CMP/MN/MW/PPK/05
Name : R. Vigneswary
Address : Palapperumalkaddu, Mannar
I, Vigneswary was born in 1959 at Mannar Mathoddam Hospital. My father was serving at the Irrigation Department and mother was a housewife. I had four brothers and five sisters totaling nine.
My mother told that three of my brothers had passed away before my birth due to polio. Then we were six children in the family. We were very mischievous when we were young. Mother always beat us. I did not study well. I studied only up to Grade 5. I did not like to study higher. I did not like studying. My parents too allowed me to do as I wished. My brother and sisters also did not study well. Although my father was employed at Irrigation Department, his income was insufficient to make the ends meet. As such, we could not wear dresses or eat food as we desired. I was always adamant and was beaten by mother.
Due to family problems and I did not like to study further, I started to go for work. At the age of 11, I did gardening and house work. I ate the meals given at the work site and brought the money home. My life went on like this. When I was 16 years, I learnt sewing and weaving. Still I can sew. I have a sewing machine also. I have poor vision and mange to sew.
I learnt weaving at small age and then forgotten. Now, here, weaving is taught and I am learning it at the Women’s Society. Now, I weave trays, boxes, fruit basket, flower vases and clothe basket well and I get small income from this.
When I was 23 years, my parents arranged me a marriage with a person who had a shop in Colombo. As newly married couple, our life began happily. After marriage, we lived in Colombo and had a satisfied life. I had twin children in my first delivery, one boy and a girl and we brought them up very happily.
During the July 1983 riots in Colombo, our shop was destroyed. Many shops including our shop were destroyed in the riots. I did not know what to do with our twin children. I and my children stayed at houses of familiar people. My husband was mentally affected for some time as he had no employment or income. During this period, we had difficulties for our food and to maintain our children.
Thinking that this won’t help anymore, my husband joined a shop as a Salesman. Working in a shop as a coolly salesman was an agony for us who had our own shop. There was no choice, who would provide us food? Thinking all these and giving up our self-respect, my husband went for coolly work and looked after me and the two children. Later, I got three children; totaling five, one boy and four girls and one of the girls passed away.
In 1998, we left Colombo and settled in Palaiperumalkaddu village in Mannar district where I have own land. Here, I started to go for coolly work. My mother looked after my children. My husband did not go to work at paddy fields. At the beginning, only I went to work. As he was born and lived in Colombo, he didn’t go into mud. How could we manage life this away? Gradually, he too came to coolly work. Our life went on with coolly work and our children.
My father and mother were old and I had to shoulder the responsibility of looking after them also and I looked after them well until the end.
In 1996, war started between the army and the movement. We lived within the movement control area and we needed to displace. I, my children and husband displaced to Madu. We stayed there for four years. There also life was very challenging. We went to coolly work there and sometimes there was no work. We had no food. We can say a lot about that period. In 2002, we returned to our village. Our house was damaged and could not live in. We made improvised arrangements to live in.
In 2005, “Sofa” Foundation provided us materials for housing construction. War between the army and movement commenced again and we had to displace. We displaced to Aathimoddai area with our belongings and put up to temporary house there. After a few weeks, again displacement and we went to Nagapaduwan. Likewise, day by day, we displaced to over 16 places and finally displaced to Mulliwaikkaal in Mullaitivu.
While displacing, we faced lot of difficulties; no food, no water, congestion in transport. Facing all these problems, we went up to Mulliwaikkaal.
During war, army bombed with ‘Kibir’ fighter plane and fired shells. Our day to day living was a fight between life and death. Still eyes fill with tears thinking of those days. We lived under trees and in Temple premises. Thousands of people including children and ladies died. We could not do anything. Tolerating everything, we feared of death.
When day broke only, we understood that we were alive. At the final stage of the war, we all suffered from starvation. Army dropped cluster bombs at the final stage of the war. Only one sound would be heard but it blasted all over the place and due to this many thousands of Tamil people died. Everywhere, the death toll was high and people cried for help. We did not know what to do. That life was a hell. We cannot explain our sufferings during the war in words. We can write so on like this.
My husband also was injured during final war. I was confused whether to look after him or the children. My husband now walks with clutches and he is feeble.
We came to the army controlled area on 18th May, 2009. They made us walk many kilometers and then took us to Omanthai by bus. Then they registered us and took us to Zone 4 camp in school. Later, we were given a house and lived there.
There was no water or food in the camp. There was big queues to get treatment. We can write a lot about the difficulties we underwent. It is our fate that we were born as Tamils. The camp life continued for six months. Then in November 2009, we were sent to Mannar. We stayed in Aaandankulam School and stayed there for one month. Army was occupying our house and vacated sometime later.
02
The house looked damaged and we were given tin sheets and managed to prepare shelter. Here also, life is very difficult. We needed to buy everything for us. We go for coolly work and carry on life.
We have not been provided housing scheme so far. We spoke to the GA, GS and all others but not yet given. We live in the damaged house. We do not know when they would provide. Only I go for coolly work and look after my two children as well as my husband. If I am not alive, I don’t know what my two children and husband would do. One my daughter is 20 years old and still unmarried. The other daughter got married and lived with her husband for only six months. Now, her husband has left her and I look after her also.
My son is in a camp in Australia. If he is released only, our life will flourish. He is in the camp for two years and does not go for work also. He gets meals given in the camp. He contacts us over phone.
I have not been given housing scheme yet. I spoke to G.S., A.G.A and all and also gave letters. I am living with my female children in this broken house.
We were always scared to live when we resettled as the CID, and Army very often came to our house for inquiry. They asked us to come to their camp for inquiry. My younger brother was in the movement and they inquired about him and his whereabouts. He is missing. We saw him during the final war. After that we do not know what had happened to him. He is married and has two children. We look after his family also. CID and Army inquire them also. They ask my son’s wife to give her husband’s photo. She having small children undergoes many hardships. We endure everything hoping that life would become prosperous one day.
We were not scared when the movement existed. Now, we have to live in fear of inadequate security. Now finding coolly work is also has become difficult. We somehow manage our life. Likewise, we can say a lot about our sufferings.
Therefore, the government should support for the development of our village. Nowadays, even those who have completed university education is unemployed. How can the uneducated get employment? Therefore, all youths should be provided employment. The unemployed are nowadays engaged in drug abuse, theft and robbery. If their needs are satisfied, they won’t engage in such activities.
The Tamil people should be provided with permanent solution. I wish that they should live with self-respect.
Thanks.
R.Vigneswary
Palliperumalkaddu
නම: ඊ. විග්නෙශ්වරී
ස්ථානය : පාලෙයි පෙරුමාල්කට්ටු, මන්නාරම
විග්නෙශ්වරී වන මා 1959 වසරේ මන්නාරම මාන්තොට්ටම් රෝහලේ ඉපදුණා. මගේ පියා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළා. මව ගෙදර වැඩ කටයුතු බලා ගත්තා. මට සහෝදර සහෝදරියන් 9දෙනෙක්. සහෝදරයන් 4දෙනෙක් සහ සහෝදරියන් 5දෙනෙක් සිටියා. සහෝදරයන් 3දෙනෙක් කුඩා කලදීම මා ඉපදීමට පෙර මිය ගොස් තිබුණා. මොවුන් පෝලියෝ රෝගයෙන් පෙළී මිය ගිය බව මව කීවා. මවට ඉතුරු වුණේ දරුවන් 6දෙනෙක් පමණයි. අපි කුඩා කාලයේ සියලුදෙනාම හරියට රණ්ඩු වෙනවා. අම්මා අපට ගහනවා. මම ඉගෙනීම් කටයුතුවල හරි දුර්වලයි. වසර 5වන තෙක් පමණයි ඉගෙන ගත්තේ. වැඩිදුර අධ්‍යාපනයක් ලැබීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඉගෙනුම් රුචියක් නෑ. දෙමව්පියන් මට ඉන්පසු කරදර කළේ නැහැ. මගේ පිරිමි සහෝදරයන්ද වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගත්තේ නැහැ. පියා වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළත් අපව රැක බලා ගැනීමට ඔහුගේ ආදායම ප‍්‍රමාණවත් වුණේ නැහැ. එමනිසා අපට ළමා කාලයේ ප‍්‍රමාණවත් ඇඳුම් හා ආහාර ලබා ගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. අපි හඬා වැළපී අඬනවා. අම්මාගෙන් ගුටි කාලත් තියනවා.
ගෙදර ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මා අධ්‍යාපනය අතර මඟ නතර කර, රැකියාවක් කිරීමට යොමු වුණා. කුඩා කල සිටම (වයස අවුරුදු 11 යි) ගෙවතු වැඩවලත් ගෙදර වැඩවලත්, යෙදුණා. ඉන්පසු වැඩ කරන ස්ථානවල ලබාදෙන ආහාර අනුභව කර ඔවුන් දෙන දිනක මුදලද රැගෙන නිවසට යනවා. මෙසේ මගේ ජීවිතය ගෙවී ගියා. වසර 16දී මම මැහුම් ගෙතුම් වැඩවල පුහුණුවක් ලබා ගත්තා. දැන් මැහුම් වැඩ කරනවා. ණය මුදලක් ලබාගෙන මහන මැෂිමක් මිලදී ගත්තා. මගේ ඇස් පෙනීම දුර්වලයි. පෙනෙන තරමට මැහුම් වැඩවල යෙදෙනවා.
කුඩා කලදී තල් අතු විවීමටත් පුරුදු වුණා. නමුත්, පසුව එය මට අමතක වුණා. දැන් කාන්තා සමිතියේ විවීම පුහුණු කරනවා. මමත් එහි යනවා. මට හොඳට පලතරු කූඩ,පෙට්ටි, මල් වට්ටි, ඇඳුම් දමන කූඩ වැනි දේවල් හදන්න පුළුවන්. එයින් මට යම් ආදායමක් ලැබෙනවා.
අවුරුදු 23දී කොළඹ කඩයක් පවත්වා ගෙන යන පුද්ගලයෙක් සොයා මගේ දෙමව්පියන් මට විවාහයක් කර දුන්නා. නව යුවල වශයෙන් අපේ ජීවිතය සතුටින් ආරම්භ කළා. අපි විවාහවීමෙන් පසු කොළඹ තමයි සිටියේ. ඔහුට කොළඹ කඩ වෙළදාමක් තිබුණ නිසා ජීවිතය දුක් කරදරවලින් තොරව ගෙවී ගියා. මට පළවෙනි වතාවට නිවුන් දරුවන් ලැබුණා. පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක්. ඉතා සතුටින් ඔවුන් හදා වඩා ගත්තා.
1983 ජුලි කැරැල්ලේදී අපේ කොළඹ කඩය ප‍්‍රහාරයකට ලක්වී විනාශ වුණා. එම කැරැල්ලේදී කඩවල් විශාල ප‍්‍රමාණයක් විනාශයට පත්වුණා. අපට ජීවනොපාය සැපයූ කඩයත් ඉන් එකක්. එම අවස්ථාවේ අපේ දරුවන් දෙදෙනා සමඟ අපි දුක් වින්දා. මම දන්නා හඳුනන අයගේ නිවසක ළමයින් තබාගෙන සිටියා. ටික කලක් අපට ආදායමක් තිබුණේ නැහැ. මගේ සැමියා මානසික පීඩනයටත් ලක්වී සිටියා. මේ කාලයේ අපි ආහාර ලබා ගැනීමටත්, ළමයින් පෝෂණය කිරීමටත් දැඩි පරිශ‍්‍රමයක් දැරුවා.
ඉන්පසු මගේ සැමියා කඩයක වැඩ කිරීමට ගියා. කොළඹ තනියෙන් ව්‍යාපාරයක් කරගෙන ගිය සැමියා තවත් කෙනෙකුගේ කඩේක කුලියට වැඩ කෙරුවා. එය දැක මට දැඩි වේදනාවක් ඇති වුණා. නමුත්, අපට වෙන විකල්පයක් තිබුණේ නැහැ. සියලුම දේවල් සැලකිල්ලට ගෙන ආත්මාභිමානය පසෙක තබා කුලී වැඩ කිරීමට සැමියා ගියා. එම ආදායමෙන් මාවත් දරුවන් දෙදෙනාත් රැක බලා ගත්තා. ඉන්පසු මට තවත් දරුවන් තිදෙනෙක් ලැබුණා. දැන් පිරිමි දරුවෙක් සහ ගැහැනු දරුවන් 4දෙනෙක් ඉන්නවා. එක ගැහැනු දරුවෙක් නැති වුණා.
1998 වසරේ කොළඹින් පිටවී මන්නාරම් දිස්ත්‍රික්කයේ පාලෙයි පෙරුමාල්කට්ටු ග‍්‍රාමයට පැමිණියා. එහි ළමයින් හා සැමියා සමඟ පදංචි වුණා.
එහිදී මමත් කුලී වැඩ සඳහා යන්නට පටන් ගත්තා. මගේ මව දරුවන් බලා ගත්තා. සැමියා ගොවිතැන් වැඩවලට යන්නේ නැහැ. සැමියා කොළඹ ඉපදී හැදී වැඩූණු නිසා මඩේ පය තැබීමට කැමැත්තක් දක්වන්නේ නෑ. එම නිසා අපට ජීවිතය නඩත්තු කිරීම සඳහා යම් ආදායමක් අවශ්‍ය වුණා. ඉන්පසු ඔහු ක්‍රමක්‍රමයෙන් වැඩට යාමට පුරුදු වුණා. මෙසේ කුලී වැඩ කර අපේ දරුවන් පෝෂණය කළා.
මගේ මව හා පියා වයෝවෘද්ධ පුද්ගලයන්. ඔවුන් රැක බලා ගැනීමේ වගකීමත් මට ලැබුණා. ඔවුන් අවසානය දක්වා මා හොඳට රැක බලා ගත්තා.
1996 වසරේදී කොටි සංවිධානය හා හමුදාව අතර ගැටුම් ආරම්භ වුණා. අපට අවතැන්වීමට සිදුවුණා. සැමියා හා දරුවන් සමඟ අවතැන්වී මඩු ප‍්‍රදේශයට පැමිණියා. එහි වසර 4ක් සිටියා. එහි දැඩි දුෂ්කර ජීවිතයක් තමයි ගත කළේ. අපි කුලී වැඩ කෙරුවා. සමහර අවස්ථාවල කුලී වැඩත් ලැබෙන්නේ නැහැ. කුසගින්නෙන් දරුවන් තබාගෙන සිටියා. ඒ කාලයේ විස්තර කියනවා නම් දිගටම කියා ගෙන යන්න පුළුවන්.
හමුදාව පසුබැසීමෙන් පසු අපි 2002 වසරේ නැවතත් අපගේ මුල් ගමට පැමිණියා. අපගේ නිවස කැඩී බිඳී ගොස් තිබුණා. එහි පදිංචි වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. එම ස්ථානයේ කැන්වස් රෙද්දකින් පැල්පතක් තනා ගෙන පදිංචි වුණා.
2008 වසරේ සෝභා සංවිධානය නිවසක් තනා ගැනීමට ද්‍රව්‍ය දුන්නා. එමගින් නිවසක් තනා ගෙන අප ජීවිතය නැවත ආරම්භ කළා. නැවතත් හමුදාව සහ කොටි සංවිධානය අතර ගැටුම් ඇවිලුණා. අවතැන්වීමට සිදු වුණා. අපේ බඩු බාහිරාදිය ඇතුළු සියලුම දේවල් පටවා ගෙන ආත්තමෝට්ටයි ප‍්‍රදේශයට අවතැන්වී ගොස් තාවකාලික නිවසක් තනා ගෙන ජීවත් වුණා. සති කීපයකට පසු නැවතත් අවතැන් වුණා. නාගපඩුවාන් කියන ප‍්‍රදේශයේ රැඳී සිටියා. මෙසේ ස්ථාන 16ක අවතැන්වී ජීවත් වුණා. අවසානයේදී මුලතිව් ප‍්‍රදේශයේ මුල්ලිවයික්කාල් දක්වා එසේ පැමිණියා.
මෙසේ අවතැන්වී යනවිට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. ආහාර හෝ ජලය අපට ලැබුණේ නැහැ. ගමනාගමන පහසුකම් තිබුණේත් නෑ. නොයෙකුත් ප‍්‍රශ්නවලට මුහුණදී මුල්ලිවයික්කාල් ප‍්‍රදේශය දක්වා ගියා.
යුද්ධ හමුදාව කෆීර් ගුවන් යානාවලින් බෝමබ හෙලුවා. ෂෙල් ප‍්‍රහාර එල්ල කළා. සියලුම දේවල්වලින් ආරක්ෂා වී අපි ජීවිතය හා මරණය අතර සෑම දිනකම ජීවත් වුණා. එම කාල වකවානුව සිතා බලන විට දැඩි දුකක් ඇති වෙනවා.
අවසානයේ නිවසක් නැතුව ගසක් යට ජීවත් වුණා. ඉන්පසු කෝවිල්වල ජීවත් වුණා. දරුවන්, කාන්තාවන් වශයෙන් දහස් ගණන් ජනයා මිය ගියා. අප දැඩි ලෙස අසරණ තත්ත්වයට පත් සිටියා. සියලුම දේවල් ඉවසා ගෙන සිටියා. යම් දවසක අපටත් මරණය ළඟා වෙයි කියා සිතමින් සිටියා.
උදේ නැගිටීමෙන් පසුවයි අපි තවමත් ජීවතුන් අතර සිටිනවා යැයි දැන ගන්නේ. අවසන් මොහාතේදී අපි දරුවන් සමඟ කුසගින්නේ සිටියා. හමුදාව අවසන් යුද්ධයේදී පොකුරු බෝම්බ පාවිච්චි කළා. ඩබ් ඩබ්.... ශබ්දය ඇහුණා. සෑම තැනකම එවැනි බෝම්බ පිපිරුණා. ඒ හේතුවෙන් දහස් ගණන් දමිළ ජනයා ජීවිතක්ෂයට පත්වුණා. කොහේ බැලූවත් දුක් අඳෝනාව. මරණයේ වේදනාව. අපට කිසිවක් කිරීමට නොහැකි වුණා. අපි අසරණ වුණා. අපායේ ජීවිතයක් ගත කළා. අපි යුද්ධ කාලයේ විඳපු දුක විස්තර කරන්න ඉතාම අමාරුයි. එය දිගටම ලියා ගෙන යන්න පුළුවන්.
මගේ සැමියාත් අවසන් යුද්ධයේදී තුවාල ලැබුවා. ඔහුව රැක බලා ගන්නවාද එසේ නැත්නම් දරුවන් රැක බලා ගන්නවාද යන්න උභතෝකෝටියකට මා අසුවුණා. දැන් මගේ සැමියා ආධාරකයකින් තමයි ඇවිදින්නේ. ඔහුට හොඳට ඇවිදීමට හැකියාවක් නැහැ.
අපි 2009 මැයි 18වන දින රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණියා. කිලෝමීටර් කීපයක් පයින් ඇවිදීමට සිදුවුණා. පසුව අපිව බස්වල නංවා ගෙන ඕමන්තේ ප‍්‍රදේශයට රැගෙන ගියා. එහි අපි ලියාපදිංචි කිරීමෙන් පසුව නැවත බස්වල නංවාගෙන කලාප 4 කඳවුරට රැගෙන ගියා. එහි පාසලක අපි රැඳී සිටියා. ඉන්පසු අපිට කැන්වස් රෙද්දක් සහිත තැනක් ලබා දුන්නා.
කඳවුරේ ජල පහසුකම් හෝ ආහාර පහසුකම් තිබුණේ නැහැ. බෙහෙත් ලබා ගැනීමටත් දිග පෝලිම්වල රැඳී සිටීමට සිදුවුණා. මෙසේ අපි විඳපු දුක් කන්දරාව ගැන විස්තර කරන්න පුළුවන්. දමිළ වශයෙන් ඉපදීම හේතුවෙන් අපි මෙසේ දුක් වින්දා. මෙසේ මාස 6ක් කඳවුරු ජීවිතය ගතකර 2009 නොවැම්බර් මාසයේ මන්නාරම ප‍්‍රදේශයට අපිව යැව්වා. මෙහි පැමිණ ආන්ඩාන්කුලම් පාසලේ රැඳී සිටියා. එහි මාසයක් සිටියා. අපේ නිවස තුළ හමුදාව රැඳී සිටියා. පසුව තමයි අපට නිවසට යාමට හැකි වුණේ.
නිවසට පැමිණ බලන විට නිවස කැඩී බිදී ගොස් තිබුණා. අපිට කැන්වස් රෙදි ලැබුණා. ඒ යටතේ ජීවත් වුණා. මෙහේ පැමිණියාට පසුවත් විවිධ දුක් කරදරවලට මුහුණපෑමට සිදු වුණා. සියලුම බඩු භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය වුණා. මෙසේ කුලී වැඩ කරමින් ජීවත් වෙනවා.
අපට තවමත් නිවාස යෝජනා ක්‍රමයක් ලැබුණේ නැහැ. ග්‍රාම නිලධාරි මහත්මයා සමඟත්, දිසාපතිවරයා සමඟත් මේ ගැන කතා කළා. තවමත් කැඩී බිදී ගොස් තිබෙන නිවසේ තමයි ජීවත් වෙන්නේ. අපට නිවසක් කවදා ලැබේදෝයි නොදනිමි.
මා කුලී වැඩ කිරීමෙනුත්, පැදුරු විවීමෙනුත් ආදායමක් උපයා දරුවන් හා සැමියා රැක බලා ගන්නවා. මම සිටියේ නැති නම් දරුවන් හා සැමියාට කුමක් සිදුවේ දැයි මට හිතා ගන්නට බෑ. මගේ එක් දුවකගේ වයස 20යි. තවම විවාහ වුණේ නෑ. අනිත් දුව විවාහවී සිටිනවා. ඇය මාසයක් පමණයි සැමියා සමඟ පවුල් ජීවිතය ගත කළේ. දැන් ඇගේ සැමියා අත්හැර ගොස් තිබෙනවා. මම තමයි ඇයවත් රැක බලා ගන්නේ.
මගේ පුතා ඕස්ට්‍රේලියාවේ කඳවුරක සිටිනවා. ඔහු නිදහස් කෙරුවොත් විතරයි අපේ ජීවිතයට යම් සහනයක් ලැබෙන්නේ. ඔහු වසර 2ක් එසේ කඳවුරේ සිටිනවා. වැඩට යන්නේත් නැහැ. කඳවුරේ ලබාදෙන ආහාරය කාලා එහි සිටිනවා. අප සමඟ දුරකථනයෙන් කතා කරනවා.
මට තවමත් නිවසක් ලබා දුන්නේ නෑ. ග‍්‍රාම සේවා නිලධාරි සමඟත්, සහකාර දිසාපතිවරයා සමඟත් මේ ගැන කතා කළා. ලිපි බාර දුන්නා. නමුත්, තවම නිවසක් ලැබුණේ නැහැ. අබලන් නිවසේ තමයි අප තවමත් ජීවත් වෙන්නේ. වැඩිවියට පත් ගැහැණු දරුවන් සමඟ එහි සිටිනවා.
අපි නැවත පදිංචි වුණාට පස්සේ අපට විශාල බියක් ඇති වුණා. දිගටම සී.අයි.ඩී නලිධාරින් හා හමුදා නිලධාරින් නිවසට පැමිණෙනවා. අපෙන් ප‍්‍රශ්න කරනවා. ප‍්‍රශ්න කිරීම සඳහා කඳවුරට එන්න කියනවා. මගේ මල්ලි කොටි සංවිධානයේ සිටියා. ඔහු ගැනත් ඒ අය අපෙන් අහනවා. ඔහු කොහේද ඉන්නේ කියා අහනවා. අවසන් යුද්ධය වන තෙක් අපි ඔහුව දුටුවා. පසුව ඔහු අතුරුදහන් වුණා. ඔහුට සිදු වුණේ කුමක් දැයි අප දන්නේ නැහැ. ඔහු විවාහ වෙලා දරුවන් දෙදෙනෙක් සිටින පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳගේ එක් පයක් ආබාධිතයි. ඒ පවුලත් රැක බලා ගන්නේ අපි. ඒ අය වෙතටත් සී.අයි.ඩී. නිලධාරින් හා හමුදා නිලධාරින් ඇවිත් ප්‍රශ්න කරනවා. සැමියාගේ ඡායා රූප ලබාදෙන ලෙස ඉල්ලනවා. ඇයත් කුඩා දරුවන් තබාගෙන හරියට දුක් විඳිනවා. අපි සියලුම දේවල් ඉවසා ගෙන මෙසේ ජීවත් වෙනවා. කවදා හෝ යම්
දවසක අපට සහනයක් ලැබේවි කියා විශ්වාස කරනවා.
කොටි සංවිධානය ක්‍රියාත්මක වෙන කොට අපට බියක් තිබුණේ නැහැ. නමුත්, දැන් බියෙන් තමයි ජීවත් වෙන්නේ. ආරක්ෂාව ප‍්‍රමාණවත් නෑ. කුලී වැඩට යාමත් ප‍්‍රශ්නයක්. කෙසේ හෝ ජීවිතය ගත කරමින් සිටින්නෙමු. මෙසේ අපි විඳපු දුක් කරදර දිගටම විස්තර කළ හැකිය.
එම නිසා රජය අපගේ ගමේ සංවර්ධනයට උදව් කළ යුතුයි. අද විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තු අයටත් රැකියා ලබා දෙන්නේ නෑ. එහෙම තිබෙන විට අධ්‍යාපනයක් නැති අයට රැකියාවක් ලබා දෙන්නේ කොහොමද? සියලුම තරුණ තරුණියන්ට රැකියා ලබා දිය යුතුයි. රැකියා නොමැති හේතුවෙන් තමයි අද මත්ද්‍රව්‍ය භාවිතය, සොරකම්, මංකොල්ලකෑම් වාගේ දේවල් සිදුවෙන්නේ. එම අයට රැකියාවක් ලැබුණහොත් එම අයගේ සිතුවිලි අන් අතකට යොමු වේවි.
දෙමළ ජනතාවට ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතුයි. ඔවුන් ආත්මාභිමානයෙන් ජීවත් විය යුතුයැයි මගේ බලාපොරොත්තුවයි.
ස්තුතියි.
CMP/MN/MW/PPK/05
பெயர்: இ. விக்னேஸ்வரி
இடம்: பாலப்பெருமாள்கட்டு, மன்னார்
விக்னேஸ்வரி ஆகிய நான் 1959ஆம் ஆண்டு மன்னார் மாதோட்டம் வைத்தியசாலையில் பிறந்தேன். எனது அப்பா நீர்ப்பாசனத் திணைக்களத்தில் வேலை செய்து வந்தார். அம்மா வீட்டுப்பணியினை மேற்கொண்டு வந்தார். எனக்கு ஒன்பது சகோதரர்கள் இருந்தனர். இவர்களில் 4 ஆண் சகோதரர்களும் 5 பெண் சகோதரர்களும் ஆவர்.
எனது சகோதரர்களில் மூவர் சிறு வயதிலேயே இறந்துள்ளனர். நான் பிறக்க முன்னர் இவர்கள் இளம்பிள்ளைவாதம், மற்றும் போலியோ நோயினால் தாக்கப்பட்டு இறந்ததாக அம்மா சொன்னவர். அதன் பின்னர் நாங்கள் 6 பிள்ளைகள் தான். அம்மாவுக்கு நாங்கள் சிறு வயதிலை நல்ல குழப்படி அம்மாட்ட அடி வேண்டிக் கொண்டுதான் இருப்பம். நான் நல்லா படிக்க மாட்டன். 5ஆம் வகுப்பு வரைக்கும்தான் படிச்சன். மேற்கொண்டு படிக்க எனக்கு விருப்பம் இல்லை. படிப்பென்றால் எனக்கு பிடிக்காது. 5ஆம் வகுப்போட படிக்காம நின்டுட்டன். அம்மா அப்பாவும் என்னை அப்படியே விட்டுட்டினம். என்ர சகோதரர்களும் பெரியளவில் படிக்கவில்லை. அப்பா நீர்ப்பாசன திணைக்களத்தில் வேலை செய்தாலும் அவரின் உழைப்பு எங்கள் அனைவரையும் வளர்க்க போதுமானதாக இருக்கவில்லை. அதனால் சிறுவயதில் விரும்பின உடுக்க போடவோ சாப்பிடவோ எங்களால முடியவில்லை. நல்லா அழுது அடம்பிடிப்பன். அம்மாட்ட அடியும் வேண்டுவன்.
நான் வீட்டின் கஸ்டம் காரணமாகவும், படிக்க விருப்பம் இல்லாததனாலும் படிப்ப நிப்பாட்டிட்டு நான் வேலைக்கு போக வௌிக்கிட்டன. நான் சின்ன வயசிலையே (11 வயது) அப்பவே தோட்டம், வீட்டு வேலை என சிறுசிறு வேலையினை செய்ய வௌிக்கிட்டன். வேலை இடத்தில குடுக்கிற சாப்பாட்டினையும் சாப்பிட்டு தாற காசினையும் வேண்டிக் கொண்டு வீட்ட போன். இப்படியே எனது வாழ்க்கை ஓடிக் கொண்டு போகுது. எனக்கு16 வயது வரும் போது நான் தையல், பண்ண வேலை பழகினன். இப்பவும் தைப்பன். பண்ண வேலையும் செய்வன். தையல் மெசின் ஒன்டு கடனா வேண்டி வைத்திருக்கிறன். எனக்கு கண்ணும் சரியா தெரியிறது இல்ல. தெரிந்த அளவுக்கு தைத்துக் கொடுப்பன்.
பண்ண வேலை சின்னதுல பழகினன். பேந்து மறந்திட்டன். இப்ப இங்க பண்ணை பழக்குறாங்க. மாதர் சங்கத்தில் நானும் அங்கயே போய் பழகிறன். இப்ப பின்னி விக்கிறன். நான் நல்லா தட்டுப் பெட்டி பழக்கூடை அர்ச்சனைக் கூடை பூவாளி உடுப்புக்கட்டை என எல்லாம் பின்னிக் குடுக்கிறன். எனக்கு இப்ப இதனால சிறு வருமானம் கிடைக்கும்.
எனக்கு 23 வயசுல அப்பா அம்மா கொழும்பில கடை வச்சிருக்கிற ஒருவரைப் பார்த்து கலியாணம் கட்டி வச்சாங்க. எங்கட வாழ்க்கை புதுமணத்தம்பதிகளாக இனிதாகவே ஆரம்பமாச்சு. நாங்கள் கலியாணம் கட்டிக் கொண்டு கொழும்பிலையே இருந்தம். அவர் கொழும்பில கடை வச்சு இருந்ததால அங்க எங்கட வாழ்க்கை நல்ல வசதியாக இருந்தது. எனக்கு முதல் பிரசவத்தில் இரட்டைப் பிள்ளை பிறந்தது. ஒரு ஆணும், பெண்ணும். மிகச் சந்தோசமாக வளர்த்து வந்தனாங்கள்.
1983ஆம் ஆண்டு ஜுலைக் கலவரம் ஏற்பட்ட போது எனது கொழும்பு கடை எல்லாம் தாக்கப்பட்டு அழிக்கப்பட்டது. ஜுலைக் கலவரத்தின் போது பல கடைகள் அடித்து நொருக்கப்பட்டு அழிக்கப்பட்டது. அப்போது எனது இரட்டைப் பிள்ளைகள் இருவரையும் வைத்துக் கொண்டு என்ன செய்வதென்றே தெரியவில்லை. நான் தெரிந்தவர்களின் வீட்டில் பிள்ளைகள் இருவருடன் இருந்து வந்தேன். சில காலம் வேலை வருமானம் எதுவும் இல்லாமல் எனது கணவர் மன உளைச்சலுக்கு உள்ளாகி இருந்தார். இந்தக் காலத்தில் எங்களுக்கு உணவுக்கும் பிள்ளைகளின் பராமரிப்புக்கும் மிகவும் கஸ்டப்பட்டம்.
இப்படியே இருந்தால் சரி வராது என நினைச்சு என்ர கணவர் கடை ஒன்றுக்கு கூலி ஆளாக வேலைக்கு போனார். நாங்கள் கொழும்பில் தனிக்கடை போட்டு உழைச்ச நாங்கள் இப்போது கூலிக்கு கடையில் இருப்பது பெரும் வேதனையாக இருந்தாலும் என்ன செய்வது இப்படியே இருந்தால் எங்களுக்கு யார் உணவு தருவார்கள். எல்லாத்தையும் நினைத்து சுய கௌரவத்தினை கைவிட்டு கூலி வேலை செய்து என்னையும் பிள்ளைகள் இருவரையும் எனது கணவர் வளர்த்து வந்தார். பின்னர் எனக்கு 3 பிள்ளைகள் பிறந்தார்கள். எல்லாமாக எனக்கு 5 பிள்ளைகளாகிவிட்டு. ஒரு ஆண் பிள்ளையும் 4 பெண் பிள்ளைகளும் அதில் ஒரு பெண் பிள்ளை இறந்துவிட்டது.
1998ஆம் ஆண்டு கொழும்பை விட்டு வௌியேறி மன்னார் மாவட்டத்தின் பாலைப்பெருமாள்கட்டு கிராமத்தில் எனக்கு சொந்தமான நிலம் இருந்தது. இதில் நான் பிள்ளைகள் கணவருடன் வந்து குடியேறினேன்.
இங்க நானும் கூலி வேலைக்கு போக வௌிக்கிட்டன். அம்மா என்ர பிள்ளைகளை பாப்பா என்ர அவருக்கு வயல் வேலை எதுவும் செய்யமாட்டார். நானே ஆரம்பத்தில் வேலைக்கு போனான். அவர் கொழும்பிலையே பிறந்து வளர்ந்ததாலே அவர்சேத்துக்க காலை வைக்கமாட்டார். இப்படியே இருந்தால் எப்படி வாழ்க்கையினை நடத்த முடியும் கொஞ்சம் கொஞ்சமாக அவரும் வேலைக்கு வௌிக்கிட்டார். இவ்வாறு எங்கட வாழ்க்கை கூலி வேலையும் எங்கட பிள்ளைகளும் என்று வாழ்ந்து வந்தம்.
என்ர அம்மாவும், அப்பாவும் வயது போனவங்கள். அவங்களையும் வைத்து பார்க்க வேண்டிய பொறுப்பு எனக்கே ஆச்சு. அவங்களையும் நல்லா கடைசி வரைக்கும் வைச்சுப் பார்த்தன்.
ஆமிக்கும் இயக்கத்துக்கும் சண்டை 1996இல் ஏற்பட்டது. நாங்கள் இயக்கத்தின்ட கட்டுப்பாட்டுக்கள் இருந்தனாங்கள். இடம்பெயர வேண்டிய தேவை ஏற்பட்டது. நான் பிள்ளைகள் கணவருடன் இடம்பெயர்ந்து மடுவுக்கு சென்றோம். அங்கே 4 வருடங்கள் இருந்தனாங்கள். அங்கயும் சரியான கஸ்டம் கூலி வேலைக்கு தான் போவம். சிலவேளை வேலையும் இருக்காது. சாப்பிடவும் இல்லாம பிள்ளைகளையும் வைச்சு இருந்தம். அந்த காலத்தைச் சொன்னா சொல்லிக் கொண்டே இருக்கலாம்.
ஆமிக்காரன் பின்வாங்கி போக நாங்கள் 2002ஆம் ஆண்டு மீண்டும் எங்கட சொந்த கிராமத்துக்குவந்தம் எங்கட வீடு சேதம் அடைந்து இருந்தது. அதில் குடியிருக்க முடியவில்லை. என்ர பிள்ளைகளுடன் கிடந்த தரப்பாலை போட்டுட்டு இருந்தம்.
2005ஆம் ஆண்டு சோபா நிறுவனத்தில் வீடு கட்ட சாமான்கள் தந்தாங்க. அதில வீட்ட கட்டி இருந்து எங்கட வாழ்க்கையினை ஆரம்பிச்சம். மீண்டும் ஆமிக்கும் இயக்கத்துக்கும் சண்டை வந்திட்டு. இடம்பெயர வேண்டி ஏற்பட்டது. எங்கடை சாமான்களை எல்லாம் ஏத்திக் கொண்டு ஆத்திமோட்டை பகுதிக்கு இடம்பெயர்ந்து தற்காலிக வீடு போட்டு இருந்தம். பின்னர் சில வாரங்களில் மீண்டும் இடப்பெயர்வு. நாங்கள் நாகபடுவானில் இருந்தம். இப்படியே நாளுக்கு நாள் 16 இடத்துக்கு மேல் இடம்பெயர்ந்து இறுதியில் முல்லைத்தீவின் முள்ளிவாய்க்கால் வரைக்கும் இடம்பெயர்ந்திட்டம்.
இடம்பெயர்ந்து செல்லும் போது பல கஸ்டம். உணவு இல்லை. நீர் இல்லை. போக்குவரத்து நெரிசல் என எத்தனையோ பிரச்சினைகளுக்கு முகம் கொடுத்து முள்ளிவாய்க்கால் வரைக்கும் போனாங்கள்.
சண்டையின் போது ஆமிக்காரர் கிபீர் விமானத்தினால குண்டு போட்டாங்க. செல் அடிச்சாங்க. எல்லாத்தையும் தாண்டி உயிரை கையில் பிடிச்சுக் கொண்டு தான் ஒவ்வொரு நாளும் வாழ்ந்தம். அந்த நாளினை நினைத்தால் இன்றும் அழுகை தான் வருகிறது.
இறுதியில் வீடு இல்லாமல் மரத்துக்கு கீழேயும், கோயில்களிலும் குடியிருந்தோம். சிறுவர்கள்,பெண்கள் என பல்லாயிரம் பேர் இறந்து கிடந்தாங்க. எங்களால் ஒன்டுமே செய்ய முடியவில்லை. எங்களுக்கு எப்போது சாவு வரப் போகின்றது என்றுதான் உயிரைக் கையில் பிடித்துக் கொண்டு இருந்தம்.
காலையில் விடிந்தால்தான் உயிருடன் இருக்கிறம் என்டு தெரியும். கடைசி நேரத்துல பிள்ளைகளுடன் பட்டினியாக நான் கிடந்தனாங்கள். ஆமி கடைசி நேரத்தில கொத்துக் குண்டு அடிச்சாங்க. டப் டப் என்று ஒரு சத்தம்தா ன் கேட்கும். எல்லா இடத்திலயும் வெடிச்சு சிதறும் அதனால தான் பல்லாயிரம் தமிழ் மக்கள் இறந்தாங்க. எங்க பாத்தாலும் அவலக் குரலும் மரண ஓலமும். என்ன செய்வது என்றே தெரியாது. எனனன்றேன் அந்த நரக வாழ்க்கை வாழ்ந்தோம் என்று தெரியவில்லை. நாங்கள் போரின் காலத்தில் பட்ட அவஸ்தைகளை சொல்லிச் சொல்லில் அடங்காது. என்றும் எழுதிக் கொண்டே போகலாம்.
என்ர அவரும் கடைசி சண்டையில காயப்பட்டுட்டார். அவரைப் பார்ப்பதா அல்லது பிள்ளைகளைப் பார்ப்பதா என்டு தெரியாமல் தத்தளித்தேன். இப்ப என்ர அவர்கிளச்சஸ் தடியுடன்தான் நடந்து திரிவார். அவரால் இப்ப சரியா ஏலாது.
2009ஆம் ஆண்டு 5ஆம் மாதம் 18ஆம் திகதியே ஆமின்ர கட்டுப்பாட்டு பகுதிக்கு வந்தம். எங்களை பல கிலோமீற்றர் நடக்க வைச்சாங்க. பேந்து பஸ்சில ஏத்திக் கொண்டு ஓமந்தையில இறக்கினாங்க. அங்க பதிஞ்சுபோட்டு எங்களை பஸ்சிலை ஏத்திக் கொண்டு சோன் போர் முகாமுல விட்டாங்க. அங்க பள்ளிக் கூடத்தில விட்டாங்க. பேந்து எங்களுக்குதரப்பால் வீடு தந்தாங்க. அதில இருந்தம்.
முகாமிலை தண்ணியும் இல்லை. ஒழுங்கான சாப்பாடும் இல்லை. மருந்து எடுக்கிறதுக்கும் நீண்ட வரிசை என பல கஸ்டம். இப்படி நாங்கள் பட்ட கஸ்டத்தினை எழுதிக் கொண்டே போகலாம். தமிழனாக பிறந்ததற்கு நாங்கள் பட்ட கஸ்டம் போதும். இப்படியே ஆறு மாதங்கள் முகாம் வாழ்க்கையாக இருந்தது. பின்னர் 2009 11ஆம் மாதம் மன்னாருக்கு ஏத்தினாங்க. இங்க ஆண்டான்குளம் பள்ளிகூடத்தில இருந்தனாங்க. அங்க ஒருமாதம் இருந்தம். எங்கட வீட்டுக்குள்ள ஆமி இருந்தாங்க. பேந்துதான் விட்டாங்க.
இங்கு வந்துபார்த்த போது வீடுடைந்து இருந்தது. தரப்பால் தந்தாங்க. அதில போட்டு இருந்தம். இங்க வந்ததும் சரியான கஸ்டம். எங்களுக்கு என்டு சாமான்கள் எல்லாம் வாங்கனும். இப்படியே கூலி வேலைக்குபோய் உழைச்சு வாழ்ந்து கொண்டு இருக்கிறம்.
எங்களுக்கு என்னும் வீட்டுத் திட்டம் தரவில்லை. ஜி.எஸ், ஜி.ஏ எல்லாருடனும் கதச்சும் என்னும் தரவில்லை. எடைந்த வீட்டிலயே இருக்கிறம். எப்பதான் தருவார்களோ தெரியவில்லை.
நான் தான் கூலி வேலைக்குபோயும் பண்ண வேலை செய்தும் எனதுபிள்ளைகள். இருவரையும் கணவரையும் பார்த்து வருகிறேன். நான் இல்லாட்டி என்ற இரண்டு பெண் பிள்ளைகளும் அவரும் என்னதான் செய்வினமோ தெரியவில்லை. என்ர ஒரு மகள். கலியாணம் இன்னும் கட்டல. அவளுக்கு 20 வயது. என்ர ஒரு பிள்ளைக்கு கலியாணம் கட்டி இருந்தன. 6 மாதமே அவள் கணவருடன் குடும்பம் நடத்தினால் இப்ப கணவர்விட்டுட்டு போட்டான். நான்தான் அவளையும் வைத்து பார்க்கிறேன்.
என்ர பெடியள் அவுஸ்திரேலியாவில முகாமில இருக்கிறான். அவனை வௌியால விட்டால்தான் எங்கட வாழ்க்கைச் சிறப்பாக அமையும். அவன் இரண்டு வருசமாக இருக்கிறான் வேலைக்கும் போகிறது இல்லையாம். முகாமில் இருக்கிறது சாப்பிட்டு இருக்கிறான். அவன் எங்களோட போன் கதைப்பான்.
எனக்கு என்னும் வீட்டுத் திட்டம் தரவில்லை. ஜி.எஸ், ஏ.ஜி.ஏ எல்லாரிடமும் கதைச்சனான். கடிதமும் கொடுத்தனான். என்னும் வீட்டுத் திட்டம் பெற்றுத் தரவில்லை. உடைந்த வீட்டுக்குள்தான் என்ர வயதுக்குவந்த பெண் பிள்ளைகளையும் வைத்து குடியமர்த்து வருகிறேன்.
நாங்கள் மீளக்குடியமர்ந்த போது ஒரே பயமாக தான் இருக்கும். நெடுகலும் சி.ஐ.டிமார் மற்றும் ஆமி எல்லாம் வீட்டுக்கு வருவாங்க. விசாரிப்பாங்க. முகாமுக்கு வாங்க. விசாரிக்கணும் என்பாங்க. என்ர தம்பி இயக்கத்தில் இருந்தவர். அவனை பற்றி எல்லாம் விசாரிப்பாங்க. எங்க எண்டு எல்லாம் கேட்பாங்க. அவனை காணவில்லை இறுதி யுத்தம் நடக்கும் வரைக்கும் கண்டனாங்கள். பேந்து என்ன நடந்தது என்றே தெரியவில்லை. அவனும் கலியாணம் கட்டி அவனுக்கும் இரண்டு பிள்ளைகள். அவனுன்ட மனிசிக்கு காலும் ஏலாது. அவங்களையும் நாங்தான் பாக்கிறம். அவங்களையும் சி.ஐ.டி ஆமி எல்லாம் விசாரிப்பாங்க. உங்க கணவரின்ட போட்டோவை தாங்க என்டெல்லாம் கேட்பாங்க. அவவாவும் சின்ன பிள்ளைகளை வைச்சிட்டு சரியாக கஸ்டப்படுகிறா என்ன செய்து. எல்லாத்தையும் சகித்துக் கொண்டு வாழுறம். ஒருநாள் எங்களுக்கு விடிவு கிட்டும்.என்ற நம்பிக்கையால்.
இயக்கம் இருக்கேக்க எங்களுக்கு பயம் இல்லை. இப்ப பயப்பட்டுதான் இருக்க வேண்டியிருக்கும். அதாவது பாதுகாப்பு என்பது குறைவாக இருக்கும். இது கூலி வேலை செய்யிற கஸ்டம். எதோ ஒரு மாதிரி வாழ்க்கையினை நடத்திக் கொண்டு இருக்கிறேன். இப்படியே நாங்கள் பட்ட கஸ்டம் துன்பம் எல்லாத்தையும் சொல்லிக் கொண்டே போகலாம்.
எனவே அரசாங்கமானது எங்கட கிராம அபிவிருத்திக்கு உதவ வேண்டும். இன்றைக்கு கம்பஸ் வரைக்கும் படிச்சவங்களுக்குப் வேலையை குடுக்கிறாங்க இல்லை. படிக்காதவங்களுக்கு எப்படி வேலையினைக் கொடுக்கப் போகுது. எனவே அனைத்து இளைஞர் யுவதிகளுக்கும் வேலை வெட்டி இல்லாதனால தான் இன்றைக்கு போதைப் பொருள் பாவனை களவு கொள்ளை எல்லாம் நடக்கு. அவங்களுக்கு வேலையினை பெற்றுக் கொடுத்த வேற சிந்தனை வராது.
தமிழ் மக்களுக்கு நிரந்தரமான தீர்வு வழங்கப்பட வேண்டும். அவர்கள் தன்மானத்துடன் வாழ வேண்டும் எனவும் விருப்பப்படுகிறேன்.
நன்றி