"දයා පැලස්",
ඌරුමුත්ත,
අකුරැස්ස.
2016.11.08
අතිගරු ජනාධිපතිතුමනි,
මම මෙලොව එලිය දුටුවේ වර්ෂ 1996 නොවැම්බර් මස දෙවන සෙනසුරාදාය. එනම්, මාතර මහා රෝහලේදීය. එදා පටන් ආදරණිය මව් තුරුලේ කිරි සුව විදිමින් දයාබර පියාණන්ගේ දහඩිය, කදුළු මතින් ජිවිතයේ ළදරු වියට පා තබන අතරම 2001 වසරේ දුරුතු මස මව් තුරුලෙන් ඉගිල්ලී දෙවෙනි මව සොයා යන්නේ මවගේ අතගිල්ලේ එල්ලීය. අම්මාගේ ඇකයෙන් මිදී මා පිය නැගූ පෙර පාසල් මාවත තුලදී පළමු දිනයේදී මට සිහි වූයේ මගේ අම්මා මා තනි කර දමා ගිය මෙනි. මා සිගිති උයනේ දොරේ එල්ලී මරහඩ දුන්නේ ඒ නිසා විය හැකියැයි මට දැන් දැන් සිතේ. එසේ ගිය පෙර පාසල් දිවිය තුලදී මට පළමුවෙන්ම යාළුවො කියාලා මන් වගේම පොඩි ළමයි ටිකක් හමුවුනා. ඔවුන් එක්ක සෙල්ලම් කරමින් කාලය ගත කළා. ඉස්ස ඉස්සෙල්ලම ටීච කියල දුන්න අකුරු උඩ පන්සලෙන් කූටු ගෑවේ එය කුමක්දකියාවත් නොදැනයි. පෙර පාසල් ගිහින් ගෙදර ආවම ටීච වගේ සාරි පොටක් දමාගෙන ප්‍රාණය නිරුද්ද වූ ගස් වලට තට්ටු කලේ මගේ අනාගතයම එතනින් සමාරම්භ වුවා නිසාවෙනි.
එවකට දෙමාපිය තුරුලේ සෙනෙහසේ තනි භුක්තිය මා පමණක් විදි නිසා ඉල්ලන ඉල්ලන දේ මට ගෙනත් දීලා සතුටින් තැබුවා. ගෙදර තිබුණු පරණ රෙදි ගෙනවිත් වෙලදාම් කලේ පුංචි කාලේ තාත්තගේ අතේ එල්ලී කඩපිලට ගිය නිසාවෙනි. පරණ බඩු එකතු කරගෙන වාහනයක් හදාගෙන ඒක පැදෙව්වේ මගේ පපුවේ තියෙන අහිංසක හීනයක් වූ නිසාවෙනි.
පෙර පාසල් මව් තුරුලෙන් මිදී මා ඊලගට පිය නැගුවේ ගමේම පාසල වූ පෙර පාසලට මීටර් කිහිපයක් නුදුරින් පිහිටි අල්මේදා මහා විද්‍යාලයටයි. එදා පටන් අ, ආ, තවදුරටත් ඉගෙන ගෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්නේ දහසක් බලාපොරොත්තු සිත්හි තබා ගෙන විය හැක. එහෙත් මට එකල විභාග භීතිකාවක් හට නොගත්තේය. එයට හේතුව මගේ අම්මා හෝ තාත්තා මට ගෝරහාඩු කරමින් තර්ජනය නොකළ නිසා විය හැක. ඔවුන් මට එසේ සැලකුවේ පාසල් හැරී නිවසට පැමිණි මොහොතේ සිට මා පොත් වල වැඩම කල නිසාය.
එතැන් පටන් ඉන් ඉදිරියට මා හොදින් අධ්‍යාපන කටයුතු කරගෙන ගියාය. 10 ශ්‍රේණියට පැමිණෙන විට මට අධ්‍යාපනයට ඇති උනන්දුව ටික ටික වැඩි වෙන්නට විය. ඒ නිසා මම 11 වන ශ්‍රේණියේ වාර තුනේදීම පන්තියේ පළමු වැනියා වන්නට අවස්ථාව ලැබුනා. යාලුවොත් එක්ක විහිළුවක් කරලා හිනා වෙන්න මට පුරුද්දක් තිබුනා. අ.පො.ස. සා.පෙ. විභාගය ලියා ගෙදරට වෙලා ඉන්න අතරේ මට ජිවිතයේ පළමු වතාවට ඇති දක්ෂ ලෙස ඉංග්‍රීසි උගන්වන ගුරුතුමෙක් මට හම්බ වුනා. ඉංග්‍රීසි විෂයට මම ආදරේ කරන්න එදා පටන් ගත්තා. ඒ නිසාම මගේ ආසම විෂය ඉංග්‍රීසි වෙලා තියෙනවා.
2013 වසරේ අප්‍රේල් මස සා.පෙළ ප්‍රථිපල පිට වූ මොහොතේ මට දරා ගත නොහැකි සතුටක් හිතට දැනුනේ එය මා ඉහලින්ම සමත් වී තිබූ නිසාය. එදා පටන් උසස් පෙළ විභාගයට සුදානම් වූයේ අහිංසක හීන ගොඩක් හදවතේ ලියවිලා තිබුණු නිසාය. ඒ නිසාම මා තීරණය කළා කලා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට. බොහෝ ගුරුවරු ඇසුරින් මම උසස්පෙළ දෙවසර ගත කළා. ඒ සමයේ මට අලුත් යාළුවො මුණ ගැසුනා. ජිවිතයට බොහෝ දේවල් එකතු වුනා. මේ මගේ පෙර පාසලේ පටන් උසස් පෙළ දක්වා මතකාවර්ජනයයි.
මේ අතරතුරේදී මට ඇස් වලින් දකින්න නොලැබුණු අත්නොවාදී දේවල් රැසක් මගේ දෙමාපිය වැඩිහිටියන්ගෙන් දැන ගන්න ලැබුනා. එහිදී එක මතකයක් ලෙස ජේ.වී.පී භීෂණ සමයේ ඔවුන් විදි දුක් කරදර, රටේ ජනතාවට මුහුණ දෙන්නට සිදු වූ හිරිහැර මතකෙට ගෙනාවේ. එකල මට සිහි වුයේ මා එදා නොසිටියේ පෙර පිනකට විය හැක. ඒ ගැන කියනකොටත් ශ්‍රී ලංකාව තුල මෙවැනි දේ සිදු උනාද කියාත් සිතුනා.
තවත් සිද්ධියක් තමයි තිස් වසරක කුරිරු යුද්ධය. එය මාගේ දෑසින් අත් වින්දා. ලංකාවේ උතුරේ පමණක් නොවේ අවසානයේ දෙවුන්දර තුඩුවේ අකුරැස්සට පවා ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුනා. එකල රුපවාහිනිය තුල බලන්න තිබුනේ ශ්‍රී ලාංකික හෙළයන්ගේ ප්‍රාණය නිරුද්ද වූ සිරුරු දහස් ගණන්ය. ත්‍රිවිධ හමුදාවේ වීර සෙබළුන් තම ජීවිතය රට වෙනුවෙන් පුද දීපු නිසා අද වන විට කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ලංකාවේ මිනිස්සු සතුටින් ජිවත් වෙනවා. දැන් අප කල යුත්තේ ජාති, ආගම්, කුල වැනි පටු සීමාවන් පසකට දමා ශ්‍රී ලාංකික මාතාව අත්වැල් බැදගෙන සුරැකීමයි.
කොහොම කිවුවත් අපේ රටේ තවමත් ජාති, ආගම් ප්‍රශ්න නැතුවාම නොවේ. මේවා නැති කරගන්න අප රටේ මිනිසුන්ට නොහැකි විය හැක.
රටේ තත්වය කොහොම වුනත් මගේ අදහස මම රටට යහපත් පුරවැසියෙක් වන බවයි.
මගේ හිතේ අනාගතය ගැන ලස්සන හීනයක් තියෙනවා. එය උදා කරගන්න මම දැඩි ආයාසයක් ගන්නවා. ඊටත් වැඩිය මගේ අම්මයි, තාත්තයි, සහෝදරයයි සතුටින් තියන්න ඔවුන් සැප විදිනවා බලන්න මම ආසයි.
පාසල් ඇරී ගෙදර ඇවිත් අම්මගේ සාරියක් පටලවාගෙන කෝටුවකුත් බෑගයේ දමාගෙන මිදුල පුරා දුව ගියේ මගේ ජිවිතයේ හැංගිලා තියෙනා තනතුර Teacher නිසා වෙන්න ඕන. ඒ අහිංසක හීනය මන් කොහොම හරි උදා කරගන්නවා. මට ඒ සදහා පියනගන්න දැන් මග විවර වී ඇතැයි සිතමි.
මගේ සේවය රටට ලබා දී තවත් කෙනෙකු ඉන් සතුටු වනු දැකීම මගේ ඒකායන පරමාර්ථයයි.