We are still suffering

The mother shares the suffering that she still faces as a result of the war.


අපි තවමත් අත්අඩංගුවේ ඉන්නවා

යුද්ධයේ ප්රතිඵලයක් ලෙස තවමත් දුක් විඳින මව දුක් විඳ ඇත.


இப்பொழுதும் கஸ்டத்தில்தான் இருக்கின்றோம்

யுத்தத்தின் விளைவாக தான் இன்னும் அனுபவிக்கின்ற துன்ப துயரங்களை தாயொருவர் பகிர்கிறார்.



CMP-MN-MW-PPK-01

My name is Sebamaalai, My father was a farmer. I had eleven siblings. I have studied up to the 9th grade. My mother is not alive now but I still have my father. I got married in 1994, when I was 20 years old. My husband is a farmer and also does work for daily wage. We have 4 children of which the eldest is a son and the other 3 are girls. My son has studied up to ordinary level and does work for daily wage. My daughters are still studying.

In 2007 during the final phase of the war, we were displaced to ‘periamadu’ and various other places; we had no hope or possibilities of returning. There was shelling and scarcity of food. When we stayed in the bunker it was difficult going looking for food. We later moved to the refugee camp in May 2005. There we had facilities for food and water.
Sine the war and violence ended, we were happy and hoped that there wouldn’t be any issues. In October 2009 we were resettled in our village, we were very happy. Plants and trees have grown over the area and it looked like a forest. We repaired our damaged house and lived there. We received valuable items and RS. 25000/- in cash. Though my husband’s income is not enough, we r managing. we received 350,000/- for the housing scheme project, but we had to pay the labour charge, therefore we had shortage of money. We still have difficulties. Our expenditure is more than the income, we are living on loan. Even our parents had difficulties; still they looked after us well. Even if they don’t become wealthy I wish my children be an example to this society. But due to growth in technology my future is challenging.

Between the period 2011-2013 we were able to manage, but today we are unable to manage as the cost of living has gone up and our expenditure is more than the income. My children like to lead a modern life but we can’t afford to provide that. We can’t call this a happy time because of the economic status of our family. My worries are about my children’s future. Though the educational expenditure has increased we are still managing. I want my children to be educated and come to a good status in life. Unity is lacking in the society. Peoples’ contribution and awareness towards unity is lacking. Society’s involvement in social service is lacking, they are living for themselves.
The government rescuing us during displacement was a big help and it was a commendable gesture. We are upset about what the movement has done. The movement gave us difficulties.though the Sinhalese were of different community, they helped us as if we were of the same, but the movement made us feel like strangers and gave us lot of difficulties. We don’t want to go through war again. Even if we starve for a day, we do not want to go through these difficulties. I pray such situation will never arise.

Sebamaalai


මගේ නම ඒ. සෙබමාලෙයි. උපන් ගම පාලෙයිපෙරුමාල්කට්ටු. පියා ගොවිතැන් කටයුතුවල යෙදුණා. සහෝදර සහෝදරියන් 11දෙනෙක් සිටිනවා. මා 9 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවා. දැනට මව ජීවිතුන් අතර නෑ. පියා සිටිනවා. මා 1994 වසරේ විවාහ වුණා. එවිට මගේ වයස අවරුදු 20 යි. සැමියා ගොවිතැන් කරන අතර කුලී වැඩත් කරනවා. මට දරුවන් 4දෙනෙක් ඉන්නවා. වැඩිමහල් දරුවා පුතෙක්. සෙසු තිදෙනා දූවරුන්. වැඩිමහල් පුතා කුලී වැඩ කරනවා. ඔහු අ.පො.ස. (සාමාන්‍ය පෙළ) දක්වා ඉගෙන ගත්තා. දූවරුන් තාමත් පාසල් යනවා.

අප 2007 අවසන් යුද්ධ කාල වකවානුවේදී පෙරියමඩු ප‍්‍රදේශයටත්, අනෙකුත් විවිධ ප‍්‍රදේශවලටත් අවතැන්වී ගියා. අපට ආපසු අපගේ ගම් බ්ම් බලා පැමිණිම ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ෂෙල් ප‍්‍රහාර මැද්දේ කුසට ආහාර නොලැබෙන තත්ත්වයක් තුළ අපි දුක් කරදරවලට මුහුණ දුන්නා. බංකරය තුළ ජීවත්වීම නිසා ආහාර සොයා පිට ස්ථානවලට යාමටත් හැකියාවක් තිබුණේ නැහැ. පසුව 2008 වසරේ මැයි මාසයේදී අපි කඳවුරුවලට ගියා. එහි අපට ආහාර හා ජල පහසුකම් ලැබුණා. දැන් යුද්ධය අවසන්වී තිබෙනවා. මින් ඉදිරියට අපට කිසිම ප‍්‍රශ්නයක් නැති බව හිතා ගෙන සතුටින් ජීවත් වුණා.

2009 වසරේ ඔක්තෝබර් මාසයේ නැවත අපේ මුල් ගමේ යළි පදිංචි වුණා. එවිට අපට සතුටක් දැනුණා. ගම් ප‍්‍රදේශය කැලෑ ලෙස පරිවර්තනය වී තිබුණා. අපගේ නිවස කැඩී බිඳී ගොස් තිබුණා. එය අලුත්වැඩියා කර එහි අපි ජීවත් වුණා.

2012 වසරේ නිවාස යෝජනා ක‍්‍රමයෙන් අපට නිවසක් ලැබුණා. රජය විසින් රුපියල් 25,000ක් වටිනා භාණ්ඩ හා මුදලින් රුපියල් 25,000ක් ලැබුණා. මගේ සැමියා උපයන ආදායම ප‍්‍රමාණවත් නොවුණත් අපි අපේ ජීවිත කෙසේ හෝ ගැටගහ ගන්නෙමු. ලක්‍ෂ 3 1/2ක් වටිනා නිවසක් ලැබුණත් එම නිවස සඳහා අපි කුලිය ගෙවිය යුතුයි. එමනිසා අපිට මුදල් ප‍්‍රශ්නයක් තිබුණා.

දැනටත් අපි කරදර මැද තමයි ජීවත් වෙන්නේ. ආදායමට වඩා වියදම වැඩියි. ණය මුදල් ලබාගෙන තමයි ජීවිතය ගත කරන්නේ. අපගේ දෙමාපියන්ගේ කාලයේ කරදර හා දුප්පත්කම තිබුණත් ඔවුන් දරුවන් හොඳට රැක බලා ගත්තා. ඔවුන් ධනවත් පුද්ගලයන් නොවුණත් සමාජයේ අපේ දරුවන් අන් අයට ආදර්ශ වශයෙන් ජීවත්විය යුතුයි යන හැඟීමක් ඔවන්ට තිබුණා. නමුත් තාක්ෂණික දියුණුව හේතුවෙන් වත්මන් යුගයේ මෙම සමාජය තුළ මගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව අභියෝගයක් පවතිනවා.

2011, 2012, 2013 යන වසරවලදී යම් ප‍්‍රමාණයකට අපේ ජීවිතය කළමනාකරණය කර ගැනීමට හැකිවුණා. නමුත්, අද බොහෝ දුෂ්කරතාවන්ට අපි මුහුණ දෙනවා. බඩු භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර, ආදායමට වඩා වියදම් වැඩිවී තිබෙනවා. දරුවන් නවීන පන්නයේ ජීවන පහසුකම් ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. අපගේ දිළිඳුභාවය හේතුවෙන් ඔවුන්ගේ එවැනි අවශ්‍යතා ඉටුකර දීමට අපට හැකියාවක් නැහැ. මෙම කාල වකවානුව අප සතුටින් ගෙවන කාල වකවානුවක් කියා පැවසීමට නොහැකියි. සතුට අඩුවෙන් පවතින කාල වකවානුවක් බව එය සඳහන් කළ හැකිය. පවුල් සාමාන්‍යයෙන් සතුටින් ජීවත් වුවත් ආර්ථික ප‍්‍රශ්න දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා.

අපගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව සෑම විටම මා කල්පනා කරනවා. අධ්‍යාපන වියදම් වැඩි වෙලා තිබෙනවා. දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබා සමාජයේ ඉහළ තත්ත්වයක් ලබා ගත යුතුය යන්න මගේ බලාපොරොත්තුවයි.

සමාජයේ සමගිය අඩුවෙන් පවතිනවා. ජනතාවගේ සහභාගිත්වය හා දැනුවත්භාවය අඩුයි. ප‍්‍රජා කටයුතුවල යෙදෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාවත් අඩුයි. බොහෝ අය තමන්ගේ නිවස, තමන්ගේ රැකියාව ගැන පමණක්ම අවධානය යොමු කරමින් ජීවත් වෙනවා.

අවතැන්වූ අවස්ථාවේ රජය අපට සහයෝගය දක්වපු එක ලොකු දෙයක්. දෙවියන් වහන්සේට ඊළඟට අපට උපකාරී වුයේ රජය තමයි. එය අගය කළ යුතුයි. (කොටි) සංවිධානයට එවැනි දේවල් කිරීමට හැකියාවක් තිබුනේ නැහැ. අප ඒ ගැන කනගාටු වෙනවා. හමුදාව හා කොටි සංවිධානය සටන් කරන අවස්ථාවේදී වැඩි වශයෙන් පීඩාවට පත්වුණේ අපි. කොටි සංවිධානය අපට වේදනාව ගෙන දුන්නා. සිංහල ජනතාව අන්‍යයන් කියා අපට පැවසිය නොහැකියි. අපගේ සංවිධානය තමයි අපිට අනන්‍යයන් ලෙස කිව හැක්කේ. හමුදාව අපව දෙමළ ජනයා යන ඇසින් බැලූවේ නැහැ. නැවත මෙවැනි යුද්ධයක් කිසිම දිනක ඇති නොවිය යුතුයි. අප කුසගින්නේ සිටියත් මෙවැනි දුක් කරදරවලට නැවත කිසි දිනක මුහුණදීමට අපි කැමති නැහැ. මෙවැනි තත්ත්වයක් යළි කිසි දිනක උදා නොවිය යුතුයයි මම දෙවියන්ගෙන් ප‍්‍රාර්ථනා කරමි.

ඒ. සෙබමාලෙයි.


CMB/MN/MW/PPK/01

எனது பெயர் செபமாலை ….. திகதி பிறந்தேன். பாலைபெருமாள் காட்டில் பிறந்தேன். தந்தை கமத்தொழில் (விவசாயம்) செய்துவந்தார். சகோதரர்கள் 11 பேர் எனக்கு. நான் 9 ஆம் தரம் வரை படித்துள்ளேன். தற்போது எனது அம்மா உயிருடன் இல்லை. அப்பா இருக்கிறார். நான் 1994இல் 20 வயதில் திருமணம் முடித்தேன். எனது கணவர் விவசாயம், மற்றும் கூலி வேலைகள் செய்துவருகிறார். எனக்கு 4 பிள்ளைகள் உள்ளனர். மூத்தவர் மகன் மற்றைய மூவரும் மகள்மார். மூத்த மகன் கூலி வேலை செய்கிறார். சாதாரண தரம் வரை படித்தார். மகள்மார் படிக்கிறார்கள்.

நாங்கள் 2007இல் இறுதி யுத்தத்தின் போது பெரியமடு மற்றும் இன்னும் பல இடங்களுக்கு இடம்பெயர்ந்து சென்றோம். நாங்கள் திரும்பி வரும் சாத்தியமோ, நம்பிக்கையோ எமக்கு இருக்கவில்லை. செல்லடி எங்களுக்கு கஸ்டம் மற்றும் பங்கருக்குள்ளே இருந்தால் உணவு தேடி செல்ல சிரமமாக இருந்தது. பின்னர் முகாமுக்கு சென்றோம். 2008 5ஆம் மாதம் அங்கு உணவு வசதி, நீர் வசதி போன்றவை கிடைத்தன. யுத்தம், வன்முறை முடிவடைந்தது. இனி எந்த பிரச்சினையும் இல்லை என்ற நம்பிக்கையில் சந்தோசமாக இருந்தோம்.

2009, 10ஆம் மாதம் மீள்குடியேறி என் சொந்த இடத்திற்கு வந்தோம். சந்தோசமாக இருந்தது. காடாக இருந்தது. இருந்த வீடு சேதமடைந்து இருந்ததால் சரி செய்து வாழ்ந்தோம். பின் 2012இல் வீட்டுத் திட்டம் கிடைத்தது. அதனால் ரூ 25,000 பெறுமதியான பொருட்களும்,ரூ 25,000 பணமும் கிடைத்தது. எனது கணவரின் உழைப்பு போதாமல் இருந்தாலும் சமாளித்து வருகின்றோம். மூன்றரை இலட்சம் வீட்டுத் திட்டம் கிடைத்தாலும் அவர்களுக்கான கூலி நாங்களே கொடுத்தோம். எனவே பற்றாக்குறை நிலவியது.

இப்பொழுதும் கஸ்டத்தில்தான் இருக்கின்றோம். வருமானத்தை விட செலவே அதிகமாக உள்ளது. கடன் எடுத்து லோன் எடுத்து வாழ்ந்து வருகிறோம். எங்கள் பெற்றோரின் காலத்தில் கஸ்டம் வறுமை நிலவினாலும் பிள்ளைகளை நன்றாக பார்த்து வந்தனர். வசதியாக கோடீஸ்வரர்கள் இல்லாவிட்டாலும் சமூகத்தில் எனது பிள்ளைகள் நல்ல எடுத்துக் காட்டாக வாழ வேண்டும் என நினைக்கிறேன். ஆனால் தொழில் நுட்ப வளர்ச்சியின் காரணமாக இந்த சமூகத்தில் எனது பிள்ளைகளின் எதிர்காலம் ஒரு சவாலகாவே உள்ளது.

2011, 2012, 2013 போன்ற காலப்பகுதியில் ஓரளவு சமாளித்து வாழக் கூடியதாக இருந்தது. ஆனால் இன்று சரியான கஸ்டமாக இருக்கிறது. சாமான்களின் விலை அதிகரிப்பால் வருமானத்தைவிட செலவே அதிகமாக இருக்கிறது.குழந்தைகள் நவீன வாழ்க்கைய தேடி செல்ல விரும்புகிறார்கள். கஸ்டத்தின் காரணமாக எம்மால் அவர்களின் ஆசையை நிறைவேற்ற முடியாத நிலையில் உள்ளோம்.

இன்றைய காலம் எமக்கு சந்தோசமான காலமாக கூற முடியாது. சந்தோசம் குறைவாக உள்ள காலமாகவே உள்ளது. குடும்பங்களில் சந்தோசமாக இருந்தாலும் பொருளாதார பிரச்சினை ஒவ்வொரு நாளும் துரத்திக் கொண்டே வருகிறது.

எனது பிள்ளைகளின் எதிர்காலத்தைப் பற்றி ஒரே சிந்தனையாக இருக்கிறது. படிப்பு செலவுகள் கூட அதிகம் ஆனாலும் சமாளித்து வாழ்கின்றோம்.

பிள்ளைகள் சமூகத்தில் நன்றாக படித்து சமூகத்தில் ஒரு நல்ல நிலைக்கு வர வேண்டும் என்று ஆசைபடுகின்றேன்.

ஒற்றுமை கடைபிடித்து சமூகத்தில் குறைவாக உள்ளது. மக்களின் பங்களிப்பும் விழிப்புணர்வும் குறைவாக உள்ளது. பொதுச் சேவைகளின் சமூகம் ஈடுபடுதல் குறைவாகவே உள்ளது. தன் வீடு, தன் வேலை என்றே வாழ்கிறார்கள்.

இடப்பெயர்வின் போது அரசாங்கம் எங்களை எடுத்தது ஒரு பெரிய விடயமாக இருந்தது. கடவுளுக்கு அடுத்தாக அரசு செய்தது ஒரு பாராட்டத்தக்க விடயமாக இருந்தது. இயக்கம் செய்த விடயங்கள் இன்னும் கவலையாக இருக்கின்றது.

இராணுவமும், இயக்கமும் அடிபடும் போது பாதிக்கப்பட்டவர்கள் நாங்கள் இயக்கமே எங்களுக்கு துன்பத்தை தந்துவிட்டார்கள். சிங்களவர்கள் அன்னியர்வகளாக இருந்தாலும் அவர்களை அன்னியர்கள் என்று சொல்ல முடியாது. நமது இயக்கத்தையே அன்னியர்கள் என்று சொல்ல முடியும். தமிழர்கள் என்று எங்களை பார்க்கவில்லை.

இனியும் இப்படி ஒரு யுத்தம் வேண்டாம். நாங்கள் ஒருநாள் பட்டினியில் இருந்தாலும் பரவாயில்லை. இனியும் இப்படி துன்பப்பட ஆடைசப்படவில்லை.





A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License