2016.04.26
I am Gnanathilake in “Lakmini” cottage at Samapura belonging to 448A Uda- Aparekka G.S. Division. It belongs to Devinuwara D.S. Division in Matara District. I have got opportunity to express my memories on behalf of the Youth.
Past means the range of passed activities in the lives. Only past allows us to look at a life on the correct manner. Correct living is facing the presence by correcting the faults done in the past. The way of finding answers for different ideas is different from the way young strength sought answers. Below I describe the unpleasant and bitter memories of the past where individual decisions and activities were developed in to collective activities and the way they were released to the society, and gaining the results like happiness, sorrow, tears and death, terror and dread.
Dear sons and daughters who try to see the past that you haven’t seen. I was a youngster at the time of 1970’s decade. It was the time of preparing for the New Year 1971 enthusiastically. I remember as if it happened today how the JVP riot was started by our youth to succeed their unrest, where they were shouting their slogan, killing people and lot of other activities and how things went to disaster. This riot started in one place in one area and it was soon spread all over the country. It is very much unpleasant to remind how hatred spread like a charcoal in the ashes, how each other were killed and how some people stayed in the forests in fright and doubt to save their lives. It was sorrowful to see surroundings become dark in the evenings. We had real curfew among the riot teams and army. We couldn’t go anywhere. There was no way to go. Daily life was stopped. There was no happiness and smiles. Lives were upside down. There was silence in roads, shops and even in houses. Like no happiness and smile. It was like a dead people’s world. The dogs who barked even for little things were also silent. When the following day dawned, we saw regretful things. The heads of dead people were settled on the stiles and looking at us. Dead bodies everywhere left to dogs and crows. Everywhere we heard about revenges and punishments, even the murderers were among them. Ten or more dead bodies were burnt by tires in common places like, Dandeniya Lake, Interjections etc. The odor was like dried fish and full area was like Vishala Town.
It was very unpleasant to see the resources of the country and peple’s properties suddenly burnt and turned in to ashes. Number of times, we were unable to eat the rice we had cooked. The fire in the hearts were greater than the hunger. We were afraid that at any moment in anywhere we could become the offenders. Number of times we have knelt down to be seen by the billo (bogymen).
When the time passed, all problems were solved, the gunners were made weaponless and they had surrendered to the Army. It was very surprising to see a society was created where parents lost children and children lost parents, people lost people, and eventually it faded away. We have something to learn from this unpleasant memories dear sons and daughters. If terrorist activities started based on Nationality, Religion or Caste, many lives will be lost who have come to this world to live, who have unstable body, and excellent brains and who are able to win this world.
You all have to remember to give your intelligence and strength to justice not to injustice, being surrender to the universal nature, and to add some memories of useful things to all as a society.
මගේ අම්මා මේ ගමේමයි. මේ අසල්වැසි දන්දෙනිය කණිටු විදුහල ළග. තාත්ා වල්පිට. අම්මාගේත් අම්මගේ ඉඩමක තමයි අපි දැනට පදිංචි වෙලා ඉන්නේ. බෝගහහේන කියන ඉඩමේ අම්මට දෑවැද්දට කැමැත්තෙන් ලැබුනු ඉඩමක්. පස්සෙදි අම්මා මෙහාට ආවට පස්සේ තාත්තා මැරි කරල පදිංචියට ආවට පස්සේ තාත්තත්, ඒ ගමේ ඉදලා තියෙනවා වල්පිට සීයා කියල හරි බුද්ධිමත් ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන චණ්ඩියෙක්. ඒ තාත්තටත් ඉන්න බැරිවෙලා තියෙනවා අපේ තාත්තා නැතිව පස්සෙදි ඒ සීයායි සීයගේ මල්ලි කෙනෙකුයි අඩනවා නිතරම මෙහේ එන්න ඕනි කියලා. පස්සේදි අම්මගේ මුදලින්ම අල්ලපු ඉඩමක් අරගෙන රුපියල් 25 යි ඉඩම, මට හරියටම දින ගන්න කියන්න බෑ. තාත්තගේ වයසත් එක්ක අවුරදු 60කට පමණ උඩදි රුපියල් 25ක මුදලකට අක්කර අයි තුන්කාලක් මුදලට අරගෙන සීයයි බාප්පයි දෙන්නා පදිංචි කලේ. පදිංචිවෙලා බාප්පා තනිකඩ ජීවිතයක් සීයටත් උදව් කරගෙන ගත කළේ. අපේ අම්මා උදව් කළා පස්සෙදි. බාප්පා තනියම නිසා පුංචි අම්මා කෙනෙකුත් එක්ක ගෙන ආවා. එතනින් ඒ අයගේ ජීවිත කතාව ඉවර වෙනවා. දැනටත් මගේ බාප්පයි පුංචි අම්මයි තවමත් ඉන්නවා. සියා දැනට අවුරුදු 4 කට කලින් අකාලේ මිය ගියා. 1967 දැනට අවුරුදු 50කට ආසන්නයි. එයාගේ හිතුවක්කාරකමකට ඉන්න අතරේ මම දන්දෙණිය ඉස්කෝලෙකට ගියේ. සාමාන්‍ය පෙල දක්වා ගියා. ඒ කාලේ විදියට අසු ගණන් වල රිසල්ට් එකක් විදිහට විෂයන් 6 ක් සමත් වුනොත් ලොකු දෙයක්නේ. විෂයයන් 6 යි සම්මාන 4 කුයි එක්ක විශිෂ්ඨ සම්මාන දෙකක් ඒ කාලේ සමත් වුනා. ඒ කාලේ මට හිතුනා ඒක මදි කියලා. පස්සේදි වැඩිදුර අධ්‍යාපනයට උගන්නන්න තරම් මගේ මව්පියන්ට වත්කම් නෑ. ගොවිතැන් කරල තමයි මගේ තාත්තා අම්මවයි දරුවෝ 8 දෙනයි ජීවත් කළේ. හේන් ගොවිතැන් කුලියට කරල ගස් ඉරල තමයි ජීවත් කලේ. පස්සේදි උසස් අධ්‍යාපනයට යන්න තම් හැකියාවක් නැති නිසා මම තිරණය කළා යන්න ගමේ. කොට කලිසමක් ඇදලා ගෙදරට වැඩට අදින්නෙත් ස්කෝලෙ යන්නෙත් එක ශර් ට් එක ඇදගෙන. මට සෙරෙප්පු..සෙරෙප්පු 2 ක් ගත්තේ. ඇත්තම කථාව තමයි පොත්පත් ගන්න කොහෙන් හරි පොල් ගෙඩියක් ඇහිද ගත්තොත් ඕක කඩේට දීලා තමයි . දැන් වගේ පිටි උදේට බොන්නත් නෑනේ. අල්ලට සීනි ටිකක් දාගෙන කහට කෝප්පේ බිලා තමයි ඉස්කෝලේ ගියේ. උදේට කෑමක් නෑ. ආපසු සවස එනකොට ගස්ගෙඩි කාලා තමයි. මේ මහත්තුරු දන්නවා මගේ ජීවිත කතාව.
ඔහොම ඉදලා ජීවත්වෙන්න ඉගෙන ගන්න ආසාව තියෙනවා. ඉදලා ගමේ අයියා කෙනෙක් ඉන්නවා එයත් එක්ක ගෙදරට හොර රහසේ පැන්නා. මම තිස්සමහාරාමයට එන කොට අවුරුදු 16 ½ යි. තිස්සමහාරාමේ කුඹුරු වැඩ කරන්න. කුලියට කරලා මාස 6 ක් 7 ක් වැඩ කරලා මුදල් ටිකක් සොයන් ඇවිත් මම ආපසු ක්ලාස් යන්න හිතාගෙන රෙදි ගත්තා. කලිසම් ෂර්ට් 2 ක 2 ක වගේ අරගෙන මුදලක් තැන්පත් කළා. අම්මට දුන්නා. අම්මේ මාස්පතා මට දෙන්න පන්තියට කියලා. ඒ අතරේ මේ අසල්වැසි පුද්ගලයෙක් කොහොම හරි අපේ අම්මට කේලමක් කියලා. කේලමක් කිව්වේ මූ ක්ලාස් ගියාට යන්නේ ක්ලාස් නෙවෙයි යන්නේ. ඉගෙන ගන්නේ නෑ. රස්තියාදු ගහන්න කියලා. කොහොම හරි මගේම සල්ලි මට දුන්නේ නෑ. ක්ලාස් පීස් ඉල්ලනවානේ. මාසෙකට රු. 35 යි. මාසෙකට විෂයන් 8 ටම දුන්නේ නෑ. පස්සේ නතර වුණා. කියාගන්නම දෙයක් නැතිව ඉබාගාතේම ගියා. පස්සෙඓක්සෑම් එකත් කරා. විෂයන් 4කට සම්මාන 4කුයි විශිෂ්ඨ සම්මාන 4කුත් එක්ක. මුලින් කරපු විෂයයන් 4 ට අනික් විෂයයන් 4 ටයි. මගේ ජීවිතේ එතනින් අදුරු වුණා. අදුරු වෙලා පස්සේ ඔය සමාජයේ හැල හැල්පීම්වලට ලක්වෙලා දැන් ඉතින් මම නිකන් ඉන්න බලන්නේ නෑ. මං කොහේ හරි ලෑන්ඩ්මාස්ටරයක් අල්ලගෙන කොහේ හරි වැඩක් කරනවා. කිට්ටුව වත්තක් තියෙනවා. වත්තේ පොල් වේලනවා. කුලියට ඒවා කරල කීය කීය හරි උපයන ගමන් නොමග යෑමක් වුණා. ජාතික විමුක්ති පෙරමුණේ කොල්ලොත් එක්ක ආශ්‍රය කරන්න ගත්තා. ලොකුවට සපෝට් එකක් දුන්නේ නෑ මම. ඔය ජරාව පැත්තට ගියේ නෑ මම. ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුට් බයිසිකල විතරයි තිබුනේ. ඔය බයිසිකලය කොහාට හරි ගිහින් දාන්න පෝස්ටර් ටිකක් ගෙනත් දෙන්න කිව්වොත් ගිහින් දෙනවා. ඒ ඇරෙන්න වෙන යමක් කරේ නෑ. ඔහොම කරන ගමන් එච්. ආර්. පියසිරි දික්වැල්ලේ. එයාගේ පාලනයක් හෝ තිබුණේ මේ හරියේ භීෂණයත් එක්ක පස්සේදි. ඒ පුද්ගලයගේ හිතවතෙක් මේ කිට්ටුව ගෙදරකට යන එනවලු. ඒ කිට්ටුව ගෙදර කෙනා මගෙත් එක්ක පොඩි අමනාපකමක් තිබුණා. එයාගේ කීම පිට කොහොම හරි පෙත්සමක් ගහලා මම ගෙනිච්චා දික්වැල්ලේ පොලිසියට. පොලිසියට ගෙනිහිල්ලා දවස් 7, 8 ක් පමණ මාව පෙන්නන්නැතිව තිබුණා. ගැට ගහලා, ඇගිලි වලින් උඩ එල්ලලා මුහුදු වැල්ලට දාලා වෙඩි තියන්න හදලා සම්පූර්ණයෙන්ම රෙදි ගලවලා නිරුවත් කරලා රෑ එක හමාරට විතර දැලි පිහියෙන් කපන්න ගිහිල්ලා කොහොම හරි මගේ වාසනාවට මං බේරුණා. මගේ එක අක්කා කෙනෙක් බැදලා ඉන්නවා ඇල්පිටියට. ඒ අයියා ප්ලේට් වැඩ කරන්නේ බිල්ඩින්වල කොන්ත්‍රාත් වැඩ කරන්නේ පේන්ට් වැඩ. ඒ අයියට පණිවිඩෙ ලැබුණ විතරයි. මම දික්වැල්ලේ පොලිසියේ කියලා එයා කලබල වුනේ නෑ. එයා ගියා පුනරුත්ථාපන කොමසාරිස්තුමා හමුවෙන්න. මහරගම. එයාගේ කොන්ත්‍රාත් එකක් තමයි එතකොටත් ඒ අයියා කරේ. ගිහිල්ලා කියලා තිබුනා සර් මට සල්ලි එපා මගේ මල්ලි බේරා දේනන කියලා. රෑ එකහමාරට මැසේජ් එකක් එනවා දික්වැල්ලට. ඒ එනකොට මං මරන්න අරගෙන 88 අවුරුද්දේ ලොකු භීෂණේ. 1.30 ට පමණ සම්පුර්ණයෙන්ම මාව නිරුවත් කරල බංකුවක දිගා කරලා දැලිපිහිය අරගෙන කපන්න හදන කොටමයි ඕඅයීසී මහත්තයා ඩන්ඩ් ක්වාටස් වල ඉදලා සරමක් ඇදගෙන ආවේ මං ගැන හොයන්න. පුනරුත්ථාපන කොමසාරිස්තුමාට කියලා තියෙනවා පොඩ්ඩක් ඉන්න සර් මං හිටියොත් බේරන්න කියලා. එයා ඇවිත් බලන කොට මං නෑ. මමයි කිට්ටුව සමන් කියලා යාලුවෙක් හිටියා මස්සිනා කෙනෙකුයි ගෙනිච්චෙ. සාජන්ට් කෙනෙක් හිටියා කුමානායක කියලා අපේ ඥාති ඒ කියන්නේ පොලිසියේ වුණාට ඊට කලින් අපේ තාත්තගෙන් හාල් ටික පවා ගෙනියන්නේ කෑමට කුඹුරුවලින්. එහෙම තියෙද්දි තමයි ඒ පුද්ගලයා මාව මරන්නත් ගත්තේ.හොදම කතන්දරේ එයාගෙන් තමයි මට බේරෙන්න බැරි වුණේ. දික්වැල්ල පොලිසියේ තියෙනවා වෙනම කොරිඩෝ එකක්. එතන තනිකරම මස් කඩයක් වගේ. මස් ගද ගහ ගහ මැස්සො වහ වහා. කුණු ගද ගහා කොල්ලෝ කපපුවා. කෑලි. අපි ඕව ඇද ඇද හිටියේ ඒ කාලේ. අපි ඕවා අස් කලා. එතෙන්ට තමයි ගෙනිච්චේ. මට ගහල තුවාලයි. මගේ තුනටිය ළග ඉදලා බෙල්ල දක්වාම පතුරු නෑ හමක් නැ ගහලම. පොලුවලින් ගහල හිරිවැටිල තිබුනේ. මට ඇගට දැනෙන්නේ නෑ. ඕඅයිසි මහත්තයා ඇවිල්ලා තමයි මාව බේරගත්තේ. අර සාජන්ට් මාව ගෙනත් තියෙන්නේ ඕඅයිසි මහත්තයාට හොරෙන්. ඕඅයිසී සාජන්ට්ගේ කනටත් ගහල මගේ ජොබ් එක නැති කරන්නද උඹ හදන්නේ කියල තමයි මම අරගත්තේ. එහෙම අරගෙන ඊට පසුවෙනිදම මගේ අක්කට මාව පෙන්නුවා. පෙන්නලා එදා තමයි මගේ ජීවිතේ බේරුනේ දවස් 54 ක් දික්වැල්ල රිමන්ඩ් එකේ හිටියා. මාතර පොලිසියට ගෙනිහින් දවස් 2 ක් තියන් ඉදලා එතනින් බුස්සට දැම්මා. බුස්සේ අවුරුදු 2 ½ ක් මම එහේ හිරගත වෙලා වෙන ආබාධයක් ඒක ඉතින් කියන්න අමාරුයි. ගොඩ කාලයක් යනවා කියන්න ගත්තොත්. එකක් තියෙනවා කෑම්ප් එකේම කොටස් තුනක්. අක්කර 40 ක් භූමි ප්‍රමාණයම පාරවල් වලින් වෙන්වෙලා තියෙන්නේ. එක පැත්තක් තියෙනවා හෝල් 4 ක්. ඒ 4 ඉන්නවා ජේවීපි එකට සම්බන්ධ අපි වගේ අය. කොටින්ම අපි වගේ අය. ඒ කියන්නෙ එලියෙදි සිගරට් එකක් බෙවා, අරක්කු ටිකක් බොනවා. අහුවුනොත් පාටියකදි. ජේවීපි එකට සහයෝගය දෙනවා. ඔය වගේ පුද්ගලයෝ කොටසක් හිටියේ. ඔය එ තුල. එතනින් වෙන්වෙලා අටක් නමයක් තිබුණා. එකක් කෑම කාමරය. අනෙක් 8 පිරෙන්නවම පුර්ෂම ජාතික විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති. විමුක්ති ගී පන්ති කරනවා. ඒව මේවා අසංක ගලප්පත්ති. තංගල්ලේ මන්ත්‍රි ඒ පුද්ගලයා තමයි. ඒකෙ සභාපති හරිම හොදයි. ඇත්තටම හොදයි. සහෝදරත්වය උපරිමයෙන් තියෙනවා. ඒ පුද්ගලයෝ නරක අතේ වැඩ නෑ. ගෙදරින් විසිට් එකක් දාලා ගියාම කෑම ජාති එහෙම ගෙනිච්චාම තනියම කන්නේ නෑ. මට ගෙනිච්චත් වෙනම කියලා සෑම දෙනාටම බිස්කට් එකක් වුනත් චුට්ට චුට්ට කඩනවා හැම දෙනාටම. සරමක් ගෙනිච්චත් සරමක් අදින්න නෑ. සරමක් ඉරිලා තියෙන්නේ. කාගෙද එයාට දෙනවා. ඒක දැන් කෑම්ප් එක ඇතුලට දමන කොටම සභාපති එතුමා ඇවිල්ලා උඩ යට බැලුවා. සරමත් හොදයි. ෂර්ට් එකත් හොදයි. සහෝදරයා යමු අපි දෙන්නා කෑම කන්න කියලා එක්කගෙන ගිහිල්ලා හොදටම බඩ පිරෙන්න කනකම් බලන් ඉදලා ඔලුවත් අතගාලා බයවෙන්න එපා. ඔයා දැන් මරණයෙන් බේරිලා. වාසනාවට තමයි ඔයා මෙතනට ආවේ. ඔයා දැන් අපි බලාගන්නන් කියලා අසංක ගලප්පත්ති. අසංක ගලප්පත්ති කියලා එයාට කිව්ට නියම නම ඒක නෙවෙයි. නම වෙනස්. කොහොමහරි ඒ ශාලාවට අමතරව තව ශාලාවක් තියෙවා. කොහොම හරි අඩි 350 ක් විතර දිග ඒකේ තියෙන්නේ ෂෙල්. ෂෙල් කියන්නේ කොටි සිර කදවුරු අන්න ඒ වගේ උඩින් යටින් දැල් ගහල වටේටම දැල් කලා ඕකේ ඉන්නවා 300කට වැඩිය ඉන්නවා. ඕකේ ඉන්නේ තනිකරම මිනීමරුවන්. ගංජා කුඩුකාරයෝ. ඔය වගේ අය කරන්න තියෙන අපරාද සියලුම දේවල් කරපු අපරාධකාරයෝ චන්ඩි ටික තමයි. එක පැත්තකට කොටු කරල තියෙන්නේ. ඒ අය ජේ.වී.පී. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ජේ.වී.පී. මුවාවෙන් මංකොල්ල කාපු, මිනීමරපු කණ්ඩායමක් එතන ඉන්නේ. ඒ අය වෙන් කරල ඉන්නේ කඹුරුපිටිය පුද්ගලයෙක් තමයි ඩයස් කියල උසයි අඩි 6 ½ ක් විතර. සනී කියල පුද්ගලයෙක් හිටියා ඔය දෙන්නා තමයි ඕකේ ලීඩර්ලා. ඔය චන්ඩි ඉන්න ඔක්කොම බයකරගෙන වගේ තමයි ඉන්නේ ඔහොම ඉන්න අතරේ ඔතන හිටියා සුනිල් කියලා පුද්ගලයෙක්. පොලීසිය ඩියුටි කරලා ජේ.වී.පී. එකට සහයෝගය දීලා අත්අඩංගුවට අරගෙන බූස්සේ කෑම්ප් එකේ දාලා අපිත් එක්ක හිටියා. කුරුණෑගල සුනිල් කියලා පුද්ගලයෙක් මිනිහට ආයුධ හදන්න පුලුවන්. මිනිහා හැදුවා ආයුධ බෝම්බ නොයෙක් දේවල් එකට ඕන ඒව හදලා කෑම්ප් එකට ගහන කෑම්ප් එකෙන් පනින්න. යාලුවෝ ගෙනත් දෙනවා වෙඩි බෙහෙත් බිස්කට්වල මැදට තියලා පැක් කරල ගෙනත් දෙනවා. බැලුවට අහුවෙන්නේ නෑ. බිස්කට් පැකින් කරලනේ එන්නේ. කිරි හට්ටිය කියලා ෂොපින් එකේ දමලා අවශ්‍ය වෙඩි බෙහෙත් කුඩු වර්ග කරි හට්ටියේ තියලා කිරි දාලා මුදවනවා. පස්සේදි ඒක අහුවුනා. අහුවෙලා ගෙනියන්න දෙන්නේ නැති වුණා. පස්සේදී කුඩු ගෙනාවේ රත්ගම නංගි අක්කයි දෙන්නෙක්. ඒ දෙන්නා ගේට් එකට එනකොටම හමුදා කාරයොත් සැලෙන්ඩර්. කෙල්ලෝ දෙන්නා හැඩයි. චෙක් කරන්නේ නෑ. ඒ කෙල්ලෝ දෙන්නා තමා අයියලාට කුඩු ගෙනාවේ. අයියලා දෙන්නා ඇතුලේ කුඩු බිස්නස් කරනවා. නිලන්ත කියලා කෙනෙක් හිටියා බ්ලුමැන්ඩල් රෝඩ් එකේ. කොළඹ. එයාගේ කුඩු බීම නතර කලේ මමයි. එයා හැමදාම අපි මෙහෙම වාඩිවෙලා ඉන්නකොට විනාඩි 5 ක් යන්න ඉස්සෙල්ලා අපෙ රූපේ පැන්සලෙන් අදිනවා. ඒ වගේ පුද්ගලයෙක්. හරි ලස්සන කොණ්ඩේ දිගට දාලා. හරි ලස්සන හැන්ඩියෙක්.
කුඩු ගැහිල්ල නතර කරන්න බැරිද කියලා. බෑ සරත් බෑ. මගේ නම සරත්. අද ගැහුවොත් හෙටත් ඕන කියල පස්සෙදි මම කිව්වා. හරි මම ඕක ඔප්පු කරන්නම්. මෙන්න සල්ලි මටත් එක්ක පැකට් 2 ක් ගේන්න කියලා. පුද්ගලයත් එක්කම මම දන්නේ නෑ මම ත් කුඩු බිව්වා. එක සැරයක් ගත්තා. දෙවෙනි සැරෙත් ගත්තා. එදා හවසම මම කිව්වා මම කිව්වා හෙට ඉදලා තර කරනවා කියලා. නතර කලොත් උඹ නතර කරනවද කියලා මම ඇහුවා. ඔව් කිව්වා. ඒ වගේම මම නතර කරන පුද්ගලයාත් මත් උවදුරෙන් බේරාගත්තා. බේරගෙන ඔහොම ඉන්න අතරතුරේ අර ආයුධ ටික අපි අකමැතියි අවුරුදු 2 හෝ 3කට පස්සේ අපි නිදහස් වෙලා ආවෝ. අපි නිදහස්. ඔතනින් පැන්නොත් කවදාවත් නිදහසක් නෑනේ. හැංගිලා ඉන්න වෙන්නේ. අපි අකමැතියි. ඒත් කියන්න බෑ. ඒ මොකද අපි 70ක් පමණ කාමරේ හිටියා. තම්බෙගමුවේ පුද්ගලයෙක් කොහොම හරි කෑම්ප් එකට ඔත්තුව දුන්නා. ඔත්තුව කෑම්ප් එකේ බෝම්බ හදනවා. ආයුධ තියෙනවා කියලා. පස්සේ හමුදාවෙන් පැන්නා පැනලා වෙඩි තියලා. වටේට අපි එලියට ඇදල දාලා කාමර චෙක් කරා. ඇතුලට හමුදාවෙන් එක්කෙනෙක් දෙන්නෙනක් එන්නේ නෑ. දෙන්නෙක් ඇතුලට ඇවිත් ආගිය අතක් නෑ. අදත් මරනවා. බෙඩ්ෂිට් එක ඔලුවට දාලා මරනවා. සීයක් දෙසීයක් එනවා ඇතුළට. එනවා එන්නෙත් වෙඩි තියාගෙන තාප්පවලට වෙඩි තියාගෙන තමයි එන්නේ. ඇවිල්ලා අපිව එළියට ඇදලා දාලා චෙක් කරන කොට අහුවුණා ආයුධ. අහුවෙලා අපි වෙන් වෙන් පහ පහ දානවා කිව්වා. උඹලා එකට දාන්න බෑ කිව්වා. කෙහොමටවත් අපි කැමති වුනේ නෑ. බිබිලේ ජයසිංහ කියලා සහෝදරයෙක් හිටියා. මිනිහා කිව්වා එක්කෙනෙක්වත් යන්න එපා. මේ විදියට ඔයාලා එකටම ඉන්න ඕන මැරෙනකම්ම. එකටම ඉන්න ඕන. කෑම වේල් 16ක් ඇල්වතුරවත් නොබි ස්ට්‍රයික් කරා. මාරාන්තිකව ස්ට්‍රයික් කරල, පියසි උඩ අපි නැගලා ස්ට්‍රයික් කරා. 70 ක් 75 ක් විතර වයස සීයලත් අපිත් එක්ක වහලේ නැගලා කලන්තේ දාලා වැටිලා ලොකු කලබලයක්. සියලා පුතාලා වෙනුවට අරන් ගිහිල්ලා. පුතා අල්ලන්න පොලිසියෙන් එනවා. පුතා නැත්නම් තාත්තා අන් යනවා. පුතා කොහොමහරි අල්ල ගත්තත් සීය අත අරින්නෙත් නෑ. සීයත් ඇතුලේ පුතත් ඇතුලේ. අපි තමයි ඒ අය නාවන්නේ. කන්න බොන්න දෙන්නේ හෙට නැත්නම් අනිද්දා මැරෙන්න ඉන්න අය. ඒ වගේ ජරාම ජරා පාලනයක් තිබුණේ කිසිම සමාවක් නැති, කොහොම හරි කෑම වේල් 16කට පස්සේ කර්නල් රත්නවිර දෙවිනුවර හිටියේ. කෑම කන්න වෙනම වෙලාවක් වෙනම දෙන්නම් කියලා. අපි එක හඩින්ම කිව්වේ ශාලාවක් දුන්නොත් කෑම කනවා කියලා. හා එහෙනම් යමු කියලා එක්කගෙන ගියා. 17 මදැවි උන් ඉන්න ෂෙල් 10 ක් අයින් කරලා දුන්නා. අපි 70 ට එදාම රෑ ඔය මදාවි රැල අපිට ගහනවා. සනි, තිහගොඩ ඩයස් යන කණ්ඩායම් ඇවිත් අපට ගැහුවා. අපි කෑම වේල් 16 ක් නොකා ඉදලා පණ නෑ. කලන්තේ දාලා වැටුණා. වැටුණු තැන අපිත් ඉතින් හිතේ හයියටත් එක්ක මරණ බවට එක්ක ඔය බිබිලේ ජයසිංහ කියන පුද්ගලයයි අලුත්වත්තේ පුද්ගලයෙක් හිටියා. ගැහුවා. ඔයා දෙන්නා එක්ක. 4 දෙනෙකුට විතර ගහනකොට කොහොම හරි 300ක් විතර හිටියා. ශාලාවෙන් 200ක් විතර අපේ පැත්තට නැමුනා. මොකද අර චන්ඩි කිහිප දෙනෙකුට යටත් වෙලා බට ඉදලා තියෙන්නේ කොහොම හරි අපි ඒ 200 එකතු කරගෙන අර චන්ඩි ඔක්කොම මට්ටු කලා. ඔක්කොටම ගැහුවා. එදත් අපේ කට්ටිය කිහිප දෙනෙකුට දුන්නේ නෑ. ඉදලා කොහොම හරි නිදහස ලැබුවා. අවු. 2යි මාස 4 කින් පුනරුත්තාපන කෑම්ප් එකෙන් නෙවෙයි එලිමහන් සිර කදවුරක් පුනරුත්ථාපනය කරන්නේ වරැද්ද ඔප්පු වුණොත් විතරයි එතනින් යවනවා අම්පරේ. ඇඹිලිපිටිය පුනරුත්ථාපන කදවුරුවලට වැරැද්ද ඔප්පු වුනොත් විතරක්. අපේ වැරැද්දක් ඔප්පු වුණේ නෑනේ. ඔප්පු කරන්න හැදුවා. නමුත් හරිගියේ නැහැ. වෙපන් හෝල්ඩින්ග් මැෂින් එහෙම මට කියලා අල්ලවන්න. ඒකෙදි ඉගෙන ගත්ත කර්මාන්තයක් තමයි දැන් මම ජීවිකාව කරගෙන යන්න. ඒක කිසිම කෙනෙක් ඉගැන්නුවේ නෑ. නිකම් කවුරු හෝ කරනවා. පොඩ්ඩක් බලනවා තනියම ඔය වැඩේ කරනවා රුපියල් 5හේ කාසියෙන්. මුදු 2 හදන්න පුලුවන්. මට කැමති ඕනම ආකාරයකට. පිරිමි මුද්ද ගැහැණු මුද්ද කැමති ආකාරයකට රුපියල් 5 න් කිසිම ආයුධයක් නැතිව. අපි එහෙදි කරේ කම්බි කූරයි, ගල් ගෙඩියයි විතරයි. කම්බිකූරෙන් 5 කාසිය විදිනවා විදල සිලින්ඩරාකාරව තලනවා. පොඩි කියත් තලෙකින් 2 ට පලනවා. කොන්ක්‍රීට් බිත්තිනෙ තියේනේ. අත්ලෙලි යනකම් බිත්තියේ උලලා තමයි ඒක හදන්නේ. ආයුධ නැති නිසා දැන් ඔය පොල්කටු කැටයම් වුනත් එහෙදි පොඩි කියත්තල කෑල්ලෙන් තමයි කරන්නේ. වෙන මොකුත් නෑ. එහෙදි ඒ විදියට හදපු එකක් තමයි අර තියෙන්නේ. ඕක පොඩි කියත් තල කෑල්ලකින් තමයි හැදුවේ. කෑම්ප් එකේදි පොඩි කියත් තල කෑල්ලෙන් පමණයි කැටයම කැපුවේ. ලෝක ගෝලය තියෙනවා එහෙදි හදපුවා. දන්දෙනිය ඉස්කෝලේ අයට ඉ ගෙනගන්න ලෝක ගෝලයක් තිබුනේ නෑ. දන්දෙනිය ඉස්කෝලෙට ප්‍රයිමරියක් තිබුණේ. එහේ ඉදල ලෝක ගෝලයක් හදල එව්වා ඉස්කෝලෙට. 15 ක් පමණ ඉස්කෝලෙ ළමයි ඉගෙන ගත්තේ දන්දෙනිය ඉස්කෝලෙට මම දුන්න ලෝක ගෝලයෙන්. පොඩි එකක් තියෙනවා අර හදපු අතින්ම හදපුවා පොතකින් බලාගෙන ඉතා නිවැරදිව. ඒක දැනට මැකිලා තියෙන්නේ. ඉස්කෝලෙ පොඩි අය අතපතගාලා පොඩ්ඩක් මැකිලා තියෙන්නේ. හරියටම මැප් එක තියෙනවා. ගුරුවරු එහෙම බලලා කිව්වා. පොඩ්ඩක්වත් දශමයක්වත් වෙනස් නෑ වැරදි නෑ කියලා. පොල්ගෙඩියක්, පොර පොල් කියන්නේ ඕකට ගන්නවා. ගනකම තියෙනවානේ. ගනකම මතු කරන්න පුළුවනිනේ. රංජි අංජි කියලා ගහලා ඇති සයිඩ් එකේ. මගේ අයියටයි අයියගේ නෝනටයි. තෑග්ගකට දෙන්න. පොඩි අය ඉගෙන ගත්තේ ඕකෙන්. කොහොම හරි මම ඇතුලේ ඉන්න අතරවාරේ අපේ අයියා ඉන්නවා. අපි සහෝදරයෝ වාගේ ඉන්නවානේ. එයා නිතරම ගිහිල්ලා පොලිසියට ඇවිටිලි කෙරුවට පස්සේ නිදහසක් ලැබුණානේ තාත්තලා ගිහිල්ලා එක්කරගෙන ආවා. මට ඉතින් ඇත්තටම ගම එපා වෙලා. ඒ අතරවාරේ තමයි මගේ නෝනා 1991 නොවැම්බර් 27 හමුවුනේ මට. මගේ අක්කා කෙනෙක් ඉන්නවා ඇල්පිටියේ. එහේ ගිහිල්ලා මම ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තා. ඥාති අයියා කෙනෙක්ගේ වාහනයක වැඩ කලා. අයියා ගාව ඉන්න බෑ. ගෝලයෝ ගොඩක් ඉන්නවා. මම වෙනත් වාහනයක් හොයා ගත්තා. ඩොක්ටර් කෙනෙක් ගාව වැඩ කලා. මාස 4 ක් විතර. ඉදසලා මට ඇති කියලා හිතුනා. ඇල්පිටියේ ඒකාකාරි ජිවිතේට මම කැමති නෑ. මම හොයන්නේ විවිධාකාර නිතරම විවිධත්වයක්. ඊට පස්සේ අම්බලන්ගොඩ ටවුන් එකේ ලොරියක් අල්ලා ගත්තා. ඒ ලොරිය බෝට්ටු අදිනවා, වැලි අදිනවා. ඒවටත් ගියා. කොහොම හරි මාස 2 ක් තුනක් ඉදලා පඩි ගන්නෙත් නැතිව වාහනෙත් මගදාලා ගෙදර ආවා. ඒකත් පොඩි කේන්තියක් ඇවිල්ලා. ඒ අතරේ වෑන් එකක් හම්බවුණා ඉතින් කිට්ටුව කිට්ටුව හයර් කරන් ඉන්න අතරවාරේ එයාර්පෝට් හයර් ලැබෙනවා නිතරම. එක දවසක් කොළඹ ඉදලා එනගමන් මම ගිහින් එන ගමන් බ්‍රේක් ඩවුන් වුනා වාහනේ දෙහිවලදී. මම වාහනේ ගැරේජ් එකට දාලා හදන්න මං හැරි හැරි ඉන්න කොට මට මතක් වුණා දෙහිවල ඉන්නවා නේද අපේ ඥාති කෙනෙක් කියලා. මගේ අයියගේ නෝනාගේ අයියා අපේ මස්සිනා කෙනෙක් සි. වි. ගුණරත්න ඇමතිතුමාගේ ඩ්‍රයිවර්. මට හිතුණා යන්න ඕන බලන්න මෙයා ඉන්නවද කියලා. ගෙදරට ගිහින් ඇහුවා ප්‍රේමසිරි ඉන්නවද කියලා. ගේට්ටුවෙන් ඇතුල් කලා. එයා පුදුම වුණා. මං කොහේද මෙහේ කියලා. මං කිව්වා අයියේ එයාපෝර්ට් ආවා. මෙහෙම වාහනේ බ්‍රේක්ඩවුන් වුනා කියලා. එයා මොකද හලෝ මේ අනුන්ගෙ වාහන කරකවන්නේ ගන්නවාකෝ තමන්ගේ වාහනයක් කියලා මට කිව්වා. මං කිව්වා එච්චර හැකියාවක් නෑනේ කිව්වා. එහෙනං රටවත් යනවකෝ කිව්වා. යන්න සල්ලි කෝ තියෙනවා නම් මෙහේ බිස්නස් එකක් කරනවා කිව්වා. එතකොට ඇත්තටම දැනුමක් නෑ රට යනවා කිව්වට ලොකු ගණන් වියදම් යනවා කියලනේ අපි හිතන්නේ. එතකොට අයියා කිව්වා යන්න කැමති නම් යවන්නම්. උඹ යවන්නම් කියලා. උඹට ලේස්ති වෙන්න විතරයි තියෙන්නේ කියලා. පස්සෙදි මම කිව්වා යන්න විතරයි තියෙන්නේ කියලා. පස්සෙදි මම කිව්වා යන්න කැමතියි කියලා. හෙට උදේ එනවා මෙහෙට කියලා. හරි සන්තෝසයි මට වැඩේට. ඒ ගමන මම ආවා ඇල්පිටියේ. ඇවිත් උදේ 4.00 ට විතර ගියා. රෑ නින්දක් නෑ. ආපහු ආ පොඩ්ඩක් ඉන්න අර මිස් එනකම් කියලා. මම බැලුවා ඊට අමමතරව වෙන මුකුත් විස්තරයක් කිව්වේ නෑ. පොඩ්ඩක් ඉන්න මිස් එනකම් කියලා. ඉන්නකොට සචින්තා ගුණරත්න කියල මිස් කෙනෙක් සී. වි. ගුණරත්න මහත්තයාගේ දුව. එයා උඩ ඉදසලා කෝ කාර් එක ගත්තදස එලියට කියලා ඇහුවා. ඔව් හරි මිස් කිව්වා. ඒ මිස් ආවා. ඇවිල්ලා මටත් යමු කීවා. මම උඩද බිමද දන්නේ නෑ. මොකක්ද කොහේද කියලවත් දන්නේ නෑ. මම කරකවල අතෑරියා වගේ. පේමසිරි අයියා කිව්වා නගින්න නගින්න ඉක්මනට කාර් එකට. මිස් එක්ක යන්න කිව්වා ඔපිස් එකට. මම පිටිපස්සේ ෂීට් එකේ වාඩි වෙනකොට අර මිස් කිව්වා ‘හරි හොදයි. ඇයි ඔයාගේ ඩ්‍රයිවර්ද මම. එන්න ඉස්සරහට ඉස්සරහට ෂීට් එකට.‘ මම අරගෙන ගියා නැෂනල් මැකැන්සිස් ඒජන්සියකට. ඒ බ්ලුමැන්ඩල් රෝඩ් එකේ. ඒ ගමන ගිහින් ඉවරවෙලා මාව සර් කෙනෙක්ට බාර දුන්නා. මුස්ලිම් සර් කෙනෙක්. බාරදීල කිව්වා හොද වේකන්සියක් බලලා මේ මගේ හිතවතෙක්. දෙන්න පුලුවන් සහයෝගයක් දෙන්න කියලා. ඒ ගමන ඉන්ටවීව් එකකට ගියා. ඉන්ටවිව් කිව්වට මම ඉංග්‍රිසි පැත්තෙන් අඩුයි. කම් කිව්වම ළගට යනවා. ගෝ කිව්වම යන්න දන්නවා. සිට් ඩවුන්, ස්ටෑන්ඩ් අප් කිව්වම දන්නවා. ඉන් එහා මොකුත් ද්නනේ නෑ. ඉතින් සර් ඉංග්‍රිසියෙන්මයි එතන කථාව. මම සිංහලෙන්ම කථා කළා. මොනවද හොයන්නේ කියලා. මට මොනවා වුනත් කමක් නැ සර් යන්නයි ඕන කිව්වා. කෝ පාස්පෝට් මං කිව්වා. සර් පාස්පෝට් ගෙනාවේ නෑ කියලා. රට යන්න ආවේ පාස්පෝට් නැතුවද ඇහුවා. එවෙලෙම කෝල් කරා සචින්තා මිස්ට. මිස් මේ පාස්පෝර්ට් එකවත් නෑනේ. ආ එන්න කියන්න ඔපිස් එකට. මම ගියා. මම ගියාම ඇහුවා පාස්පෝර්ට් නැද්දයි කියලා. මම කිව්වා නෑ මිස් මම දන්නේ නෑ මුකුත්ම. ප්‍රේමසිරි අයියා එන්න කිව්ව නිසා ආවේ. දැන් යන්න එහෙනම් මම පියන් කෙනෙක් ...........................................................................මිස්ගේ සල්ලි වලින්. මගේ සල්ලි තිබුණේ නෑ. බස් පෙයාර් එකට විතරයි මම අරන් ගියේ. පිය් කෙනෙක් එක්ක ගිහින් ඒ මිස්ගේ සල්ලි වලින්ම පාස්පෝර්ට් එකත් අරන් දීලා. එවෙලෙම ඒක බාර දිලා 95 ඔක්තෝබර් 19 වන දින බාර දුන්නේ හරි දැන් යන්න කිව්වා දැනුම් දෙන්නම් කියලා. ප්‍රේමසිරි අයියාටත් කියලා ගෙදර ආවා. ගෙදර කීවේ ඇල්පිටියේ. අම්මා තාත්තා හිටියේ දික්වැල්ලේ ගෙදරවත් එන්න කාලයක් වුණේ නෑ. මම හිතුවේ නෑ. දවස් 09කින් යන්න වෙයි කියලා. දවස්09කින් යන්න ලේස්ති වෙන්න කියලා මට ටෙලිග්‍රෑම් එකක් ආවා. ඔක්තෙබෙර් 28 කොහාට යනවද මරන්න ගෙනියනවද කිසිම දෙයක් දන්නේ නෑ. මට යාළුවෙක් පිහිට වුණා ඒ වෙලාවේ. රෝහණ කියලා කොළඹ යාළුවෙක් ඇල්පිටියේ. යාළුවා ගිහිල්ලා අඩුපාඩුයි බෑග් එකයි කලිසම් ඔක්කොම අරන් දීලා මං වැඩකරපු වෑන් එකෙන්ම එයාපෝර්ට් දැම්මා. ඇත්තටම හොදයි. සවුදියේ අබාවල පොජෙක්ට් එකක් තිබුණා. ලේබර්. ඒ මිස් යන්න කලින් කිව්වා. ඔයාට නරක නම්. මෙන්න මගේ නම්බර් එක. මේකට කෝල් කරන්න . එතකොට මං ගෙන්නගන්නම් කියලා. ඇත්තටම නරක නෑ. ලේබර් කිව්වට කිසිම වැඩක් නෑ. පොජෙක්ට් එකේ මාස 02ක් මම ස්ටෑන්ඩ්බයිමයි හිටියේ. ඕ.ටි එකත් හම්බ වෙනවා. පඩියත් හම්බවෙනවා. කෑමත ලැබෙනවා. නිදියන එක තමයි කරන්නේ. ස්ටෑන්බයි රූම් එකේ නිදියන එකයි. වෙන කිසිම වැඩක් නෑ. මුල් මාස 02 ඉදලා ට්‍රාන්ස්පෝර්ට් ඔපිස් වැටුනා. මම ඒකේ නිකම් කියලා මුස්ලිම් මහත්මයෙක් කොළඹ. ඒ මහත්තයා ඇහුවා ගමගේට ලයිසන් තියෙනවා නේද කියලා. ගමගේ කියලා මට කියන්නේ. මම ඔව් කීවා.
මම දෙන්නම් කිව්වා මම ඩ්‍රයිවින් ජොබ් එකක් මෙහේ ඔෆිස් එකේම. අපි ලේබරස්ලා හිටියා 06 දෙනෙක් අනික් පස් දෙනා වැටුණා කම්කරු. හැම කෙනාගෙම තේ හදන්නයි මිදුල අතුගාන්න මේවට තමයි ඒ ගොල්ලො වැටුණේ. මාව අර හොද පොට් එකකට වැටුනා. මගේ හිතහොද වැඩිකමට වගේ අනිත් යාළුවන්ට කිව්වා මචං ඔන්න නිසාම් මහත්තයා කිව්වා මට ඩ්‍රයිවින් ලයිසන් දෙන්නම් කියලා සවුදියේ. මේ පස්දෙනත් ගිහිල්ලා නිකම් මහත්තයාගෙන් ඉල්ලුවා. එයාට විතරක් මොකද අපිටත් දෙන්න කියලා. අන්තිමට මාව ඔෆිස් එකට ගෙනල්ලා ලයිසන් එකත් කැන්සල් වුනා. උඹට විතරක් දෙන්න තිබුණු චාන්ස් එක. ඇයි කියන්න ගියේ කිව්වා. මට එදා ලයිසන් එකත් නැති වුණා. චාන්ස් එකත් නැති වුණා. හිතවත්කමට උදව් කරන්න ගිහින්. එහෙම ඉදලා කොහොම හරි මම හෙල්පර් වැටුණා. ට්‍රේන් හෙල්පර් වැටුණේ. ඔපරේටර් පොලොන්නරුවේ රංජිත් සිල්වා යි කියල අයියා කෙනෙක්. හොද උස මහත අයියා කෙනෙක්. මිනිහගේ ගාවට වැටිලා මාසයක් විතර යනකොට අර වදුරගේ සිරිත දුටු දේ අතගාන එකනේ. මමත් ඔහේ අතපත ගගා හිටියා. ඉදලා එ අයියා ට්‍රේන් එකට එන්නේ උදේ 4 ට. ඒ අයියා කාමරෙන් උදේ 4.00ට ගියාට පස්සෙ මං කෝල් එකට වෙලා ඉදලා උදේ 7 ට තමයි ඩියුටි එන්නේ. ඒ එන අතරේ මං කෑම කෑවයි නොකෑවැයින් දුවනවා ට්‍රේන් එකට. දුවල ගිහින් යතුරත් තියෙනවා. යතුර ගෙනියන්නේ නෑ ඒ කෑම්ප් වල. ස්ටාර්ට් කරලා අරගෙන පැයක් විතර ට්‍රේන් එක හුරු වෙනවා. පැයක් විතර හුරුවෙලා අයියා එනකොට සද්ද නැතිව ඉන්නවා. ඔහොම හිටියා මාසයක් එතකොට මට හුරුයි. පස්සේ අයියත් ඕක දැනගෙන දැනගෙන මට පර්මිට් නෑනේ. නයිට් එකේදි මෙයා කළ දේ මල්ලි මං ගනින්කෝ මේක මං චැයි පාරක් දාලා එන්න චැයි කියන්නේ තේ. තේ එකක් බොන්න කියලා. මටත් ඉතින් හරි ඇම්ම නේ. රළුමේනියාව වාහනේ නැගලා පොඩ්ඩක් ඔපරේට් කරනවා. වැඩි හරියක තියෙන්නේ පිලිපින්නු අර බකට් එකට දාලා ලොකු තෙල් ටැංකි හැදුනේ අපි 100 දිග 200 උසයි 150 ක් පලල තෙල් ටැංකි 13 හැදුවා. උඩ මට්ටමේ ඉදලා අඩි 800යට අපි හිටියේ පොලවේ යට අඩි 800 ක් පොලව යට තමයි ප්‍රොජෙක්ට් එක තිබුනේ. ඔහොම ඉන්න අතරේ වයිට් එක මං ලස්සනට ඔපරේට් කරනවා. දැන් පිලිපින්නු 6 දෙනෙක් උඩ වැඩ මැසේජ් දෙන්නේ මයික් වලින්. හෙල්මට් එකේ මයික් තියෙනවා. එයා කියන විදිහට ඔපරේට් කර කර ඉන්න කොටම එක පාරටම සර්ට් එක මෙහෙම ඇදිලා ගියා. ඒ ගොල්ලංගේ භාෂාවෙන් මහ අමුතු කුනුහරුපයක් තියෙනවා පිලිපින්නු නරකම නරක පුට්ටං විනා. එහෙම කිව්වේත් නරකම නරක තමයි. කඩාගෙන පැන්නා. මට කඩාගෙන පැනලා උඹ හෙල්පර් නේද ඇහුවා. මං කිව්වා yes sir කියලා. යු ආ ඔපරේටර් දිස් ගෝ චායි බැනගෙන බැනගෙන ගිහිල්ලා මට කිව්වා හෙට උදේ 10 වෙනකොට වරෙන් කිව්වා. කැඩිච්ච ඉංග්‍රිසිනේ තියෙන්නේ. අපිට ඉතිං අල්ලගන්න පුලුවන්. ඉතින් ට්‍රාන්ස්පෝර්ට් ඔපිස් එන්න කිව්වා. උදේ 10.10 ට මම ඒ ගමන අර අයියා ආවම මං අයියට කිව්වා. අයියේ මල්ලි උඹ ඉවරයි. ලබන සතියේ ලංකාවට යවයි. මං කිව්වා කමක් නෑ. වෙන දේ වළක්වන්න බෑනේ. හැමදේම වෙන්නේ හොදටනේ. වෙන දෙයක් වෙයි කියලා. උදේ 10.00 ට වෙන කොටම මං ගියා. ට්‍රාන්ස්පෝර්ට් ඔෆිස් එකට යනකොට නිකම් මහත්තයා ඉන්නවා. නුවල් ජෝසප් කියලා. ටැමිල් මහත්තයෙක් තමයි කෑම්ප් එකේ ලොක්කා. සුද්දා යන්නෙත් සැලියුට් එක ගහගෙන. ලංකාවේ මනුස්සයෙක්. මැනුවල් ජෝසප් කියන පුද්ගලයත් එතන ඉන්නවා. දැන් ඉන්ක්වයර් එක තියෙන්නේ. මං ගියාම නිකන් මහත්තයා රවල බලලා කිව්වා උඹට මං උදව් කලේ ඔය තත්ත්වය උදා කරගන්න නෙවි. උඹට ඉහළට යන්නයි . දැන් යන්න වෙනවා. බ්‍රහස්පතින්දා ලංකාවට. ඒ ගමන මම කිව්වා ගොඩක් ස්තුතියි කරපු උදව්වලට මං සන්තොසෙන් යනවා කියලා. එතකොට පොඩ්ඩක් ඉදපං බලන්න. මං ඕකට ගුලියක් මරිකන්නම් කියලා සද්ද නැතිව උන්නා. එතකොටම ආවා ට්‍රාන්ස්පෝර්ට් සීනියර් මැනේජර් ඉගුන් ඇවිල්ලා බැනගෙන බැනගෙන ගියා. ඉංග්‍රීසියෙන් උන්ගේ ඉංග්‍රිසි තේරුම් ගන්න අමාරුයි. බැනගෙන බැනගෙන ගිහිල්ලා වැඩි උනා පුටුව ඇදලා වාඩිවෙලා ගන්න කිව්වා පයිල් එක. මෙයා යවන්න ලංකාවට කියල. අන්සේෆ්ට් වැඩ කරා කිව්වා පර්මිට් නැතිව ඒක තමයි වරද පස්සෙදි නිකම් කිව්වා උඹ කල්පනා කරල බලපන් ට්‍රාන්ස්පෝර්ට් ඔෆිස් එකේ දැන් ට්‍රේන් තියෙනවා 20 ක් ඔපරේටස්ලා මට ඉන්නේ 12 යි 8 දෙනෙක් මදි. දැන් ඔපරේටර්ලා 8 ක් ගෙන්නන්න කෝටි කීයක් අපි වියදම් කරන්න ඕනද ප්‍රොජෙක්ට් එකේ සල්ලි වලින් ලංකාවෙන් හරි පිලිපීනෙන් හරි ගෙන්නන්න ඕන. ඉතින් මු ලංකාවෙත් ඔපරෙටර් කෙනෙක්. පර්මිට් නැති එක තමයි වරද මූට කෝල් එකක් දිලා ගත්තොත්, ඔන්වන සුද්දා ගිල්ලා ගුලිය. ලංකාවේ ගැටේට අහුවුණා. අහුවෙලා සුද්දා ඇහුවා උඹට පුලුවන්ද කෝල් එකක් දෙන්න. මං කිව්වා පුලුවන් කියලා. ඇදගෙන ගියා. ඌ උස්සගෙන වගේ අතින් අල්ලං ගිහින් ජීප් එකට ඇදගෙන ගියා. ට්‍රේනින් යාඩ් එකට ගනින් බලන්න උඹට කැමති එකක් මං ඉතිං හුරු වෙච්ච ට්‍රේන් එක තියෙවා. නැංගා ඒකට. උඹ ඔපරේටර්. ගොලයා මම මම හෙල්පර් කිව්වා. මම දෙන සිග්නල් එක. උඹ ෆලෝ කරලා මම කියන විදිහට වැඩේ කරපං කිව්වා. ට්‍රේන් එකේ වැඩ 6 ක් එකවර කරන්න ඕන. උඹ හරියාකාරව කලොත් ඔපරේටර් කෙනෙක් කියලා ඔප්පු වෙයි මිනිහා කිව්වා. ලොකු කොන්ක්‍රිට් කුට්ටියක් තිබුණා. ටොන් 2 ක විතර. ඔතනට බූම් එක බාන්න කිව්වා. ට්‍රේන් එක දික් කරන්න කිව්වා. පූට් එක මිනිහා ඇමුණුවා. ඒක ලෝ බේඩ් එකට ගන්න කිව්වා. ඒ අතර වාරයේ ට්‍රේන් යාඩ් එකෙ තියෙනවා ගෙවල්, ගස්, මිනිස්සු ඉන්නවා. ඒවයේ වදින්නේ නැතිව පද්දන්නේ නැතිව ගිහිල්ලා ලෝ බේඩ් එකෙන් කියන්න ඕන. මම කරා ඉතින් බයටත් එක්කම කරා විතරයි. ඇවිල්ලා උසද්සලා ගත්තා පොඩි එකා වඩා ගන්නවා වගේ වෙරිගුඩ් යුවර් ශ්‍රි ලංකා කිව්වා. එවෙලෙම ගැහුවා පර්මිට් එක. එදා ඉදලා ඔපරේටර් ඩොලර් 150 සැලරි එකට. මං ඉස්සෙල්ලම ගියේ. ඊට පස්සේ 240 වුනා. ඊට පස්සේ ඔපරේටර් වුනා 375 ඩොලර්. නමුත් වැඩි කරේ නැහැ. ඔහොම ඉන්න අතරවාරේ ට්‍රේන් එකත් මට හම්බ වුනා. පයිප් ලයින් කියලා අපේ වෙනම සේකෂන් එකක් තියෙනවා. කි.මී 300 දුර යන්න ඕන අපි. ඒ ලයින් එකට 96 අග මාස 10 ට මං එනවා. ලංකාවට අවුරුදු 3 යි මාස 4 ක් හිටියා. ඒ අතරවාරේ තමා ඔක්කොම සිද්දි වුනේ. උපරිම මාස 10 ඉන්න දෙන්නේ අනිවාර්යයෙන්ම නිවාඩු යන්න ඕන. බලෙන්ම හරි ගෙනල්ලා එයාර්පෝට් එකට දානවා. ඒ වගේ නීති තියෙන්නේ. කොහොම හරි ඔය පයිප්ප ලයින් එකේ හොදම ඔපරේටර් හැටියටත් පත්වුණා මම. මං ට්‍රේන් යාඩ් එකට එන අයව ට්‍රේනින් කරා. අලුතින් වාහනයක් ආවාම මම ට්‍රේනින් කරවනවා. ඊට පස්සේ අනිත් අයව මං ට්‍රේනින් කරනවා වාහන 145කට පර්මිට් හම්බ වුනා. මට බැකෝ ලෝඩර් එහෙම දැනටත් මට පුලුවන්. නමුත් මට එක්කෙනෙක් යටතේ වැඩ කරන්න අමාරුයි. ඒ මගේ හැටි. මසං නිවැරදි නම් මට කේන්ති යනවා. කෙනෙක් වැරැද්දක් කලොත්. සුද්දා ඇවිල්ලා මට කිව්වා පයිප්ප ලයින් එකට යන්න ට්‍රේන් එක ලොබිඩ් එකට පටවන්ව කියල ගෙනියන්න. මං ගිහිල්ලා පැටෙව්වා. දැන් ඔපරේටර් එක්ක දැන් ලෝ බේඩ් එකේම යන්න හදන කොටම අත්පුඩියක් ගහල කතා කරලා කිව්වා උඹ එහේ ගියාම මං තනියෙන්ද කි.මි. 300 යන්නේ වරෙන් මං එක්ක යන්න. මං එහෙම ගියා. සුද්දත් එක්ක. ජෙනරේටර් වලින්නේ වැඩ. ඩී. එස්. කරෙන්ට් එක තියෙන්නේ. ජෙනරේටර් 2 ක් පටවන්න. එහේ ඔපිස් එකේ තිබුණු ලොකුම ට්‍රේන් එක තමයි මට හම්බ වුනේ. මිනිහා පොඩියි. හිටපු සියලු දෙනාගෙන් පොඩිම මිනිහා තමයි මම. ලොකුම වාහනෙත් මට. නමුත් වැඩ හොද නිසා වෙන්න ඇති ආපහු සුද්දත් එක්ක එන ගමන් සුද්දාඅහනව ජීවිත කතාව. මගේ ලංකාවේ ඉන්න කාලේ. මං ඉතින් බොරු කියවා. මගේ නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. ඉස්කෝලෙ යන. මං හම්බ කරන සොච්චමෙන් තමයි ඒ අය ඉස්කොලෛ යන්නෙ. අම්මා තාත්තා ලෙඩින්. කියලා දුක්ගැනවිලි කියලා එන ගමන් එයා අහනවා දැනට උඹේ පඩිය කීයද කියල. මං කිව්වා දැනට මං ඔපරේටර්. නමුත් දැනට මට හෙල්පර් පඩිය ලැබෙන්නේ. කීයද? ඇහුවා මං කිව්වා 240 පඩිය කියලා. උඹට වැඩිවුනේ නැද්ද ඇහුවා. මං නෑ කිව්වා. මාස කියක්ද ඇහුවා මාස 04 ක් කිව්වා. උඹට මං උදව් කරන්නම් කිව්වා. එතකොට මට සිංහල, දෙමළ, හින්දි කථා කරන්න පුලුවන්. හැම දේකින්ම දන්න භාෂාවෙන් කිව්වා. සුද්දට තේරෙනවා දුක්ගැනවිල්ල නේ. එදාම කැම්ප් එකට ආව ගමන් මගේ පඩිය වැඩි කලා. අර මාස හතරේ ඇරියස් එකත් එක්කම පඩිය වැඩි කළා. 375 ගානේ ඔහොම වැඩ කරගෙන ගියා. රොජර් පෝමන් කෙනෙක් හිටියා හොද කෙනෙක්. එහේ ගියපු දවස්වල මම දන්නේ නැහැ මුකුත්. ඕටි එකකට ගිහිල්ලා මට කිව්වා ලැඩර් එක ෂුවර්. යූ ගෝ ඔෆිස් ලැඩර් කිව්වා. මම උඩ බිම බැලුවා. මොකක්ද මේ කියලා ආවා. ඔෆිස් එකට. කාර් එකත් අරන් ඇවිත් බලනවා ෆයිල් වලයි ලාච්චුවලයි ලැඩර් කියන්නේ මොකක්ද දන්නවයි බලලා පැය 2කට විතර පස්සේ මං නැතිවට මිනිහා ආවා. ඇවිල්ලා කෝ ලැඩර් ඇහුවා. මං කිව්වා නොට් හියර් කියලා. ඊට පස්සෙමෙගේ කන මිරිකලා අල්ලාගත්තා. ඇදගෙන ගිහින් ලැඩර් කියලා ඉනිමග පෙන්නුවා. එදා තමයි දන්නේ ලැඩර් කියන්නේ ඉනිමග කියලා. මගේ ගාව ඩික්ෂනරියක් තිබුනා. නොදන්න වචනය ලියාගෙන ඇවිල්ලා පාඩම් කරගත්තා. සුද්දට ඉංග්‍රිසියෙන් කතා කරල පඩියත් වැඩි කර ගත්තා. එහෙමත් කරලා ලංකාවට ආවා. අවුරුදු 03 යි මාස 4කට පස්සේ ආවේ. වැකේෂන් 2 ක් ආවා. එතකොට මෙයත් එක්ක මගේ සම්බන්ධෙ තිබ්බේ. ගෙදරින් අකමැති. මම තනියම ගිහිල්ලා කැමැත්ත ගත්තා. මෙයා දන්නෙත් නෑ. අක්කලා දෙන්නෙක් ඉද්දි බැහැ කිව්වා. මං කිව්වා 3 දෙනාවම මට ගෙනියන්න බෑ .......................... හැබැයි කැමති වුනත් අකමැති වුනත් මම බදිනවා. කොහොම හරි කැමති වුනා. පෙබරවාරි 4 නිදහස් දවසේ මගේ අම්මයි තාත්තයි බැන්දෙත් නිදහස් දවසේ. එදා සමර්නම ලොකු පාටියක් ඕන නෑ. කියලා අම්මලා තාත්තලා සහෝදරයෝ ඔක්කොම එක්කරගෙන ගිහිල්ලා බැන්දා. බැදලා එයා එක්ක දවස් 05ක පොඩි චාරිකාවකුත් ගිහින් ඇවිත් ආයෙත් ගියා. රට ගිහින් මාස 10 කින් එස්. ජි. බාර දිලා ආයේ මම ලංකාවට ආවා. ඒ එන ගමන් එයාගේ බෝඩිමට ගිහින් කටුනායක උන්නේ එයා දැනුම්දීලා තිබුණේ ජොබ් එකෙන් අයින් වෙනවා කියලා. බඩුත් අරගෙන සේරම කරලා රෑ 12යි එයාලයි ගෙදරට එනකොට. අම්මලා හිතුවා පාටියක් අරගෙන ගෙදරට එක්ක එයි කියලා. මගේ අම්මයි තාත්තයි ගේ හදවල තිබුනේ. රෑ 12.15 වෙනකොට ඒ ගෙදරට ඇවිල්ලා මහ ගෙදර මාසයක් හිටියා. ඉදලා මේ ගෙදර පදිංචියට ආවා. දැන් දෙන්නම මේ කර්මාන්තය කරගෙන ඉන්නවා. එයත් දන්නවා මේ හැම වැඩක්ම. හැදි කර්මාන්තය තමයි මම ප්‍රධානව කරන්නේ. කොටුවෙ කඩේට දික්වැල්ලට, බම්බලපිටියට හැදි දෙනවා. ලුනු පොල් කටු දෙනවා. ඊට අමතරව බීරලු මැෂින් වැඩ කරනවා. මම මෝල්ගස් වංගෙඩි වැඩත් කරනවා. අහුවෙන ඕනම දෙයක්. හැම දෙයක්ම කරනවා. ඌරගේ හොම්බ වගේ තමයි. ඇස් දෙසකට දැක්කනම් ජීවත් වෙන්න පුලුවන් කියල හිතුනොත් මම ඒකත් කරනවා. මං වතුර මෝටර් හදනවා. වඩු වැඩත් ටික ටික පුලුවන්. මේසන් වැඩත් පුලුවන්. ඔය පොඩි පොඩි වැඩත් පුලුවන්. ගෙදර පොඩි අය පාවිච්චි කරන මේසේ පවා මම හදපුවා. ආයුධයක් තිබිලා නෙවි. එකම මැෂින් එකයි තියෙන්නේ. මට පහසුකම් නෑ. කිසිම රජයකින්, කිසිම ආධාරයක් මට අදත් නෑ. සමෘද්ධිය තියෙනවා. ඒකෙන්වත් උදව් නෑ. දේශපාලන පැත්තෙන් පලිගැනීම් තියෙනවා. මං එක පැත්තකටවත් නෑනේ. මං ජේවීපී , යූඇන්පී , සන්ධානෙටත් කළා. මට දේශපාලනය පැත්තෙන් උදව් නැති වුනත්, දේශපාලනඥයෙක් මට පුද්ගලිකව උදව් කළා. වින්දන නිශාන්ත කඹුරුපිටියේ කියන්නම ඕන මම විශේෂයෙන් කියන්න ඕන. මේක දේශපාලනමය වශයෙන් නොවේ. පුද්ගලිකව කරන උදව්වක් කරන්නම් කියලා චෙන්සෝ මැෂින් එකක් ලැබුණා එච්චරයි. අනිත් සේරම මම හදපු දේවල්. මම කිසිම කෙනෙක් පාරේ යන්නේ නැහැ. මට හිතුණ දේ කරනවා. මට මෙච්චර කාලයක් එම් ඩී නයින්ටියක් තිබුණා. ඒකග තමයි පොල් කටු එකතු කලේ ගම පුරා ඇවිදලා. පොල් කටු 200 ක් විතර ගෙනල්ලා පොල්කටු හැදිවලටයි, වෙන පොල්කටු කැටයම් වලටයි. එහෙම කරල ඉතිරි ටික පුළුස්සලා අගුරු කරනවා. ඒකෙන් මුදල් ලැබෙනවා. ඊට පස්සේ හැදි හදන්න ගන්නවා. ගස් කපාගෙන ඇවිත් වැඩ කරනවා. මමයි නෝනයි දෙන්නාගෙම උනන්දුවෙන් ඉතා අඩු මුදලට පසුගිය ජනවාරිවල දිරච්ච ත්‍රිවිල් 1 ක් ගත්තා. එයා දන්නේ නෑ. එයා මට කෑ ගැහුවා මොකටද මේ කුණු ගොඩක් ගෙනාවේ. කෑලි හැලිලා දිරලා කියලා. පස්සේ පුලුවන් විදියට මාස්පතා ටික ටික ත්‍රිවිල් එක හදා පේන්ට් එක ගහල නැති වුණාට දැන් හොද තත්වෙන් තියෙනවා. රුපියල් 63,0000කට ගත්තේ. දැන් රුපියල් 225,000 කට මාකට්. ත්‍රීවිල් එක දැන් මගේ රස්සාව. කරදර නෑ. ගෙදර ඉදගෙන දරුවොත් හදාගෙන ඉන්නවා. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතාට 17 යි. දෙවෙනියට 14 යි. දුව අවුරුදු 10 යි. 5 වසරේ ඉන්‍නේ. ලොකු පුතා ටෙක් කෝස් එකක් කරනවා. දෙවෙනි පුතා තල්ලේ උතුර ඉස්කෝලෙට තමයි යන්නේ. එයාට හොදට ඉගෙන ගන්න පුලුවන්. ශිෂ්‍යත්වෙට 2013 එකසිය පනස් නවයක් ගත්තා. එක ලකුණක් මදි වුනා. දූටත් හොද හැකියාවක් තියෙනවා. ඉහලින්ම පාස් වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මම මගේ උත්සාහයෙන්ම, සහෝදරයන්ගෙන්වත් උදව් නැතිව මගේ දරුවනුත් හදාගෙන ජීවත් වෙනවා. මගේ පැතුම තමයි දරුවො හොදට හදාගෙන ජිවත් වෙන එක. අපි දැන් උත්සාහ කරලා හොදට ඉගෙන ගෙන හොද ජොබ් එකක් නැතත් හොද පුරවැසියෙක් වෙන එක ත මයි මගේ පැතුම.
26.04.2016
ஞாபகத்திலிருந்து சில துளிகளைச் சமூகத்தில் முன்வைப்பதற்குச் சந்தர்ப்பம் கிடைத்த இந்த நேரத்தில் அன்பான மகன், மகள்களுக்காக ஞாபகத்தின் குறிப்புகளை முன்வைக்கும் நான் மாத்தறை மாவட்டத்தின் தெவிநுவர பிரதேச செயலாளர் பிரிவின் 448A மேல் அக்குரெஸ்ஸ கிழக்கக் கிராம உத்தியோகத்தர் பிரிவின் சாமபுரம் “லக்மினி” இல்லத்தின் எம்.கே. ஞானதிலக்கயாகும்.
கடந்தகாலம் என்பது வாழ்வில் கடந்து வந்த சம்பவங்களின் கோர்வையாகும். அதனால் அனைத்து வாழ்க்கையையும் சரியாகப் பார்ப்பது கடந்த காலம் ஊடாகவேயாகும். கடந்துபோன தவறான செயல்களைச் சரி செய்துகொண்டு நிகழ்காலத்திற்கு முகம் கொடுப்பது உயிருக்கு உயிர் கொடுப்பதாகும். ஒவ்வொருத்தரின் மாறுபட்ட கருத்துக்களாலும் அதற்குப் பதிலளித்த விதத்திலும் இளைஞர்களின் பலத்தினால் தேடிச்சென்ற பதில்களின் விதங்களும் வித்தியாசமானது. தனித்தனியாக எடுத்த ஒவ்வொரு தீர்மானமும் செயற்பாடுகளும் குழுக்களுக்கிடையான செயற்பாடுகள் வரை வளர்த்தெடுத்துக்கொண்டு சமூகத்திற்குப் பகிர்ந்தளித்துள்ள முறையும், அதனால் சந்தோஷம், துக்கம், அழுகை மற்றும் மரணம், கோபம், பயத்தினையும் உரிமைப்படுத்திக்கொண்ட கசப்பான அழகில்லாத கடந்தகால ஞாபகக் குறிப்பை இவ்வாறு வெளிப்படுத்துகிறேன்.
உலகத்தின் கடந்தவற்றைக் கண்டிராத கண்களினால் பார்க்கும் அன்பான மகனே, மகளே, ஆயிரத்துத் தொள்ளாயிரத்து எழுபதாம் ஆண்டளவில் நான் ஒரு திடகாத்திரமான இளைஞன். எழுபத்தொன்று சிங்களப் புத்தாண்டை அனைவரும் மகி எதிர்பார்ப்புடன், உத்வேகத்துடன், மகிழ்ச்சியுடன் கொண்டாட ஆயத்தமாகிக்கொண்டிருந்த நேரம் நினைத்துப் பார்க்க முடியாத விதத்தில் எமது இளைஞர்கள் தம் தன் திருப்தியற்ற நிலையை வெற்றி கொள்வதற்கு உருவாக்கிக்கொண்ட கலவரத்தை J.V.P. என்று சொல்லிக்கொண்டு போராட்டப் பதாதைகளை எழுதி மிருகத்தனமான செயற்பாடுகளுடன் இரு புறத்திலும் எழும் வெடிச் சத்தங்களில் இடைப்பட்டு ஒரு சிலர் மரணத்தைத் தழுவிக்கொண்ட விதம், அழிவை நோக்கிச் சென்ற விதம் இன்று போல் என் ஞாபகத்தில் உள்ளது.
எமது நாட்டில் ஒரு பகுதியில் ஒரு இடத்தில் ஆரம்பமாகிய இந்தக் கலவரப் போராட்டம் இலங்கை முழுவதும் நிமிடமளவில் பரவிய விதம், சாம்பலுக்கு அடியில் நெருப்பு வெடிப்பது போன்ற வைராக்கியத்துடன் எழுதிக் கோஷமிட்ட விதம், ஒவ்வொருத்தரும் தான் விளங்கிக்கொண்ட விதத்தில் தனது உயிரைக் காப்பாற்றிக்கொள்ளக் காடுகளுக்குச் சென்று பயத்துடனும், சந்தேகத்துடனும் இருந்த விதத்தை என் இதயத்திலிருந்து சொல்லும் மிக வேதனையாக இருக்கிறது. இருளத் தொடங்கிவிட்டால் சுற்றி எல்லாப் பகுதிகளிலும் இருளடைந்துவிடும் ஒரு துயரமான நினைவலையாகும். பாதுகாவற் பிரிவிலிருந்தும் கலவரப் பிரிவிலிருந்தும் இரு பக்கத்திலிருந்தும் இடைப்பட்ட எங்களுக்குக் கிடைத்தது உண்மையில் ஊரடங்குச் சட்டம் மட்டுமே. பயணங்கள் எங்கேயும் போய் வர முடியாது. போவதற்கு வழியில்லை. அன்றாட வாழ்க்கை முறை நிறுத்தப்பட்டுச் சந்தோஷம், சிரிப்பு இல்லை. வாழ்க்கையே குழப்படைந்திருந்தது. பாதைகளில், கடைகளில், வீடுகளில் எல்லா இடங்களிலும் அமைதி. இன்பம், சமாதானம் இல்லை. அது பல மரணங்களின் உலகம் போன்று. மற்றைய நாட்களில் சிறு சத்தத்திற்குக் குரைக்கும் நாய்களும் அமைதியாக இருந்தது. அவைகளும் பயந்து அமைதியுடன் சூரியன் உதித்தாலும் இதயம் படபடத்ததை நாங்கள் கண்டோம். உடம்பிலிருந்து வேறாகிய மனிதர்களின் தலைகள் வேலி, பாலங்களில் அண்ணார்ந்து பார்த்தவண்ணம் இருக்கும் காட்சி, ஒவ்வொரு இடங்களிலும் கொலை செய்யப்பட்டுக் கிடக்கும் உடல்களைக் காகம், நாய்கள் பிராணிகளுக்கு உண்பதற்குக் கொடுத்தது போன்றாகும். எல்லாவற்றுக்கும் நாலாபுறமும் பிரிந்து பழிவாங்கும் தவறான செயல்களுக்கான தண்டனை. தவறு செய்தவர்களைக் கொன்றுவிட்டு அவர்களில் ஒரு சிலரைத் தந்தெனிய குளத்தருகில், நாற்புறச் சந்தி போன்ற பிரதான இடங்களில் மரணங்கள் பத்து, பனிரெண்டை ஒரு கொத்தாக டயர்களின் மேல் போட்டுப் பச்சையாக எரிப்பது சுடுகாடு போல் ஒரு பொிய நகரமே எரிவது போல் காட்சி தரும்.
நாட்டின் உயிர்கள், பிறந்ததிலிருந்து ஒரு சிலர் தேடிய சொத்துக்கள் நிமிடத்தில் தன் கண் முன்னாலே நெருப்பில் எரிந்து சாம்பலாகிப் போவதைக் காண்பது என்பது மிகவும் துன்பகரமானதே. சமைத்த உணவுகளைச் சாப்பிட முடியாமல் போன நிலை இவ்வளவு என்று கணக்கிட்டுச் சொல்ல முடியாது. பட்டினியை விட மனப் பயமே அதிகமாக இருந்தது. எந்த நேரத்தில் எந்த இடத்தில் நாங்கள் குற்றவாளியாக்கப்படுவோம் எனும் பயம். பலியாட்டிற்குக் காட்டிவிட்டு முட்டிக்கால் போட்டு வரிசையாக இருந்தது அதிகம் கணக்கிட முடியாது.
காலம் மெதுவாகக் கடந்து செல்லும்போது அனைத்தும் காலத்திற்குப் பயந்து சுமூகமாக்கி ஆயுததாரிகளை நிராயுததாரிகளாக்கி இராணுவத்தினரிடம் சரணடையச் செய்தது. பெற்றோருக்குப் பிள்ளைகளும், பிள்ளைகளுக்குப் பெற்றொரும், மனிதர்களுக்கு மனிதரும், இல்லாது போன சமூகம் உருவாகி இல்லாமல் போனதும் மிகப் புதுமையானது.
கசப்பான ஞாபகத்திலும் எங்களுக்கு எடுத்துக்கொள்ள வேண்டிய ஒன்று உள்ளது. அன்பான மகனே, மகளே இனம், மதம், குலம் எனும் அடிப்படையில் உருவாக்கிக்கொள்ளும் பயங்கரவாத செயற்பாடுகளால் இல்லாமல் போவது மனிதம் மட்டுமன்றி இவ்வுலகில் வாழும் இவ்வுலகத்திற்கு வந்து நிரந்தரமில்லாத ஒன்றுக்காக முன்னேற்றமடைந்த மனிதர்கள் இவ்வுலகை வெற்றிகொள்ளும் முறையை மட்டுமேயாகும்.
அநீதிக்கு அல்ல நீதிக்குச் சக்தியையும் பலத்தையும் பெற்றுக்கொடுக்கும் உலகம் முழுவதிலும் உள்ள இயற்கைக்குக் கட்டுப்படச் சமூகமாக அனைவருக்கும் நன்மையானவற்றைச் செய்து இந்த உலகைச் சுத்தமாக வைத்திருக்க வேண்டும் என்று நீங்கள் மனதில் வைத்துக்கொள்ள வேண்டும்.