It happened suddently

Tragic story of a woman who lost her left hand in the brutal war.


එය හදිසියේම සිදු විය

යුද්ධයේ දී වම් අත අහිමි වූ කාන්තාවක් පිළිබඳ ඛේදජනක කථාව.


திடீரென அச்சம்பவம் நடந்து முடிந்து விட்டது

கொடூர போரினால் தடுத்து உடலுறுப்பை இழந்த பெண்ணின் சோகக்கதை.



CMP/MN/MW/IKK/01

My name is P. Anparasi. I was born as the first daughter of Premaraj and Sahayanaya on 30.10.1999 at Mannar Base Hospital. I grew up as a pet child at home. All my relatives were very fond of me. I and my family lived in Isankakulam village. My brother was born 03 years after me. His name is P. Arulraj. When I was 04 years old, I studied at Aandakulam Pre–School. I studied from Grade 01 to 03 at Mn/ Aandakulam R.C.T.M. School.

In 2007, war started for the first time and we displaced from Isankakulam village to Iluppakkadavai. One of my sister P. Abinaya was born there. I studied at Iluppakkadavai School. We could not stay there also. Fighting went worse than before. Then, we went to Mulankavil. We could not stay peacefully there even for two days. The next day we went to Aunty’s house in Kilinochchi and stayed there for few days. I continued my studies at Kalmadu School.

The war continued and we displaced from Kalmadu to Suthanthirpuram. Our family, our grandfather, grandmother and our auntie’s family all stayed in a house together. There, I had an unforgettable experienced. That incident took place at 3.00 pm on Tuesday 03rd February, 2009. We were very happy that day. My two uncles were wounded and came to our place from a distant area. We felt happy that they escaped alive. That day fighting was heavy. We digged a bunker for our safety for a day because the following day was the Independence Day and we thought of moving to another place. But, our fate did not allow us to do so. Tuesday evening when we were digging the bunker, that incident took place unexpectedly. I was wounded in that incident and lost my left hand. Also, I lost two of my uncles who were affectionate with me. Further, I lost one of the brothers in the family which provided us their house to stay in. My aunty, younger brother, mother, auntie’s daughter and son also injured with me. Among them, my auntie’s son aged 5 years lost one of his eyes.

Then we were admitted to the hospital at Sunthathirapuram. When I was at hospital, none of my parents stayed with me. My uncle only stayed with me. Later on, my parents came to see me. Then my aunty and her son were sent to Trincomalee by ship. But I was not sent. My parents were with me. I stayed for three days in the hospital. Fighting intensified and we could not stay in the hospital. Then we joined our relatives who lived close to the hospital. Then, bombings began to increase. Bombs exploded all around our place continuously. Then we all assembled together to move into the army controlled territory. As I could not walk, my father carried me on his shoulder. My younger sister was a small child and my mother carried her. Our grandfather came along with us for our help.

We faced many difficulties to enter into the military control and surrendered to the army. We were sent to Omanthai. Later, they sent us to Poonthoddam by bus. That time, we lost our way and missed our grandfather. We stayed at Poonthoddam School. The next morning, my pain increased. Injuries were everywhere on my body. I could not walk as I had a big wound in my leg. There was no any facility for dressing my wound. So, we asked for help from the army officer who was there for our security. He helped us to go to Vavuniya hospital immediately. I was told that my father or mother could accompany me. So, my father came with me to Vavuniya hospital. I and my father went to hospital leaving behind my mother, younger brother and younger sister at Poonthoddam School.
01
I was admitted to the Intensive Care Unit of the Vavuniya hospital. Two days later, one of my aunty who was working at Mannar hospital visited me at Vavuniya hospital. She spoke to the senior Doctor at Vavuniya hospital and took me to Mannar Base Hospital and my father stayed with me. My relatives came to see me. I had no any worries. Sometimes when I thought of my mother, I was worried. However, when I see other patients and speaking to them, I forgot my worries. I was 10 years old at that time. There, I studied Scholarship examination question papers. After six months, I was transferred to Zone 4 Camp in Vavuniya from the hospital. I and my father joined our relatives at the camp. Then, by letter, we informed our mother the news of our transfer to the camp. A few weeks later, my mother, brother and sister joined us. After two months, we were rehabilitated in our own village. We again started living in Isankankulam.

Again our life changed to be as usual. I joined Mn/ Aandankulam School and started my education again. I studied in grade six. My parents took care of me without any shortcomings. However, still I need to undergo treatment continuously. In my family, due to the war, my brother has lost his sight and he is cured after surgery. Even after war, I am able to continue my studies. Now, I am in the Advanced Level Class at Mn/ Aandankulam School. I am facing G.C.E. Advanced Level examination in 2018. Now, without any worries, I have been living with my family. I anticipate to attain a good position in life through my studies.

Thanks.



මගේ නම පී. අන්පරසි වේ. මගේ පියා ප්‍රේමනාත් සහායනායගම්. මම මගේ පවුලේ වැඩිමහල් දියණියයි. උපන් දිනය 30.10.1999 යි. උපන් ස්ථානය මන්නාරම මූලික රෝහලයි. කුඩා කල සිට අපේ පවුලේ අය මාව ඉතා ආදරයෙන් රැක බලා ගත්තා. පවුලේ සියලූම ඥාතීන් මා සමඟ දැඩි සෙනෙහසින් සිටියා. අපේ පවුල ඉසන්ගන්කුලම් යන ගමේ ජීවත් වුණා. වසර 3 කට පසුව මට මල්ලී කෙනෙක් එකතු වුනා. ඔහුගේ නම පී. අරුල්රාජ්. මා වයස අවුරුදු 4 දී ආන්ඩාන්කුලම් පෙර පාසලේ අධ්‍යාපනය ලැබුවා. පසුව 1-3 ශ්‍රේණි දක්වා මන්/ආන්ඩන්කුලම් රෝමන් කතෝලික දෙමළ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.
2007 වසරේදී අරගලය ආරම්භ වුණා. අපි ඉසන්ගන්කුලම් ගම්මානයේ සිට අවතැන්වී ඉලුප්පක්කඩවෙයි ගම්මානයට ගොස් පදිංචි වුණා. එහිදී තවත් සහෝදරියක් අපගේ පවුලට එකතු වුණා. ඇයගේ නම පී.අභිනයා. ඉලුප්පක්කඩවෙයි පාසලේ මා අධ්‍යාපනය ලැබුවා. නමුත් එම ස්ථානයේ දිගටම රැදී සිටීමට අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. යුද්ධය දරුණු වුණා. පසුව මුලන්ගාවිල් ප්‍රදේශයට ගොස් එහි පදිංචි වුණා. නමුත් එහි දින 2 ක් වත් අපට සැනසිල්ලේ සිටීමට හැකි වුණේ නැහැ. ඊලඟ දවසේ කිලිනොච්චි ප්‍රදේශයට ගොස් එහි නැන්දාගේ ගෙදර රැදී සිටියා. එහි දින කීපයක් රැදී සිටීමෙන් පසු ගල්මඩු කියන ප්‍රදේශයට අවතැන් වුණා. එහිදී මම ගල්මඩු පාසලේ අධ්‍යාපනය ලැබුවා.
ඉන්පසු යුද්ධය අඛණ්ඩව පැවැත්වුණා. ගල්මඩු ප්‍රදේශයේ සිට සුතන්දිරම්පුරම් ප්‍රදේශයට අවතැන්වී ගොස් එහි පදිංචි වුණා. අපගේ පවුල සමඟ මගේ පියාගේ පියා, මව, මගේ නැන්දාගේ මව යන සියලූ දෙනාම එක නිවසේ ජීවත් වුණා. එහිදී අමතක නොවන සිදුවීමක් සිදුවුණා. 2009 පෙබරවාරී 3 වෙනි දින අඟහරුවාදා සවස 3 ට පමණ එම සිදුවීම සිදුවුණා. එදින අප සියලූ දෙනාම ඉතා සතුටින් සිටියා. මගේ බාප්පා, මාමා යන දෙදෙනාම තුවාලවී වෙන ස්ථානයක සිට අප සිටි ස්ථාවනයට පැමිණ සිටියා. ඔවුන් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන එහි පැමිණියා කියා අප සතුටු වුණා. එදින යුද්ධය දරුණු ලෙස ඇවිලූනා. අපගේ ආරක්ෂාව සඳහා බංකරයක් ඉදිකර ගත්තා.
ඊලඟ දිනය වුනේ නිදහස් දිනයයි. එදින අපි වෙනත් ස්ථානයකට අවතැන්වී යන බව සිතාගෙන සිටියා. නමුත් දෛවය අපට එය අවස්ථාව ලබා දුන්නේ නැහැ. අඟහරුවාදා සවස බංකරයක් කපමින් සිටින විට ක්ෂණිකව එම සිදුවීම සිදුවී හමාර වුණා. එම සිදුවීමේදී මගේ වම් අත මට අහිමි වුණා. ඒවාගේම මා සමඟ දැඩි සෙනෙහසින් සිටි මාමාවරුන් දෙදෙනාම මට අහිමි වුණා. ඒවාගේම අපි රැදී සිටීමට පහසුකම් ලබා දුන් අයියා කෙනෙකුත් නැති වුණා. මා සමඟ මගේ නැන්දා, මල්ලී, අම්මා, නැන්දාගේ පුතා, දුව යන සියලූ දෙනාම තුවාල වුණා. මගේ නැන්දාගේ පුතාට අවුරුදු 5 දීම ඇසක් අහිමි වුණා.
ඉන්පසුව අප සුතන්දිරම්පුරම් රෝහලට ඇතුළත් කෙරුවා. මා රෝහලේ සිටි අවස්ථාවේ මාගේ දෙමව්පියන් මා සමඟ සිටියේ නැහැ. බාප්පා තමයි අප සමඟ සිටියේ. ඉන්පසු මගේ දෙමාපියන් මා බැලීමට රෝහලට ආවා.
එම සිද්ධියෙන් පසු මගේ නැන්දා, නැන්දාගේ පුතා හා දියණිය යන තිදෙනා නැව මාර්ගයෙන් ත්‍රිකුණාමලය රෝහල වෙතට රැගෙන ගියා. නමුත් මාව එම නැවට ගත්තේ නැහැ. මා සමඟ මාගේ දෙමව්පියන් සිටියා. දින 3 ක් රෝහලෙන් ප්‍රතිකාර ලැබුවා. යුද්ධය උග්‍ර ලෙස සිදුවෙමින් තිබුණා. එම නිසා අපට රෝහලේ රැදී සිටීමට හැකියාවක් ලැබුනේ නැහැ. පසුව අපි රෝහල අසල තිබූ ඥාතීන් සමඟ එකතු වුණා. ඉන්පසු එන්න එන්නම පිපිරීම් වැඩිවීමට පටන් ගත්තා. අප සිටින ස්ථානය වටා බෝම්බ හෙළනු ලැබුවා. අඛණ්ඩව පිපිරීම් සිදුවුණා. ඉන්පසුව හමුදා පාලන ප්‍රදේශයට පැමිනීම සඳහා අප සියලූ දෙනාම එක් රැස් වුණා. මට ඇවිදීමට හැකියාවක් තිබුණේ නැහැ. මාව මගේ පියා ඔසවා ගෙන ඇවිද්දා. මගේ නංගී කුඩා ළමයෙක්. මව ඇයව ඔසවා ගත්තා. අපට අපගේ සීයා උදව් කළා.
හමුදා පාලන ප්‍රදේශයට පැමිණීමේදී අපි විවිධ දුක් කරදරවලට මුහුණ දුන්නා. අවසානයේදී හමුදාව වෙත බාර වුණා. ඔවුන් අපිව ඕමන්ත ප්‍රදේශයට යැව්වා. ඉන්පසු බස් රථයකින් පූන්තෝට්ටම් කඳවුරට යැව්වා. ඒ අවස්ථාවේ පාර වැරදීමෙන් අපගේ සීයාව අපෙන් අතුරුදහන් වුණා. අපි පූන්තෝට්ටම් පාසලේ රැදී සිටියා. ඊලඟ දිනයේදී මගේ කැක්කුම වැඩි වුණා. මුළු ශරීරයම තුවාලවී තිබුණේ. කකුලේ ලොකු තුවාලයක් තිබුණ නිසා මට ඇවිදීමට නොහැකි වුණා. එහි බෙහෙත් බැදීමට කිසිම පහසුකමක් තිබුණේ නැහැ. එම නිසා එහි අපට ආරක්ෂාව ලබා දුන් හමුදා නිලධාරියාගෙන් අපි උදව් ඉල්ලූවා. වවුනියා රෝහලට යාමට ඔහු අපට උදව් කළා. මා සමඟ මගේ පියාට හෝ මවට යා හැකි බව ඔහු පැවසුවා. එම නිසා මගේ පියා මා සමඟ වවුනියා රෝහලට යාමට පැමිණියා. මව, බාල සොහොයුරා, බාල සොහොයුරිය යන තිදෙනාම පූන්තෝට්ටම් පාසලේ රඳවා, අපි ඒ අයගෙන් වෙන්වී පැමිණියා.
වවුනියා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මාව ඇතුළත් කළා. මන්නාරම රෝහලේ හෙදියක් වශයෙන් සේවය කළ නැන්දා දින 2 කින් පසු මාව බැලීමට වවුනියා රෝහලට පැමිණියා. මාව දැක වවුනියා රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇය මාව මන්නාරම මූලික රෝහලට රැගෙන ගියා. එහි මගේ පියා මා සමඟ සිටියා. මගේ ඥාතීන්ද ඇවිත් මා බලා ගියා. මම කිසිම කණස්සල්ලකින් තොරව එහි සිටියා. සමහර අවස්ථාවල අම්මා මතක් වන විට දුකක් හිතෙනවා. නමුත් එහි සිටින රෝගීන් බලන විට හා ඔවුන් සමඟ කතා කරන විට මගේ දුක ඉබේම තුනීවී යනවා. එවිට මගේ වයස අවුරුදු 10 යි. මගේ ශිෂ්‍යත්ව විභාගය සඳහා මම විභාග පත්‍ර ලබා ගෙන, එහි පාඩම් කළා. මාස 6 කින් පසු රෝහලේ සිට වවුනියාවේ තිබෙන කලාප 4 කඳවුරට මාව රැගෙන ගියා. මා හා මගේ පියා එම කඳවුරේ සිටින ඥාතීන් සමඟ එකතු වුණා. පසුව කඳවුරේ සිටින බව මවට ලිපියක් මගින් දැනුම් දුන්නා. සති කීපයකින් පසු මගේ මව, මල්ලී හා නංගී තිදෙනාම ඇවිත් මා සමඟ එකතු වුණා. මාස 2 කින් පසු අපව අපගේ මුල් ගමේ නැවත පදිංචි කළා. නැවතත් ඉසංගන්කුලම් ගම්මානයට පැමිණ එහි අපි පදිංචි වුණා.
ඉන්පසු අපගේ ජීවිතය සුපුරුදු පරිදි පෙර තිබූ තත්වයට පරිවර්තනය වුණා. නැවතත් මා මන්/අන්ඩාන්කුලම් පාසලේ මගේ අධ්‍යාපනය කරගෙන යාමට සුදානම් වුණා. එහි 6 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබුවා. මගේ දෙමව්පියන් කිසිම අඩුපාඩුවකින් තොරව මාව රැක බලා ගත්තා. නමුත් මට අඛණ්ඩව ප්‍රතිකාර කළ යුතුව තිබෙනවා. යුද්ධය හේතුවෙන් මගේ මල්ලිගේ ඇසක් අහිමි වී තිබෙනවා. දැන් ඔහු ශල්‍ය කර්මයක් මගින් සුවපත් වෙලා සිටිනවා. යුද්ධයෙන් පසු මට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකියාවක් ලැබී තිබෙනවා. දැනට මම මන්/අන්ඩාන්කුලම් පාසලේ අ.පො.ස. (උසස් පෙළ) හදාරනවා. 2018 වසරේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතයි. දැන් මා කිසිම දුකකින් තොරව සතුටින් මාගේ පවුල සමඟ ජීවත් වෙනවා. අධ්‍යාපනයක් ලබා හොඳ තත්ත්වයකට පැමිණීම මගේ බලාපොරොත්තුවයි.



CMP/MN/MW/IKK/01

எனது பெயர் பி. அன்பரசி. நான் பிறேமறாஜ், சகாயநாயகிக்கு மூத்த மகளாக 1999.10.30ஆம் திகதி மன்னார் ஆதார வைத்தியசாலையில் பிறந்தேன். நான் வீட்டில் மிகவும் செல்லமாக சிறு வயதில் இருந்தே வளர்க்கப்பட்டேன். என்னுடன் அனைத்து உறவினர்களும் மிகவும் அன்பாக பழகினார்கள். நானும் எனது குடும்பமும் இசங்கன் குளம் எனும் கிராமத்தில் வசித்து வந்தோம். 3 வருடங்களின் பின்பு எனக்கு தம்பி பிறந்தான். அவனதுபெயர் பி அருள்ராஜ். நான் எனது 4வது வயதில் ஆண்டாங்குளத்தில் உள்ள சிறுவர் முன்பள்ளியில் கல்வி கற்றேன். பின்பு 1-3ம் தரம் மட்டும் மன்னார் ஆண்டாங்குளம் றோ.க.த.க பாடசாலையில் கல்வி கற்று வந்தேன்.

2007ஆம் ஆண்டு முதன் முறையாக போராட்டம் ஆரம்பமாகியது. நாங்கள் இசங்கன் குளம் கிராமத்தில் இருந்து இடம்பெயர்ந்து இலுப்பக்கடவை எனும் ஊரில் குடியமர்ந்தோம். அங்கே எனது ஒருதங்கை பிறந்தாள். அவளது பெயர் பி. அபிநயா. அங்கே நான் எனது கல்வியை இலுப்பக்கடவைப் பாடசாலையில் கற்றேன். அங்கும் நிலைத்து இருக்க முடியவில்லை. போராட்டம் இன்னும் அதிகமாகியது. பின்பு முழங்காவில் எனும் இடத்திற்குச் சென்று குடியேறினோம். அங்கே 2 நாட்கள் கூட நிம்மதியாக இருக்க முடியவில்லை. போய் அடுத்த நாளே நாங்கள் கிளிநொச்சியில் உள்ள அத்தை வீட்டிற்குச் சென்றுஅங்கே தங்கினோம். அங்கும் சில நாட்கள் தங்கியிருந்தோம். பின்பு கல்மடு எனும் இடத்திற்குஇடம்பெயர்ந்து சென்றோம். அங்கே நான் எனது கல்வியினை கல்மடுப் பாடசாலையில் கற்றேன்.

பின்பு போராட்டம் தொடர்ந்து கொண்டே இருந்தது. கல்மடுவில் இருந்து சுதந்திரபுரம் எனும் இடத்திற்குஇடம்பெயர்ந்து சென்று அங்கே குடியமர்ந்தோம். எனது குடும்பத்துடன் எனது அப்பாவின் அப்பா, அம்மா எனது அத்தை குடும்பம் என அனைவரும் ஒன்றாக சேர்ந்து ஒருவீட்டில் இருந்தோம். அங்கேதான் எனக்கு மறக்க முடியாத சம்பவம் இடம்பெற்றது. 2009.02.03ஆம் திகதி செவ்வாய்கிழமை மாலை 3 மணியளவில் அச்சம்பவம் இடம்பெற்றது. அன்றுநாங்கள் மிகவும் சந்தோசமாக இருந்தோம். எனதுசித்தப்பா மாமா இருவரும் காயப்பட்டு வேறு இடத்தில் இருந்துஎங்களுடன் வந்திருந்தார்கள். அவர்கள் உயிருடன் தப்பித்து வந்துவிட்டார்கள் என்ற சந்தோசம் எங்களுக்கு அன்று போராட்டம் அதிகமாகவே இருந்தது. நாங்கள் ஒரு நாள் பாதுகாப்பாக பதுங்குகுழி வெட்டிக் கொண்டு இருந்தோம்.

ஏனென்றால் மறுநாள் சுதந்திர தினத்தன்று வேறு இடத்திற்கு இடம்பெயர்ந்து சென்றுவிடலம். ஆனால் எங்களை விதி விட்டு வைக்கவில்லை. செவ்வாய்க்கிழமை மாலை பதுங்கு குழி வெட்டிக் கொண்டிருக்கும் போது திடீரென அச்சம்பவம் நடந்து முடிந்து விட்டது. அச்சபவத்திலே நான் காயப்பட்டு எனது இடது கையை இழந்துவிட்டேன். அத்துடன் என்னுடன் பாசமாக இருந்த எனது இரண்டு மாமாவையும் இழந்துவிட்டேன். அத்துடன் எங்களுக்கு தங்குவதற்குவீடு கொடுத்த அந்த குடும்பத்தில் உள்ள ஒரு அண்ணாவையும் இழந்து விட்டேன். என்னுடன் எனதுஅத்தை தம்பி அம்மா அத்தையின் மகள் மகன் எல்லோருமே காயப்பட்டார்கள். அதிலே எனதுஅத்தையின் மகன் 5 வயதிலேயு தனது ஒருகண்ணை இழந்து விட்டான். பின்புநாங்கள் சுதந்திரபுரத்திலுள்ள வைத்தியசாலையில் சேர்க்கப்பட்டோம். நான் வைத்தியசாலையில் இருந்த நேரம் என்னுடன் எனது பெற்றோர் யாருமே இல்லை. எனது சித்தப்பாதான் என்னுடன் இருந்தார். பின்புதான் எனதுபெற்றோர்என்னைப் பார்க்க வந்தனர். பின்பு எனது அத்தையையும் அத்தையின் மகளையும் மகனையும் கப்பலிலே திருகோணமலை வைத்தியசாலைக்கு ஏற்றினார்கள். ஆனால் என்னை ஏற்றவில்லை. என்னுடன் எனது பெற்றோர்கள் இருந்தார்கள். மூன்று நாட்கள் வைத்தியசாலையிலே இருந்தேன். போராட்டம் மிகவும் அதிகரித்துக் கொண்டே இருந்தது. போராட்டம் அதிகமாகிக் கொண்டிருந்ததால் எங்களால் வைத்தியசாலையில் இருக்க முடியவில்லை. பின்பு நாங்கள் வைத்தியசாலைக்கு அருகில் இருந்த உறவினர்களுடன் ஒன்று சேர்ந்தோம். பின்பு குண்டுவெடிப்புகள் அதிகமாகிக் கொண்டே போனது. நாங்கள் இருக்கும் இடத்தைச் சுற்றி குண்டுகள் தொடர்ச்சியாக வெடித்துக் கொண்டிருந்தது. பின்புஇராணுவத்தின் கட்டுப்பாட்டுக்குள் வருவதற்கென நாங்கள் அனைவரும் ஒன்றுகூடினோம். என்னால் நடக்க முடியாதுஎன்னை எனது அப்பா தனது தோளிலே தூக்கிக் கொண்டு நடந்தார். எனது தங்கை சிறு பிள்ளை. அவளை அம்மா தூக்கி நடந்தார். எங்களுக்கு உதவியாக எனது அப்பா எங்களுடன் வந்தார்.

இராணுவத்தின் கட்டுப்பாட்டுக்குள் வருவதற்கென பல இடங்களைச் சந்தித்து இராணுவத்திடம் சரணடைந்தோம். எங்களை ஓமந்தைக்கு அனுப்பி வைத்தார்கள். பின்பு பேருந்தில் பூந்தோட்டத்திற்கு அனுப்பினார்கள். அப்போது நாங்கள் வழிதவறி அப்பப்பாவை விட்டு பிரிந்து விட்டோம். நாங்கள் பூந்தோட்ட பாடசாலையில் தங்கினோம். அடுத்த நாள் காலை எனக்கு வலி அதிகமாகிவிட்டது. உடல் முழுவதும் காயம். காலில் பெரிய காயம் என்பதால் என்னால் நடக்க முடியாமல் இருந்தது. அங்கே மருந்து கட்டுவதற்கு எந்த வசதியுமே இல்லை. அதனால் அங்கே எங்களுக்கு பாதுகாப்பிற்காக இருந்த இராணுவ அதிகாரியிடம் உதவி கேட்டோம். உடனே அவர் வவுனியா வைத்தியசாலைக்குசெல்வதற்குஉதவி செய்தார். என்னுடன் எனதுஅப்பா - அம்மாதான் செல்லலாம் என்று கூறினார். அதனால் எனது அப்பா என்னுடன் வவுனியா வைத்தியசாலைக்குவந்தார். நானும் எனது அப்பாவும், அம்மாவையும் தம்பியையும் தங்கையையும் பூந்தோட்டப் பாடசாலையில் விட்டுவிட்டு நாங்கள் அவர்களைப் பிரிந்து சென்றோம்.

வவுனியா வைத்தியசாலையில் அவசர சிகிச்சைக்கு அனுமதிக்கப்பட்டேன். பின்பு இரண்டுநாட்களின் பின்பு மன்னார் வைத்தியசாலையில் தாதியாக வேலை செய்யும் அத்தை என்னைப் பார்ப்பதற்காக வவுனியா வைத்தியசாலைக்கு வந்தார். என்னைப் பார்த்ததும் வவுனியா வைத்தியசாலை பெரிய வைத்தியரிடம் கதைத்து என்னை மன்னார் ஆதார வைத்தியசாலைக்கு அழைத்துச் சென்றார். அங்கே எனது அப்பா என்னுடன் இருந்தார். என்னை உறவினர்கள் பார்ப்பதற்கென வந்து பார்த்துச் சென்றார்கள். நான் என்னை எந்தக் கவலையும் இல்லாமல் இருந்தேன். சில வேளைகளில் எனக்கு அம்மாவின் ஞாபகங்கள் வரும்போது கவலையாக இருக்கும் என்றாலும் எனக்குஅங்குள்ள நோயாளர்களைப் பார்க்கும் போதும், அவர்களுடன் பேசும் போதும், எனது கவலை தீர்ந்து விடும். அப்பொழுது எனக்கு வயது 10. நான் அங்கே எனது படிப்பிற்கென புலமைப் பரீட்சை வினாத்தாள்கள் எடுத்துப் படித்தேன். 6 மாதங்களின் பின்பு வைத்தியசாலையில் இருந்து வவுனியாவில் உள்ள வலய 4 முகாமிற்கு மாற்றப்பட்டேன். நானும் எனது அப்பாவும் அங்கே முகாமில் உள்ள உறவினர்களுடன் சேர்ந்தோம். பின்பு எனது அம்மாவிற்கு கடிதத்தின் மூலம் நாங்கள் முகாமிற்கு மாற்றப்பட்ட செய்தியினை அறிவித்தோம். சில கிழமைகளின் பின்பு எனது அம்மா, தம்பி,தங்கை மூவரும் உறவினைப்பில் எங்களுடன் வந்து சேர்ந்தனர். 2 மாதங்களின் முன்பு எங்களை எங்களது கிராமத்தில் மீள்குடியேற்றம் செய்தனர். நாங்கள் மீண்டும் இரங்கன்குளக் கிராமத்தில் குடியேறினோம்.

பின்பு எங்கள் வாழ்க்கை பழையபடி முன்புஇருந்த நிலைமைக்கு மாறியது. நான் மீண்டும் மன் - ஆண்டாற்குளம் பாடசாலையில் எனது கல்வியினை மேற்கொள்ள ஆயத்தமானேன். நான் ஆறாம் தரத்தினை வந்தவுடன் கல்வி கற்றேன். என்னை எனது பெற்றோர் எந்தக் குறையும் இல்லாமல் வளர்த்து வருகின்றார்கள் என்றாலும் இன்னும் எனக்கு சிகிச்சை செய்ய வேண்டிய நிலமை தொடர்ந்து கொண்டே இருக்கின்றது. எனது குடும்பத்தில் போராட்டத்தினால் எனதுதம்பியும் கண் பார்வையை இழந்து இப்பொழுது சத்திர சிகிச்சை மூலம் குணமடைந்துள்ளான். போராட்டத்தின் பின்பும் எனது கல்வியை மேற்கொள்ளக் கூடியதாக இருக்கின்றது. இப்பொழுது உயர் தர மன்-ஆண்டாங்குளப் பாடசாலையில் கல்வி கற்கின்றேன். 2018ஆம் ஆண்டு உயர்தரப் பரீட்சையை எதிர்கொள்ளவுள்ளேன். நான் இப்போது எந்தக் கவலையும் இல்லாமல் சந்தோசமாக எனது குடும்பத்துடன் வாழ்ந்து வருகின்றேன். நான் படித்து ஒரு நல்ல நிலைக்கு வரவே விரும்புகின்றேன்.

நன்றி






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License