CMP/MN/MW/SAL/02
Name : Sure
Address : Salampan, Mannar
I am Suren and was born in 1988 at Mannar Hospital. My mother was born in Salampan and my father was born in Uylankulam village. After marriage, they settled in Salmpan, my mother’s village.
I grew up in Salampan and I have an elder sister and two younger brothers. From the past to date, my father is engaged in agriculture. My mother is engaged in house work.
In 1998 and 1999 period, often fighting, took place between the army and the movement and we were afraid of living here. At that time, shells were dropped closer to our house. Then I was a small boy. We displaced to Madu. When the fighting decreased, the army withdrew and in 2002, we returned home. Our house had been damaged and we repaired it. There was no electricity and we suffered a lot to study. Our life went on like this. As I and my younger brother were studying, it was very difficult for us at home. We could do nothing and studied tolerating all sufferings. As life was moving like this, in 2007 war between the army and movement began. We could not stay in our village and wanted to displace. We could not stay in one place. We shifted to many places from Mannar up to Mullativu.
While displacing, we underwent lot of hardships. We could not take all our belongings. We took only our clothes, food items and important documents leaving all other things. During this war period, we did not show much interest on our studies. We thought of only being alive and did not think about studies.
Although displaced to many places, everywhere we stayed for a month or two or for a week and continued displacing. Everywhere, there was displacement, funerals and sounds of cries. Finally, we struggled much for food. We do not know how we survived and now live in this stage. I think it must be because of some good deeds we have done in the previous birth.
During the final stage of the war, movement personnel came to forcibly take us and it was very difficult to escape from them. They joined one person per house and then caught all boys and girls. I was somehow escaped. During war, I starved for many days. During final war, army fired cluster bombs. That time I was in Pokkana. There was a Pillayar Temple, and there were over 500 huts around the temple and lot of people stayed in. No water, food or toilets were there. I still cannot explain the difficulties we faced there.
Army fired shells close to our house. Hundreds of people there died and injured. They could not go to hospital for treatment. There was no hospital. Many people succumbed to injuries as there were no medical facilities and they could not bear the pain. This scene lies still in my eyes.
We came into the army control on 20.04.2009. Army came closer to our house. I took my dress bag and my mother, father, brother and sister all went to the army. Thousands of people too surrendered to army. We were afraid when we went to the army. We had no choice but to save our life. I went courageously thinking that death is only once in life. After all we are young and we were afraid that they would consider us as movement and do any harm. We went with fear. When we were walking, we saw many dead bodies at Pokkana area. There was bad smell and bearing all these, we walked passing the dead bodies.
While going to the army, there was a tank called Sinnakkulam and there was water up to my chest level. I kept my dress bag on my head and we all went through the water. Even in the water, dead bodies were floating. We came through the water without considering all these. When we came out of water, army was standing on line. The path we went was narrow and one by one had to walk through it. Army was standing having covered their faces with black cloth, pointing their guns and showing knives. I was very afraid. I had an inner thought that we had escaped from the heavy fighting but were going to be killed by the army. Also, I was a young boy. I was afraid that they would do any harm thinking that I am a member of the movement. They did not do anything. They took all of us to a grassland and made us sit by family. Army asked all of us to remove our hats, towel and everything we wore on our heads. They looked at all of us one by one. They called some of them and kept them and told that they wanted to inquire them and would release later. Many boys and girls were in that group.
Then the army took us to an open land area by walking a long distance and they asked us to sit there. We were very hungry and thirsty and did not know what to do next. The people who were there plucked mangoes and coconut in that land. We also drank. That night they took us to Omanthai Camp by bus and we reached Omanthai by 5.30 am. We were there till noon and after registering, we got on to the bus again. It was about 6.00 pm then and we arrived Cadirgamar Camp in Vavuniya. We were registered there also and were given temporary houses. Three families stayed together. There was scarcity for water and toilet facilities. For everything, there was queue and we stayed there for six months tolerating all difficulties.
Then for resettlement, we were taken to Aandaankulam School in Mannar. There also we stayed for about one month. Then we were allowed to go home. Our house was damaged by shell attack. We were given money for partly damages. We repaired the house and live in it.
In 2011, I went to Malaysia for employment. I returned in April 2016. Now, we are well off in life. I am thinking of going to Malaysia again.
There are many villages still undeveloped and in bad condition. People suffer greatly as they have not been provided housing scheme yet. We wish that the government should fulfill at least their basic requirements for living.
I wish to make Tamil people live a better life. The government should provide them their rights. The government should not try to control Tamil people using force. I wish they should be allowed to live with freedom and self-respect.
Thank you.
නම : සුරේන්
ස්ථානය: සාලම්බන්, මන්නාරම.
සුරේන් වන මම 1988 වසරේ මන්නාරම රෝහලේ ඉපදුණා. මගේ මව සාලම්බන් ග‍්‍රාමයේත්, මගේ පියා උයිලම්කුලම් ග‍්‍රාමයේත් ඉපදුණු අය. පසුව දෙදෙනා විවාහවී මගේ මවගේ ගම වන සාලම්බන් ගමේ පදිංචි වුණා.
මම හැදී වැඩුණේ සාලම්බන් ග‍්‍රාමයේ. මට අක්කා කෙනෙක් හා මල්ලිලා දෙදෙනෙක් සිටිනවා. මගේ පියා එදා සිට අද දක්වා ගොවිතැන් කරමින් ජීවත් වෙනවා. මව ගෙදර දොර වැඩ කටයුතු බලා ගන්නවා. මේ ප‍්‍රදේශයේ 1998, 1999 යන වසරවල හමුදාව හා කොටි සංවිධානය අතර යුද්ධය ඇවිලුණා. එම නිසා මෙහි ජීවත්වීමට විශාල බියක් තිබුණා. යුද්ධය සිදු වන අවස්ථාවල අපගේ නිවසටද ෂෙල් උණ්ඩ වැටී තිබෙනවා. ඒ කාල වකවානුවේ මා කුඩා ළමයෙක්. පසුව අපි අවතැන්වී මඩු ප‍්‍රදේශයට ගියා. යුද්ධය අඩුවී හමුදාව පසු බැස්සා. නැවත 2002 වසරේදී අපගේ ගමට පැමිණියා. අපගේ නිවස හානියට පත්වී තිබුණා. ගෙය අලුත්වැඩියා කර එහි ජීවත් වුණා. නමුත්, අපට විදුලිබලය තිබුණේ නැහැ. පාඩම් කිරීමටත් කිසිම පහසුකමක් තිබුණේ නැහැ. අපේ ජීවිතය මෙසේ ගෙවී ගියා. මා හා මගේ සහෝදර සහෝදරියන් අධ්‍යාපනය ලබන නිසා අපි ගෙදර බොහෝ දුෂ්කරතාවන් තිබුණා. මේ දුෂ්කරතා මධ්‍යයේ එක්තරා ප‍්‍රමාණයකට අධ්‍යාපනය ලැබුවා.
මෙසේ ජීවත්වන විට 2007 වසරේ නැවත හමුදාව සහ කොටි සංවිධානය අතර යුද්ධය ආරම්භ වුණා. අපේ ගමේ ජීවත්වීමට නොහැකි තත්ත්වයක් පැවති නිසා අවතැන් වුණා. අපි එක් එක් ස්ථානවල අවතැන්වී ජීවත් වුණා. මන්නාරමේ සිට මුලතිව් දක්වා විවිධ ස්ථානවල එසේ රැඳී සිටියා.
අවතැන්වී මෙසේ තැනින් තැන යන විට අපි බොහෝ දක් කරදරවලට මුහුණ දුන්නා. අපගේ බඩු බාහිරාදිය රැගෙන යාමට හැකියාවක් තිබුණේ නැහැ. ඇඳුම්, ආහාර හා වැදගත් ලිපි ලේඛන පමණක් රැගෙන ගියා. අනිකුත් බඩු බාහිරාදිය නිවසේ තබා ගියා. යුද්ධ කාලයේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා මට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි වුණා. කෙසේ හෝ නොමැරී ජීවත්වී සිටිය යුතුයි යන්න අපගේ එකම බලාපොරොත්තුව විය.
අපි අවතැන්වී සිටි ස්ථානවල සාමාන්‍යයෙන් සතියක්, මාසයක් නැත්නම් මාස 2ක් වාගේ තමයි රැඳී සිටියේ. අඛණ්ඩව අවතැන්වීම් සිදුවුණා. සෑම තැනකම මල ගෙවල්. ජනතාවගේ අඳෝනාව පමණයි අපට ඇසුණේ. අවසානයේදී ආහාර ලබා ගැනීමටත් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. අපි මෙසේ බේරී තවමත් ජීවත්වීම ගැන අපට පුදුමයක් හිතෙනවා. පෙර ආත්මයේ කළ පිනකට මෙසේ සිටින බව මම සිතනවා.
අවසන් යුද්ධය සිදුවන අවස්ථාවේ අපව අල්ලා ගැනීමට කොටි සංවිධානය පැමිණියා. ඔවුන්ගෙන් බේරී පලා යාම විශාල ගැටලුවක් වුණා. එක නිවසකින් එක්කෙනෙක් සංවිධානයට ලබාදිය යුතු බව ඔවුන් කීවා. ඉන් පසු සියලුම තරුණ තරුණියන් අල්ලා ගෙන ගියා. කෙසේ හෝ මම එයින් බේරුණා. යුද්ධය පැවති කාලයේ මම බොහෝ දවස්වල නිරාහාරව සිටියා. හමුදාව අවසන් යුද්ධයේදී පොකුරු බෝම්බ ප‍්‍රහාර එල්ල කළා. එවිට අපි හිටියේ පොක්කනේ ප‍්‍රදේශයේ. එහි පිල්ලෙයාර් කෝවිලක් තිබුණා. එම කෝවිල වටේ පැල්පත් 500ක් පමණ ඉදිකර තිබුණා. විශාල ජනකායක් එහි ජීවත් වුණා. එහි ආහාර පහසුකම් හෝ ජල පහසුකම් තිබුණේ නැහැ. වැසිකිළි පහසුකම් තිබුණේත් නැහැ. එහි අප විදපු දුක ප‍්‍රකාශ කිරීමට වචන නැහැ.
අපි රැඳී සිටි නිවස අවට හමුදාවේ ෂෙල් ප‍්‍රහාර එල්ල වුණා. එහි සිටි අයගෙන් සිය ගණන් පුද්ගලයන් තුවාල වුණා. බෙහෙත් දමා ගැනීමට රෝහලට යන්න බැරි තත්ත්වයක් තිබුණා. රෝහල් තිබුණේත් නෑ. එසේ ප‍්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් නොමැති හෙයින් බොහෝ අය දැඩි වේදනාවෙන් පසු මිය ගියා. අද වන විටත් එම දර්ශන මගේ ඇස් තුළ රැඳී තිබෙනවා. අපි 2009 අප්‍රේල් මස 20වන දින හමුදා පාලන ප‍්‍රදේශයට පැමිණියා. හමුදාව අපි රැඳී සිටි නිවස අවට පැමිණි අවස්ථාවේ අපි අපගේ ඇඳුම් හා අනිකුත් බඩු භාණ්ඩ රැගෙන හමුදා පාලන ප‍්‍රදේශයට ගියා. එම අවස්ථාවේ මා, මගේ පියා, මව, මල්ලී, අක්කා සියලුදෙනාම තවත් දහස් ගණන් පුද්ගලයන් සමඟ හමුදාවට භාර වුණා.
අප හමුදාවට භාරවන විට අපට යම් බයක් තිබුණා. නමුත්, වෙන කළ හැකි දෙයක් තිබුණේ නැහැ. ජීවිතාරක්ෂාව සඳහා තිබූ එකම විකල්පය එය වුණා. අපි තරුණ අය. කොටි සංවිධානයේ සාමාජිකයන් යැයි සිතා අපට යම් දෙයක් සිදු විය හැකි යැයි බය වුණා. එසේ බයෙන් තමයි ගියේ. අපි මෙසේ පයින් ඇවිද ගෙන යන විට කොක්කනෙයි ප‍්‍රදේශයේ සෑහෙන ප‍්‍රමාණයක් පුද්ගලයන් අවට මිය ගොස් තිබුණා. එම ප‍්‍රදේශයේ දුර් ගන්ධයක් පැතිරී තිබුණා. සියලුම දේවල් ඉවසා ගෙන මළ කඳන් පහු කරමින් අපි ඉදිරියට ඇවිද ගෙන ගියා.
එසේ ඇවිද යන විට කුඩා වැවක් හරහා යාමට සිදුවුණා. එම වැවේ ඇඳුම් මල්ල හිසේ තබා ගෙන ජලයට බැස අපි ඇවිද ගෙන ගියා. එම ජලයේත් අපි පාවෙන මල මිනී දැක්කා. සියලු දේ ඉවසා ගෙන අපි පැමිණියා. පොඩි පාරක අපි ගියේ. හමුදාව පෝලිමේ සිටියා. අපිට ඇවිත් එක්කෙනා පිටුපස එක්කෙනා වශයෙන් ඇවිදීමට සිදුවුණා. හමුදාව කලු රෙදිවලින් මුහුණ වසා ගෙන තුවක්තු හා පිහි අමෝරා ගෙන එම ස්ථානයේ සිටියා. අපි දැඩි ලෙස බියට පත්වුණා. දරුණු යුද්ධවලින්බේරී පැමිණි අපි මෙතැන හමුදාව අතින් මැරුම් කෑමට සිදුවිය හැකි යැයි සිතා බය වුණා. විශේෂයෙන් මම තරුණයෙක්. මම කොටි සංවිධානයේ පුද්ගලයෙක් යැයි සිතා හමුදාව මට යම් දෙයක් කළ හැකි යැයි මම බිය වුණා. නමුත්, එහෙම කිසිම දෙයක් සිදු වුණේ නැහැ. එසේ අප සියලුදෙනාම රැගෙන ගොස් තණබිමක වාඩි කෙරෙව්වා. ඉන්පසු ඔවුන් අප සියලුදෙනාගේම තොප්පි හා අනිකුත් ඇඳුම් පෙන්නන ලෙස කීවා. හමුදාව අප සියලුදෙනාම හොඳට පරීක්ෂා කරා. සමහර අයට එන ලෙස කිව්වා. ඒ පුද්ගලයන් රඳවා තබා ගෙන ඔවුන් පරීක්ෂා කළ යුතු බව සඳහන් කළා. පසුව නිදහස් කරන බවත් කිව්වා. එම කණ්ඩායමේ බොහෝ තරුණ තරුණියන් සිටියා.
ඉන්පසුව අපිව රැගෙන ගියා. වැඩි දුර ප‍්‍රමාණයක් අපි ඇවිද ගෙන ගියා. ඉන් පසු එළිමහන් ඉඩමක නතර වෙන ලෙස කිව්වා. අපි කුසගින්නෙන් හා පිපාසයෙන් පෙලූණා. එම ඉඩමේ තිබුණ අඹ, තැඹිලි වැනි දේවල් කඩා අපි ආහාරයට ගත්තා. විශාල ජනගහණයක් එහි සිටියා. නැවත රාත්‍රියේදී අපි බස් රථයකට නංවා ගෙන ඕමන්තේ මුර පොලට රැගෙන ගියා. එහි යන විට පාන්දර 5.30යි. මධ්‍යහනය දක්වා එහි සිටියා. මධ්‍යහනයේදී අපගේ නම ලියාපදිංචි කර නැවත බස්වලට නැග්ගුවා. අපි ඕමන්තේ ප‍්‍රදේශයෙන් පිටවන විට වේලාව සවස 6යි. ඉන් පසු අප වවුනියා කදිර්ගාමර් කඳවුරට රැගෙන ගියා. එහිදීත් අපේ නම ලියාපදිංචි කරා. තාවකාලික නිවාස ලබා දුන්නා. පවුල් 3ක් එක නිවසක ජීවත් වුණා. එහි ජලය හා වැසිකිළි පහසුකම් තිබුණේ නැහැ. සියලුම දේවල් ඉවසා ගෙන මාස 6ක් එහි සිටියා.
2009 වසරේ නොවැම්බර් මාසයේ යළි පදිංචි කිරීම සඳහා මන්නාරම අන්ඩන්කුලම් ප‍්‍රදේශයට රැගෙන ආවා. මුලදී පාසලක රැදෙව්වා. එම පාසලේ මාසයක් සිටියා. නැවත අපේ නිවෙස්වලට යාමට අවසර ලබා දුන්නා. අපි යන විට අපගේ නිවස දැඩි ලෙස හානිවී තිබුණා. අඩක් පමණ මුදල් ප‍්‍රමාණයක් ලබා දුන්නා. එය මගින් අප අපගේ නිවස අලුත්වැඩියා කෙරුවා.
මා 2011 වසරේ රැකියාව සඳහා මැලේසියාවට ගියා. 2016 අපේ‍්‍රල් මස නැවත ලංකාවට පැමිණියා. දැන් අපි හොඳට ජීවත් වෙනවා. නැවතත් මැලේසියාවට යාමට කල්පනා කරනවා.
බොහෝ ගම්මාන අද සංවර්ධනයෙන් තොරව ඉතා පසුගාමී තත්ත්වයක තිබෙනවා. අහිංසක ජනතාවට තවමත් නාවාස යෝජනා ක‍්‍රම යටතේ නිවාස ලැබිලා නැහැ. ඔවුන් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරනවා. අපට ජීවත්වීමට අවශ්‍ය මූලික පහසුකම් අපට ලබාදිය යුතු බව රජයෙන් ඉල්ලා සිටිනවා.
දමිළ ප‍්‍රජාව සමාජය තුළ හොඳ ජීවිතයක් ගත කිරීමට අවස්ථාව තිබිය යුතුයි යන්න මගේ අදහසයි. ඔවුන්ට ලැබිය යුතු සියලුම අයිතීන් රජය ලබාදිය යුතුයි. දමිළ ජනතාව රජය මර්දනය නොකළ යුතුයි. ඔවුන්ට නිදහසේ, ගරුත්වයෙන් ජීවිතය ගත කිරීමට අවස්ථාව සලසාදිය යුතුයි.
ස්තුතියි.
CMP/MN/MW/SAL/02
பெயர்: சுரேன்
இடம்: சாளம்பன், மன்னார்
சுரேன் ஆகிய நான் 1988ஆம் ஆண்டு மன்னார் வைத்தியசாலையில் பிறந்தேன். எனது அம்மா சாளம்பன் கிராமத்திலும் அப்பா உயிலங்குள கிராமத்திலும் பிறந்து வளர்ந்து வந்தார்கள். பின்னர் இருவரும் திருமணம் செய்த பிறகு எனது தாயின் இடமாகிய சாளம்பன் கிராமத்தில் குடியமர்ந்தார்கள்.
நான் சாளம்பன் கிராமத்தில் வளர்ந்ததுடன் எனக்கு ஒரு அக்காவும் இரண்டு தம்பிமாரும் உள்ளனர். எனது தந்தை அன்று தொட்டு இன்று வரைக்கும் விவசாயம் செய்தே வருகின்றார். எனது தாய் வீட்டு வேலைகளை கவனித்து வருகின்றார்.
1998, 1999 காலப்பகுதிக்குகள் இங்க இயக்கம், ஆமிக்கும் இடையில் சண்டை அடிக்கடி ஏற்படும். அதனால இங்க இருக்கவே பெரும் பயமாக இருக்கும். இப்படி சண்டை நடக்கும் போது எங்கட வீட்டடி எல்லாம் செல் வந்து விழுந்தது. அப்ப நான் சின்னப் பெடியன். நாங்கள் இடம்பெயர்ந்து மடுவுக்கு போவோம். பேந்து சண்டை குறைய ஆமி பின்வாங்கி போட்டு பேந்து 2002ஆம் ஆண்டு எங்கட வீட்டுக்கு வந்தம். எங்கட வீடு எல்லாம் சேதம் அடைந்து இருந்தது. அதனைத் திருத்தி இருந்தம். கரண்ட் இல்லை. படிக்க எல்லாம் சரியான கஸ்டப்பட்டம். இப்படியே எங்கட வாழ்க்கை போய்க் கொண்டு இருந்தது. நான் தம்பி எல்லோரும் படிக்கிறதால வீட்டிலயும் சரியான கஸ்டம். என்ன செய்யிறது எல்லா கஸ்டத்தினையும் அனுபவிச்சு ஓரளவுக்கு படிச்சம்.
இப்படியே எங்கட வாழ்க்கை நடத்திக் கொண்டு இருக்கேக்க மீண்டும் 2007ஆம் ஆண்டு ஆமிக்கும் இயக்கத்துக்கும் போர் தொடங்கியது. எங்கட கிராமத்தில இருக்க முடியல்ல. இடம்பெயர வௌிக்கிட்டம். தங்கள் ஒரு இடத்தில் இடம்பெயர்ந்து இருக்கவில்லை. மன்னாரில் இருந்த நாங்கள் முல்லைத்தீவு வரைக்குமாக பல இடங்களுக்கு இடம்பெயர்ந்து சென்றோம்.
இடம்பெயர்ந்து செல்லும் போது பல துன்பங்களினை அனுபவித்துக் கொண்டே சென்றோம். எங்களின் பொருட்கள் எல்லாத்தையும் கொண்டு போக முடியவில்லை. எல்லாப் பொருட்களையும் விட்டுட், முக்கியமான ஆவணங்கள் மட்டும்தான் கொண்டு போனோம். இந்த போர்காலத்தில் எங்கட படிப்பில அக்கறை செலுத்தவில்லை. இதனால நான் ஒழுங்கா படிக்கவில்லை. எப்படியும் தப்பி உயிர்வாழ வேண்டும் என்றே நினைச்சு இருந்தம். படிக்கனும் என்டு நினைக்கவில்லை.
பல இடங்கள் இடம்பெயர்ந்து சென்றாலும் எல்லா இடங்களிலும் ஒரு மாதம் அல்லது இரண்டு மாதம் ஒரு கிழமை என்ற கணக்கில் ஒவ்வொரு நாளும் இடப்பெயர்வு எங்கு பார்த்தாலும் மரண வீடுகளும், கதறல் சத்தங்கள் மட்டும்தான் கேட்கும். கடைசியில் சாப்பாட்டுக்கே சரியான கஸ்டம். என்னென்டுதான் உயிர்தப்பி இப்படி இருக்கிறோம் என்டு தெரியவில்லை. ஏதோ முற்பிறப்பில் நான் செய்த புண்ணியம் என்றுதான் நினைக்கிறேன்.
இறுதிக்கட்ட யுத்தத்தின் போது எங்களை பிடிக்க இயக்கம் வந்தாங்க. அவர்களிடம் இருந்து தப்புவதே பெரும்பாடாக போட்டுது. அவங்க வீட்டுக்குஒருவரை சேர்த்தாங்க. பேந்து எல்லாப் பெடி, பெட்டையலை எல்லாம் பிடிச்சிங்க. நான் ஒரு மாதிரி தப்பிட்டன். போரின் போதுநான் பட்டினி இருந்த நாட்கள்தான் அதிகம். ஆமிக்காரர் கடைசி சண்டையின் போது கொத்துக் குண்டு அடிச்சாங்க. அப்பேக்க பொக்கனையிலை இருந்தனான். அங்க ஒருபிள்ளையார் கோயில். அந்தக் கோயிலைச் சுத்தி 500இற்கு மேற்பட்ட குடிசை வீடு அமைத்து அதிகளவான மக்கள் குடியமர்ந்தோம். அங்க தண்ணியும் இல்லை. உணவும் இல்லை. கக்குசும் இல்லை. நாங்கள் அங்கபட்ட கஸ்டம் சொல்லவே மனசுக்கு சரியான கஸ்டமாகத்தான் இருக்கு.
நாங்கள் இருந்த வீட்டுக்கு கிட்டை எல்லாம் செல் அடிச்சாங்க ஆமிக்காரர். அங்க இருந்த சனங்கள் எல்லாம் நூற்றுக்கணக்காக செத்தாங்க. காயப்பட்டாங்க. அவங்களுக்கு மருந்து கட்டவே வைத்தியசாலைக்கு போக முடியாது. வைத்தியசாலையும் இல்லை. காயப்பட்டு மருந்து வசதி இல்லாததால நிறைய பேர் வலிகளை தாங்க முடியாதல் துடிதுடிச்சு செத்தாங்க. இன்டைக்கும் என்ர கண்ணுக்கு நிக்குது.
நாங்கள் 2009ஆம் ஆண்டு4ஆம் மாதம் 20ஆம் திகதிதான் ஆமின்ட கட்டுப்பாட்டுக்குள்ள வந்தனாங்கள். ஆமி எங்கட இடத்துக்கு வீட்டுக்கு கிட்ட வந்திட்டாங்க. அப்பதான் என்ர உடுப்பு பாக்கையும் தூக்கிக் கொண்டு போனோம். அம்மா,அப்பா,தம்பி, அக்கா எல்லாம் அப்போது பல ஆயிரக்கணக்கான மக்களும் ஆமிட்ட சரண் அடைஞ்சாங்க.
நாங்கள் ஆமிட்ட போகெக்க பயமாகத்தான் இருந்தது. என்ன செய்வது. எங்கட உயிரைக் காப்பாற்ற வேண்டும். செத்தா ஒருக்காதான் என்டு துணிஞ்சு போனேன். அதுவும் நாங்க பெடியள். இயக்கம் என்டு ஏதும் எங்களை செய்திடும் என்டு பயம். என்ன செய்வது பயப் பீதியோடுதான் போனாங்கள். நாங்கள் நடந்து போகும் போது பொக்கனை வௌியில நிறைய பேர் செத்துக் கிடந்தாங்கள். ஒரே பணமும், என்ன செய்வது எல்லாத்தையும் சகித்துக் கொண்டுபிணங்களைத் தாண்டிக் கொண்டு நடந்து போனாங்கள்.
ஆமிட்ட போகும் போது அதில் சின்ன குளம் ஒன்டு சம்புப்புல் நிறைய இருந்தது. தண்ணியும் என்ர நெஞ்சளவுக்கு கொண்டு போன உடுப்பு பைய தலைக்கு மேல உயத்திப் பிடிச்சுக் கொண்டு தண்ணிக்கால எல்லோரும் வந்தனாங்கள். அந்த தண்ணிக்கையும் செத்த மனித உடல் மிதந்து கொண்டுதான் இருந்தது. எல்லாத்தையும் பொருட்படுத்தாமல் தண்ணிக்கிள்ளால வந்துட்டம். மேல ஏறினதும் ஆமிக்காரர் லயினா நிக்கிறாங்க. போகும் பாதை சின்ன பாதை. ஒவ்வொரு ஆளாகாகத் தான் போகனும். ஆமி கறுத்தத் துணியால முகத்தை மறைச்சும், துவக்கினை நீட்டியும் கத்தியைக் காட்டிக் கொண்டும் நிண்டாங்க. சரியான பயமாகத்தான் இருந்தது. ஐயோ, இவ்வளவு சண்டைக்கிலயும் தப்பி வந்திட்டமே. ஆமிட்ட நாங்கள் சாகப் போறமே என்டு மனப்போராட்டம். அதுவும் நான் இளம்பெடியன். அவங்கள் நான் இயக்கம் என்டு எதுவும் செய்திடும் என்ட பயம். ஒன்டும் செய்யவில்லை. அப்படியே கூட்டிக் கொண்டு போய் எல்லோரையும் பச்சை புல்வௌியில் நடு வெயிலுக்க குடும்பம் குடும்பமாக இருத்தினாங்கள். ஆமிக்காரர் எல்லாரையும், தலையில் போட்டிருந்த தொப்பி துவாய் எல்லாத்தையும் கழட்டுமாறு சொன்னார்கள். நிறைய ஆமிக்காரர் எல்லாரையும் வடிவா பார்த்துக் கொண்டு போனார்கள். அதில் சில பேரை வரும்படி கூப்பிட்டாங்க. அவங்களை மட்டும் மறிச்சுப்போட்டு மற்றவங்களை விசாரிக்க வேணும் பேந்து விடுவம் என்று சொன்னாங்க. அதில நிறைய பெடியள் பெட்டயள் மட்டும்தான் அடங்குவர்.
பேந்து எங்களைக் கூட்டிக் கொண்டு போனாங்க. நீண்ட தூரம் நடந்து போனம். பேந்து ஒரு வௌிக்காணியில இருக்க சொன்னாங்க. எங்களுக்கு சரியான பசி. தண்ணி விடாயும் என்ன செய்வதென்று தெரியவில்லை. அந்தக் காணியில் இருந்த மாங்காய், இளநீர் எல்லாம் புடுங்கி அங்க நீண்ட மக்கள் எல்லாம் குடிச்சாங்க. நாங்களும் வேண்டி குடிச்சம். பேந்து இரவுஎங்களை பஸ்சில ஏத்திக் கொண்டு போய் ஓமந்தை சாவடியில இறக்கினாங்கள். அங்க போக விடிய 5.30 ஆகிட்டு. மதியம் வரைக்கும் அங்கேயே இருந்தம். பேந்து மத்தியானம் பதிஞ்சுபோட்டு திருப்பி பஸ்சிலை ஏத்தினாங்க. ஓமந்தையிலை இருந்து வௌிக்கிடைக்க பொழுதுபட 6 மணி இருக்கும். ஏத்திக் கொண்டு போய் வவுனியா கதிர்காமர் முகாமுக்க விட்டாங்க. அங்கையும் பதிஞ்சு போட்டு தற்காலிக வீடு தந்தாங்க. அங்க 3 குடும்பம் சேர்ந்து இருந்தம். அங்கயும் கக்கூசுக்கும், தண்ணிக்கும் சரியான கஸ்டம். ஒரே லயின்தான். எல்லாத்தையும் சகித்துக் கொண்டு 6 மாதங்கள் முகாமுக்குள்ளேயே இருந்தம்.
2009ஆம் ஆண்டு 11ஆம் மாதம் எங்களை மீள்குடியமர்த்துவதாக கூட்டிக் கொண்டு போய் மன்னார் ஆண்டான்குளம் பள்ளிக்கூடத்தில விட்டாங்க. அங்களும் ஒரு மாதம் இருந்திருப்பம். பேந்து வீட்டுக்குப் போக விட்டாங்க. அங்க போனம். வீடும் செல்லால சேதம் அடைந்து இருந்தது. பகுதி அளவுக்கு காசு தந்தாங்க. அதில வீட்டைத் திருத்தி போட்டு இருக்கிறம்.
நான் மலேசியாவுக்கு 2011ஆம் ஆண்டு 4ஆம் மாதம்தான் இங்கால வந்தனான். 2016ஆம் ஆண்டு 4ம் மாதம்தான் இங்கால வந்தனான். இப்ப நாங்கள் நல்ல வசதியாக இருக்கிறம். பரவாயில்லை. நான் திருப்பியும் மலேசியாவுக்கு போகத்தான் யோசிக்கிறன்.
எத்தினையோ கிராமம் இன்டைக்குஅபிவிருத்தி அடையாம மோசமாக இருக்கு. சனம் பாவம். இப்பையும் வீட்டுத் திட்டம் கிடைக்காம சரியா கஸ்டப்படுதுகள். அவங்கள் வாழ அடிப்படைத் தேவைகளை என்டாலும் அரசாங்கம் செய்து குடுக்க வேண்டும் என்டதுதான் எங்கட விருப்பம்.
தமிழ் மக்களையும் சிறப்பாக சமூகத்தில் வாழ வைக்க வேண்டும் என்பதுதான் எனது விருப்பம். அவர்களுக்கு உரிய உரிமைகளை அரசு வழங்க வேண்டும். தமிழ் மக்களை அரசு அடக்கி ஆளக் கூடாது. சுதந்திரமாக சுய கௌரவத்துடன் வாழ வைக்க வேண்டும். என்பதுதான் என் விருப்பம்.