி என் மனைவியிடம் கொடுப்பதனை நான் பார்த்தேன். என் மனைவி அதனை வாங்கி அவர் சொன்னார். சரி சரி நீங்கள்எல்லாம் முன்னுக்குபோங்க நான் பிரச்சினை இல்ல அம்மாவுக்குகண் தெரியாது நாங்கள் இவ்விடத்தில் உள்ள சிங்களவர்களின் வீட்டில் ஒளிந்து இருக்கின்றோம் என்றார். சரி என்று நானும் சில ஆம்பிளைகளும் போனோம். ஆனால் நடந்தது அப்படியில்லை. இரக்கமில்லாத வெறிச்செயல் உடையவர்கள் அங்கு வந்த கொலைகார வெறியர்கள் அவன்கள் குடிபோதையிலும் இனவெறியனும் இருந்தபடியால் பெண்கள் குழந்தைகள் என்று பாராமல் எல்லேரையும் வெட்டி பெற்றோல் ஊற்றி பற்ற வைத்து இருந்துள்ளனர். நானும் பல துன்பங்களுடன் எனதுமகளை காப்பாற்ற வேணும் என்ற துணிவிலும் காட்டு வழியாக பற்றைகள் ஆறுகளை கடந்து ஒருவாறு வீரமுனைக்குவந்து அப்படியே அங்கேயே ஒருபாடசாலையில் இருந்தேன் அங்கு நிறைய பேரைக் கண்டேன். எனது ஊரைச் சேர்ந்தவர்களையும் கண்டேன்.

எனது பிள்ளை அழுதழுது வந்தபடியால் பசியினாலும் களைப்பினாலும் எதுவுமே அறியாதபடியினால் என்ன நடக்கின்றது என்பதுபுரியாமல் திகைத்தபடியே இருந்தது. என்ன செய்வது எனப்புரியாமல் அம்மா வருவார். இருங்கம்மா என்று பிள்ளையை ஆறுதல்படுத்தி விட்டு மனதில் என்ன நடந்தது எனப் புரியாமல் தவித்தபடியே இருந்தேன். எனதுஊரில் உள்ள சில பேர் வந்து சேர்ந்தார்கள். மற்றவர்கள் என்ன ஆனார்கள் என்றே தெரியாமல் இருந்தது. அதில் ஒருவர்சொன்னார். சில பெயர்களை சொல்லி அவர்களை வெட்டிக் கொலை செய்தனர் நான் அதனைக் கண்டேன் பயத்தில் ஓடி வந்தேன். என்னையும் அவர்கள் காணவில்லை. கண்டுஇருந்தால் என்னையும் வெட்டி இருப்பார்கள் என்று. எனது அக்காவின் மகனை அவனுக்கு வயது 22 இருக்கும். அவனை டயரில் போட்டு எரித்ததை மற்றவர் வந்து கூறினார். இதனைக் கேட்க கேட்க எப்படி இருந்திருக்கும். கடவுளே இப்படி ஒருநிலைமையா என்று தவித்தோம். அந்த இடத்தில் அழுது கொண்டு இருக்கையில் மேலே ஒரு ஆகாய விமானத்தில் இருந்துகுண்டு மழையப் போல பொழிந்தது. பயத்தில் அப்படியே குப்புறப்படுத்தி உயிரைக் கையில் பிடித்துக் கொண்டு இருந்தோம். இராணுவத்தினர் வேறுசுட்டுக் கொண்டு இருக்கின்றனர். இப்படியான ஒரு பயங்கரவாதத்தில் இருந்து தப்பி காரைதீவை அடைந்தோம். காரைதீவிலேயே பாடசாலையிலே அகதி முகாமில் இருந்தோம். நிறைய ஊரைச் சேர்ந்த தமிழ் மக்களுடன் எனது மனைவியை இழந்த நானும். காரைதீவிலே வாழ்ந்து அப்படியே அங்குபல துன்பங்களை அனுபவித்து வளத்தாப்பிட்டியில் வசித்து வருகின்றேன். எனது பிள்ளைகளும் திருமணம் முடித்து இப்போது நன்றாக இருக்கிறார்கள். நான் இப்போது வளத்தாப்பிட்டியில் எனதுசிறிய குடிசையில் வாழ்ந்து வருகின்றேன். என்னைப் போன்ற நிலைமை யாருக்கும் வரவே கூடாது என்றுசொல்லி முடிக்கின்றேன்.






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License