There is nobody to console

Sharing of the tragic life story of a woman.


සැනසිල්ලේ වචනය කියන්න කිසිවෙක් නැත

කාන්තාවකගේ ඛේදජනක ජීවිත කතාව බෙදා ගැනීම.


ஆறுதல் வார்த்தை சொல்ல கூட யாரும் இல்லை

ஒரு பெண்ணுடைய சோகம் நிறைந்த வாழ்வு பற்றிய பகிர்வு.



CMP/MN/MW/MAK/02

Biography
I had mother, father and three brothers. I am the fourth and last child of our family. When I was studying in Grade 8, my father remarried. Then we underwent lot of hardships with our mother. We had to find money on our own for our studies. I was a clever student in our class. Due to the terrible family condition, I hated studies. That time my only brother lost his life in the war. After sometime my elder sisters got married one by one and left home. Owing to displacement, only I and my mother were alone and suffered a lot. Then, at a very young age, I served as a Health Labourer at Vellankulam Hospital. My salary was Rs.1500/=. That time, heavy war started in Mannar district. When I was forcibly caught to fight in the war, I immediateley got married. In the name of marriage, I had spoiled my life. I thought it was a good life and later I felt marriage was a hell and suffered a lot. I got much money but lost peace of mind. That life did not last long. It went on for four years and I got two beautiful female children. Then, my husband went to Colombo for employment and his life has changed. Now, I am alone. I have no any job. I did not lose hope even after continuous displacement. My ambition to bring up my two children was in my mind. Due to continuous displacement, new places and new faces, I could not ask any help from anyone. Life was very difficult. I did some odd jobs for low salary in some organizations and brought up my children. Five years passed with the war. As the children grew up, more money was needed. I lost everything in war, my mother expired, my husband missing, my brother also died and I came back to our village. When some good souls came to shoulder my hardships, for the sake of my children, I left away from them. But I was determined to come up in life for my children. When I came to resettle, I thought my father would help and I went to him for help. But, he arrogantly and selfishly scolded me and chased me out to the streets in rejection.

I felt more determined and went to the police, went to the Mediation Board, went to the Women’s Society and went to the Manthai West Divisional Secretary; nevertheless wherever I go there was no justice at all and I felt so dejected. Finally, I went to the Court, trusting that justice would be meted out. I put up a hut in the frontal land area of my paternal relative’s house and lived like a dog within ten feet plot of land. My paternal relative’s everyday intentionally insulted me and I was hurt mentally and shed tears. I expected consolation from them but I received only humiliation. Because, I was gradually getting on in life while living in their land. They resent my progress in life. They never allowed me to live peacefully and used force on me. I endured all pain. They spread evil opinions against me in order to stop all others helping me. Beyond all these, a Parish Priest helped me and my children a lot. Because, he had seen their insults personally and he took it as a challenge.

As I progressed in life a little, they chased me out to the streets in jealousy. I thought my sister would help me and went to her house. There also the situation was same. I stayed there for many months as a servant. Later, I set up a small cottage nearby. I thought why God had been giving me such miseries and troubles right from my very small age.

01
Is it for my pure mind or for my kind nature? There is none to say a few words of consolation. Whoever sees me they are keen trying to use me as a labourer or snatch my money. I am living in an unkind society.

I am having a home garden where I stay now and earn a little income daily. I manage to meet the family and school expenses. To this date, I have no land or house and live in other’s land without any basic facilities and suffer a lot. During rainy season, the cottage leaks and during windy season, the roof will fly away. Even in this pathetic condition, some arrogant women try to crush me. How can I bear such arrogance?

Some women are of arrogant nature. If we want to live among them, we too should live arrogant. I, who live on my own way, trust God and get up every morning hoping that God will always with me and go to the garden. Like this my gloomy life and my age are passing away.

Thanks.

Chanthira.




මගේ ජීවිත කතාව
මට දෙමව්පියෝ හා සහෝදරවරුන් තිදෙනෙක් සිටියා. මම 4 වෙනි බාල දරුවා. මා 8 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා විට මගේ පියා වෙන විවාහයක් කර ගත්තා. එම නිසා අපට අපගේ මව සමඟ බොහෝ දුක් කරදර වලට මුහුණ දීමට සිදුවුණා. අපට අවශ්‍ය මුදල් අපම උපයා ගෙන අධ්‍යාපන කටයුතුවල යෙදීමට සිදුවුණා. මා මගේ පන්තියේ හොඳට ඉගෙනුම් කටයුතු කරන ශිෂ්‍යාවක්. අපේ පවුලේ සිදුවූ දැඩි කැළඹිලි තත්ත්වය හේතුවෙන් මට අධ්‍යාපනයේ පිළිකුලක් ඇති වුණා. මේ අවස්ථාවේදී මගේ එකම සහෝදරයා යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වුණා. ටික කලකට පසු සහෝදරියන් එක් එක් කෙනා විවාහවී අපෙන් වෙන්වී ගියා. අන්තිමට ඉතුරු වුනේ මායි මගේ මවයි. අපි දෙදෙනාම තනියෙන් දුක් වින්දා. එයට හේතුව අවතැන්වීම. මම කුඩා කලම වෙල්ලාංකුලම් රෝහලේ සෞඛ්‍ය සහායකවරයෙකු වශයෙන් වැඩ කළා. ඒ කාලයේ මට රුපියල් 1500 ක් වැටුප් වශයෙන් ලැබුණා.

මේ කාල වකවානුවේදී මන්නාරම දිස්ත්‍රික්කයේ දරුණු සටන් ඇවිලූණා. මාව බලෙන් යුද්ධයට බඳවා ගැනීමට අල්ලා ගත් අවස්ථාවේ මා වහා විවාහ වුණා. විවාහ ජීවිතය සතුටින් ජීවිතයක් වේවි යැයි මා බලාපොරොත්තු වුනා. නමුත් විවාහය හේතුවෙන් මට ලැබුණ අපාය ජීවිතය ගැන සිතා පසුව මම දැඩි ලෙස වේදනාවට පත්වුණා. හුඟාක් මුදල් තිබුණා. සිහි බුද්ධිය තිබුණේ නැහැ. එම ජීවිතය දිගටම ගියේ නැහැ. වසර 4 ක් ගතවුණා. ලස්සන ගැහැණු ළමයින් දෙදෙනෙක් හම්බ වුණා. ඉන්පසු මගේ ජීවිතයේ නැවතත් විශාල සුළි සුළඟක් ඇති වුණා. සැමියා රැකියාව සඳහා කොළඹ ප්‍රදේශයට ගියා. ඉන්පසු ඔහුගේ ජීවිතය වෙනස් වුණා.

මේ කාල වකවානුවේ මා තනිවුණා. රැකියාවක් තිබුණේ නැහැ. අඛණ්ඩව අවතැන් වීමට සිදුවුණා. නමුත් මා අධෛර්යට පත්වුනේ නැහැ. දරුවන් දෙදෙනා හොඳට හදා වඩා ගත යුතුයි යන අරමුණ මා සිත තුළ තිබුණා. අඛණ්ඩව සිදුවූ අවතැන්වීම්, නාඳුනන ප්‍රදේශ, නාඳුනන පුද්ගලයන්, කිසිම කෙනෙකුගෙන් හවුහරණක් ලබා ගැනීමට නොහැකි තත්ත්වය. එය ඉතාම දුෂ්කර ජීවිතයක් වුණා. කුඩා ආයතනවල අඩු වැටුපකට වැඩ කිරීමෙන් මගේ දරුවන් මා රැක බලා ගත්තා. මෙසේ වසර 5 ක් යුද්ධය පැවතුණා. ළමයින් වැඩෙන විට මුදල් අවශ්‍යතා වැඩිවුණා. යුද්ධයේදී මගේ මව මිය ගියා. සැමියා ආගිය අතක් නැහැ. මගේ සහෝදරයාත් මිය ගියා. නැවතත් අපි අපේ ගමට පැමිණියා. මගේ ජීවිතයේ යම් යහපත් පුද්ගලයන් මට උදව් කිරීමට ඉදිරිපත් වු අවස්ථාවල පවා මා ඔවුන්ගෙන් දුරස්ථ වුණා. මගේ දරුවන් වෙනුවෙන් මම යම් දෙයක් කළ යුතු යයි යන අධිෂ්ඨාණය මා සිත තුළ දැඩි ලෙස මුල් බැසගෙන තිබුණා. නැවත යළි පදිංචි වීමට පැමිණි අවස්ථාවේ මට සහනයක් ලැබේවී කියා මම මගේ පියාට කිව්වා. මගේ සැමියා වන දුෂ්ටයා ඔහුගේ ආත්මාර්ථකාමිත්වය හේතුවෙන් මට අපහාස කර, කරදර කර මාව මහ මඟ ඇද දැම්මා.

මගේ අධිෂ්ඨාණය තවදුරටත් වැඩි වුණා. පොලිසියට ගියා. යුක්තිය ලැබුණේ නෑ. සමථ මණ්ඩලයට ගියා. එහෙත් යුක්තිය ලබා ගැනීමට බැරි වුණා. කාන්තා සංසදයට ගියා. එයිනුත් ප්‍රයෝජනයක් වුනේ නැහැ. මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම්වරයා හමුවුණා. කොහෙ ගියත් අවසානයේ මට ලැබුණේ පරාජයයි. අවසානයේ අධිකරණයට ගියා. එහි යුක්තිය ලබා ගැනීමට හැකිවේ යැයි යන විශ්වාසය තිබුණා. මගේ පියාගේ ඥාතීන්ගේ ඉඩමක අඩි 10 ක බිම් ප්‍රමාණයක බල්ලෙක් වාගේ කුඩා පැල්පතක් අටවා ගෙන මම ජීවත් වුණා. එවැනි දුක්බර ජීවිතයේදී මගේ පියාගේ ඥාතීන් මට අපහාස කර දිනපතා මට විවිධ ආකාරයෙන් කරදර කළා. මා කඳුලූ සලන තත්ත්වයට පත්කළා.

මට සහනයක් ලැබේවී කියා මා විශ්වාස කළා. නමුත් ලැබුණේ අපහාසය පමණයි. හේතුව ඔවුන්ගේ ඉඩම තුළ මා ජීවත්වීමට ඔවුන් කැමැත්තක් නොදැක්වීමයි. කිසිම අවස්ථාවක මට සැනසීමක් ලැබුණේ නැහැ. අඛණ්ඩව ප්‍රචණ්ඩත්වය සිදුවුණා. සියලූම දුක් වේදනාවන් විඳ දරා ගත්තා. මට උදව් උපකාර කිරීමට පැමිණි අයව ඔවුන් එලවා ගත්තා. මා ගැන වැරදි ප්‍රතිචාරයන් පැතිරුවා. මෙම තත්ත්වය අභිබවා පල්ලියේ පූජකවරයෙක් මටත් මගේ දරුවන්ටත් උදව් රාශියක් කළා. එයට හේතුව මේ පුද්ගලයන් මට කළ සෑම හිරිහැරයක්ම පූජකවරයා අධීක්ෂණය කිරීමයි. මගේ තත්ත්වය ඔහුට අභියෝගයක් විය.

ඉන්පසු මා එක්තරා ප්‍රමාණයකට දියුණු වීමෙන් අනතුරුව ඊර්ෂ්‍යාවෙන් ඔවුන් එම ස්ථානයෙන් මාව පලවා හරියා. මගේ සහෝදරිය මට උදව් කළාවී යන විශ්වාසයෙන් මම ඇයගේ නිවසට ගියා. නමුත් එහිදීත් එම තත්ත්වයටම මුහුණදීමට සිදුවුණා. එම නිවසේ මාස කීපයක් මෙහෙකාරියක් ලෙස ජීවත්වීමට සිදුවුණා. ඉන්පසු ළඟ ප්‍රදේශයක පැල්පතක් තනා ගත්තා. මම මොහොතකට කල්පනා කර බැලූවා. මගේ කුඩා කල සිටම දෙවියන් වහන්සේ මට මෙතරම් දුක් වේදනාවන් ලබා දෙන්නේ ඇයි? මගේ හොඳ නිසාද? මගේ කරුණාවන්තභාවය නිසාද? මට සැනසිලි වචන කීමට කිසි කෙනෙක් හිටියේ නැහැ. මාව දකින ඕනෑම පුද්ගලයෙක් මගෙන් යම් වැඩක් ලබා ගැනීමට උත්සාහ දැරුවා. එසේ නැත්නම් මගේ බඩු බාහිර නැත්නම් මුදල් මගෙන් ලබා ගැනීමේ අරමුණින් තමයි කටයුතු කළේ. ඉතා අකාරුණික සමාජයක තමයි මම ජීවත් වෙන්නේ.

මා දැනට සිටින ස්ථානයේ කුඩා ගෙවත්තක් වගා කළා. දිනපතා එයින් මට සුළු ආදායමක් ලැබුණා. මෙය එදිනෙදා පවුල් වියදම් වලටත්, ළමයින්ගේ පාසල් වියදම් සඳහාත් පාවිච්චි කරනවා. අද වන තෙක් මට කියා නිවසක් හෝ ඉඩමක් නැහැ. තවත් පුද්ගලයෙකුගේ ඉඩමක පදිංචි වී සිටිනවා. මූලික පහසුකම් වලින් තොරව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරනවා. නිවස වැස්සට තෙමෙනවා. සුළඟකදී වහල ඉගිලී යනවා. මෙම අවස්ථාවේ අකාරුණික අය (කාන්තාවන්) මට විරුද්ධව කටයුතු කරනවා. මගේ කුඩා සිත මේවා විඳ දරා ගන්නේ කෙසේද?

සමහර කාන්තාවන් ඉතා නපුරු ගතිගුණ වලින් සමන්විත අය වෙනවා. එවැනි අය සමඟ ජීවත් වෙනවා නම් අපත් එවැනි නපුරු ගතිගුණ සහිතව සිටිය යුතුයි. තනියම ජීවත් වන මට දෙවියන් වහන්සේගේ උදව් ලැබේවි කියා මා විශ්වාස කරමින් සැම දිනකම උදේම නැගිටිනවා. වත්තට යනවා. මගේ ශෝචනීය ජීවිතය මෙසේ ගෙවී යනවා.
ස්තුතියි.


CMP/MN/MW/MAK/02

எனது வாழ்க்கை வரலாறு

எனக்கு தாய் தந்தை மூன்று சகோதரர்கள் இருந்தார்கள். எமது வீட்டில் நான் நான்காவது கடைசிப் பிள்ளை. நான் எட்டாம் தரம் படிக்கும் போதே எனது தந்தை வேறு திருமணம் செய்துவிட்டார். எனவே எனது தாயாருடன் நாங்கள் மிகவும் கஸ்டப்பட்டோம். ஆனால் எமக்கென தேவைக்கேற்ப பணத்தினை நாங்களே தனக்குத்தானே தேடி கல்வி கற்க வேண்டிய நிலைமை ஏற்பட்டது. நான் எனது வகுப்பில் நன்றாக படிக்கும் ஒரு மாணவி.எமது குடும்பத்தில் வீசிய புயல் காரணத்தால் கல்வியில் எனக்கு வெறுப்பு ஏற்பட்டது. இவ்வேளையில் எனது ஒரே ஒரு சகோதரன் யுத்தத்தில் வீரச்சாவை தழுவிக் கொண்டார். சில காலங்களின் பின்னர் எனது சகோதரிகள் திருமணம் செய்து ஒவ்வொருத்தராக தப்பினேன் பிழைத்தேன் என்று சென்று விட்டார்கள். விடுதியில் நானும் எனது தாயாருமே மிகவும் தனித்து துன்பப்பட தொடங்கினோம். காரணம் இடப்பெயர்வு. எனவு நான் மிக சிறு வயதிலேயே வௌ்ளாங்குள வைத்தியசாலையில் சுகாதார சேவையாளராக கடமையாற்றினன். அப்போது எமக்கு சம்பளம் பணம் 1500 ரூபாய் ஆகும். இதே வேளையில் எமது மன்னார் மாவட்டத்தில் பயங்கர யுத்தம் ஆரம்பிச்சது. அவ்வேளையில் என்னை யுத்தத்திற்கு பலவந்தமாக பிடிக்கப்பட்ட வேளையில் உடனே நான் திருமணம் செய்துவிட்டேன். முதலாவது தடவையாக திருமணம் என்ற பெயரில் என் வாழ்க்கை எரித்துவிட்டேன். நல்ல வாழ்க்கை என்று நினைத்தேன். திருமணம் போல் ஒரு நரக வாழ்க்கை என் வாழ்வில் வந்ததை எண்ண மிக மிக பின்பு வேதனைப்பட்டேன். நிறைபணம் வந்தது. ஆனால் நிம்மதி சென்று விட்டது. ஆனால் அவ்வாழ்க்கை எனக்கு நிலைக்கவில்லை. நான்கு வருடங்கள் ஆயின. இரண்டு அழகான பெண் குழந்தைகள் இதன் பின்பு என் வாழ்வில் பெரும் புயல் வீசியது. எனது கணவர் கொழும்பு வேலை விடயமாக சென்றார். அவரின் வாழ்க்கை மாறிவிட்டது.

இப்போது நான் தனித்துவிட்டேன். தொழில் இல்லை. செய்த வேலையும் இல்லை. தொடர்ச்சியான இடப்பெயர்வு. ஆனால் நான் தளர்ந்து போய்விடவில்லை. இரண்டு பிள்ளைகளையும் வளர்த்தெடுக்க வேண்டும் என்ற குறிக்கோள் என் மனதை ஆட்சி செய்தது. தொடர்ச்சியான இடப்பெயர்வு. இனம் தெரியாது. மாவட்டம் மனிதர்கள் கஸ்டம். சில சிறு நிறுவனங்களில் குறைந்த சம்பளத்திற்கு வேலை செய்து எனது குழந்தைகளை வளர்த்து வந்தேன். யுத்தத்தில் ஐந்துவருடங்கள் ஓடிப்போயின. பிள்ளைகள் வளர வளர நிதி கூடுதலாக தேவைப்பட்டது. யுத்தத்தில் எல்லாவற்றையும் இழந்து அதாவது எனது தாய் இறந்து விட்டார். கணவரை காணவில்லை. எனது சகோதரனும் இறந்த நிலையில் மீண்டும் எமது கிராமத்திற்கு வந்துவிட்டேன். என் வாழ்விலும் சில நல்ல உள்ளங்கள் தோள் கொடுக்க வரும் போதெல்லாம் நான் தூரவே சென்றுவிட்டேன். எனது குழந்தைகளுக்காக ஆனால் நான் சாதிக்க வேண்டும் என்ற வைராக்கியம் என் மனதில் ஆழமாகவே இருந்தது. மீண்டும் மீள்குடிக்குவந்த போது எனக்கு ஆதரவு கிடைக்கும் என்று எனது தந்தையாரிடமும் சென்றேன். அந்த சரகாசுரன் என்னை உயிருடன் எரித்துவிட்டான். தனது சுயநலத்திற்கு என்னை கேவலப்படுத்தி துன்பப்படுத்தி என்னை புறக்கணித்து துரத்தி றோட்டில் விட்டான்.

நான் இன்னும் வைராக்கியத்திற்கு ஊறிப்போய்விட்டேன். பொலிஸிற்கு போனேன். நீதி கிடைக்கவில்லை. இணக்க சபை போனேன். நீதி கிடைக்கவில்லை. மாதர் ஒன்றியம் போனேன். அங்கும் வேலை இல்லை. மாந்தை மேற்கு பிரதேச செயலளரிடம் சென்றேன். ஏமாற்றம். எங்குபோனாலும் தோல்வி. இறுதியாக நீதி மன்றம் சென்றேன். அங்கு நீதி கிடைக்கும் என்ற நம்பிக்கயைில் எனது தந்தையின் உறவுகளின் முற்றத்தில் நாய் போன்று பத்தடி நிலத்தில் நான் தனியாகவே சிறுமாட்டுக் கொட்டில் போன்று அமைத்துக் கொண்டு வாழ்ந்து வந்தேன். அப்படியான துன்பமான என் வாழ்க்கையிலே என் தந்தையின் உறவுகள் வேதனைப்படுத்தி, அவமானப்படுத்தி தினம்தோறும் என்னை கண்ணீர் விட வைத்துதங்களின் வெறியாட்டத்திற்குஎன்னை ஆளாக்கினார்கள். ஆறுதல் கிடைக்கும் என்று நம்பினேன். அவமானம் தான் கிடைத்தது. காரணம் நான் அவர்குளின் முற்றத்தில் இருக்கும் போதே கொஞ்சம் கொஞ்சமாக முன்னேற வௌிக்கிட்டேன். அவர்குளுக்குபிடிக்கவில்லை. ஒருநேரம் கூட சந்தோசம் நிம்மதி கிடைக்கக் கூடா என்று என்னை உதவி செய்ய வருவோர்க்கெல்லாம் கேவலமான வார்த்தைகள் பரப்பிவிட்டார்கள். இதையும் தாண்டி ஒருபங்குத்தந்தை எனக்கும் பிள்ளைகளுக்கும் நிறைய உதவிகளை செய்தார். காரணம் இவர்களின் துன்புறுத்தலை நேராக பங்குத்தந்தை கண்காணித்துவிட்டார். என் நிலையை சவாலாக எதிர்நோக்கினார்.

பின் நான் கொஞ்சம் முன்னேறிய பின் பொறாமையில் அவ்விடத்தை விட்டு துரத்தி றோட்டில் விட்டார்கள். நான் என் சகோதரி எனக்கு ஆதரவாக இருப்பா என்றுஎண்ணி அவளின் வீட்டிற்குவந்தேன். நிலவுக்கு பயந்து பரதேசம் போனாலும் அங்கும் அதே நிலை தான் என்று புரிந்து கொண்டேன். அந்த வீட்டில் வேலைக்காரிய பல மாதங்கள் இருந்தேன் அதன் பின் அருகாமையில் எனக்கென சிறுகொட்டில் அமைத்துக் கொண்டேன். ஒருகணம் சிந்தித்தேன். ஏன் ஆண்டவன் இப்படியான சோதனையையும் வேதனையையும் மிகச் சிறிய வயதிலிருந்து தந்து கொண்டிருக்கின்றான் எனது நல்ல மனதிற்கா அல்லது இறக்கப்பட்ட குணத்திற்கா என்று தெரியவில்லை. ஆறுதல் வார்த்தை சொல்ல கூட யாரும் இல்லை. என்னை கண்டவுடன் யாராலும் என்னை வேலை வாங்குவதிலும் வைத்திருக்கும் பொருட்கள் அல்லது பணத்தையாவது பறிப்பதிலேயு குறியாக இருக்கின்றார்கள். ஒர் இரக்கமற்ற சமுதாயத்தில் நானும் வாழ்ந்து கொண்டிருக்கின்றேன்.

நான் இப்போது இருக்கும் இடத்தில் சிறு தோட்டம் செய்தேன். சிறு வருமானம் நாள்தோறும் வந்து கொண்டிருக்கின்றது. இதில் வீட்டுச் சீவியம் பாடசாலை செலவுகள் போன்றவற்றுக்கு சமாளித்துக் கொண்டு வருகின்றேன். இன்றுவரை வீடோ காணியோ அற்றநிலையில் அடுத்தவரின் காணியில் இருந்து அத்தியாவசிய அடிப்படை வசதிகள் இல்லாமல் மிகவும் கஸ்ரப்படுகின்றேன். மழை வந்தால் வீடு ஒழுகும். காற்றடித்தால் கூரை பறந்து விழும். இந்த நிலையில் வாழுகின்ற என்னில் கூட இரக்கமற்ற அரக்கர்கள் (பெண்கள்) தங்களுடைய வெறியாட்டங்களை காட்டிக் கொண்டு இருக்கிறார்கள். ஒரு சிறு மனது எவ்வளவு வலியைத் தாங்கும்.

சில பெண்கள் அரக்க குணம் படைத்தவர்கள். அவர்கள் மத்தியில் வாழ்வதாக இருந்தால் நாமும் அரக்கராகதான் வாழ வேண்டும். தனிமை வழியில் செல்லும் எனக்கு கடவுள் கூட வருவார் என்ற நம்பிக்கையில் காலையில் எழும்புவேன். தோட்டத்திற்கு போவேன். இப்படியாக எனது சோகமான வாழ்க்கையும் வயதும் கடந்து செல்கின்றது.

நன்றி,

இவ்வண்ணம்.
சந்திரா







A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License