CMP/MN/MW/PPK/06
Name : Kirutharasa Marymalini
Address : Paalapperumalkaddu, Kuruvil, Mannar
I, Marymalini was born in 1957 at Kurunagar in Jaffna. My mother is a house wife and father was a fisherman. I have two brothers and a sister. I am the eldest child. My parents educated me up to Grade 11. We lived happily, when we were in Jaffna.
In 1990, clashes started between movement and army. So our father took us to Nachchikuda in Kilinochchi. Later, we displaced to Madu, Arippu, Thadchanamaruthamdu and many places.
In 1996, I got married with the consent of my parents. My husband is doing fishing and agriculture. My siblings too have got married and live happily.
I have four children, two boys and two girls. They are all studying. He looks after us with his fishing. My parents also live with me. I look after them also satisfactorily.
In 2007, war broke between army and movement and we had to displace. From 2007 to 2009, we displaced to Periyamadu Nachchikudah, Vanneri, Killinochchi, Iruddumadu in Mullaitheevu and so on to many places. We lost all our belongings and suffered a lot even for food and clothing. We somehow managed to live with our children.
By February 2009, we came to the army via Iruddumadu. They took all of us to Vavuniya Muslim School. Then, they took us to Nedungkulam School. Then, they took us to Maruthamadu camp and provided us temporary house and basic facilities.
By October 2009, we were resettled in our native village. They provided us all basic facilities. We have been given a housing scheme with electricity facility. My husband is doing fishing and his income is insufficient. Life is very challenging. My four children are studying and it is also very difficult. We somehow manage the family.
I can tell many unforgettable incidents but now I will tell one. During the final stage of the war, we underwent lot of hardships for food and security. Above all, it is very strange that we escaped without any injury. This could have been possible only by the grace of god.
The people of our village live unitedly. There is no any caste discrimination. Everybody has helping mind. Employment is the great problem. Many people are unemployed. They all should be provided with employment. Many youths; boys and girls are unemployed and due to this, they live in depression and engage in unwanted activities. Also, they become addict to drugs. At this juncture, the government should come forward to provide employment.
Actually, the war began as all rights for the Tamil people were not given. Now, the war is silenced but the fact is that the government has not yet taken complete action for the peaceful living of the Tamils. Therefore, the government should give all rights to the Tamil community. They should be allowed to live in their own land without any threads.
Still, the problem and controls of the army and CID continue in various areas. Even after seven years have passed since the conclusion of the war, the continuation of threats and pressures are still challenges in the life of Tamil people. Therefore, this situation should be changed. My desire is that we, the Tamils should live with self-respect and equal rights.
Sri Lanka is a multi–ethnic nation. Therefore, we all should live without any ethnic, religious or language differences as the children of a mother with equality and brotherhood.
The difficulties and sufferings faced by the Tamils during the war is explainable and they may be because that we are born in Sri Lanka as Tamils. We cannot explain our sufferings in words. The memories of the past life still bring tears. We never want this sorrowful life hereafter. The wish of our people is that we should live peacefully in our own village at last having something to eat.
Everybody says that we have got a good government. They are doing good things. But we do not know how they are going to give a permanent solution to the Tamil community. Government should follow certain aspects.
1. War crimes should be interrogated and those who were engaged in such crimes should be given punishment.
2. Compensation for destruction of properties and loss of life should be given.
3. The laws and functions of the institutions should be changed according to the present situation.
4. The security for the public should be ascertained.
If the government takes steps to implement the proposals, I fervently hope that our country will achieve progress.
Thanks.
K.Marymalini
නම : කිරුතරාසා මේරී මාලනී
ලිපිනය: පාලයිපෙරුමාල්කට්ටු, කුරුවිල්, මන්නාරම.
මේරි මාලනී වන මම 1977 වසරේ යාපනයේ කුරුනගර් ප‍්‍රදේශයේ ඉපදුණා. මව ගෘහිනියක්. පියා ධීවර කාර්මිකයෙක්. මට බාල සහෝදරවරුන් දෙදෙනෙක් හා සහෝදරියක් සිටිනවා. මම වැඩිමහල් දරුවා. වසර 11 දක්වා අධ්‍යාපනය දෙමව්පියන් මට ලබා දුන්නා. යාපනයේ සිටින කාලයේ අපි ඉතා සතුටින් තමයි ජීවත් වුණේ.
1990 වසරේ කොටි සංවිධානය සහ හමුදාව අතර ගැටුම් ඇති වුණා. එම නිසා පියා අපව රැගෙන කිලිනොච්චියේ නාච්චිකුඩා ප‍්‍රදේශයට ආවා. ඉන්පසු මඩු ප‍්‍රදේශයට අවතැන් වී ගියා. නැවත අරිප්පු, තට්චනා, මරදමඩු යන ප‍්‍රදේශවල අවතැන් වී ජීවත් වුණා.
1996 වසරේ දෙමාව්පියන්ගේ කැමැත්ත මත විවාහ වුණා. මගේ සැමියා ධීවර කාර්මිකයෙක්. ගොවිතැන් කටයුතුවලත් යෙදී සිටියා. මගේ සහෝදරුවරුත් විවාහ වෙලා සතුටින් ජීවත් වෙනවා.
මට දරුවන් 4දෙනෙක් ඉන්නවා. පිරිමි ළමුන් දෙදෙනෙක් හා ගැහැණු ළමුන් දෙදෙනෙක්. ඔවුන් දැනට පාසල් යනවා. ඔහු ධීවර කර්මාන්තයේ යෙදී අපිව රැක බලා ගන්නවා. මගේ මව හා පියා මා සමඟ සිටිනවා. මම ඔවුන් හොඳට රැක බලා ගන්නවා.
2007 වසරේ මෙහි හමුදාව හා කොටි සංවිධානය අතර යුද්ධය ඇවිලුණා. එම නිසා අපට අවතැන් වීමට සිදු වුණා. 2007 වසරේ අවතැන් වී පෙරියමඩු, නාච්චිකුඩා, වන්නේරි, කිලිනොච්චි යන ප‍්‍රදේශවලත්, මුලතිව් දිස්ත්‍රික්කයේ ඉරුට්ටුමඩු ප‍්‍රදේශයටත් අපි ගියා. අපගේ සියලුම දේපල අපට අහිමි වුණා. 2009 වන තෙක් අප විවිධ කරදරවලට මුහුණ දුන්නා. නිසි ලෙස ආහාර හෝ ඇඳුම් පැලඳුම් අපට ලැබුණේ නැහැ. කෙසේ හෝ මගේ දරුවන් ආරක්ෂා කරගෙන විවිධ ස්ථානවල ජීවත් වුණා.
2009 පෙබරවාරි මාසයේදී ඉරුට්ටුමඩු හරහා හමුදා පාලන ප‍්‍රදේශයට ආවා. ඔවුන් අප සියලු දෙනාම රැගෙන ගොස් වවුනියා මුස්ලිම් පාසලේ රැදෙව්වා. ඉන්පසු නෙළුම්කුලම් පාසලට අපව රැගෙන ගියා. ටික දවසකට පසු අපව නැවත මරදමඩු කඳවුරට රැගෙන ගියා. එහි තාවකාලික නිවාස හා මූලික පහසුකම් ලබා දුන්නා. 2009 ඔක්තෝබර් මාසයේ අපේ මුල් ගමේ නැවත පදිංචි වුණා. බලධාරින් සියලුම මූලික පහසුකම් අපට ලබා දුන්නා. නිවාස යෝජනා ක‍්‍රමයෙන් නිවාස ලබාදී, විදුලි බලයත් ලබාගෙන සිටිනවා.
ඔහු ධීවර කර්මාන්තයේ තමයි යෙදී සිටින්නේ. ඔහුගේ ආදායම ප‍්‍රමාණවත් නැහැ. අපට බොහෝ කරදරයි. ළමුන් 4දෙනාම පාසල් යනවා. ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමටත් නොහැකි තත්ත්වයක තමයි අප ඉන්නේ.
අමතක නොකළ හැකි සිදුවීම් බොහෝමයක් තිබෙනවා. එකක් සඳහන් කරන්නම්. අවසන් යුද්ධයේදී අපි ආහාර ලබා ගැනීමටත්, ආරක්ෂාව ලබා ගැනීමටත් විවිධ කරදරවලට මුහුණ දුන්නා. අප කිසිම හානියකින් තොරව බේරී ආපු එක ලොකු දෙයක්. මේක දෙවියන් වහන්සේ අපට කළ පුන්‍ය කර්මයක් කියා සඳහන් කළ යුතුයි.
අපේ ගමේ සියලුම ජනතාව සමගියෙන් ජීවත් වෙනවා. කිසිම කුල භේදයක් නැහැ. සියලුදෙනා අන් අයට උදව් කළ යුතුයි යන්න හැගීමෙන් තමයි ඉන්නේ. නමුත්, රැකියා අවස්ථා ලබා ගැනීම ප‍්‍රශ්නයක් වෙලා තියනවා. බොහෝ අය රැකියා නැතුව සිටිනවා. ඔවුන් සියලුදෙනාටම රැකියා අවස්ථා ලබා දිය යුතුයි. විශේෂයෙන් තරුණ තරුණියන් විරැකියාවෙන් පෙළෙනවා. එම නිසා ඔවුන් මානසික පීඩනයකට ලක්වී අනවශ්‍ය දේවල්වල යෙදීමටද පෙළඹෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයටත් ඇබ්බැහි වෙනවා. මෙම පසුබිම තුළ ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීමට රජය මැදිහත් විය යුතුයි.
ඇත්ත වශයෙන්ම දෙමළ ජනතාවට හිමිවිය යුතු අයිතිවාසිකම් සියල්ල ලබා නොදීම හේතුවෙන් තමයි මේ යුද්ධය ඇවිලුණේ. අද යුද්ධය අවසන් වී තිබෙන බව ඇත්ත. නමුත්, අද වන තෙක් දෙමළ ජනතාව සැනසිල්ලේ ජීවත්වීමට අවශ්‍ය විධි විධාන රජය විසින් ක්‍රියාත්මක කරලා නැහැ. එය තමයි සත්‍යය. එම නිසා රජය දෙමළ ජනතාවට සියලුම අයිතිවාසිකම් ලබාදී, ඔවුන්ට කිසිම තර්ජනයකින් තොරව තමන්ගේ ගම්බ්ම්වල ජීවත්වීමට විධි විධාන යෙදිය යුතුය.
අද විවිධ ප‍්‍රදේශවල සී අයි. ඩී. නලිධාරින්ගෙන් හා හමුදා නලිධාරින්ගේ ප‍්‍රශ්නවලට ජනතාව මුහුණ දෙමින් සිටිනවා. යුද්ධය අවසන්වී වසර 7ක් ගෙවී ගියත් තර්ජන හා මර්දනකාරී ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු වෙනවා. මෙය දෙමළ ජනතාවගේ ජීවිතයට තර්ජනයක් ඇති කරන සිදුවීම් ලෙස සඳහන් කළ හැකියි. එම නිසා මෙම තත්ත්වය වෙනස් විය යුතුයි. දෙමළ ජනතාව වන අපි ආත්මාභිමානයෙන් හා සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය යුතුයි යන්න මගේ කැමැත්තයි.
ශ‍්‍රී ලංකාව බහු වාර්ගික කණ්ඩායම් ජීවත් වන රටක්. එම නිසා ජාතිය, ආගම, භාෂාව වැනි කිසිම භේදයකින් තොරව එකම මවකගේ දරුවන් මෙන් අප සියලුදෙනාම සමානත්වයෙනන්, සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි. එයයි මගේ ආශාව.
දෙමළ වශයෙන් ඉපදීම හේතුවෙන් දමිළ ජනතාවට යුද්ධ කාලයේදී විවිධ කරදරවලටත්, වේදනාවලටත් මුහුණදීමට සිදු වුණා. අපට මුහුණපාන්නට සිදුවූ දුක් කන්දරාව වචනවලින් විස්තර කරන්න බැහැ. එම ජීවිතය ගැන සිතා බලන විට ඇස්වලට කදුළු උනනවා. මෙවැනි වේදනාකාරී ජීවිතයක් අපට එපා. අපේම ගමේ කැඳ බීලවත් සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. මෙය තමයි ජනතාවගේ කැමැත්ත.
අපට දැන් හොඳ රජයක් ලැබී තිබෙන බව සියලුදෙනාම කියනවා. රජය හොඳ දේවල් කරනවා තමයි. නමුත්, දෙමළ ජනතාවට ස්ථිර විසඳුමක් ඔවුන් ලබා දෙන්නේ කෙසේද කියා මම නොදනිමි. රජය ප‍්‍රධාන වශයෙන් කරුණු කීපයක් පිළිපැදිය යුතුයි.
1. යුද අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයන් පවත්වා ඔවුන්ට දඬුවම් ලබාදිය යුතුයි.
2. දේපල හා ජීවිත හානි සඳහා වන්දි හා හානිපූරණ ලබාදිය යුතුයි.
3. නීති රීති හා ආයතන වත්මන් යුගයට ගැළපෙන ආකාරයෙන් ප‍්‍රතිසංස්කරණය කළ යුතුයි.
4. ජනතාවගේ ආරක්ෂාව තහවරු කළ යුතුයි.
මෙවැනි ක්‍රියාකාරකම් රජය ක්‍රියා කළහොත් අපේ රට මනා සංවර්ධනයක් කරා යොමු විය හැකිය.
ස්තුතියි.
CMP/MN/MW/PPK/06
பெயர்: கிருதசாரா மேரிமாலினி
முகவரி: பாலப்பெருமாள்கட்டு, குருவில், மன்னார்
மேரி மாலினி ஆகிய நான் 1977ம் ஆண்டு யாழ்ப்பாணம் குருநகரில் பிறந்து வளர்ந்தேன். எனக்கு இரண்டு தம்பியும் ஒரு தங்கையுமாகும். நான் தான் மூத்தப் பிள்ளை. என்னை அப்பா அம்மா 11ம் வகுப்பு வரைக்கும் படிப்பிச்சாங்க. நாங்கள் யாழ்ப்பாணத்திலை இருக்கும் போது சந்தோசமாகத்தான் இருந்தம்.
1990ஆம் ஆண்டு இயக்கம், ஆமிக்கு இடையில பிரச்சினை அதனால எங்களை அப்பா கூட்டிக் கொண்ட கிளிநொச்சி நாச்சிக்குடாக்கு கூட்டிக்குகொண்டு வந்தாங்க. பேந்து மடுக்கு இடம்பெயர்ந்து அரிப்பு, தட்சனாமருதமடு என பல இடங்களுக்கு இடம்பெயர்ந்து வளர்ந்து வந்தம்.
1996ம் ஆண்டு அப்பா அம்மாவின் சம்மதத்துடன் கல்யாணம் கட்டினாள் என்ர அவர் மீன்பிடியும், விவசாயமும் செய்து வருகிறார். என்ர சகோதரர்களும் கலியாணம் கட்டி இருப்ப சந்தோசமாக இருக்கினம்.
எனக்கு 24 பிள்ளைகள் இரண்டு ஆம்பிளைப் பிள்ளையும் 2 பெண் பிள்ளைகளுமாவர். அவர்கள் படிச்சுக் கொண்டு இருக்கினம். அவர் கடற்தொழிலுக்கு போய்தான் எங்களைப் பார்த்துக் கொண்டு இருக்கிறார். என்ர அம்மா அப்பாவுடன் என்னுடன்தான் இருக்கினம். அவர்களையும் நான் நல்லாத்தான் பார்த்துக் கொண்டிருக்கிறன்.
2007ஆம் ஆண்டு இங்க ஆமிக்கும் இயக்கத்துக்கும் சண்டை அதனால இடம்பெயர வேண்டி ஏற்பட்டது. 2007ஆம் ஆண்டு இடம்பெயர்ந்து பெரியமடு, நாச்சிக்குடா, வன்னேரி, கிளிநொச்சி, முல்லைத்தீவின் இருட்டுமடு என பல இடங்களுக்கு இடம்பெயர்ந்து சொத்துக்கள் எல்லாத்தையும் இழந்துதான் 2009ம் ஆண்டுவரைக்கும் நாங்கள் பட்ட கஷ்டம் அதிகம். உணவு, உடைக்கே சரியான கஸ்டம் ஒரு மாதி என்ர பிள்ளைகளையும் சமாளித்துக் கொண்டு அங்க வந்திட்டம்.
2009ம் ஆண்டு 2ம் மாதம் அளவில் இருட்டுமடு ஊடாக ஆமிட்ட வந்தம் அவங்கள் எங்கள் எல்லோரையும் கூட்டிக் கொண்டு போய் வவுனியா முஸ்லீம் பள்ளிக்கூடத்தில் கூட்டிக் கொண்டு போய்விட்டாங்க. பேந்து எங்களை ஏத்திக் கொண்டு நெளுக்குளம் பள்ளிக்கூடத்தில் விட்டாங்கள். பேந்து கொஞ்ச நாளால எங்களை ஏத்திக் கொண்டு மருதமடு முகாமிலை விட்டாங்க அங்க தற்காலிக வீடும் அடிப்படை வசதிகளும் செய்து தந்தாங்க.
2009ம் ஆண்டு 10ம் மாதம் அவங்கட சொந்த கிராமத்தில் குடியமர்த்தினாங்க. எங்களுக்கு அடிப்படை வசதி எல்லாம் செய்து தந்தாங்க. இப்ப வீட்டுத் திட்டம் எல்லாம் தந்து கரண்டும் எடுத்து வாழுறம்.
அவர் மீன்பிடி தொழிலைத் தான் செய்யுறார். அவரின் வருமானம் காணாது சரியான கஸ்டம்தான். என்ர பிள்ளைகள் 4 பேரும் படிக்கிறாங்க. அவர்களை படிப்பிக்கிறதே சரியான கஸ்டம். ஒரு மாதிரி குடும்பத்தினை கொண்டு நடத்திக் கொண்டு போறம்.
என்னால மறக்க முடீயாத சம்பவங்கள் என்டு சிலத சொல்லலாம். ஆனாலும் ஒன்றை சொல்லுறன். இறுதிக் கட்ட யுத்தத்தின் போது நாங்கள் உணவுக்காகவும், பாதுகாப்புக்காகவும் பட்ட கஷ்டம் அதிகம். அது மட்டுமல்லாமல் எந்தவித கஷ்டமும் இல்லாம வந்ததே பெரும் விசயம். இது கடவுள் செய்த புண்ணியம் என்றுதான் சொல்ல வேண்டும்.
எங்கட கிராம மக்கள் ஒற்றுமையாகத்தான் இருக்கிறாங்க. எந்தவிதமான சாதிப் பாகுபாடுகளும் இல்லை. எல்லோருக்கும் உதவும் குணம் உண்டு. வேலைவாய்ப்பு என்பதுதான் பெரும் பிரச்சினையாக இருக்கு. நிறைய பேர் வேலை இல்லாமல் இருக்கிறாங்கள். அவங்கள் அனைவருக்கும் வேலைவாய்ப்பு கிடைக்க செய்ய வேண்டும். அங்க நிறைய பேர் அதாவது இளைஞர் யுவதிகள் வேலைவாய்ப்பு இல்லாமல் இருக்கிறாங்க. இதனால் அவங்கள் மன உளைச்சலுக்கும் முறையற்ற வேண்டத்தகாத தொழில்களில் ஈடுபடுவதுடன் போதைப் பாவனைக்கும் அடிமையாகிக் கொண்டிருக்கினம். இந்த நிலைமையில் தொழில்வாய்ப்பினை பெற்றுக் கொடுக்க அரசுமுன்வர வேண்டும்.
உண்மையிலேயே தமிழ் மக்களுக்கான சகல உரிமைகளும் வழங்கப்படாததனால் தான் சண்டை தொடங்கினது. இன்று சண்டையினை மௌனிக்க வைத்ததுவும் உண்மை. ஆனால் இன்று வரைக்கும் தமிழ் மக்கள் நிம்மதியாக வாழ்வதற்குரிய வழிவகைகளை அரசாங்கம் முழுமையாக செய்யவில்லை என்பதுதான் உண்மை. எனவே அரசாங்கம் தமிழ் மக்களுக்கான சகல உரிமைகளும் வழங்கப்பட வேண்டும் அவர்கள் எந்தவிதமான அச்சுறுத்தல்களும் இல்லாமல் தங்களின் சொந்த நிலங்களில் வாழ வகை செய்ய வேண்டும்.
ஆமி மற்றும் சி.ஐ.டியின் பிரச்சினையும் கெடுபிடியும் பல்வேறு பகுதிகளில் இன்றும் இடம்பெற்று வருகின்றது. இன்று போர் முடிந்து 7 வருடங்களினைக் கடந்த நிலையிலும் அச்சுறுத்தல்களும் கெடுபிடிகளும் தொடர்ந்து வருவது தமிழ் மக்களின் வாழ்க்கைக்கு அச்சுறுத்தல் விடுக்கும் சம்பவமாகவே இருந்து வருகின்றது. எனவே இந்த நிலைமைகள் மாறவேண்டும். தமிழ் மக்களாகிய நாங்கள் சுயகௌரவத்துடன் சமஉரிமையுடன் வாழ வேண்டும் என்பது எனதுவிருப்பம்.
பல்லின மக்கள் வாழும் நாடு எம் இலங்கை. எனவே, இனம், மதம் மொழி வேறுபாடு இல்லாமல் ஒரு தாய் மக்களாக சமத்துவம் சகோதரத்துவத்துடன் வாழ வேண்டும்.
இலங்கையிலை தமிழனாக பிறந்ததுக்கோ என்னமோ தெரியவில்லை. தமிழ் மக்கள் போரின் போது கஷ்டத்துக்கும் துன்பத்துக்கும் அளவில்லை. நாங்கள் பட்ட துன்பங்களினை சொற்களினால் சொல்ல முடியாது. அந்த நாள் வாழ்க்கையினை நினைத்தாலே அழுகைதான் வரும். இப்படி துன்பமான வாழ்க்கை எனி வேண்டாம். எங்கட சொந்த கிராமத்திலை கஞ்சியைக் குடிச்சாவது நிம்மதியாக இருக்கனும். இதுதான் எங்கள் மக்களின்ட விருப்பம்.
நல்லதொரு அரசாங்கம் எங்களுக்கு கிடைச்சிருக்கு என்டு எல்லாரும் சொல்லுறாங்க. நல்லதை செய்யிறாங்கதான ஆனால் தமிழ் மக்களுக்கு நிரந்தரமான தீர்வினை எப்பிடித்தான் வழங்கப் போகிறார்கள் என்று தெரியவில்லை. அரசாங்கமானது பிரதானமாக சில விடயங்களினை கடைப்பிடித்து ஆக வேண்டும்.
1. போர்க்குற்றங்களில் ஈடுபட்டபவர்களினை விசாரித்து அவர்களுக்கான தன்மையினை வழங்க வேண்டும்.
2. சொத்தழிவு மற்றும் உயிரிழவுக்கான நட்ட ஈட்டினை வழங்க வேண்டும். 3. சட்ட திட்டங்கள் மற்றும் நிறுவனங்களின் செயற்பாடுகளை தற்கால சூழலுக்கு ஏற்ப மாற்றி அமைக்க வேண்டும். 4. மக்களின் பாதுகாப்பினை உறுதிப்படுத்த வேண்டும். இவ்வாறான செயற்பாடுகளை அரசாங்கம் முன்னெடுத்தால் எங்களின் நாடு சிறப்பான முன்னேற்றத்தினை நோக்கி நகரும் என்றது எனது நம்பிக்கை.
நன்றி.