මන්නාරම දිස්ත්‍රික්කයේ මාතොට නගරයේ ඉතා සුන්දර ගම්මානයක් වූ අඩම්පන් ගම්මානයේ වාමදේවපුරම් යන ස්ථානයේ මුනුසාමි කුලන්දෙයිවේල් යන අයගේ දියණිය වශයෙන් ගනේෂ්අම්මා ඉපදුණා. ඇයගේ පියා වන කුලන්දෙයිවෙල් ගොවිතැන දේවත්වයෙන් සලකා එම වෘත්තියේ යෙදී සිටියා. කමලා නැමැති කාන්තාව සමඟ විවාහ වු අතර එම විවාහයෙන් දරුවන් 6 දෙනෙකු බිහකළා. තමන්ගේ දරුවන්ට සෙනෙහස සමඟ දැනුමද ඔවුන් පෝෂණය කළා.
තමන්ගේ දරුවන් තමන් මෙන් දුෂ්කර ජීවිතයක් ගත නොකර අධ්‍යාපනයක් ලබා, හොඳ රැකියාවන් ලබා ගත යුතුය යන්න අප පියාගේ බලාපොරොත්තුව විය. ඉටි පන්දමක් මෙන් අපගේ ජීවිතයට ආලෝකය ලබා දී ඔහු තමන්ව කැප කළා. මව ලේ කිරි කරමින් අපව පෝෂණය කර, දිවා රෑ නොබලා අපට සලකා අපගේ දැනුම වර්ධනය කිරීමට අත්තිවාරමක් දැමුවාය. ඇය ඉතා දැඩි සෙනෙහසින් අපව රැක බලා ගත්තා.
සහෝදර සහෝදරියන් 6 දෙනෙක් සමඟ දැඩි සෙනෙහසින් බැඳී ජීවිතය ගත කළ අවස්ථාවේ පාප්පාමෝට්ටෙයි තිරුකේතීශ්වරම්හි පදිංචි ඉශ්රවේල් වුණා. කමලා යුවතිපතියගේ පුත්‍රයා වන ලීනස් කුමාර් නමැති අය සමඟ මා විවාහ වුණා. අපගේ විවාහ ජීවිතය ඉතා සතුටින්, සාමයෙන් පිරි විවාහ ජීවිතයක් වුණා.
මගේ සැමියා 1989 වසරේ විමුක්ති කොටි සංවිධානයට බැඳුණා. තමන්ගේ ජාතියේ යහපත වෙනුවෙන් තමන්ගේ සෙන්පතියා සමඟ එක්වී සටන් කිරීම ආරම්භ කළා. 1990 සැප්තැම්බර් මස 24 වෙනි දින යාපනය කොටුව ප‍්‍රදේශයේ ඇති වූ ගැටුමේදී ඔහුගේ වම් අත ඔහුට අහිමි විය. නමුත්, ඔහු කිසි දිනක තමන්ගේ අධිෂ්ඨානය අත්හැරියේ නැහැ. ශරීරයේ ආබාධයක් තිබූ නමුත් මනසේ කිසිම ඌනතාවයකිත් තොරව ඔහු ජීවත් වුණා. සියලුදෙනා සමඟ විවෘතව කතා කර, ආශ්‍රය කරන පුද්ගලයෙක් වුණා. එවැනි පුද්ගලයෙක් මට සැමියා වශයෙන් ලැබීම ගැන ස්තුති පූර්වකව සිත් සතුටින් දිනපතා ජීවිතය ගත කළා. අපේ බැඳිමේ සංකේත වශයෙන් L.ෂියාම් (ලීනාස් ෂියාම්), L.ෂිභානු (සෙරි ෂිභානු), හා L. ජානු (සෙරි කෙලෙයරසි) වශයෙන් දරුවන් 3දෙනෙක් ලැබුණා. එම ළමුන් හදා වඩා ගන්නා අවස්ථාවේ ගුරුපත් වීමක්ද ලැබුණා. එම පසුබිම තුළ ඉතා සතුටින් අපි ජීවිතය ගත කළා.
තමන්ගේ ආදරණීය දරුවන් රැක බලා ගන්නා අතර, වෘත්තියටද ගරු කර එයද නිසි ලෙස කරමින් සැමියාටද යහපත් බිරිඳක් ලෙස ජීවිතය ගත කරමින් සිටියා. දේවාශිර්වාදය අප වෙත ලැබුණු අතර, අප එක කූඩුවක කිරිල්ලියන් මෙන් සතුටින් ජීවත් වුණා. කොහේදෝ ප‍්‍රදේශයක ආරම්භ වුණු යුද්ධය අපගේ ජීවිත කෙරෙහි සෘජුවම බලපෑවා. ඉන්පසු සිදුවුණේ දරුණු යුද්ධයයි. වන්නි ප‍්‍රදේශය පුරාම මිනිසුන් අවතැන් වුණා. හැමතැනම ලේ ගංඟාවක් වුණා. මිනිස්සු මරලතෝනි දුන්නා. මංමාවත්වල මිය ගිය පුද්ගලයන්ගේ සිරුර ගොඩ ගැසී තිබුණා. ශ‍්‍රී ලංකා හමුදාව විසින් දියත් කරන ලද යුද්ධය හා වෙඩි ශබ්ද හේතුවෙන් කන් බිහිරි කළා. සැමවිටම සැම මොහොතකම මරණය අප පසුපස ලුහුබැඳ ආවා. දමිළ ජනතාවගේ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ වුණා. සියලූම ස්ථානවල මරණයේ අඳෝනාව ..... 2009 මැයි 16වන දින සියලුදෙනාම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා හමුදා පාලන ප‍්‍රදේශවලට පැමිණියා.
සැමියා තමන්ගේ වටිනා දරු මල්ලන් සිපගෙන වෙන්වී ගියා. තමන්ගේ බිරිඳ හා තමන්ගේ දරුවන් අතහැර ඔහුට වෙන්වී යාමට සිදුවුණා. එම තත්ත්වය සිදුවී දැන් වසර 8ක් ගතවී තිබෙනවා. අද වන තෙක් අප හඬා වැළපෙමින් සිටිනවා ..... කුට්ටිසිරි බලකායේ හැදුණු වැඩුණු කලෙයිචෙල්වම් (පයස්) අද අතුරුදහන්වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ....
තමන්ගේ සැමියා සොයා ගෙන හැම තැනම ඇවිදගෙන යන බිරිඳගේ ඉතා ශෝචනීය තත්ත්වය.... තමන් රැක බලා ගන්නා දරුවන් තිදෙනා, තමන්ට ආදායමක් ලබාදෙන ගුරු වෘත්තිය .... එය ළමුන් හදා වඩා ගැනීමට ඇයට උපකාරී වේ. දැනුවත්කමින් සිටින දරුවන් මවගෙන් පියා ගැන අසන විට ඇයට පාලනය කර ගත නොහැකි වේදනාවක් ඇති වෙනවා.... ඔහු කොහේද .... කියා සෑම තැනකම සොයමින් සිටිනවා. .... කිසිම කෙනෙකුට කවදාවත් මෙවැනි තත්ත්වයක් ඇති නොවිය යුතුයි දෙවියනේ....
දෙවියන් අදහන අයට කවදාවත් කරදරයක් නොවේ යන විශ්වාසය මත තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙමින් දැඩි විනයකින් යුත් දරුවන් ලෙස ඇය රැකවරණය ලබා දෙයි. හැකි තරම් ප‍්‍රමාණයකට ශ‍්‍රමය වැයකොට ආදායමක් උපයා තමන්ගේ දරුවන් අනාගත සමාජයේ තමන්ගේ පියාගේ නම රැකගෙන ජීවත්විය යුතුය යන්න ඇයගේ සිහිනය වේ.... එම සිහිනය ඇය තුළ දැඩි ලෙස කා වැදී ඇත.
ඇය අවට ජීවත්වන ප‍්‍රජාවට කළ හැකි සෑම උපකාරයක්ම කරයි. මින් පසු කිසි දිනක ශ‍්‍රී ලංකාවේ යුද්ධයක් ඇති නොවිය යුතුය. රටේ දේශපාලනඥයන් යහපාලනයක් ක්‍රියාත්මක කොට, එම තත්ත්වය උදා කළ යුතු වේ..... ජනතාව සතුටින් පිරි ජීවිතයක් ගත කළ යුතුයි. සියලුම සම්පත් ඔවුන් වෙත ලබාදිය යුතුයි. ශ්‍රී ලංකා රජය අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට හොඳ ප‍්‍රතිචාරයක්ද ලබාදිය යුතුයි.
CMP/MN/MW/VK/01
மன்னார் மாவட்டத்தில் மாதோட்ட நன்நகரில் அழகாய் காட்சி தரும் அடம்பன் கிராமத்தில் உள்ள வாமதேவபுரத்தில் முனிச்சாமி குழந்தைவேல் என்பவருக்குமகளாகப் பிறந்தவள் கணேசம்மா. விவசாயத் தொழிலையே தெய்வமாக போற்றி வந்த இவர் கமலா என்பவரை திருமணம் செய்து ஆறு பிள்ளைகளை பெற்றெடுத்து அன்போடு அறிவையும் சேர்த்து ஊட்டி வளர்த்து வந்தார்.
அனைத்துப் பிள்ளைகளையும் தன்னைப் போல் கஸ்ரப்படாமல் படித்து நல்ல தொழிலை செய்ய வேண்டும் என்று தன்னையே மெழுகாக உருக்கி எமக்கு ஒளியூட்டி வளர்த்தெடுத்தவர். தன் இரத்தத்தை பாலாக்கி பக்குவங்கள் தனையூட்டி இரவு பகலாக தன் தூக்கம் மறந்து எம் அறிவு வளர அத்திவாரமிட்டு அன்போடு வளர்த்து வந்தார். தாய் அன்புக்கு ஈடேது இவ்வுலகில்.
ஆறு சகோதரர்களின் அன்பில் மகிழ்ந்து வாழ்ந்த வேளையில் பாப்பாமோட்டை திருக்கேதீஸ்வரத்தில் இஸ்ரவேல் கமலா தம்பதியினருக்கு மகனாகிய லீனஸ்குமார் என்பவரை மாலையிட்டு மணவாளனாக ஏற்றுக் கொண்டுஇல்லறம் நல்லறமாக அன்பின் இல்லமாக அவர்கள் மனை விளங்க வாழ்ந்து வந்தனர்.
தமிழீழ விடுதலைப் புலிகள் அமைப்பில் 1989இல் இணைந்து தன் இனம் வாழ தானும் தானைத் தலைவரோடு சேர்ந்து போராடி வந்த வேளை யாழ் கோட்டை சண்டையில் 1990ஆம் ஆண்டு 9ஆம் மாதம் 24ஆம் திகதி தனது வலது கையை இழந்த போதிலும் தன் மன உறுதியை கைவிடவில்லை. உடம்பில் குறை இருந்தாலும் மனதில் நிறைறை நிறைத்து வைத்தவர். கலகலவென்று கள்ளம் கபடமற்ற உள்ளங் கொண்டவர். தனக்கு கணவராக அமையப் பெற்றதையிட்டு நன்றி நிறைந்த உள்ளத்தோடு நாள்தோறும் பௌர்ணமி வாழ்வு வாழ்ந்து வந்த அதேவேளை அன்பின் சின்னங்களாக ஆண்மகன் எல். ஷியாம் (லீனஸ் சியாம்), எல். ஷிபானு (மேரி ஷிபானு), எல் ஜானு (மேரிகலையரசி) என மூன்று முத்தான சொத்துக்களை பெற்று வளர்த்து வந்த வேளை ஆசிரியர் தொழிலிலும் கிடைத்த மகிழ்ச்சி வௌ்ளத்தில் திளைத்திருந்தோம்.
அன்புப் பிள்ளைகளை பராமரிப்பதோடு தன் தொழிலை தெய்வமாக போற்றி தன் கணவருக்கும் நல்ல மனைவியாக இல்லத்தரசியாக இறையாசி பெற்று இன்பத்தில் ஒரு கூட்டுக்கிளியாக வாழ்ந்திருந்தோம். எங்கிருந்தோ ஆரம்பமான யுத்தம் எம் வாழ்வில் இடியாக விழுந்தது.
உக்கிர யுத்தம் வன்னி முழுவதுமான இடப்பெயர்வு பங்கர் வாழ்வு இரத்த வௌ்ளம் ஆறாகப் பாய மரண ஓலம் இதயத்தை கசக்கிப் பிழிய மனித உடல்கள் மலிவற்று தெருவெங்கும் சிதறிக் கிடக்க சிறிலங்கா இராணுவம் செய்த யுத்தம் வெடியோசை காதை செவிடுபடுத்தியதோடு எங்கும் எப்போதும் எந்நேரமும் மரணம் தேடியே வந்தது. தமிழர் வாழ்வை மண்ணாக்கி புதைத்தது மனதை வருடும் மரண வேதனை 2009-05-16 திகதி மக்கள் அனைவரும் இராணுவ கட்டுப்பாட்டுப் பகுதியை நோக்கி தம்தம் உயிரை காப்பாற்றும் நோக்கோடு விரைந்தோடும் வேளை.
கட்டிய கணவர் தன் சொத்தான பிள்ளைச் செல்வங்களை கட்டியணைத்து முத்தமிட்டு பிரியா நாம் இனி பிரவோம் என்ற நிலையில் தாலி கட்டிய தாரத்தை தன் பிள்ளைகளை விட்டுப்பிரிந்து செல்லும் காட்சி காலம் உருண்டோடி 8 வருடம் ஆகியும் இன்று போல் எம் உள்ளத்தை உருக்கி இரத்தக் கண்ணீர் வடிக்க வைக்குதே. குட்டி சிறி படையணி வளர்த்தெடுத்த கலைச்செல்வன் (பயஸ்) இன்று காணாமல் போனோர் பட்டியலில்…
தன் கணவனை தேடித்தேடி அலையும் மனைவியின் நிலை… தன்னையே நம்பி வாழும் மூன்று பிள்ளைகளை ஆசிரியர் தொழில் தரும் வேதனம் பிள்ளைகளை வளர்த்தெடுக்க உரமாகும். அறிவான பிள்ளைகள் தந்தையை தன் தாயிடம் கேட்டு அறியும் போது தாங்கொணா இன்னல் படும் தாய்.. எங்கே? எங்கே? என்று தேடியலையும் மனைவி? யாருக்கும் இந்நிலை என்றுமே வரக்கூடாது இறைவா?
கடவுளை நம்பினோர் கைவிடப்பட மாட்டார்கள் என்ற நம்பிக்கையில் தன் பிள்ளைகளை கல்வி, கேள்வி, ஒழுக்கங்களில் சிறந்து வளர்த்து வருகின்றாள். தன்னால் இயன்ற வரை கஸ்டப்பட்டு உழைத்து மன உளைச்சலை தவிர்த்து தன் பிள்ளைகளை நாளை சமுதாயத்தில் தன் தந்தையின் பெயர் சிறக்க வாழ வைப்பதே இலட்சிய கனவாக, வெறியாக உள்ளது.
பிள்ளைகளும் வளர்ந்து வறுமையில் வாடும் பிள்ளைகளின் கல்விக்கு உதவி செய்ய வேண்டும் என்ற வேதவாக்கை ஊட்டி வளர்த்து வருகின்றார். தன்னைச் சார்ந்து வாழும் தான் சார்ந்து வாழும் சமூகத்திற்கு தன்னால் இயன்ற உதவியை செய்து வருகின்றார்.
இனி ஒருயுத்தம் உதயமாகா வண்ணம் இலங்கை நாட்டு அரசியல்வாதிகள் நன்னடத்தை நிறைந்த நல்லாட்சி புரிய வேண்டும். மக்கள் மனம் குளிர… சகல வளங்களும் நிறையப் பெற வழி செய்ய வேண்டும். இலங்கை அரசு… காணாமல் ஆக்கப்பட்டோருக்கான நல்ல பதிலை தர வேண்டும்.
எல்லாம் இறைவன் விட்ட வழி!