I lost my legs

The story of disabled former combatant

මම මගේ කකුල් අහිමි

හිටපු සටන්කාමියෙකුගේ කතාව

நான் என் கால்களை இழந்தேன்

போரினால் அங்கவீனமுற்ற முன்னாள் போராளியின் கதை

I was born in 1972. I was educated at Murungan School. I was a reluctant student. I played truant. When my mother sent me to school, I went elsewhere and returned home. Thus, my education stopped with Grade 4.Then I joined my father in agriculture and dairy farming. I went around with friends about until I was 18.Then I joined the Movement with my friends. There were 150 of us. We chat, sometimes we fight. Then I fought continuously for a week. In1995 on the 1st October the army set about capturing Jaffna.

We fought on the 1st and 2nd of October. On 3rd the army rounded us up and fired shells. I lost my leg.150 died. Some were seriously injured. Then when vehicles came we were taken to Jaffna hospital. Treatment continued. Injured people kept pouring in.

Later on I was transferred to Manthihai Hospital and from thence to Kilinochi and to Mannar.
In 1997 I left the Movement .But I couldn't return to Murungan for army was there. An Adampan boy was with me. I was at his place for an year.

My elder brother had a shop in Madu. He invited me to stay with him. In1999 army captured Madu. Ex-tigers were asked to surrender. I did so with the help of a holy father. They made some inquiries and let me go. After a few days, all those who had lost their legs (around 8 or 9 persons) were brought to Colombo, given artificial legs and sent back to Madu. Before sending us back Army commanders and reporters met us and were interviewed. Thus eventually I came back to Murungan. But we couldn't stay there; both the army and the Movement kept shooting. We run when the army advances. At that time I was engaged in farming. My parents were with me. Then a letter was sent via our GS asking deserters to rejoin the Movement. I was taken for a meeting at Paruppukadanthan. There those who rejoined the Movement were paid a monthly salary of Rs.7000. As I had lost my leg I stayed there.

I wasn't married then. Later, through a friend of mine, I got married. Again turbulence cropped up. Army was advancing. We were in Paruppukadanthan then we moved to Thadchana Madu. But we couldn't stay there, shells were being fired. We kept moving from place to place, Periya Madu, Vellankulam, Vaddukachi, Kalmadu, Valaignarmadam, Mattalan. Thus we kept moving.

Shells were fired incessantly. Army was advancing in all directions. Movement boys too wouldn't let us. Shells and bombs were making the sea dangerous, bodies were floating. We kept on going. Shell blasts were unbearable. Blood was flowing like a river. Bodies were twitching and we had to go by this sea.

In 2009 we entered army area via Nanthikkadal. We were given food and taken to Omanthai in a bus. They made inquiries. Were we ex-tigers? Irrespective of our answers- "Yes" or "No"- we were beaten up. Then we were taken to Kilinochi and from there to Arunachalam Camp.

Ex-tigers were called up. I reported. I told the truth. He wrote down my name. I was told to bring a bowl and 2 clothes and go with them. I would be brought back in 2 weeks. I was taken to Nedukkulam Camp amidst the tears of my wife and mother-in-law. A great number of boys were brought here.

We were transferred to Musllim Maha Vidyalayam and from there to Nelukkulam and Skandapuram. We suffered heavy interrogation and shortage of food. The dhal curry was not edible. This went on for 6 or 7 days. Though we spoke the truth, we were beaten up.

Then we were told some of us would be set free. We were to inform our people. They came. Then 800 were selected, made to sign forms and set free after 3days.I was one of them.

Then the Army started coming home. They carried on repeated interruptions. "You have weapons, say so, or else you'll be kidnapped in the white van," they thus harassed us. I couldn't sleep. I was worried. Then a top CID official came. We told our sufferings. "You won't be harassed any further," he said. No problem after that.

I can't have a child, the doctors' verdict. I have to go to the clinic once a month to get injections or else I feel very weak. My whole body is covered with scars. There is not a single part in my body without scars. Now I have a bicycle shop. I've poultry too. I live happily with my wife and mother- in- law.

Such like trauma should never be repeated. Future generations should enjoy freedom and joy. This is my expectation.

මම 1972 දී ඉපදුනේ. මම මුරුන්ගන් පාසලේ ඉගෙන ගත්තේ. මට ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න හරිම කම්මැලියි. අම්මා මාව ඉස්කෝලේ යැව්වහම වෙන කොහේ හරි ගිහිල්ලා ආයේ එනවා.
මෙහෙම ඉඳලා 04 වසරෙන් පස්සේ ඉගෙනීම නැවැත්තුවා. පස්සේ තාත්තත් එක්ක එකතුවෙලා ගොවිතැන් කළා. හරක් බලා‍ගන්න එක වගේ දේවල් කළා. යාලුවොත් එක්ක ඇවිදිනවා. සෙල්ලම් කරනවා... මෙහෙම අවුරුදු 18 වෙනකම් ඉඳලා යාලුවොත් එක්කම ගිහින් සංවිධානයට එකතු වුනා.
සංවිධානයේ 150ක් හිටියා. හැමෝම එකතුවෙලා කතා කර කර ඉන්නවා. සමහර වෙලාවට යුද්ධෙට යනවා. පස්සේ එක දිගටම සතියක් යුද්ධෙට ගියා. 1995 අවුරුද්දේ යාපනය යුද්ධේ දී ඔක්තෝබර් පළවෙනිදා හමුදාව යාපනය අල්ලන්න ආවා. අපි පළවෙනි, දෙවෙනි දවස්වල යුද්ධ කළා. තුන්වෙනි දවසේ යුද්ධ කර කර ඉන්නකොට හමුදාව අපිව වට කරලා ෂෙල් ගහනකොට මගේ කකුල නැති වුනා. ඒකෙන් එකසිය පණස් දෙනෙක් මැරුණා. සමහරුන්ට ගොඩාක් තුවාලයි. පස්සේ වාහනය ආපු ගමන් යාපනය රෝහලට අරන් ගියා.
එහෙ ගෙනහින් බෙහෙත් කළා. එහෙ කොල්ලෝ ‍ගොඩාක් හිටියා. තුවාල වෙවී ගේනවා ගේනවා ඉවරයක් නෑ. පස්සේ මාව මහ රෝහලට මාරු කළා. කිළිනොච්චියට ගෙනල්ලා පස්සේ මන්නාරමේ ඉස්පිරිතාලෙට යැව්වා. 1997 අවුරුද්දේ දී සංවිධානයෙන් අයින් වුනා. පස්සේ ආයෙත් මුරුන්ගන් යන්න බෑ. එහෙ හමුදාව. මමයි අඩප්පන් කොල්ලෙකුයි තමයි ආවේ. එයාගේ ගෙදර අවුරුද්දක් හිටියා.
මගේ අයියා මඩුවල කඩයක් දාගෙන හිටියා. එයා මට එයාගේ ගෙදරට එන්න කිව්වා. 1999 දී හමුදාව මඩු ප්‍රදේශය අල්ලා ගත්තා. හමුදාව සංවිධානයෙන් අයින් වෙච්ච අයට ඇවිල්ලා යටත් වෙන්න කිව්වාම මම පියතුමෙක්ගේ උදව්වෙන් ගියා. විස්තර අහලා ඇතුළට ගත්තා. පස්සේ ටික දවසක් ඉඳලා කකුල් නැති හැමෝම කොළඹට එක්ක ගිහිල්ලා කකුල් දාලා ආයෙත් එක්කන් ඇවිල්ලා මඩුවල නැවැත්තුවා. කොළඹ අට නම දෙනෙක් විතර ඉන්නවා. කකුල් දාලා දෙන දවසේ හමුදාවේ ලොක්කා ඇවිල්ලා රිපෝටර්ලත් ඇවිල්ලා පොටෝ අරගෙන ඉක්මනට යැව්වා.
එහෙමම මම මුරුන්ගන් වලට ආවා. ඒත් එහෙ ඉන්න බෑ. සංවිධානෙනුත් ඇවිල්ලා වෙඩි තියෙනවා. ආමි එකෙනුත් ඇවිල්ලා වෙඩි තියෙනවා. අමි ආවම අපි දුවනවා. එතකොට මම ගෙදර ගොවිතැන් කර කර හිටියා. අම්මා තාත්තයි හිටියා. 2006 දී සංවිධානය විසිරිච්ච වෙලාවේ කට්ටියට එකතු වෙන්න කියලා ග්‍රාම සේවක ළඟ ලියුමක් දීලා තිබුනා. එදා මාව රැස්වීමක් තියෙනවා කියලා එක්කගෙන ගියා. එක්කගෙන ගිහින් මාව පරුප්පුකඩන්දාන් වල නැවැත්තුවා. එහෙ සංවිධානෙන් නැවත එක්කහු වෙච්ච අයට මාසෙකට රුපියල් හත්දාහක් දුන්නා. කකුල අමාරු නිසා මම එහෙම හිටියා. එතකොට මම බැඳලා නෑ. පස්සේ යාලුවෙක් එක කෙල්ලක් ඉන්නවා බඳිනවද කියලා ඇහුවම මම එයාව බැන්දා.
ආයෙත් ප්‍රශ්න පටන් ගත්තා. හමුදාවෙන් අල්ලගෙන ඉස්සරහට ආවා. අපි පරුප්පුකඩන්දාන් වල හිටියා. පස්සේ තච්චනාමඩු වල හිටියා. මෙහෙ ඉන්න බෑ. ෂෙල් වදිනවා. ඒ නිසා එහෙ ඉඳන් පෙරියමඩු, වෙල්ලාන්කුලම්, වට්ටකච්චි, කල්මඩු, වලෛයිනර් මඩම්, මාතලන් මේ විදියට දිගටම ගියා.
දිගටම ෂෙල් වැටෙනවා. හමුදාවෙන් හැම පැත්තෙන්ම අල්ලගෙන එනවා. සංවිධානෙත් අත හරින්නේ නෑ. මුහුදට හිටන් වෙඩි තියෙනවා. මළමිනී පා වෙනවා. අපි තවත් යනවා. ෂෙල් වදිනවා දරාගන්න බෑ. ලේ ගලනවා විලක් වගේ. මළමිනී ගොඩ ගැහිලා. මුහුදෙන් තමා යන්න ඕන.
නන්දිකඩාල් වල දී 2009 දී අපි හමුදා පාලනයට යටත් වුනා. කෑම දීලා අපිව බස් එකේ ඕමන්තෙයි වලට ගෙනාවා. ගෙනල්ලා එල් ටී ටී ඊ ඉඳලා ආවද කියලා ප්‍රශ්න කළා. සංවිධානෙ කිව්වත් ගහනවා. නෑ කිව්වත් ගහනවා. පස්සේ කිළිනොච්චිවලට එක්ක ගියා. ඊට පස්සේ අරුණාචලම් කඳවුරට එක්ක ගියා.
සංවිධානයට ගිය අයට එන්න කියනකොට මාත් ගියා. ගිහිල්ලා අහනකොට මම ඇත්තම කිව්වා. පස්සේ නම ලියාගත්තා. පස්සේ එක කෝප්පෙකුයි, ඇඳුම් දෙකකුයි අරන් එන්න ඔයාව සති දෙකකින් ගෙනත් දානවා කියලා කිව්වා. පවුලයි, නැන්දම්මයි දෙන්නම අඞනවා. එයාලා සනසවලා තියලා ආවා.
අපිව නෙලුක්කුලම් කඳවුරට එක්ක ගියා. කොල්ලෝ ගොඩක් බැහැලා ආවා. මුස්ලිම් මහා විද්‍යාලයට මාරු කරලා පස්සේ ස්කන්ධපුරම් පස්සේ නෙලුක්කුලම් මෙහෙම දිගටම ප්‍රශ්න කළා. කෑම හරි කරදරයි. පරිප්පු මාලුව කන්නම බෑ. පස්සේ සි අයි ඩී එකෙන් ඇවිත් ප්‍රශ්න කළා. ඇත්ත කිව්වත් ගහන්න එනවා. දවස් හය හතක් එක තැන තියාගෙන ප්‍රශ්න කළා.
ටික දෙනෙක් ගෙදර යවන්නම් කියලා ගෙවල්වලට දැනුම් දෙන්න කිව්වම ගෙවල් වලින් කට්ටිය ආවා. පසසේ නම් තෝරගෙන ෆෝම් එකකට අත්සන් අරගෙන දවස් තුනකට පස්සේ 800 දෙනෙක් නිදහස් කරා. එතෙන දී මාවත් නිදහස් කළා. පස්සේ හමුදාවෙන් ගෙදරට ඇවිත් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. උඹ ආයුධ ති‍යාගෙන ඉන්නවා. කියපන්, නැත්නම් සුදු වෑන් එකෙන් ඇවිල්ලා උස්සනවා කියලා කිව්වා. රෑට නින්ද යන්නෙත් නෑ. ඔහේ කල්පනා කර කර ඉන්නවා. දරා ගන්න බෑ. එක දවසක් සී අයි ඩී ලොක්කා ඇවිත් ප්‍රශ්න කරද්දී අපි ඇත්තම කීවට පස්සේ ආයේ ‍මෙහෙ එන්නේ නෑ කියා ගියා. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ.
මට දරුඵල නෑ කියලා රෝහලෙන් කිව්වා. මාසයකට සැරයක් යාපනය රෝහලට ගිහින් ක්ලිනික් යන්න ඕන. බෙහෙත් විදින්න ඕන. නැත්නම් මහන්සි වගේ දැනෙනවා. මගේ ඇඟ පුරාම තුවාල කැළල්. ඇ‍ඟේ තුවාල නැති තැනක් කියන්නත් බැහැ.
මම දැන් සයිකල් කඩයක් දාගෙන, කුකුලු ගොවිපළකුත් දාගෙන ගොඩක් සන්තෝෂයෙන් පවුලයි නැන්දයි එක්ක සතුටින් ජීවත් වෙනවා. මේවගේ ප්‍රශ්නයක් ආයේ එන්න එපා. අනාගතයේ දී හැමෝම සතුටින් හා සමාදානයෙන් ජීවත් වෙන්න ඕන. ඒකයි මගේ බලාපොරොත්තුව.

நான் 1972 இல் பிறந்தேன். நான் முருங்கன் பாடசாலையில் கல்வி கற்று வந்தேன். எனக்கு பாடசாலை சென்று படிப்பதென்றால் சரியான கள்ளம். அம்மா பாடசாலைக்கு அனுப்பினால் வேறு எங்கயாவது போய்விட்டு திரும்பி வருவேன். இப்பிடி 4ம் தரத்தோட படிப்பை நிறுத்தினேன். பின்பு அப்பாவோடு சேர்ந்து விவசாயம் செய்வது, மாடு மேய்ப்பது போன்றன செய்து வந்தேன். நண்பரோடு சுற்றித் திரிதல், விளையாடப் போவது. இப்படியே 18 வயது வரை இருந்து நண்பர்களோடு இயக்கத்துக்குச் சேர்ந்தேன். இயக்கத்தில் இருக்கேக்க 150 பேர். எல்லோரும் சேர்ந்து கதைக்கிறது. சில நேரம் சண்டைகளுக்குப் போவோம். பிறகு தொடர்ந்து 1 கிழமை சண்டைக்குப் போனேன். 1995ம் ஆண்டு யாழ்ப்பாணம் சண்டையில் 10ம் மாதம் 1ம் திகதி ஆமி யாழ்ப்பாணத்தைக் கைப்பற்ற இறங்கினான்.
நாங்கள் 1ம் 2ம் திகதி சண்டை போட்டோம். 3ம் திகதி சண்டை போட்டு கொண்டிருக்கேக்க ஆமி எங்களை ரவுண்டப் பண்ணி செல் அடிக்க எனக்கு கால் போய் விட்டது. அதில 150 பேர் செத்திட்டாங்க. சிலபேருக்கு பல காயம். பிறகு வாகனம் வந்தவுடன் யாழ்ப்பாணம் வைத்தியசாலைக்கு கொண்டு சென்றார்கள். அங்க கொண்டு போய் சிகிச்சை நடைபெற்றுக் கொண்டிருந்தது. அங்க நிறைய பொடியன்கள். காயப்பட்டு காயப்பட்டு கொண்டு வந்து கொண்டேயிருக்கிறாங்க.
பிறகு என்ன மந்தியா வைத்தியசாலைக்கு மாற்றினார்கள். கிளிநொச்சிக்கு கொண்டு வந்து பிறகு மன்னார் வைத்தியசாலைக்கு அனுப்பினார்கள். 1997ம் ஆண்டு இயக்கத்தில் இருந்து விலகினேன். திரும்ப முருங்கன் போக ஏலாது. அங்க ஆமி. நானும் அடம்பன் பொடியனும் தான் வந்தோம். அவனுடைய வீட்டில் 1வருடம் இருந்தேன்.
என்னுடைய அண்ணா மடுவில் கடை வைத்திருந்தார். அவர் என்னை அவருடைய வீட்டிற்கு வருமாறு கூறினார். 1999 ம் ஆண்டு மடுவை ஆமி பிடித்தான். ஆமி இயக்கத்தில் இருந்து வெளியாகியவர்களை வந்து சரணடையச் சொல்ல நான் அருட்தந்தையின் உதவியுடன் போனேன். விசாரித்து விட்டு விட்டான். பிறகு கொஞ்ச நாள் கழித்து கால் இல்லாத எல்லோரையும் கொழும்புக்கு கூட்டிட்டுப் போய் கால் போட்டு கொண்டு வந்து மடுவில் விட்டார்கள். கொழும்பில் 8, 9 பேர் கிட்ட இருக்கும். கால் போட்டு கால் தார அன்று ராணுவ அதிகாரி வந்து பேப்பர் ரிப்போர்டர் எல்லாம் வந்து பேட்டி எடுத்து உடன் அனுப்பினாங்க. இப்பிடியே பிறகு நான் முருங்கனுக்கு வந்தேன்.
ஆனா அங்க இருக்க ஏலாது. இயக்கமும் வந்து சுடுது. ஆமியும் வந்து சுடுது. ஆமி வந்தா நாங்களும் ஓடுறதுதான்.அப்போது நான் வீட்டில் வெள்ளாண்மை செய்து கொண்டிருந்தேன். அப்பா அம்மா இருந்தார்கள். 2006 இல் இயக்கம் விலகின ஆட்களை சேர சொல்லி G.S கிட்ட கடிதம் கொடுத்து விட்டிருந்தாங்க. அன்று கூட்டம் என்று என்னைக் கூட்டிட்டுப் போனார்கள். கொண்டு போய் பருப்புக்கடந்தானில் விட்டார்கள். அங்கு மீள சேர்ந்த ஆட்களுக்கு இயக்கம் மாசம் 7000 சம்பளம் கொடுத்தார்கள். கால் ஏலாது என்றதால நானும் அங்கேயே நின்றேன்.
நான் அப்போது திருமணம் செய்யவில்லை. பிறகு நண்பர் ஒருவர் ஒரு பெண் இருக்கின்றாள் திரமணம் செய்கிறீர்களா என்று கேட்க நான் அவளை திருமணம் செய்தேன். மீண்டும் பிரச்சினை தொடங்கியது. இராணுவம் பிடித்துக் கொண்டு வந்தான். நாங்கள் பருப்புக்கடந்தானில் இருந்தோம். பிறகு தட்சனாமடுவில் இருந்தோம். இங்க இருக்க ஏலாது. செல்லடி அதோட அங்க இருந்து பெரியமடு வெள்ளாங்குளம், வட்டக்கச்சி ,கல்மடு வலைஞர்மடம், மாத்தளன் இவ்வாறு போய்க் கொண்டிருந்தோம்.
செல்லடி விழுந்து கொண்டிருக்கு. ஆமி எல்லாப் பக்கமும் பிடிச்சிக் கொண்டு வாறான். இயக்கமும் விடுறாங்க இல்ல. கடலுக்குள்ள எல்லாம் வெடிதான் உடல்கள் எல்லாம் மிதக்குது. போய்க் கொண்டிருக்கிறோம். தாங்க ஏலாத செல் அடி. இரத்த ஆறா கிடக்கு பொடி எல்லாம் துடித்துக் கொண்டு கிடக்கு கடலாலதான் போகோணும்.
நந்திக்கடலலால் 2009 ம் ஆண்டு இராணுவக் கட்டுப்பாட்டுக்குள் வந்தோம். சாப்பாடுகள் தந்து பஸ்ஸில் ஓமந்தைக்கு கொண்டு வந்தான். கொண்டு வந்து LTTE இல் இருந்து வந்தவர்கள் என்று விசாரித்தான். இயக்கம் என்று சொன்னாலும் அடிதான். இல்ல என்று சொன்னாலும் அடிதான். பிறகு கிளிநொச்சிக்கு ஏற்றினான். பிறகு அருணாச்சலம் முகாமுக்கு ஏற்றினான்.
இயக்கத்துக்குப் போனவர்களை வரச் சொல்ல நான் போக என்ன கேட்டான் நான் உண்மையை சொன்னேன். பிறகு பெயர் பதிஞ்சான். பிறகு ஒரு கோப்பை 2 உடுப்பு எடுத்திட்டு வாங்க. உங்களை 2 கிழமையால கொண்டு வந்து விடுவோம் என்று கூறினார்கள். மனைவி, மாமி எல்லாம் ஒரே அழுகை. அவர்களை சமாளித்து விட்டு வந்தேன். எங்களை நெளுக்களம் முகாமில் இறக்கினார்கள். நிறைய பொடியன்கள் இறக்கிக் கொண்டே இருந்தார்கள்.

முஸ்லீம் மகா வித்தியாலத்திற்கு மாற்றி பிறகு ஸ்கந்தபுரம் பிறகு நெளுக்குளம் இப்படி ஒரே விசாரணை தான். சாப்பாடு எல்லாம் தட்டுப்பாடு. பருப்புக் கறி சாப்பிட ஏலாது. பிறகு CID வந்து விசாரித்தான். உண்மையைச் சொன்னாலும் அடிக்க வாரான். 6,7 நாள் ஒரு இடத்தில் வச்சு விசாரிச்சான்.
கொஞச பேர வீட்ட அனுப்புறம் என்று சொல்லி வீட்ட அறிவிக்க சொல்ல வீட்டில் இருந்து ஆட்கள் வந்து விட்டார்கள். பிறகு பெயர் தெரிவு செய்து போமில் சைன் வாங்கி 3 நாள் சென்று 800 பேர் போல விட்டாங்க. அதில நானும் வந்திட்டன்
பிறகு ஆமி வீட்டுக்கு வந்து விசாரிக்கத் தொடங்கினான். நீ ஆயுதம் வைத்திருக்கின்றாய் நீ சொல்லு இல்லாவிட்டால் வெள்ளை வேனில் கடத்துவோம் என்று கூறினான். இரவில நித்திரையும் இல்ல. ஓரே யோசனைதான் தாங்க ஏலாது. பிறகு ஒருநாள் CID பெரியவர் வந்து விசாரித்து விட்டு நாங்கள் எல்லாம் சொன்ன பிறகு இனி உங்களைத் தேடி வர மாட்டோம் என்று கூறிச் சென்றார். அதுக்குப் பிறகு பிரச்சனைகள் இல்ல.
எனக்கு குழந்தைப் பாக்கியம் இல்லை என்று வைத்தியசாலையில் கூறி விட்டார்கள். மாதத்திற்கு ஒருமுறை யாழ்ப்பாண வைத்தியசாலைக்கு கிளினிக் போக வேண்டும். ஊசி போடோனும் இல்லாட்டி களைப்பு மாதிரி வரும். உடம்பெல்லாம் காயம். உடம்பில் காயம் இல்லாத இடமே இல்லை.
நான் இப்போது சைக்கிள் கடை போட்டு கோழி வளர்த்து மிகவும் சந்தோசமாக மனைவி மாமியுடன் வாழ்ந்து வருகின்றேன். இனிமேல் இப்படி ஒரு பிரச்சினை வரக் கூடாது. இனிவரும் சந்ததியினர் சந்தோசமாகவும், சுதந்திரமாகவும் வாழ வேண்டும். இதுவே எனது எதிர்பார்ப்பாகும்.



Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License