We believe they are no more

A woman says about the suffering of people who lived happily before war.


අපි විශ්වාස කරනවා ඔවුන් මැරිලා කියලා

කාන්තාවක් යුද්ධයට පෙර සතුටින් ජීවත් වූ ජනතාවගේ දුක් වේදනා ගැන සඳහන් කරයි.


அவர்கள் இறந்து விட்டதாக நம்புகின்றோம்

அமைதியாக வாழ்ந்த மக்கள் போரினால் அவதியுற்றது பெண்ணொருவர் கூறுகின்றார்.



CMP/MN/MW/VAK/05

Address : Vannakulam, Karungkandal, Manthai west, Mannar

I was born in 1972 and have been living in this village. My father was a farmer. My mother was at home. Including me and my sister, we four of us lived together. Our house was made of clay but we lived happily.

I studied up to Advanced Level. The first human settlement took place in my village in 1850 and 10 people were settled at that time.

There was a tank in this village. Still it is there. It was surrounded by full of trees. Also, as this tank was circular, there is a myth that this village was named as Vannankulam. The Grama Seva Division of this area consists of villages Vilaththikulam, Kurinchakulam and Sinna Aatkaattivelikkulam.

In 1850, ten families came from ‘Kaddukaraikulam’ settled in this area. Anthoni, Chettiyar and Pollan were some of the prominent people lived in this village at the beginning. Other families settled gradually.

The people lived in this village peacefully and happily but since 1984 the situation became unrest. Following this war, shell attack and shooting of people took place. Due to war we displaced to Thadchanamadu in 1990.

From there we wanted to go to India via Thalaimannar with our 56 relatives and on the way the navy caught us and send back. Four youths in our group came alone together and till today there is no news of them. We believe that they have lost their lives.

Returning from Thalaimannar, we again stayed in Thadchanamadu. We went to India fearing that the army was killing the public.

In 1992, we returned to our village. In 1995 period, shells were fired on buses, army moved always and we often left the house and returned.

I got married in 1995. He is also from Vannakulam and is a farmer. When the war started again in 1999, vehicles were attached by glamour mine and I with my five months old baby left our place walking 14 kilometre. We stayed in a temporary shelter there. The food item we had taken with us have exhausted. Usually, we had food items for 15 – 20 days but at that time, we did not know what to take.

As the war continued in small scale within the period from 1999 to 2002, it was a usual practice that we came to see our houses. Also as the war was not intense, the houses were not damaged extensively.

After the peace accord in 2002, we returned to villages. From then 2007 onwards, life was tranquil. We have two male children.
Following the war in 2007, our displacement continued to Madu, Athimoddai, Vellankulkam, Tharmapuram and Kalmadu and so on. Everywhere, using sticks, we set up temporary huts and stayed for 10 -15 days. Then as shells were fired to that place, we displaced to another area and stayed there. Still, we cannot even think of that situation.

In Kalmadu, my son had stomach pain. He was asked to undergo surgery at Tharmapuram and I did not consent for it. Then they sent me and my son to Vavuniya hospital.

My uncle helped us at this situation. The stomach pain was due to formation of stones and a major surgery was done.

After this, news of the happenings in Mannar was bad and I could not stay without my husband and other son. I decided to leave my son at the ward and to go to Kalmadu. But after 4 days, the stomach pain started again, we took him to Mannar hospital, then to Vavuniya hospital and to Anuradhapura hospital and finally went to Colombo undergoing unfold sufferings. I had only eighty rupees money in my possession when I went to Colombo. When I arrived there, a student of the Colombo University who is a native of our village, helped me greatly.

When I went to Colombo, I was much tensed and I did not know the language also. The Muslim ladies helped me.

My son underwent a surgery and later we came to Mannar. A doctor who served here, came to Mannar for the sake of my son. But on the way, he faced many difficulties and was troubled by the army. My younger son was with my uncle and aunty in the camp. Until he came out, I was very upset. I have never experienced such a grief in my whole life. We all could have died together. But departing each other and living with an expectation of what would happen to the other could only be realized by those who have undergone this situation.

We are now tired of running everywhere. We do not know whether we could live peacefully and happily hereafter. But the present situation in our village is worse than ever. The youths are addicted to liquor and illegal produce of “Kasippu”. Girls are unable to go on the streets. There is no security now as in the time of the movement. Nobody could do anything to a girl. Suppose something happens, he would get the punishment the next morning.

On the other hand, the injustice of the government officers is beyond limits. They inflict severe harassment on the people affected already. We experience more and more difficulties.

In this present society, good governance should be created and all should live having equal rights with any discrimination as Tamils, Sinhalese or Muslims. The educated youths should be provided employment in order to uplift the society on economical and humanitarian basis.




‍CMP/MN/MW/VAK - 05
නම
ලිපි‍නය වන්නාංකුලම
කරුංකන්ඩල්
මාන්දෙයි නැ‍ගෙනහිර
මන්නාරම.

මම 1972 දි ඉපදිලා මේ ගමෙම ජිවත් වෙනවා.මගේ තාත්තා කුඹුරු වැඩ කරගෙන හිටියා.අම්මා ගෙදරට වෙලා හිටියා. මමයි තව නංගියෙකුත් සමග ආච්චිලා ගෙදර හතර ‍දෙනෙක් ජිවත් වුනා. ලස්සන මැටි ගෙයක ජිවත් වුනේ.

මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. මගේ ගම ගැන කියනවානම් 1852 දි පළමු ජනාවාසය සිදු කල බවත් එවිට පවුල් 10 පමණ පදිංචි කල බවත් සදහන් වේ‍. මේ ගමේ වැවක් තිබුනා.අදටත් ඒක තිබෙනවා. ඒක වටේටම මංචමන්නා යන ගස්වර්ග බොහොමයක් වැවි තිබුනා.මේ නිසා මෙය ලස්සනටත් රවුමටත් වැවි තිබුන නිසා මේ ගමට වන්නාං (යනු ලස්සන) කුලම යනනමින් හදුන්වන බව පෙලපත්වල සදහන් වේ.

මේ ගමේ ග--- සේවක වසමේ විලාත්තික්කුලම, කුංචික්කුලම, සින්නආට්කාට්ටිවෙලික්කුලම, යන වැව්වලින් පිරුණු ගමක් වේ.1850දි කට්ටුක්කරෛයි යන පළාතෙන් ඇවිත් පවුල් 10ක් විතර පදිංචි වුනා.ඒ අයගෙන් මූලික වශයෙන් කතෝලිකයින්, චෙට්ටියාර්, යන ජන කොටස් ජිවත් වු බව ඉතිහාසයේ සදහන් වේ. ඉන්පසු ‍ අනිකුත් පවුල් ඇවිත් පදිංචි වු බව සදහන් වේ.

මෙමපමණ කාලයක් හොදින් හා සතුටින් ජිවත් වුන අපේ පළාත්වල 1984 සිට නොසන්සුන්තත්වයක් ඇතිවුනා.මේ නිසා රන්ඩු, සෙල්වෙඩි , වෙඩිතැබිම් යන දේවල් සිදුවුනා.මෙසේ අපි 1990 දි කරදර නිසා අවතැන් වී තට්සනමඩුවලට ගියා. එහි සිට තලෙයිමන්නාරම හරහා ඉන්දියාවට යන්න හිතාගෙන අපේ නෑදෑයෝ 56 දෙනෙක් සමග ඉන්දියාවට යන්න ගිය විට නාවික හමුදාව විසින් අපිව අල්ලාගෙන ආපහු යැව්වා.එහි අපි එක්ක ආව තරුණයින් 4 දෙනෙක් තනියෙන් ආව නිසා ඔවුන් ගැන කිසිම තොරතුරක් අදවනතුරු දන්නේ නැහැ. ඔවුන් මිය යන්නට ඇතැයි අපි සිතාගෙන ඉන්නේ.
තලෙයි මන්නාරම සිට නැවත ඇවිත් තට්සනමඩුවල සිටියා. අපි එහෙ යන්න හේතු වුනේ හමුදාව මිනිසුන්ව කපනවා කියන බය නිසයි.

මම 1945යේ විවාහ වුනා. ඔහුද වන්නාංකුලම කෙනෙක්. ඔහු ගොවියෙක්.1999දි නැවත යුද්ධය පටන් ගත්කල වාහනවලට ක්ලෙමෝ ගහනවා කියලා තමයි මගේ මාස 5ක දරුවාවත් වඩාටගෙන කිලෝමීටර් 14ක් පයින්ම ගියා.එහි තාවකාලිකව හදා තිබුණු සෙබමාලෙයි කඩවල්වල නැවතුණා. කෑමට අපි ගෙනිහිං තිබුණු බඩු සහ සහනාධාරවලින් ලැබුණු බඩු එකතුකරගෙන ජිවත් වුනා.සුපුරැදුපරිදි අපි ළග දින 15-20 කට ආසන්න ආහාරයට අවශ්‍යය දේවල් සුදානම්ව තිබෙනවා.හේතුව කොයි වෙලාවේ දුවන්න වෙයිද කියලා දන්නේ නැති නිසා.

1999 යේ සිට 2002 දක්වා පොඩි පොඩි රන්ඩු සිදුවුන නිසා, අපේ පිරිමි අය ඇවිත් අපේ ගෙවල් බලලා යන එක සාමාන්‍යයි. මේ නිසාත් රන්ඩු අඩු නිසාත් ගෙවල්වලට ඒතරම් මහ විනාශයන් සිදුවෙලා තිබුනේ නැහැ.මේ ගැන හිතන්නවත් කියන්නවත් කැමැති නැහැ.
කල්මඩුවලදි මගේ පුතාට බඩේ කැක්කුමක් හැදුනා.ඒ වෙලාවෙදි ධර්මපුරයේ ශල්‍යකර්මයක් කළ යුතුබව පැවසුවිට මම එය පිළිගත්තේ නැහැ.මේ නිසා මාවයි පුතාවයි වවුනියාව රොහලට යැව්වා. මේ නිසා මාමා කොටිසංවිධානයෙන් අත්සන් තබා අපිව යැව්වා. මෙහි ආවට පසු ගලක් තිබුණු නිසාත් ඒක කල් ගිය නිසාත් බඩ ඉදිමිලා තිබුනා. මේ නිසා ලොකු ශල්‍යකර්මයක් කළා.

පසුව මන්නාරමට ආවට පසු මම ප-වෘත්ති බලනවිට මගේ සැමියා හා අනිකුත් පුතාලව දාලා මට ඉන්නම බැරිවුනා.මම පුතාව නිවාසෙක දාලා නැවත වන්නියට යන්න තීරණය කළා. නුමුත් දින 4 කට පසු පුතාට නැවත බඩේ කැක්කුම හැදුනු නිසා මන්නාරම රොහලට එක්ක ගිහිං එහෙ සිට වවුනියාට ගිහිං, එහෙ ඉදලා අනුරාධපුරයට ගිහිං එතන ඉදලා කොළඹට ගිහිං කියන්න බැරි දුක්වලට මුහුණ දුන්නා.කොළඹයන වට රුපියල් 85 ක් විතරයි අතේ තිබුණේ. මම එහෙ ගිය වෙලාවේදි කොළඹ විශ්වවිද්‍යලයේ හිටිය මගේ ගමේ මල්ලි කෙනෙක් තමයි අපට හැම උදව්වක්ම කළේ.

මම කොළඹ ගිය විට එහෙ ඉතා අමාරු වතාවරණයන්වලට මුහුණ දුන්නා. මම හාෂාව දන්නේ නැහැ.අනිත් මුස්ලිම් කාන්තාවෝ තමයි උදව් කළේ.පුතාට ශල්‍යකර්මය කරලා නැවතත් මන්නාරමට ආවා.මෙහෙ හිටිය වෛද්‍යවරුන් මගේ සැමියාව, පුතාගේ අසනීපතත්වය පෙන්වලා මන්නාරමට ගත්තා. නුමුත් ඔහු එනවට හමුදාවෙන් පුදුම කරදරවලට මුහුණ දීලා බේරුනා. නුමුත් මගේ බාල පුතා මගේ නැන්දා මාමා ළග.ඒ අය කදවුරට බේරිලා එනකං තප්පරයක්වත් සැනසිමක් තිබුනේ නැහැ.

මම මගේ ජිවිත කාලයතුලදි මේ වගේ වේදනාවන් වින්දේම නැහැ.හැමොමලා එකවර මැරිලා යන්න තිබුණා. නුමුත් එකිනෙකාගෙන් වෙන්ව එයාලට කුමක් සිද්ද වෙයිද කියලා බලාගෙන ඉන්න අයට, සහ ඒකඅද්දැකපුඅයට තමයි ඒකතෙරෙන්නේ.

අපි දුවලා දුවලා එපා වුනා.මින් පසුවත් සැනසිල්ලෙන් සතුටින් ඉන්න පුලුවං කියලා හිතුවත් මෙහෙ තිබුණාට වඩා නරක තත්වයක් තිබෙන්නේ.ගමේ තරුණයන්ගේ බීමත්කම වැඩිවෙලා.කසිප්පු පොලවල් (නිෂ්පාදනය) වැඩිවෙලා.ගැහැණු දරුවන්ට පාරේවත් යන්න බැරි තත්වයක්.කොටි සංවිධානය හිටපු කා‍ලයේ තිබුණු ආරක්ෂාව දැන් අපට නැහැ, මල්ලි කෙනෙක් ගැහැණු ළමයෙකුට විහිලුවක් කරන්න බැහැ.එහෙම කළොත් පහුවදා උදේ ඒ ගැහැණු ළමයාව විවාහ කර ඇය සමගජිවිතය නඩත්තු කරන්න ඕනේ.

මීට වඩා රාජ්‍ය ආයතනවල වැඩකරන අයගේ අපරාධ කියන්න බැරි තරම්. පිඩාවට පත් අප කෙරෙහි තමයි ඔවුන්ගේ අවධානය. ලියාපදිංචි කිරීමේදි සූරාකැම්වලදිත් අපේ මිනිසුන් දිගින්දිගටම කරදරපිට කරදරවලට මුහුණ දෙන්න සිද්දවෙලා.

අද සමාජයේ මධ්‍යස්ථව යහපාලනයක් ඇති විමටත් දමිල සිංහල මුස්ලිම් හේද වලින් තොරව එකමුතුව සියලු දෙනාම සියලු අයිතිවාසිකම් සමග එකමුතුව ජිවත් විය යුතුයි. තවත් ඉගෙන ගත් තරුණ තරුණයින්ට රැකියාවන් ලබා දී ආර්ථිකව සහ මානුෂිකව සමාජය ගොඩනැගිය යුතුයි.




CMP/MN/MW/VAK/05

பெயர்:
விலாசம்: வௌ்ளாகுளம், கருங்கண்டல், மாந்தை மேற்கு, மன்னார்

நான் 1972ம் ஆண்டு பிறந்த இந்த ஊரிலேய வாழ்ந்து வருகிறேன். எனது அப்பா வயல் செய்து வந்தார். அம்மா வீட்டில் இருந்தார். நானும் இன்னுமொரு தங்கச்சியும் ஆன வீட்டில் நான்கு பேர் வசித்து வந்தோம். அழகான ஒரு மணல் வீட்டில் இருந்தோம். ஆனால் சந்தோசமாக இருந்தோம்.

பின் உயர்தரம் வரை கல்வி கற்றேன். எனது ஊரைப் பொறுத்த வரையில் இங்கு1852ல் முதல் ஆரம்ப குடியேற்றம் நடைபெற்றவையும் தற்போது 10 குடும்பங்கள் வரையில் இருந்துள்ளனர்.

இவ் ஊரிலே ஓர் குளம் ஒன்று இருந்துள்ளது. இப்போதும் இருக்கின்றது. அதனைச் சுற்றி மஞ்சன்னார் மரங்கள் நிறைய இருந்துள்ளன. இதனால் வட்டமாக வடிவாகவும் இருந்த காரணத்தினால் இவ் ஊருக்கு வண்ணாகுளம் என்ற பெயர் வந்ததாக மரபுவழியில் கூறப்பட்டது.

இந்த கிராம சேவகர் பிரிவில் விளாத்திக்குளம், குறிஞ்சக் குளம், சின்ன ஆட்காட்டி வௌிக்குளம் ஆகிய ஊர்கள் உள்ளடங்கிய ஒருகிராமம் உள்ளது.

1850களில் 10 குடும்பங்களில் கட்டுக்கரையில் இருந்து வந்து குடியேறினார்கள். அதில் முக்கியமாக அந்தோனிக் கிழவர், செட்டியார், பொல்லர் பெரியார், ஆகியோர் வாழ்ந்ததாக சரித்திரங்கள் கூறப்பட்டது.
அதற்குப் பிறகுஏனைய குடும்பங்கள் குடியேறியதாக கூறப்படுகின்றது.

இதுவரை யாவரும் அமைதியாகவம், சந்தோசமாகவும் வாழ்ந்த எங்களதுபிரதேசங்களில் 1984ம் ஆண்டுதொடக்கம் அமைதியின்மை ஏற்பட்டது. இரவில் சண்டை. செல் தாக்குதல்கள் சுட்கொலை என ஏற்பட்டிருந்தன. 1990ம் ஆண்டு சண்டை காரணமாக இடம்பெயர்ந்து சென்று தட்சனாமடுவில் இடம்பெயர்ந்து சென்றிருந்தோம்.

அங்கிருந்து தலைமன்னார் ஊடாக …. செல்வோம் என்று எல்லோருடைய 56….. சென்ற போது கடற்படை வந்து எங்களை திரும்பி அனுப்பினான். அதில் எங்களுடன் வந்த 4 இளைஞர்கள் தனியாக வந்தமையினால் அவர்களின் அட்ரஸ் இன்வுரை இல்லை. அவர்கள் இறந்து விட்டதாக நம்புகின்றோம்.

தலை மன்னாரில் இருந்து திரும்பி வந்து மீண்டும் தட்சனா மடுவில் இருந்தோம். நாம் சென்றதற்கான காரணம் ஆமி ஆட்களை வெட்டுகிறான் என்ற அச்சத்திலேயே சென்றோம்.

1992ம் ஆண்டு மீண்டும் எமது ஊருக்கு வந்தோம். அதற்கிடையிலும் 1995 பஸ்ஸில் செல் அடிப்பாங்கள் ஆமி வரும் இந்த நிலையில் அடிப்பக வீட்டுக்கு வருவதும் செல்லுவதுமாக இருந்தோம்.

பின் 1995ம் ஆண்டு திருமணம் செய்தேன். அவரும் வண்ணாக்குளத்தினைச் சேர்நு்தவர். அவர் ஒரு விவசாயி ஆகும்.

1999ம் ஆண்டு மீண்டும் யுத்தம் ஏற்பட வாகனங்களுக்கு எல்லாம் கிளைமோர் வைத்தியசாலையில் சென்றுதான் எனது5 மாத குழந்தையையும் காவிக் கொண்டு 14 கி.மீ நடந்து சென்றோம்.

அங்கு தற்காலிகமாக அமைக்கப்பட்டிருந்த ….. லைனில் இருந்தோம். உணவுக்குதாயார் கொண்டு சென்றிருந்த பொருட்கள் மற்றும் நிவாரணப் பொருட்களை வைத்து சமாளிப்போம். வழமையாக எங்களிடம் 15-20 நாட்களுக்கான உணவுப் பொருட்கள் இருக்கும் நிலையில் கொண்டு செல்வதாக ஏன் வெயில் எப்போது ஒரு வேளைக்கும் என்றுதெரியாது.இ

1999ம் ஆண்டு தொடக்கம் 2002ம் ஆண்டுவரை சிறு சிறுசண்டைகள் இடம்பெற்றால் எமது ஆம்பிளையாட்கள் வீடுகளை வந்து பார்த்து விட்டுச் செல்வது வழமை. சண்டை என்றாலும் வீடுகளுக்கு பெரிதாக தேசம் ஏற்படவில்லை.

2002ம் ஆண்டு மீண்டும் சமாதான ஒப்பந்தத்தினால் தொடர்ந்து எங்களின் ஊர்களுக்கு வந்தோம். அங்கிருந்து 2007 வரை அமைதியாக இருந்து. எனக்கு 2 ஆண் குழந்தைகள்.

2007ம் ஆண்டு சண்டையினைத் தொடர்ந்து மடு அத்தியேட்டை வௌ்ளங்குளம் வலர்வௌி, தமர்மபுரம் கல்மடு நகர் என எமதுஇடம்பெயர்வுதொடர்ந்து அங்கெல்லாம் ஒரு மரம் தடிகளைக் கொண்டு தற்காலிக கொட்டில் போட்டு 10-15 நாட்களுக்குள் அந்த இடத்திற்குசெல் வர மீண்டும் வேறு இடங்களுக்குச் செல்வோம். இவற்றை எண்ணிப்பார்க்கவே சொல்ல பிடிக்கவில்லை.

கல்மடு நகரில் வைத்து எனது மகனுக்குவயிற்று குத்து வந்தது. அந்த நேரத்தில் தர்மபுரம் சத்திர சிகிச்சை செய்ய வேண்டும் என்றுநான் ஏற்றுக் கொள்ளவில்லை. இதனால் என்னையும் மகனையும் வவுனியா வைத்தியசாலைக்குஅனுப்பினர்.

இரவிரவாக எனது மாமா … வைத்துஎங்களை அனுப்பினர். இங்கு வெறும் …. காரணமாக அதுகள் சென்ற காரணத்தினால் வயித்தில் வலி ஏற்பட்டது. இதனால் பாரிய சத்திர சிகிச்சை செய்யப்பட்டது.

இதன் பிற்குமன்னார் போகச், செய்திகளை பார்க்க எனதுகணவரையும் மற்றைய மகனையும் விட்டுட்டு இருக்க முடீயவில்லை. நான் மகனை விடுதியில் விட்டுட்டு மீண்டும் வன்னி செல்ல முடிவெடுத்தேன். 4 நாட்களில் மகனுக்கு மீண்டும் வயிற்றுகுத்து வர மன்னார் வைத்தியசாலைக்கு கொண்டு சென்று அங்கிருந்து வவுனியா சென்று அங்கிருந்து அனுராதபுரம் சென்று அங்கிருந்து கொழும்பு சென்று சொல்லா முடியா துன்பங்களுக்கு உள்ளானேன். கொழும்பு செல்லும் போது 80 ரூ மட்டுமே என்னிடமிருந்தது. நான் அங்கு செல்லும் கொழும்புபல்கலைக்கத்தில் இருந்த எனது ஓர் தம்பி எங்களை தங்க வைத்து உதவிகளும் செய்தார்.

நான் கொழும்பு சென்ற போது மிகவும் பதட்டமான சூழ்நிலை ஏற்பட்டது. எனக்குபேச கூட தெரியாது. மற்றைய முஸ்லீம் ஆக்கள் தான் எனக்கு உதவி செய்தார்கள்.

மகனுக்கு சத்திர சிகிச்சை செய்து மீண்டும் மன்னார் வந்தோம். இங்கிருந்து வைத்தியர் ஒருவர் தனது கணவனை மகளின் சுகயீனம் காரணமாக கூட்டி மன்னார் வந்துவிட்டார். ஆனால் அவர் வரும் போர்ம் ஆமியிடம் படாதபாடு பட்டு தப்பினார். அவர்கள் முகாமுக்குதப்பி வரும் வரை எந்தவொரு நிம்மதி இருக்கவில்லை.

நான் எனது வாழ்நாளில் இவ்வாறானதொரு துன்பத்தினை அனுபவித்திருக்கவில்லை. எல்லாருமாக சேர்ந்து ஒரே அறையாக இறந்திருக்க முடியும். ஆனால் ஒருவரை ஒருவர் பிரிந்து அவர்குளுக்குஎன்ன நடக்குமோ என்ற ஏக்கத்தில் இருப்பது அனுபவித்தவர்களுக்குத் தான் புரியும்.

எனது ஓடி ஓடி அலைந்துவிட்டோம். இனியாவது நிம்மதியாக சந்தோசமாக இருக்கலாம் என்ற எண்ணம் இருக்கு. முன்புஇருந்தததை விட மோசமாக உள்ளது. ஊரில் இளைஞர்களின் குடிப்பழக்கம் அதிகம். கசிப்புஉற்பத்தி. பெண் பிள்ளைகள் வீதியில் கூட முடியாத நிலை. இயக்கம் இருக்கும் போது இருந்த பாதுகாப்புஇப்ப எங்களுக்குஇல்லை. அப்போது பெண் பிள்ளைகளுடன் சேட்டை விட முடியாது. அப்படி நடந்தால் மறுநாள் காலையில் பிணமாகத் தொங்குவான்.

இதுவிட அரச உத்தியுாகத்தர்கள் வௌியில் சொல்ல முடியாத அளவு பாதிக்கப்பட்டவர்களின் மீது தான் அவர்களின் சுரண்டலுக்கும் எங்களுடைய மக்கள் தொடர்ச்சியாக கஷ்டத்தின் மேல் கஷ்டத்தினை அனுபவித்து வருகின்றனர்.

இன்றைய சமூக்தில் நடுவுநிலைமையான நல்லாட்சி ஏற்படவும் தமிழர் சிங்களர் முஸ்லிம் என்ற பாகுபாடுஇன்றி சமத்துவமாக அனைவரும் சகல உரிமைகளுடனும் ஒற்றுமையாக வாழப்பட வேண்டும். இன்னும் படித்த இளைஞர் யுவதிகளுக்கு வேலைவாய்ப்பு வழங்கி பொருளாதாரத்திலும், மனித மாண்பிலும் சமூகம் கட்டி எழுப்பப்படல் வேண்டும்





A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License