We had to live in a post office

The story about the sufferings of a poverty-stricken family during the ethnic conflict.


අපි තැපැල් කාර්යාලයේ හිටියා

ජනවාර්ගික අර්බුදය තුළ දරිද්රතාවයෙන් පෙළුණු පවුලක දුක් විඳීම පිළිබඳ කතාව.


தபால் நிலையத்தில் தங்கியிருந்தோம்

வறுமையில் வாடிய குடும்பமொன்று இனக்குழப்ப காலத்தில் நிர்கதிக்குள்ளான கதை



CMP/AMP/SAM/MTY 04
S.Maniyamma
87, Kora kovil Street
Sammanthurai

To my loving brother from your sister
Through this letter I will tell all the hardships I went through in the past. I was born on 1962.02.23. I had four brothers and a sister. After me there were three brothers and a sister. My father, mother, brothers and sisters lived happily.

After a few years, My four brothers and a sister got married and went with their own families. A family from Attalaichenai came to live in our next house. Every body arranged a marriage for their son and me. I was married to him on 31.10.1978, I was fifteen then.
Two boys were born to us after a few years. My husband got piles and didn’t go work. We didn’t have money to feed the family, I didn’t know what to do. My brothers came to see me and they helped to cure my my husband. He went for work after a few days. Even though he went to work, we lived a hard life, My brothers came and helped me time to time. This is the way my family lived.

Trouble came after a few days, There were tension between Muslims and Tamils in 1989 and we had to leave our house and take refuge in the Post office. The Indian army came to know about us through the G.S and took us to Korakka Tamil School. The Indian army gave us food, dress and security.After a month when everything was settled, Indian army settled us in our house. We lived happily and didn’t forget the help they did.
We fell into trouble again, the ethnic conflict began on the sixth month of 1990. We were frightened and stayed at our home. One day the army came and rounded all of us, they went to each house and took all the males. They took my three brothers too. We went crying behind them but they never released them. They took them to Sammanthurai police station, we waited at the police station. They chased us by shooting. We were crying when we went home.

I was eight pregnant then. The army took all the person in the custody and shot them and burnt them on tyres, we heard that they were coming to the village to burn the people. We ran away from our village and took refuge in the vipulananda college. We heard that our three brothers were dead. My father, mother, husband, my sister and my children were there.

The pain started and I was taken to Karaitivu hospital on 02.08.1990 I gave birth to a baby girl on 03.08.1990. The G.S and D.S helped us to get food and dress.
My sister was married after an year. My parents got sick because of the death of their children. My father died. I looked after my sick mother and lived in the refugee camp with sadness and tears.

We came to our village in 1993. The village was a jungle, with the help of G.S we made our house roof. Mother died after a month. They gave us 25000/= to build our house, we repaired our house. I gave birth to a girl and a boy, our hardship continued. My 16 year old son and I went to the field and helped my husband, with amount we got we looked after our family. One day my son told that he had a headache and didn’t want to come to the field. So my mother in law and I went to the paddy field.

When we came back, my elder son was no where to be seen. I asked every body at home and searched everywhere, but he wasn’t anywhere. I was in sorrow, one day my husband got chest pain and we took him to the hospital. I left my son at the hospital and came home. My son called me that my husband died on 31.08.1004 at 3a.m at the hospital. We buried him and I heard that my elder son was dead too.

I married off my daughter. Fate played again in our life, my son met with an accident and was admitted to Amparai hospital, after few days my younger son phoned me that he died on 25.04.2012. I lost my father, mother, husband and two sons. I still with three girls and a son who looks after me.

I end my letter with tears
S.Maniyamma








CMP/AMP/SAM/MTY/04-1

මගේ සදාදරණීය සහෝදරයා වෙත ඔබගේ ආදරණීය නංගීගෙන්,

S. මනියම්මා,
87, කෝරක්කෝයිල් පාර,
සම්මන්තුරේ.

මගේ පසු ගිය කාලයේ ඇති වූ දුක් කරදර පිළිබඳව මෙම ලිපිය මගින් දන්වන්නමි. මම 1962.02.23 වැනි දින ඉපදුණා. මාස කිහිපයකට පසු මට ටිකක් තේරුම් ගියාට පසුව තමයි මට සහෝදරයන් හතර දෙනෙකුයි, සහෝදරියකුයි ඉන්න බව දන්නෙ. මගෙන් පස්සෙ සහෝදරයන් තුන් දෙනෙකුයි, සහෝදරියකුයි ඉපදුණා. සහෝදර සහෝදරියන් හා දෙමව්පියන් ඉතා සතුටින් ජීවත් වුණා.

අවුරුදු කිහිපයකට පසු සහෝදරයින් හතර දෙනයි, සහෝදරියයි විවාහ වෙලා අපේ පවුලෙන් වෙන් වෙලා තනි පවුල්වලට ගියා. අපේ අල්ලපු ගෙදරට අඞ්ඩාලෙයිචේනයිවලින් ආපු පවුලක් අලුතින් පදිංචි වෙලා සිටියා. ඒ අයගේ පුතාට මාව විවාහ කර දීමට සියලු දෙනා ම එකතු වෙලා කථා කරලා තීරණය කළා. 1978.10.31 දින මාව විවාහ කර දුන්නා. විවාහ වන විට මට වයස අවුරුදු 15 යි.

අවුරුදු කිහිපයකට පසු මට පිරිමි දරුවන් දෙදෙනෙකුයි, ගැහැණු දරුවන් දෙදෙනෙකුයි ඉපදුණා. ඒ දවස්වල තමයි මගේ ස්වාමි පුරුෂයාට අර්ෂස් රෝගය ඇති වුණේ. ඒ නිසා රැකියාවට ගියේ නැහැ. පවුලේ දුප්පත්කම් ඇති වුණා. ළමයින්ට කන්නත් නැහැ. ස්වාමි පුරුෂයාගේ ලෙඩේ සනීප කරන්න අතේ සල්ලිත් නැහැ. මොනවා කරන්න ද කියා දන්නෙ නැතිව දොඩවමින් සිටියා.

04-2

ඒ වෙලාවෙ තමයි මගේ සහෝදරයන් මගේ පවුලට සැලකුවේ. පසුව ස්වාමි පුරුෂයාගේ ලෙඩේ සනීප කරන්නත් උදව් කළා. දින කිහිපයකට පසු ස්වාමි පුරුෂයාගේ ලෙඩේ සනීප වෙලා වැඩට ගියා. වැඩට ගියත් පවුලේ ප‍්‍රශ්න තමා. මගේ සහෝදරයන් ඉඳහිට ඇවිත් මගේ පවුලට උදව් කරනවා. මේ විදියට මගේ පවුල ජීවත් වුණා.

ටික කලකට පසු අපේ ජීවිතයට දුක් කරදර එන්න පටන් ගත්තා. එනම්, 1989 දී මුස්ලිම් ජනතාව හා දෙමළ ජනතාව අතර ඇති වූ කලබල නිසා ගෙදරින් පිට වෙලා ගිහින් තැපැල් කන්තෝරුවේ නැවතිලා සිටියා. කලබල ගැන ආරංචි වෙලා ඉන්දියානු හමුදාව ඇවිත් (G.S.) මගින් අපි සිටි තැන දැන ගෙන අපි හැම දෙනා ම කැඳවා ගෙන ගොස් කෝරක්කල් දෙමළ මහා විද්‍යාලයේ නැවැත්තුවා. අනාථ වී සිටි අපට කෑමබීම හා ඇඳුම් ඉන්දියානු හමුදාව ලබා දීලා මුස්ලිම් ජනතාවගෙන් ආරක්ෂාවත් ලබා දුන්නා. මාසයකට විතර පසු කලබල අවසන් වුණා. ඉන්දියානු හමුදාව අපි හැම දෙනා ම කැඳවා ගෙන ඇවිත් අපිව ගෙවල්වල පදිංචි කරලා ඔවුන් නැවතත් ඔවුන් සිටි තැනට ම ගියා. අපි හැම දෙනා ම ඉන්දියානු හමුදාව කළ උදව්ව අමතක නො කර නැවතත් ඉතා සතුටින් ජීවත් වුණා. මාරකයකින් බේරුණා වගේ හැමෝ ම තම තමන්ගේ පවුල් සමග නිදහසේ ජීවත් වුණා.

04-3

නැවතත් අපේ ජීවිතයේ දුක් කරදර පටන් ගත්තා. 1990 වර්ෂයේ හය වෙනි මාසයේ එක පාරට ම විශාල ජාතිවාදී කලබලයක් ඇති වුණා. හැමෝ ම බය වෙලා තම තමන්ගේ ගෙවල්වල මුලු ගැන්විලා සිටියා. දවසක් එක පාරට ම ගම වටා හැම තැන ම හමුදාව රවුන්ඩප් කළා. පසුව සෑම ගෙදරකට ම ගොස් පිරිමි අය සියලූ දෙනා ම අල්ලා ගෙන ගියා. එහි දී මගේ සහෝදරයන් තුන් දෙනත් අල්ලා ගෙන ගියා. අපි අඬ අඬා ඔවුන්ගේ පස්සෙන් ගියා. ඒත් අත හැරියෙ නැහැ. ඉන් පසු සම්මන්තුරේ පොලීසියට අරන් ගියා. අපි පොලීසියේ දොරටුව අසල අඬ අඬා සිටියා. අපට යන්න කියලා ශබ්ද වෙඩි තියලා අපිව එළවා ගත්තා. අපි බය වෙලා අඬා ගෙන ම ගෙදරට ආවා.

ප‍්‍රශ්න වැඩි වී ගෙන ම ගියා. ඒ අවස්ථාවෙ මා මාස අටක ගැබිණි මවක්. දවසක් හමුදාව පොලීසියේ රඳවා ගෙන සිටි සියලු දෙනා ම මලෙයිකාඩුවලට (කැලේට) ගෙන ගොස් වෙඩි තියලා, ටයර් දාලා සියලු දෙනා ම ගිනි තියලා ගමට ඇවිල්ලා මිනිසුන්ට වෙඩි තියලා, ගිනි තියන බව ආරංචි වුණා. ඒකෙ දි මගේ සහෝදරයන් තුන් දෙනත් මැරුණා කියා ආරංචි වුණා. අපි කඳුළු හලමින් අන්තිම වරට ඔවුන්ගේ මුහුණ වත් බලන්නට බැරිව අපි සියලු දෙනා ම දුව ගෙන ගොස් කාරෙයිතීවු විපුලානන්දා විදුහලේ සරණාගතව සිටියා. මා සමග මගේ අම්මයි, තාත්තයි, ස්වාමි පුරුෂයයි, මගේ දරුවොයි, මගේ නංගියි පාසල් කඳවුරේ නැවතී සිටියා.

04-4

1990.08.02 දින මට අමාරු වෙලා කාරෙයිතීවු රෝහලට ඇතුල් කළා. මට 1990.08.03 දින ගැහැණු දරුවෙකු ඉපදුණා. පසුව ග‍්‍රාම සේවක (G.S.) ප‍්‍රාදේශීය ලේකම් (D.S.) අපේ පවුල ගණනය කර, කෑම හා ඇඳුම් දීලා උදව් කළා.

අවුරුද්දකට පසුව මගේ සහෝදරියට විවාහයක් කර දීලා සහෝදරිය ඔහු සමග යැව්වා. අපේ අම්මටයි තාත්තටයි දරුවො තුන් දෙනාගේ වියෝව ගැන සිතා දුක් වෙලා දෙන්නට ම ලෙඩ හැදුණා. තාත්තගේ අසනීප තත්ත්වය වැඩි වෙලා ඔහු මිය ගියා. අසනීප වෙලා ඉන්න අම්මාවත් බලා ගෙන හැඬූ කඳුළින් සරණාගත ජීවිතය ගත කළා.

1993 වර්ෂයේ 5 වෙනි මාසයේ අපේ ගමට ආවා. මුළු ගම ම අමු සොහොනක් වාගේ තිබුණා. G.S. මගින් පොල් අතු, ලී, ලණු ආදිය ලබා දී නිවසේ වහල හදා ගෙන පදිංචි වුණා. මාසයකට පසු අම්මත් මිය ගියා. ඉන් පසු නිවස සමීක්ෂණය කරලා අපට රු: 25,000/=ක් ලබා දුන්නා. උළු, යට ලී ආදිය මිල දී ගෙන නිවස සාදා ගෙන අපි ජීවත් වුණා. මට පිරිමි දරුවෙකුයි ගැහැණු දරුවෙකුයි ඉපදුණා. පවුලේ දරිද්‍රතාව නැති වුණේ ම නැහැ. 2000 වර්ෂයේ මමයි, වයස අවුරුදු 16ක් වන මගේ ලොකු පුතයි දෙදෙනා ම කුඹුරුවලට ගිහිල්ලා වල් නෙළලා, කරල් ඇහිඳලා, ස්වාමි පුරුෂයා හම්බ කර ගෙන එන මුදලත් තියා ගෙන පවුල බලා ගත්තා. දවසක් පුතා කීවා අම්මේ මම අද කුඹුරට එන්නෙ නැහැ මගේ හිස කකියනවා, ඔයයි නැන්දයි යන්න කියලා. මම හරි යි කියලා අපි දෙන්න වල් නෙළන්න ගියා.

04-5

මම වල් නෙළලා ගෙදරට ආවා. ගෙදරට ඇවිත් බලන විට මගේ ලොකු පුතා නැහැ. ගෙදර සිටි අයගෙන් ලොකු පුතා කෝ කියා ඇහුවා. උදේ ගිය ගමන තව මත් ආවෙ නැහැ කියලා කීවා. මම හැම තැන ම හොයලා බැලුවා හම්බ වුණේ නැහැ. පුතා නැති වුණා කියන දුක නිසා මගේ ස්වාමි පුරුෂයාට හිටි ගමන් එක පාරට රාති‍්‍ර 9.00ට හෘදයාබාධය හැදී රෝහලට අරන් ගියා. ඔහු රෝහලට ඇතුල් කළා. මගේ පුතා ඔහුට උදව්වට නවත්තලා, අල්ලපු ගෙදර දුරකථන අංකයත් දීලා ගෙදර ආවා. 2004.08.13 වැනි දින පාන්දර 3.00ට කෝල් එකක් ආවා අල්ලපු ගෙදරට. මගේ ස්වාමි පුරුෂයා මිය ගියා කියා මගේ පුතා ඉස්පිරිතාලෙ ඉඳලා කීවා. අපි අඬ අඬා මරණය අර ගෙන ඇවිත් භූමදානය කළා. මේ දුකත් සමග මගේ ලොකු පුතා, නැති වෙච්ච දරුවත් මිය ගියා කියා ආරංචි වුණා.

මෙසේ දුකින් ම ගත කරපු අපේ ජීවිතයේ සතුටින් ගැහැණු දරුවෙකුට විවාහ කර දුන්නා. නැවතත් ඉරණම අපේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. මගේ පුතාට අනතුරක් වෙලා අම්පාර රෝහලේ දැඩි සත්කාරයේ (ICU) සිටියා. දින කිහිපයකට පසු ඔහුත් මිය ගියා කියා මගේ බාල පුතා දුරකථනයෙන් කීවා. එනම් 2002.04.25 දින මිය ගියා. ඔහුගේ මරණය ගෙනැවිත් භූමදානය කළා. මම මගේ අම්මා, තාත්තා, සහෝදරයන්, පුතාලා දෙදෙනෙක් මේ හැම දෙනා ම නැති කර ගෙන ළමිස්සියන් තුන් දෙනයි පිරිමි දරුවයි තියා ගෙන ඔහුටත් දැන් අවුරුදු 23ක් වෙනවා. ඔහුගෙන් තමයි අපේ පවුල ජීවත් වෙන්නෙ. මෙයින් මගේ ලිපිය කඳුළු මැදින් අවසන් කරන්නම්.

CMP/AMP/SAM/MTY/04

எனது பாசமிகு சகோதரனுக்கு உன் அன்பு தங்கை எழுதுவது.

எஸ் மணியம்மா
87 கோரக்கோயில் வீதி,
சம்மாந்துறை

எனது கடந்த கால வாழ்க்கையில் ஏற்பட்ட துன்ப துயரங்களை இக்கடிதத்தின் ஊடாக தெரியப்படுத்துகின்றேன். 1962.02.23ம் திகதி அன்று நான் பிறந்தேன். சில மாதங்களுக்குப் பிறகு எனக்கு புத்தி பிடிட்டபோதுதான் எனக்கு நான்கு சகோதரர்களும் ஒரு சகோதரியும் இருந்தார்கள். எனக்கு பிறகு மூன்று சகோதரர்களும், ஒரு சகோதரியும் பிறந்தார்கள். அதற்குப் பிறகு நானும் எனது தாய் தந்தையும் சகோதர சகோதரிகளும் மிகவும் சந்தோசமாக வாழ்ந்து கொண்டிருந்தோம்.

சில ஆண்டுகளுக்குப் பிறகு நான்கு சகோதரர்களும் ஒரு சகோதரியும் திருமணம் முடித்து எங்கள் குடும்பத்திலிருந்து அவர்கள் தனித்தனி குடும்பமான சென்றுவிட்டார்கள். எனது பக்கத்து வீட்டிற்கு அட்டாளைச்சேனையில் இருந்து ஒரு குடும்பம் புதிதாக குடி வந்து இருந்தார்கள். அவர்குளின் மகனுக்கு என்னைத் திருமணம் செய்வதற்கு எல்லோரும் சேர்ந்து பேசி முடிவெடுத்து 1978.10.31ம் திகதி அன்று எனக்கு திருமணம் முடித்து வைத்தார்கள். திருமணம் முடிக:கும் போது எனக்கு15 வயதுதான் ஆகும்.

சில ஆண்டுகளுக்குப் பிறகு எங்களுக்கு இரண்டு ஆண் குழந்தைகளும் இரண்டுபெண் குழந்தைகளும் பிறந்தார்கள். அந்த நேரத்தில்தான் எனது கணவருக்கு மூலக்கடுப்பு வருத்தம் வந்தது. அதனால் தொழிலுக்கு செல்லவில்லை. குடும்பத்தில் கஸ்டம் சூழ்ந்து விட்டது. பிள்ளைகளுக்கு சாப்பாடும் இல்லை. கணவரின் வருத்தம் சுகமாகுவதற்கு கையில் பணமும் இல்லை. என்ன செய்வது என்று தெரியாமல் புலம்பிக் கொண்டிருந்தேன்.

அந்த நேரத்தில்தான் எனது சகோதரர்கள்தான் எனது குடும்பத்தைப் பார்த்து வந்தார்கள். சில நாட்களுக்குப் பிறகு கணவரின் வருத்தம் குணமாகி வேலைக்குச் சென்றார். வேலைக்குப் போனாலும் குடும்பத்தில் கஸ்டம்தான். எனது சகோதரர்கள் இடைக்கிடை வந்து எனது குடும்பத்திற்கு உதவி செய்வார்கள். இப்படியே எனது குடும்பம் வாழ்ந்து கொண்டிருந்தது.

சில நாட்கள் கழித்து எங்கள் வாழ்க்கையில் துன்பம் சூழ ஆரம்பித்தது. அதாவது 1989ஆம் ஆண்டு முஸ்லீம் மக்களுக்கும் தமிழ் மக்களுக்கும் இடையில் ஏற்பட்ட கலவரத்தினால் வீட்டை விட்டு சென்று தபால் நிலையத்தில் தங்கி இருந்தோம். கலவரத்தை கேள்விபட்ட இந்தி இராணுவம் வந்து ஜி.எஸ் மூலமாக நாங்களஇ ருந்த இடத்தை தெரிந்து கொண்டு எங்கள் அனைவரையும் அழைத்துச் சென்றுகோரக்கா தமிழ் வித்தியாலயத்தில் தங்க வைத்தனர். அகதிகளாக இருந்த எங்களுக்கு சாப்பாடும் உடைகளும் இந்திய இராணுவம் தந்து முஸ்லீம் மக்களிடம் இருந்துபாதுகாப்பும் தந்தனர். பின்புஒருமாதத்திற்குப் பிறகு கலவரம் சரியாகி விட்டது. எங்கள் அனைவரையும் இந்திய இராணுவம் அழைத்து வந்து எங்களது வீட்டில் குடிவைத்து விட்டு அவர்கள் அவர்களின் இருப்பித்திற்கே சென்றுவிட்டார்கள். நாங்கள் அனைவரும் இந்திய இராணுவம் செய்த உதவியை மறக்காது மறுபடியும் மிகவும் சந்தோசமாக வாழ்ந்து வந்தோம். ஒரு கஸ்டத்தில் இருந்துதப்பியது போல எல்லோரும் அவர்கள் குடும்பத்தோடு நிம்மதியாக வாழ்ந்துவந்தார்கள்.

மறுபடியும் எங்களது வாழ்க்கையில் துன்பம் சூழ ஆரம்பித்தது. 1990ம் ஆண்டு ஆறாம் மாதம் திடீரென பெரிய இனக்கலவரம் ஏற்பட்டது. எல்லோரும் பயந்து போய் அவரவர் வீட்டிற்குள்ளே ஒடுங்கிப் போய் இருந்தோம். திடீர் என்று ஒருநாள் ஊரைச் சுற்றி எல்லா இடங்களிலும் ராணுவம் ரவுண்டப் பண்ணினார்கள். பிறகு ஒவ்வொரு வீடாகச் சென்று ஆண் பிள்ளைகள் அனைவரையும் பிடித்துச் சென்றார்கள். அதில் என் சகோதரர்கள் மூன்றுபேரையும் பிடித்துப் போனார்கள். நாங்கள் அழுது கொண்டு சென்றோம். அவர்களின் பின்னால் ஆனால் விடவே இல்லை. பிறகு சம்மாந்துறை பொலிஸ் நிலையத்திற்கு கொண்டு சென்றார்கள். நாங்கள் பொலிஸ் வாசலில் அழுதுகொண்டு நின்றோம். எங்களை போகச் சொல்லி சத்த ஷெல்களை சுட்டு எங்களை விரட்டினார்கள். நாங்கள் பயந்து கொண்டு அழுதபடியே வீடு திரும்பினோம்.

பிரச்சினை நீடித்தபடியே இருந்தது அந்த நேரத்தில் நான் எட்டு மாத கர்ப்பிணியாக இருந்தேன். ஒருநாள் இராணுவம் பொலிஸ் நிலையத்தில் பிடித்து வைத்திருந்த அனைவரையும் மலைக்காட்டில் கொண்டுபோய் சுட்டு டயர் போட்டு அனைவரையும் நெருப்பில் எரித்துவிட்டு ஊருக்குள் வந்து மக்களை சுட்டு எரித்து வருவதாக கேள்விபட்டோம். அதில் எனது சகோதரர்கள் மூன்றுபேரும் இறந்து விட்டார்கள். என்றும் கேள்விபட்ட நாங்கள் கண்ணீருடன் அழுது அவர்களின் கடைசி முகத்தை கூட பார்க்க முடியாமல் நாங்கள் அனைவரும் ஓடிப்போய் காரைத்தீவு விபுலானந்தர் பாடசாலையில் அகதிகளாக இருந்தோம். என்னுடன் எனது தாயும், தந்தையும் கணவன் பிள்ளைகளும் என் தங்கையும் பாடசாலை முகாமில் தங்கி இருந்தார்கள்.

1990.08.02ம் திகதி எனக்கு வருத்தம் வந்து காரைதீவு வைத்தியசாலைக்கு கொண்டு போனார்கள். எனக்கு 1990.08. 03ம் திகதி அன்று பெண் குழந்தை பிறந்தது. பிறகு ஜி.எஸ், டி.எஸ்யும் எங்களின் குடும்ப கணக்கு எடுத்து சாப்பாடும், உடைகளும் தந்து உதவினார்கள்.

ஒரு வருடத்திற்குப் பிறகு என் சகோதரிக்கு திருமணம் முடித்து அவருடன் சகோதரியை அனுப்பி வைத்தோம். எனது அம்மாவிற்கும் அப்பாவிற்கும் மூன்று பிள்ளைகள் இறந்து போனதை நினைத்து கவலைப்பட்டு இரண்டு பேருக்கும் வருத்தம் பிடித்து விட்டது. என் அப்பா வருத்தம் உரத்து இறந்து விட்டார். வருத்தக்கார அம்மாவையும் பார்த்துக் கொண்டு அகதிகளாக கவலையோடும் கண்ணீரோடும் வாழ்ந்து கொண்டிருந்தோம்.

1993ம் ஆண்டு 5ம் மாதம் எங்கள் ஊருக்கு வந்தோம். ஊரே சுடுகாடு போல இருந்தது. ஜி.எஸ் மூலம் கிடுகு, கம்பு, கயிறு எல்லாம் தந்து வீட்டு கூரையை அமைத்து குடியிருந்தோம். ஒரு மாதம் கழித்து எனதுஅம்மாவும் இறந்து வீட்டார். பிறகு வீட்டை பார்வையிட்டு எங்களுக்கு 25,000 தந்தார்கள். ஒரு கைமரம் எல்லாம் வாங்கி வீட்டை திருத்தி வாழந்து வந்தோம். எனக்கு ஒரு ஆண் பிள்ளையும் ஒரு பெண் பிள்ளையும் பிறந்தார்கள். குடும்பத்தில் கஸ்டம் தீரவே இல்லை. 2000ம் ஆண்டு நானும் எனது 16 வயதாகிய மூத்த மகனும் இரண்டு பேரும் வயலுக்குச் சென்று புல் பிடுங்கி கதிர் பிறக்க கணவர்உழைக்கும் சம்பாதியத்தையும் வைத்துஎங்கள் குடும்பத்தை கவனித்து வந்தோம். ஒருநாள் என் மகன் சொன்னார். அம்மா நான் இன்று வயலுக்கு வரவில்லை. தலை இடிக்குது நீங்களும் மாமியும் செல்லுங்கள். என்றுமகன் சொன்னார். நான் சரி என்று நாங்கள் இருவரும் புல் எடுக்கச் சென்றோம்.

நான் புல் பிடுங்கி விட்டு வீடு திரும்பினேன். வீட்டிற்கு வந்து பார்க்கும் போது என் மூத்த மகனை காணவில்லை. வீட்டில் இருந்தவர்களிடம் எங்க மகன் என்று கேட்டேன். காலையில் போனவர் இன்னும் வரவில்லை. என்றுசொன்னார்கள். நான் எல்லா இடங்களிலும் தேடிப் பார்த்தேன். கிடைக்கவில்லை. மகன் காணாமல் போய்விட்டார் என்ற கவலையில் இருக்கும் போது என் கணவருக்கு திடீரென்று ஒருநாள் இரவு 9 மணிக்கு நெஞ்சடைப்பு என்று சொல்லி வைத்தியசாலைக்கு கொண்டு போனோம். அவரை வைத்தியசாலையில் அட்மிட் பண்ணினார்கள். என் மகனை அவருக்கு உதவியாக விட்டுவிட்டு பக்கத்து வீட்டு போன் நம்பரை கொடுத்து விட்டு வீடு வந்தேன். 2004.08.13ம் திகதி அன்று அதிகாலை 3 மணிக்கு கோல் வந்தது. பக்கத்துவீட்டிற்கு. என் கணவர் இறந்து விட்டார் என ஆஸ்பத்திரியில் இருந்துஎன் மகன் எடுத்துச் சொன்னார். நாங்கள் அழுது கொண்டு வொடியை எடுத்து வந்து அடக்கம் செய்தோம். இந்த கவலையுடன் என் மூத்த மகன் காணாமல் போன பிள்ளையும் இறந்துவிட்டதாக கேள்விபட்டோம்.

இப்படி கவலையுடன் போய்க் கொண்டிருந்த எங்கள் வாழ்க்கையில் சந்தோசமாக ஒரு பெண் பிள்ளைத் திருமணம் முடித்து வைத்தோம். மறுபடியும் விதி எங்கள் வாழ்க்கையில் விளையாட தொடங்கியது. என் மகனுக்கு விபத்து ஏற்பட்டு அம்பாறை ஆஸ்பத்திரியில் இருந்தார். சில நாட்களுக்குப் பின்னர் அவரும் இறந்து விட்டதாக என் இளைய மகன் போன் மூலம் சொன்னார். அதாவது 2012.04.25ம் திகதி இறந்தார். அவரின் வொடியை எடுத்துவந்துஅடக்கம் செய்தோம். நான் எனது தாய், தந்தை, சகோதரர்கள் கணவன், இரண்டு மகன்கள் அனைவரையும் இழந்து இன்னும் மூன்று குமரப் பிள்ளைகளையும் ஒருஆண் பிள்ளையையும் வைத்து ஏதோ இப்போ அவருக்கு 23 வயதாகிறது. அவரின் உழைப்பில் நான் எனது குடும்பம் வாழ்ந்து வருகின்றது. இத்துடன் எனது கடிதத்தை என் கண்ணீருடன் முடிக்கிறேன்.

இப்படிக்கு






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License