ඉඹුල්ගොඩ,
අකුරැස්ස.
2016.01.08
ගරු උපදේශිකා තුමිය වෙත,
ජිවිත කතාවෙන් බිදක්,
මාගේ ජිවිත කතාව කොළ දෙකකට සීමා කල නොහැක. නමුත් මම මගේ ජිවිත කතාව මෙලෙස සාරාංශගත කරමි.
1996 නොවැම්බර් මස 15 වන දින එලිය දුටු මා නමින් ෂෙහාන් පියුමාල් ජාලිය රාජපක්ෂය. මගේ පියා ගාමිණි රාජපක්ෂ වන අතර මව නමින් මයුරා සමන්ති රාජපක්ෂ නම් වේ. අපේ පවුලේ මට තවත් නැගනියක සිටිති. මා කුඩා අවදියේ සිට මගේ පියා ගොඩාක් දුක් වින්ද කියලා මට මගේ අම්මා කියල තියෙනවා.
මා මෙතැනට ඒමට කොටින්ම කිවුවොත් මේ විදියට මගේ ජිවිත කතාව ලිවීමට පවා මා මෙලොව ගොඩාක් දේවල් ඉගෙන ගත යුතුය. මා හට අකුරු කිරීමට හා මා ජිවත් කිරීමට මාගේ පියා මාළු වෙළදාම, කදන් කර ගැසීම, ළිං හැරීම වැනි රැකියා සිදු කිරීම පවා අතීතයේ සිදු කර ඇති බව මා මෑතකදී දැන ගතිමි.
අප නිවාස පිහිටා ඇත්තේ වෙල් යායක් මැදය. ගං වතුරින් නිතරම අප එක පාර යට වෙන අතර අපේ කකුල් වල මද නොගෑවී අප කරේ තියන් හැමදාම මගේ පියා මා රැගෙන එන හැටි අද මෙන් මට මතකය.
කුඩා කල සිටම මා සෙල්ලම් වාහන වලට හුගාක් ආස කරන අතර පෙර පාසල් යන සෑම විටම සෙල්ලම් බඩුවක් රැගෙන ඒම මට පුරුද්දට ගොස් තිබිණි. දිනක් මා හට සෙල්ලම් කාර් එකක් අරන් දුන් නෑ කියා මා අකුරැස්ස නගරයේ බිම වාඩි වී ඇඩූ බව මට මතකයි. ඒ දවස තාමත් මට මතකය. එදා අම්මා පොල් කොළ දෙකක් පතුරු යනකන් මට ගැහුවා. නමුත් එයට හේතුව මා මෑතක් යනතුරු දැන සිටියේ නැත. එදා මගේ පියාට මට ඒ සෙල්ලම් බඩුව අරන් දෙන්න සල්ලි අතේ තිබුණු නැති බව මට මගේ අම්මා මෑතකදී පැවසුවා.
දැන් වන විට මගේ පියා වෙළදාමෙහි යෙදෙන අතර ඔහු දැනුත් අපට හැම සැප සම්පතක්ම ලබා දීමට නොසෑහෙන දුක් වේදනා විදින බව අප හොදින් දනිමි. මට අතීතයට යාමට හැකිනම් මා අතීතයට ගොස් මගේ අතින් සිදු වූ කුඩා වැරැද්දක් පවා හදා ගැනීමට කැමතිය.
මන් මෙතෙක් මගේ අම්මා තාත්තා මට ගහපුවා කිවුවේ මොකද ඒ දෙන්නගෙන් ලැබෙන ආදරේ මට මෙම කොළ වලට හා පෑන් තුඩට සමකල හැක්කක් නොවේ.
අද කාලේ දෙමාපියන් දරුවන් වදනවා පමණි හදන්නේ නැත. අද සමාජය විනාශ හා පරිහානියට පත් වීමට ප්‍රධානතම හේතු සාධකය එයයි. ඒ අතින් මා කොපමණ වාසනාවන්තද. මා අද හැඩි දැඩි පිරිමියෙක් ලෙස පොළොවෙහි පය ගසා සිටින්නේ ඔවුන්ගේ මහන්සිය හා කැපවීම තුලිනි. මා සමාජයේ හදුනන්නේ කිහිප දෙනෙක් පමණි. නමුත් මා හදුනන අය බොහෝය. ඒ තැන මට ලැබුනෙත් මගේ දෙමාපියන් නිසාය.
මම 5 වසර ශිෂ්‍යත්වය ලකුණු 131 ක් ලබා ගත අතර මට සමත් වීමට ලකුණු 9 ක් මදි විය. එහෙත් ඒ දන මට වඩා මගේ දෙමාපියන්ට දැනුන හැගීම මතක් වන විටත් මගේ දෑසට කදුළු උනනු ඇත.
මා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කාලයේ මට වඩා මගේ අම්මා තාත්තා නිදි මරා ඇත. නමුදු ඒ වෙහෙස අපතේ නොගිය අතර ඉහලම ප්‍රතිපලයකින් මා සාමාන්‍ය පෙළ සමත් විය.
පසුව උ.පෙ. කරන සමයේ මා තරම් බැනුම් අහපු කෙනෙක් මේ ලංකාවේම නැතුව ඇත. මා පළමු වර විභාගය අසමත් වූ අතර නැවත ගණිත අංශයෙන්ම විභාගයට මෙවර පෙනී සිටියහ.
මා හට ඇති ජිවිත අත්දැකීම් බොහෝමය. නමුත් කොලයක මට ලිවිය නොහැක. මා හට මාගේ දෙමාපියන් දුන් ආදරය බොහෝය. නමුත් එයද මට කොලයක ලිවිය නොහැක. මා පතන්නේ එකම දෙයකි. මතු හැම භවයකදිම මගේ දෙමාපියන් දෙපලම ඇය සහ ඔහු වේවායි.
"අම්මේ තාත්තේ මා මෙතනට ගෙනාවාට මට ඔබේ ණය ගෙවිය නොහැක. නමුත් හැමදාමත් ඔබලාගේ ජිවිත තුල එදා මෙන් ආදරණිය පුතා සේ හිදිමි. සදා ආදරයෙන්"