CMP/MN/MW/VAK/03
Name : Uthayapalan Sulaika
Address : Karungkandal,Vannakulam, Adampan, Mannar.
I was born in 1978 at Vannakulam, Adampan, Mannar. My father was a labourer and mother was a house wife. I am the eldest female child. I have two younger brothers. When I was five years old, the army came to our house and took my father out. It was night 10.30 and we could not do anything. We were small children. In the morning we informed our relatives and searched for him. In the morning, we heard that there were two dead bodies at Uyilankulam junction. We went there and show that one was our father’s body and the other was a man from our village. Army had shot him dead on the head. What could our mother do? We were small children. We all took our father’s body to Mannar hospital. Then we brought his body home and did the final rituals.
Our father looked after us with his income. My mother could not do anything. My mother started to go out for cooly work leaving us alone at home. She cooked us meals after she returned home. We suffered a lot at very small age without our father. We depended on mother’s income. Time went on like this and my mother educated me up to Grade 11 with her cooly income
Always fighting took place between the army and the movement. Due to this, our mother was unable to take care of us here and in 1990 she took all three of us to India on boat by sea.
Many people came to India from our area by boat. We stayed in Arakkonam Camp. They provided us food and essential items. We could go out of the camp for necessary needs. My mother had a small boutique in the camp and she looked after us with that income also. We lived in the Indian Refugees Camp for two years from 1990 – 1992. In 1992 period, those who wished to return to Sri Lanka were requested to register and my mother also registered. In 1992 we were brought to Trincomalee by ship. Then we were kept in Mannar camp for 6 months and were transferred to Madu Camp. We were resettled in our native village by 1993.
As our mother had to earn to look after three of us, she went to Saudi Arabia as Housemaid in1993. I looked after my two brothers. They were very mischievous but nothing to do with it and I looked after them very well.
When I was sixteen years old, I got married on my own wish. Although I got married, I looked after my two brothers well. My mother came to know of my marriage and after sometime she returned home. She gave me jewels, land and everything and she did not trouble me. After few months my mother again went to Saudi Arabia. My husband is a toddy collector. After marriage my husband lived happily for some time. Then he started taking liquor and there were some troubles between us besides, I managed everything.
My elder child is a boy and when he was born, I was affected by fits and I was unconscious for 13 days and was admitted to Anuradhapura Hospital. Hearing this news, my mother returned from Saudi Arabia. After 13 days, I felt better. Now I have three boys and a girl and they are all studying.
My husband always takes liquor and quarrels at home. What can I do? I have four children and have to look after them. I tolerate and manage everything and run the family.
In 2007, war between army and movement begun and we displaced to Periyamadu and continual displacement to Mulankavil, Vanneri, Jeyapuram, Akkaraayan, Killinochi and Mullivaikkal. We cannot describe our difficulties in words. During the final war, we started to displace in 2007 and continuously displaced until 17th May, 2009.
On 19th March, 2009 my mother was injured in Suthanthirapuram and succumbed to injuries in few hours. The loss of my mother, who looked after us from our small age even without our father, in front of the eyes still gives me great sorrow. My brother also was injured during the war by April 2009.
On 17th May, 2009 we came to the army controlled area. They brought us to Omanthai by bus. After registering there, we were settled in Vavuniya Ramanathan Camp. It was over crowded and again they took us to Suthanthirapuram Camp and settled there. We were given all basic facilities there. By December 2009, we were resettled in our village. After resettlement, livelihood assistance, temporary house and money were provided. Now, we are given a housing scheme. We took electricity connection and bring about our life now.
I endeavour for the development of my village. In this context, I have been working as the President of my Vannankulam Karungkandal Women’s Society, the President of Samurdi Committee, Treasure of the Renaissance programme, member of Police Civil Security Committee and Vice President of Child Protection Committee and serve my community.
All must endeavour like me for the society. If we work hard, the society will develop soon. We should safeguard our society from destruction.
නම : උදෙයපාලන් සුලෙයිකා
ලිපිනය : කරුන්කන්ඩල්, වන්නාන්කුලම්, අඩම්පන්, මන්නාරම.
මගේ නම සුලෙයිකා. මා 1978 වසරේ මන්නාරම, අඩම්පන් ප‍්‍රදේශයේ වන්නාන්කුලම් ගම්මානයේ ඉපදුණා. මව ගෙදර වැඩ කටයතුවල යෙදී සිටියා. මම තමයි වැඩිමහල් දරුවා. මට පසුව මල්ලිලා දෙදෙනෙක් ඉපදුණා. මම අවුරුදු 5ක දරුවෙක්ව සිටින විට හමුදාව අපේ නිවසට පැමිණ අපේ පියාව රැගෙන ගියා. එය සිදුවුණේ රාත්‍රී 10.30ට පමණ. රාත්‍රී කාලය නිසා අපට කිසි දෙයක් කර ගැනීමට නොහැකි වුණා. ඒ කාලයේ අපි කුඩා දරුවෝ. ඊළඟ දවසේ උදෑසන ඥාතීන්ට මේ පිළිබඳ පවසා පියාව සොයා බැලුවා. උයිලම්කුලම් හන්දියේ සිරුරු 2ක් තිබෙන බව අපට ආරංචි වුණා. අපි එහි ගොස් බැලුවා. එකක් අපගේ පියාගේ සිරුර අනෙක් පුද්ගලයා අපේ ගමේ ජීවත් වු තවත් කෙනෙක්. හමුදාව පියාගේ හිසට වෙඩි තබා තිබුණා. මවට කිසි දෙයක් කර ගත නොහැකි වුණා. අපිත් කුඩා දරුවෝ. අපවත් රැගෙන, පියාගේ සිරුරත් අරගෙන මන්නාරම රෝහලට ගියා. පසුව මෘත දේහය නිවසට ගෙන අවසන් කටයුතු සිදු කළා.
පියා රැකියාවක් කර අපේ පවුල නඩත්තු කළා. මවට කිසි දෙයක් කර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉන්පසු ඇය අපව නිවසේ තබා වැඩට යන්න පටන් ගත්තා. ඇය වැඩට ගොස් යම් මුදලක් උපයා ගෙන ඇවිත් අපට කෑමට ආහාර පිළියෙල කර දෙනවා.
අපි කුඩා කාලයේ සිට පියා නොමැති තත්ත්වයක දැඩි දුක් කරදරවලට මුහුණ දුන්නා. අම්මා තමයි වැඩ කරලා අපව රැක බලා ගත්තේ. අම්මා එසේ වැඩට ගොස් ලැබෙන මුදලින් මට වසර 11 දක්වා අධ්‍යාපනය ලබා දුන්නා.
හමුදාවත්, කොටි සංවිධානයත් අතර නිතර ගැටුම් සිදුවුණා. එම නිසා අපිව මෙම ස්ථානයේ තබා ගැනීමට නොහැකි තත්ත්වයත් මවට ඇති වුණා. 1990 වසරේ මව අප සියලුදෙනාම රැගෙන බෝට්ටුවකින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගියා. අපේ ගමේ සිට බොහෝ අය බෝට්ටු මගින් ඉන්දියාවට පැමිණියා. අරක්කෝනම් කඳවුරේ අපි සිටියා. ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ අපට ලබා දුන්නා. අපගේ අවශ්‍යතා සඳහා කඳවුරෙන් පිටට යාමටත් අපට අවස්ථාව ලැබුණා. මව කඳවුර තුළ පෙට්ටි කඩයක් ආරම්භ කර වෙළදාම් කෙරුවා. එයින් ලබා ගත් ආදායමෙන් අපිව ඇය රැක බලා ගත්තා.
1990-1992 වසර 2ක කාලයක් අප ඉන්දියාවේ සරණාගත කඳවුරක මෙසේ ජීවත් වුණා. නැවත 1992 වසරේ තමන්ගේ මව්රට වන ශ‍්‍රී ලංකාවට යාමට කැමති අය ලියාපදිංචි කළ යුතු බව බලධාරින් කිව්වා. මවත් ගොස් එහි ලියාපදිංචි කළා. 1992 වසරේ නැව් මාර්ගයෙන් අපව ත්‍රිකුණාමලයට රැගෙන ආවා. ඉන්පසු මන්නාරම කඳවුරේ මාස 6ක් රැඳී සිටියා. නැවත වෙනත් කඳවුරකට ගියා. 1993 වසරේ නැවත අපගේ මුල් ගමට පැමිණියා.
රැකියාවක් කර ආදායමක් උපයා අපව රැක බලා ගැනීමට අවශ්‍ය වූ නිසා 1993 වසරේ මව සෞදි අරාබියාවට මෙහෙකාර සේවයට ගියා. මා මාගේ බාල සොහොයුරන් දෙදෙනා රැකබලා ගත්තා. ඒ දෙන්නා හරි මුරණ්ඩුයි. කෙසේවෙතත්, මම ඔවුන් මනා ලෙස රැකබලා ගත්තා.
මා අවුරුදු 16දී මගේ කැමැත්ත අනුව විවාහ වුණා. විවාහයෙන් පසුවත් මල්ලිලා හොදින් රැක බලා ගත්තා. මගේ විවාහය ආරංචි වී ටික කලකින් මව මෙහි පැමිණියා. ඉන්පසු මට ලබාදිය යුතු රන් ආභරණ, ඉඩම් වැනි සියලුම දේවල් ලබා දුන්නා. කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ.
නැවත මාස කිහිපයකින් පසු මව නැවත සෞදි අරාබියාවට ගියා. මගේ සැමියාගේ රැකියාව තල් රා මැදීම. විවාහයෙන් පසු ටික කලක් ඔහු සතුටින් සිටියා. ඉන්පසු බීමට ඇබ්බැහි වුණා. අපි දෙන්නා අතර සුළු සුළු ආරවුල් ඇති වුණා. කෙසේවෙතත්, අපි එකට ජීවත් වුණා.
මගේ වැඩිමහල් දරුවා පිරිමි ළමයා. දරු උපතින් පසු මට වලිප්පු රෝගයක් වැළඳීම නිසා සිහිසුන්ව කෝමා තත්ත්වයේ අනුරාධපුර රෝහලේ දවස් 13ක් සිටියා. එම ප‍්‍රවෘත්තිය ආරංචි වී මව සෞදි අරාබියාවේ සිට මෙහි පැමිණියා. දින 13කින් පසු තත්ත්වය හොඳ අතට හැරුණා. දැනට මට පිරිමි දරුවන් 3දෙනෙක් හා ගැහැණු ළමයෙක් ඉන්නවා. ඔවුන් සියලු දෙනාම පාසල් යනවා.
මගේ සැමියා බීමත්ව පැමිණ නිතර නිතර නිවසේ රණ්ඩු කරනවා. මට කළ හැකි දෙයක් නැහැ. ළමයි 4දෙනා රැක බලා ගත යුතුයි. සියලු දේවල් ඉවසා ගෙන පවුල නඩත්තු කරමින් සිටිනවා.
2007 වසරේ හමුදාව සහ කොටි සංවිධානය අතර යුද්ධය ඇවිලුණා. අවතැන්වී අපි පෙරියමඩු ප‍්‍රදේශයට ගියා. ඉන්පසු දිගටම අවතැන්වීම් සිදුවුණා. මුලන්ගාවිල්, වන්නේරි, ජයපුරම්, අක්කරායන්, කිලිනොච්ච්, මුල්ලිවයික්කාල් වැනි විවිධ ප‍්‍රදේශවලට අවතැන්වී ගියා. එම අවතැන්වීම් නිසා අපට විඳින්නට වූ දුක් ගැහැට වචනවලින් වර්ණනා කරන්න බැහැ. 2007 අවසන් යුද්ධයේදී අවතැන්වූ අපි 2009 මැයි 17වෙනි දිනය දක්වා එකම ස්ථානයේ රැදී සිටියා.
2009 මාර්තු මස 19වෙනි දින සුතන්දිරම්පුරම් ප‍්‍රදේශයේ ඇති වූ සිදුවීමකින් මගේ මව තුවාල වී පැය කීපයකින් පසු ජීවිතක්ෂයට පත්වුණා. පියා නැති තත්ත්වයක කුඩා කළ සිට අප හදා වඩා ගත් අම්මා ඇස් ඉදිරියේම මිය යාම මට දැඩි කම්පනයක් ඇති කළ සිද්ධියක් වුණා. මගේ මල්ලිත් 2009 අප්‍රේල් මස යුද්ධයේදී තුවාල ලැබුවා.
අපි 2007 මැයි මස 17වෙනි දින හමුදා පාලන ප‍්‍රදේශවලට පැමිණියා. බස් රථයක නංවා අපව ඕමන්තේ ප‍්‍රදේශයට ගෙනාවා. එහි ලියාපදිංචිවී වවුනියා රාමනාදන් කඳවුරට යැව්වා. එහි විශාල සෙනඟක් සිටියා. එම නිසා නැවත අපව සුතන්දිරම්පුරම් කඳවුරට රැගෙන ගියා. එම කඳවුරේ අපට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල ලබා දුන්නා. ඉන්පසු එහි සිට 2009 දෙසැම්බර් මාසයේදී අපගේ මුල් ගමට ගෙන්වා නැවත පදිංචි කළා. එසේ නැවත පදිංචි කිරීමේදී ජීවනෝපාය සහනාධාර, තාවකාලික නිවාස වැනි දේවල් ලබා දුන්නා. ඉන්පසු නිවාස යෝජනා ක‍්‍රමයෙන් අපට නිවසක් ලැබුණා. විදුලි බලයත් ලබාගෙන සිටිනවා.
මා මාගේ ගමේ සංවර්ධනය සඳහා වැඩ කරමින් සිටිනවා. වන්නාන්කුලම් කරුංකන්ඩල් ග‍්‍රාමයේ කාන්තා සංවර්ධන සමිතියේ සභාපති වශයෙන් හා සමෘද්ධි කණ්ඩායමේ නායිකාව වශයෙන් කටයුතු කරනවා. ගම නැගුම වැඩසටහනේ භාණ්ඩාගාරික වශයෙන් හා පොලිසියේ සිවිල් ආරක්ෂක කණ්ඩායමේ සාමාජික වශයෙන්ද, ළමා ආරක්ෂක කණ්ඩායමේ උප සභාපති වශයෙන්ද මට හැකි ආකාරයෙන් සමාජයට යම් සේවාවක් ලබා දෙනවා.
සියලුදෙනාම මා මෙන් සමාජයට සේවයක් ලබාදිය යුතුයි. එසේ කරන විට සමාජය ශීඝ්‍රයෙන් සංවර්ධනය විය හැකිය. ඒ වාගේම අපේ සමාජය පිරිහීමෙන් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
ස්තුතියි.
CMP/MN/MW/VAK/03
பெயர்: உதயபாலன் சுலைகா
முகவரி: கருங்கண்டல், வண்னாகுளம், அடம்பன், மன்னார்
சுலைகா ஆகிய நான் 1978ஆம் ஆண்டு வண்ணாங்குளம், அடம்பன் மன்னாரில் பிறந்தேன். எனது அப்பா கூலி வேலை செய்து வந்ததுடன், அம்மா வீட்டுப் பணியினை செய்து வந்தார். நானே மூத்த பெண் பிள்ளை எனக்குப் பின்னர் இரண்டு தம்பிமார் பிறந்தார்கள். எனக்கு 5 வயது இருக்கும் போது எனது அப்பாவை வீட்டுக்குஆமிக்காரங்க வந்து கூட்டிக் கொண்டு போனாங்க. இரவு 10.30 மணியிருக்கும். இரவு தானே நாங்கள் சின்னப் பிள்ளைகள். விடிய நாங்கள் உறவினர்களுக்கும் சொல்லி தேடிப் பார்த்தோம். காலையில் உயிலங்குளம் சந்தியில் இரண்டு இறந்த உடல் இருப்பதாக சொன்னாங்கள். அங்க போய் பார்த்தம். ஒன்று அப்பாவின் உடல். மற்றயது எங்கள் கிராமத்தில் இருக்கும் ஒருவர். ஆமிக்காரங்கள் அப்பாவுக்கு தலையில சுட்டிருந்தாங்க. அம்மாவால் என்னதான் செய்ய முடியும். நாங்களும் சின்னப் பிள்ளைகள் எங்களையும் கூட்டிக் கொண்டு மன்னார் ஆஸ்பத்திரிக்குஅப்பான்ட இறந்த உடலையும் எடுத்துக் கொண்டு போனாங்க. பேந்து வீட்டுக்கு கொண்டு வந்து இறுதிக் கிரியை எல்லாம் செய்தனாங்கள்.
அப்பாதான் எங்களை உழைத்துப் பார்த்தார். அம்மாவால ஒன்றும் செய்ய முடியவில்லை. அம்மா எங்களை வீட்டுல தனிய விட்டுட்டு கூலி வேலைக்குப் போய் உழைத்து வந்துதான் சமைத்து சாப்பாடு தருவார். நாங்கள் சின்ன வயசில அப்பாவும் இல்லாம சரியான கஸ்டப்பட்டனாங்கள். அம்மாவின் உழைப்பை நம்பிதான் இருந்தனாங்கள். இப்படியே காலம் ஓடிக்கொண்டு போச்சுது. அம்மா வேலைக்குப் போய்தான் என்னை 11ஆம் வகுப்பு மட்டும் படிப்பிச்சாங்க. ஆமிக்கும் இயக்கத்துக்கும் ஒரே பிரச்சினை. இதனால இங்க அம்மாவால எங்களை இங்க வைத்துக் கொண்டு இருக்க முடியவில்லை. 1990ஆம் ஆண்டு அம்மா எங்கள் மூவரையும் கூட்டிக் கொண்டு வள்ளத்தின் மூலம் கடல் ஊடாக இந்தியாவுக்கு கூட்டிக் கொண்டு போனாங்க.
இந்தியாவுக்கு எங்கட இடத்தில இருந்து நிறைய பேர் வள்ளம் மூலம் வந்தாங்கள். அங்க அரக்கோணம் முகாமில வைத்திருந்தாங்கள். அங்க சாப்பாடுஅத்தியாவசிய பொருட்கள் எல்லாம் தந்தாங்கள். எங்கட தேவையின் நிமித்தம் முகாமுக்கு வௌியாலையும் போகக் கூடியதாக இருந்தது. அம்மா முகாமுக்குள்ள சின்ன பெட்டிக்கடை போட்டு வியாபாரம் செய்து வந்தா. அதன் மூலம் கிடைத்த வருமானத்தினையும் வைத்துக் கொண்டுதான் எங்களை வளர்த்து வந்தவா.
1990-1992ஆம் ஆண்டுவரையான இரண்டு வருட காலப் பகுதி இந்தியாவின் அகதி முகாமுக்குள்ளயே இருந்துவந்தம். பேந்து 1992ஆம் ஆண்டு காலப்பகுதியில் உங்கட சொந்த நாடான இலங்கைக்கு போக விருப்பம் ஆனவங்களை பதியச் சொன்னாங்க. அம்மாவும் போய் பதிஞ்சாங்க. 1992ஆம் ஆண்டு எங்களை கப்பலில் ஏத்திக் கொண்டு திருகோணமலைக்கு கொண்டு வந்தாங்க. பேந்து மன்னார் முகாமில 6 மாதங்கள் வைத்திருந்தார்கள். பேந்து முகாமுக்கு மாத்தினாங்கள். பேந்து 1993ஆம் ஆண்டு காலப்பகுதியளவில் தான் எங்கட சொந்தக் கிராமத்தில குடியமர்த்தினாங்க.
அம்மாவே உழைத்து எங்கள் மூவரையும் வளர்க்க வேண்டிய தேவை இருந்ததால் அம்மா சவூதிக்குபணிப் பெண்ணாக 1993ஆம் ஆண்டு காலப்பகுதியில் போட்டார். நான்தான் என்ர இரண்டுதம்பிமார்களையும் பார்த்து வந்தனான். அவங்களும் சரியான குழப்படிதான். என்ன செய்வது. வடிவாக பார்த்து வந்தனர்.
எனக்கு16 வயது இருக்கும் போதே, நான் என்ர விருப்பத்துக்கு இணங்க திருமணம் செய்திட்டன். திருமணம் செய்தாலும் தம்பியாக்களை வடிவாதான் வளர்த்தனான். நான் திருமணம் செய்ததனை அறிந்த கொஞ்ச நாளில் அம்மா வந்திட்டா. பேந்து எனக்கு செய்ய வேண்டிய நகை, காணி எல்லாம் எனக்கு தந்தவா. எந்தப் பிரச்சினையும் எடுக்கவில்லை.
பேந்து சில மாதங்களில் மீண்டும் சவுதிக்கு வேலைக்கு போட்டா. என்ர கணவர் சீவல் தொழில்தான் செய்யிறார். அவர் திருமணம் முடித்து சிறுது காலம் சந்தோசமாகத்தான் இருந்தார். பேந்து ஒரே குடித்து வர வௌிக்கிட்டார். வீட்டையும் அவருக்கும் எனக்கும் இடையில் சின்னச்சின்ன சண்டைகள் எல்லாத்தையும் சமாளித்துக் கொண்டு இருந்தன்.
எனக்கு மூத்த பிள்ளை ஆண் பிள்ளை எனக்கு குழந்தை கிடைத்ததும் வலிப்பு வந்ததானல் எனக்கு அறிவு இல்லாமல் கோமா நிலையில் 13 நாட்கள் அனுராதபுரம் வைத்தியசாலையில் வைத்திருந்தாங்க. அந்த செய்தியைக் கேட்டு அம்மா சவுதியில் இருந்து இங்க வந்திட்டா. 13ஆம் நாள் எனக்கு ஓரளவு சுகம் வந்திட்டு. அதுக்கு அப்புறம் எனக்குஇப்ப 3 ஆண் பிள்ளைகளையும் ஒருபெண் பிள்ளையையும் உள்ளனர். அவங்க படிக்கிறாங்க.
என்ர கணவர் நெருகலும் குடிச்சுப்போட்டு வீட்டில சண்டைதான். என்ன செய்வது. எனக்கு நான்கு பிள்ளைகள். அவங்களை வளர்க்க வேண்டுமே. எல்லாத்தையும் சகித்துக் கொண்டும்,சமாளித்துக் கொண்டும் குடும்பத்தினை நடத்திக் கொண்டு இருக்கிறேன்.
2007ஆம் ஆண்டுஆமிக்கும், இயக்கத்துக்கும் இடையில் போர் வந்திட்டு. இடம்பெயர்ந்து பெரிய மடுவுக்கு இடம்பயெர்ந்தோம். பின்னர் தொடர் இடப்பெயர்வுகள் முழங்காவில் வன்னேரி ஜெயபுரம் அக்கராயன் கிளிநொச்சி முள்ளிவாய்க்கால் என எத்தனையோ இடப்பெயர்வுகள். இடம்பெயரும் போது பட்ட கஸ்டத்தினை சொற்களினால் சொல்ல முடீயாது. 2007ஆம் ஆண்டு இறுதி யுத்தத்தின் போது இடம்பெயர வௌிக்கிட்டனாங்கள். 2009ஆம் ஆண்டு 5ஆம் மாதம் 17ஆம் திகதி வரைக்கும் ஒரே இடப்பெயர்வுதான்.
2009ஆம் ஆண்டு 3ஆம் மாதம் 19ஆம் திகதி எங்கட அம்மா சுதந்திரபுரத்தில காயப்பட்டு சில மணித்தியாலங்களுக்கு பின்னர் இறந்திட்டா. அப்பாவும் இல்லாமல் எங்களை சிறு வயதில இருந்து வளர்த்த அம்மாவை கண்ணுக்கு முன்னால இழந்தது இன்னும் வேதனையைத் தருகிறது. எனது தம்பியும் யுத்தத்தின் போது 2009ஆம் ஆண்டு 4ஆம் மாதம் அளவில் காயம் அடைந்தான்.
2009ஆம் ஆண்டு 5ஆம் மாதம் 17ஆம் திகதி அளவில் நாங்கள் ஆமின்ட கட்டுப்பாட்டுப் பகுதிக்கு வந்தனாங்கள். எங்களை பஸ்சிலை ஏத்திக் கொண்டு ஓமந்தைக்கு கொண்டு வந்தாங்க. அங்க பதிஞ்சு போட்டு வவுனியா இராமநாதன் முகாமுக்க குடியமர்த்தினாங்க. அங்க சரியான சனம் அதனால எங்களை திருப்பி ஏத்திக் கொண்டு போய் சுதந்திரபுரம் முகாமுக்குள்ள இருத்தினாங்கள். அங்க எங்களுக்கான அடிப்படை வசதி வாய்ப்புக்களை எல்லாம் செய்து தந்தாங்க. பின்னர் அங்கயிருந்து எங்களை 2009ஆம் ஆண்டு 12ஆம் மாதமளவில் எங்கட கிராமத்தில குடியமர்த்தினாங்க.
குடியமர்த்திப் போட்டு வாழ்வாதார உதவி தற்காலிக வீடு காசு எல்லாம் தந்தாங்க. இப்ப வீட்டுத் திட்டமெல்லாம் தந்தாங்க. நாங்க மின்சாரமும் எடுத்து வாழ்க்கையினை நடத்திக் கொண்டு இருக்கிறம்.
நான் என்ர கிராமத்தின் அபிவிருத்திக்காக செயற்பட்டு வருகின்றேன். அந்த வகையில் எனது கிராமமான வண்ணாங்குளம் கருங்கண்டல் மாதர் சங்கத் தலைவியாகவும் சமுர்த்திக் குழுவின் தலைவியாகவும், மீள் எழுச்சித் திட்டத்தின் பொருளாளராகவும் பொலிசின் சிவில் பாதுகாப்புக் குழுவின் உறுப்பினராகவும், மற்றும் சிறுவர் பாதுகாப்பு குழுவின் உப தலைவராகவும் இருந்து சமூகத்துக்கான சேவையினை புரிந்து வருகின்றேன்.
என்னைப் போன்று சமூகத்துக்காக எல்லோரும் உழைக்க வேண்டும். உழைத்தால் சமூகம் விரைவாக அபிவிருத்தி அடையும். எங்கட சமூகத்தினையும் சீரழிவில் இருந்து பாதுகாக்க வேண்டும்.