Storm to the tree

A woman shares her unbearable experiences.

ආලෝකය නමැති ගසට කුණාටුව නමැති සුළඟක් හැමුවා

කාන්තාවක් ඇගේ දරාගත නොහැකි අත්දැකීම් බෙදා ගනී.

ஒளி என்னும் மரத்தில் புயல் வீசியது

ஒரு பெண் அனுபவித்த சொல்லொண்ணா துயரங்களை பகிர்ந்து கொள்கின்றார்.


My mother was residence of Kalmunai Kudi. Her family lived in Nilaveli. She went to live with her family. My father Meera lebbai Aliyar went for work at Nilaveli and met my mother Uthumalebbai mymunachi. That time my mother was married and had a boy. Her husband died. My father proposed to my mother through her sister. My mother didn’t accept. My father told her that he would look after her and her child. He married her with the consent of every one and brought her to Sammanthurai. My mother’s family was not wealthy. When my father’s family heard about the marriage, they scolded my mother. They scolded him for marrying a poor woman and a married one. My mother cried a lot.
My elder sister was born after a while. My mother lived with aunty that time. My mother got the pain and went to the hospital. My father came after the work, my aunty was eating and she didn’t even ask him to eat. He went to the hospital and got to know that he was the father of a girl, he was happy but he was sad as he didn’t know where to take her. My neighbours asked him to bring her to their house.

They lived their for a while, when grandmother heard this, she offered my mother a land. They built a small house and lived there happily. They had 06 girls and three boys, I was the eighth boy in the family. My father went for labour work and looked after us. The elder brother left everybody and married in Pothuvil. My mother was shocked and cried a lot. My elder sister helped my mother and did some work as my father’s income was not enough.

Nobody from my father’s family came to him. Time went by, Children grew and two of them went to labour work. My mother managed the family with this income. One day my father’s brothers came and took him home. My mother told him to not to go but my father went as they wanted a signature from him to sell the land. When he went there he forgot his family. He went at 6 and began to come home at 12. My mother put me on her lap and waited for him till he came. When he didn’t come she got fever, as she loved him very much.

Time went by, my elder sister got married. We didn’t have house to live in now. My father’s brothers went for work, built a house and married my sister off. After that my family consisted of 04 girls and 02 boys. 05 of us went to work and my brother also went to work. My father’s brother wanted to marry my sister, but my father told that nobody can marry into his family. My mother also said the same.

The war started in 1990, we left our land, house and went to live with our sister. That time I was studying in grade 7. There was no room for every body to live in my sister’s house. My father got chest pain and was admitted to the hospital, after that our situation became bad. My brother also didn’t go to work. The doctors told us to take our father home. My father died two days after he came home. I didn’t go to school regularly after that. Later I went to school. My younger brother stopped going to school and went to live with his friend. My mother was so sad to loose my father and my brother.
After mourning my mother lived with our care. We built a moderate house for everybody. My sister and I struggled to go to school. I received a lot of care from my sister. I did my OL and without waiting for results, I did a lot of welfare work. I didn’t have facilities to continue my studies, my sister had to get married, our good life just left us, only hardship continued.

I wanted to bring in some money for my family, so I began a preschool in my house. I started a madrasa too. Two years went by, my sister got married. Now only my brother, my mother and I lived in the house. I got a job at private hospital, I continued to work in the hospital happily, I got a proposal from a person through a doctor. I refused. That person came to me and told me if i didn’t marry him he would cut my throat and throw me in the sea. My brother got to know this and asked me to stop work.

I did sewing in my house, my brother searched for good match for me. My husband sent a message through his niece that he didn’t want any house or land, that he would marry me. My brother also agreed. He told that it was hard to find a match for you, as he was coming voluntarily, and asked me to agree for this match. So My wedding took place on 30.04.1996. My husband took care of me well. My husband’s family was also good to me. On 01.01.1998 a baby girl was born to me. Once my husband told my little daughter that he was going abroad, I have to look after your mother and you. I told “ did I ask you for anything”. He told me that he was meant for me. So I should look after you.
After two years when my daughter was 11 months old. My husband went to Saudi with much difficulty. I told him that there was good job here, and told him to stay. but he went. The life went happily. On 08.09.2001 my husband talked with me and my daughter over the phone for two hours. He told me he liked to see me. I asked him whether he was sick. He said he was alright. That’s the last time I talked with him.

I heard news that my husband passed away on 08.10.2001. My life turned dark, I cried and shouted. I had to be in mourning and I did for 4 months and 10 days. My husband’s brother married my sister and gave birth to a boy, then they separated. My sister got married again. The present husband didn’t look after her child properly. She grew up with me. My elder sister didn’t have a child for 10 years. She looked after my daughter very well. but when she got a child, she left my daughter. My child still feels it.

My mother in law’s family looked after my child and me. I was 22 then, when I got married at the age of 18. My family and my husband’s family asked me to marry again. They didn’t listen to me. I know what will happen to children after the second marriage. I told them if they stayed with me in my difficulties after my marriage, I would marry. Nobody told anything. I decided to stand on my own and grow my children. My mother passed away on 20.12.2004. I stayed at my house and ran madrasa and did sewing. However, the loss of my husband grieved me. My life has turned a circle, how do i give off my loan. I thought a lot about this and got sick. My in-laws helped me with food, how could I ask for money. I decided that I would resolve everything myself.

I joined W.D.F in 20.05.2005. My in-laws didn’t like it. I like to move with the children and go to training sessions. I put my son in the madrasa for three years. He didn’t want to stay there. He told me if I forced him he would go to Colombo. So I put him in a school. He did his OL, he qualified without maths in 5 subjects. I told him to take it again, he said that he would do privately and joined a mechanic shop. With god’s grace he is skilled in something. I pray to god that he wouldn’t befriend bad company. My girl passed in 9 subjects and now she is studying A/L. Now my children are grown up and advise me. After I joined W.D.F, I attended a lot of awareness programmes. I needed counseling at first. Now I give counseling to others and solve their problem. I helped women like me to get assistance. I helped children without parents to get help from the D.S office. These kind of work gave me peace. My children and I live happily with the help of my in-laws. I finish my sad story.

Hoping for a good future to my childen


ආලෝකය නමැති ගසට
කුණාටුව නමැති සුළඟක් හැමුවා.
ඥාතීන් නමැති නෑකම් නැති වුණා
ශෝකය නමැති අඳුරින් පිරුණා.

A.S. ෆරීඩා,
බ්ලොක් J බටහිර,

ඉහත කී මගේ මවගේ පදිංචිය කල්මුණේකුඩි. නමුත් ඇයගේ පවුලේ අය නිලාවෙලි යන ගමේ සිටිනවා. මගේ මවත් එහි ගොස් ටික කලක් සිටියා. ඒ අවස්ථාවේ දී මගේ පියා මීරාලෙබ්බෙ අලියාර් නමැති අය නිලාවෙලි යන ගමට රක්ෂාවට ගොස් තිබෙනවා. එහි දී මගේ මව උදුමාලෙබ්බෙ මයිමුනාච්චිව හමු වී තිබෙනවා. මගේ මවට කලින් විවාහයෙන් පිරිමි දරුවෙකු ඉන්නවා. ඇයගේ ස්වාමි පුරුෂයා මිය ගොස් තිබෙනවා. එම ශෝකය පිට සිටිය දී තමා මගේ පියා ඇයව දෙවැනි විවාහයක් කර ගැනීම සඳහා මවගේ සහෝදරියගෙන් අසා තිබෙන්නෙ. ඊට ඇය අකමැති වෙලා තිබෙනවා. එවිට මගේ පියා ඇය වෙත කියා තිබෙනවා ඔබ දුක් වෙන්න එපා. ඔබගේ දරුවයි ඔබයි කිසිදු දුකක් නොමැතිව ආරක්ෂා කර ගැනීම මගේ යුතුකම, ඔබ මා ගැන විශ්වාස කරලා එන්න කියා. අවස්ථා කිහිපයක දී ම කියා තිබෙනවා. ඉන් පසු මගේ පියා සියලූ දෙනාගේ ම කැමැත්ත පිට මගේ මව විවාහ කර ගෙන සම්මාන්තුරේ ප‍්‍රදේශයට ගෙනැවිත් තිබෙනවා. මගේ පියාගේ පවුලේ අයට තරමක් දුරට වත්පොහොසත්කම් තිබෙනවා. මවගේ පවුලට වත්පොහොසත්කම් නැහැ. නමුත් මොහු විවාහ කර ගෙන තිබෙනවා

01 - 02

කියා ආරංචි වෙලා මගේ පියාගේ පවුලේ අය මොහුව කොන් කළා. ඒ වෙලාවෙ මගේ මවට කටට ආ පරිදි බැන වැදුණා. මගේ පියාගෙන් නැන්දම්මලා අහලා තිබෙනවා උඹට අවිවාහක ගැහැණු ළමයෙකු හොයා ගන්න බැරි වුණා ද කියලා. අපේ පවුල කොයි වාගේ පවුලක් ද, අපි කොතරම් පොහොසත් ද, මෙවැනි දුප්පත් ළමයෙකු බැඳ ගන්න හිතුණෙ කොහොම ද කියා එක් එක් කෙනා මාරුවෙන් මාරුවට අසන්න පටන් ගත් විට මගේ මව හයියෙන් ශබ්ද නගා අඬන්න පටන් ගත්තලූ. මොනවා කරන්න ද අපේ පවුලේ අය කවුරුත් මෙහි නැහැ කියා දුක් වෙලා කඳුළු හලා තිබෙනවා.

ටික කලකට පසු මගේ වැඩිමහල් සහෝදරිය මවගේ බඬේ පිළිසිඳ ගෙන තිබෙනවා. ඒ වෙලාවෙ මගේ මවට ගෙයක් දොරක් වත් නැතිව නැන්දගේ ගෙදර තමයි ඉඳලා තිබෙන්නෙ. මාස කිහිපයක් ගත වුණා. මගේ පියා කුලී වැඩ කරන්න ගිහින් තිබෙනවා. ඒ වෙලාවේ මවට දරුවා හම්බ වෙන්න අමාරු වෙලා රෝහලට ගෙන ගියා. මව එහි සිටිය දී පියා වැඩ කරලා මහන්සි වෙලා බඩගිනි වී මැලවිලා ගෙදර ඇවිත් බලන විට ගෙදර කිසිවෙකු ඉඳලා නැහැ. ඔහුගේ සහෝදරිය, එනම්, නැන්දා බත් කමින් ඉඳලා තිබෙනවා. මෙයාට එන්න කියලා වත් නො කියා කාලා තිබෙනවා. මේ ගැන හිතලා කඳුළු හැලූවා මගේ පියා. කෙළින් ම රෝහලට ගියා. එහි දරුවා ඉපදිලා. ගැහැණු දරුවෙක්. මොහුට එක පැත්තකින් සතුට.

01 - 03

අනික් පැත්තෙන් දුක. තම භාර්යාව කැටුව යන්නෙ කොහාට ද කියා සිතන විට දෙවියන්ගේ පිහිටෙන් අල්ලපු ගෙදර අය කියලා තිබෙනවා අපේ ගෙදරට එක්ක එන්න කියා. සතුටින් මගේ මව කැටුව ගියා.

එම නිවසේ ටික කලක් ජීවත් වෙමින් සිටිය දී මගේ මවගේ අම්මා මේ ගැන ආරංචි වෙලා මගේ මවට ඉඩමක් දීලා. එම ඉඩමේ කුඩා පැල්පතක් සාදා ගෙන මගේ දෙමව්පියන් ඉතා සතුටින් ජීවත් වෙලා තිබෙනවා. මොවුන් දෙදෙනාට ගැහැණු දරුවන් 06 දෙන යි, පිරිමි දරුවන් 05 දෙන යි. ඔක්කොම 11 දෙන යි. එකොළොස් දෙනෙකුගෙන් යුත් ලස්සන පවුලක් ලෙස ජීවත් වෙලා තිබෙනවා. මම අට වෙනි දරුවා. පියා කුලී වැඩ කරලා තමයි අපි හැමෝ ම ජීවත් කෙරෙව්වේ. හිටි ගමන් මවගේ ලොකු පුතා අපි සියලූ දෙනා ම අත හැර ගොස් පොතුවිල් ප‍්‍රදේශයෙන් විවාහයක් කර ගත් බව මවට ආරංචි වෙලා තිබෙනවා. එහි දීත් දුක් වුණා. කඳුළු හැලුවා. දැන් ඉතින් මොනවා කරන්න ද, ඊළඟට මගේ වැඩිමහල් සහෝදරිය මවට උදව් කරමින් ගෙදර දී කුඩා කර්මාන්තයක් කළා. හේතුව මගේ පියාගේ ආදායම පවුලේ වියදමට මදි යි.

ඊළඟට මගේ දෙමව්පියන් දුක් වුණා. අපේ පවුලේ අය කිසිවෙකු අපි ළඟට එන්නෙත් නැහැ යන්නෙත් නැහැ. අපි මොනවා කරන්න ද දෙවියන් ඉන්නවා කියන විශ්වාසයෙන් ජීවත් වුණා. කාලයත් ගත වුණා. දරුවොත් තරමක් දුරට ලොකු මහත් වුණා. 02 දෙනෙක් කුලී වැඩ කළා. පියා සමග 03 දෙන යි.

01 - 04

මේ තුන් දෙනාගේ ම ආදායමෙන් මගේ මව ජීවන වියදම කර ගෙන ආවා. ඒ වෙලාවේ අපේ පියාගේ සහෝදරයන් පැමිණ මගේ පියාව ඔවුන්ගේ ගෙදරට එන්න කියා එක්ක ගෙන ගියා. අම්මට ඇල්ලූවේ නැහැ. ඒ ගොල්ලො අපට කොතරම් කරදර කළා ද ඔවන්ගේ ගෙදරට ඔයා යන්න එපා කියා කියලත් මගේ පියා ඔවුන් සමග ගියා. හේතුව අපේ පියාට ගේදොර ඉඩකඩම් හරකබාන මේ වාගේ දේපළ තිබෙනවා. මොහු තමයි පවුලේ වැඩිමහලා. මෙයාගේ අත්සන නැතිව විකුණන්න බැහැ. ඒ නිසා තමයි කුමක් හෝ වෛද්‍ය ක‍්‍රමයක් භාවිත කරලා එක්ක ගෙන ගියේ. එහි ගියාට පස්සෙ තාත්තට පවුල දරුවන් කියන හැඟීමක් නැහැ. උදේ 6.00ට ඒ ගොල්ලන්ගේ ගෙදරට ගියොත් රාති‍්‍ර 12.00ට තමයි අපේ ගෙදර එන්නෙ. මේ වාගේ දුක් කරදර ගැන කාට කියන්න ද කොහොම ද කථා කරන්නෙ කියලා අම්මා නිතර ම අඬනවා. එතකොට මම පොඩි ළමයෙක්. මාව උකුලේ තබා ගෙන, පියා එන තුරු රාති‍්‍ර 10, 11 දක්වා දොරකඩට වෙලා බලා ඉන්නවා මගේ අමිමා. දවස් තුනකට පියා දකින්න නැත් නම් මට උණ හැදෙනවා. ඒ වාගේ ආදරෙන් ඉඳලා මේ තත්ත්වයට ගියා.

මෙසේ අවුරුදු කිහිපයක් ගත වුණා. මගේ වැඩිමහල් සහෝදරියට විවාහයත් සිදු වුණා. ඉන් පසු අපට ඉන්න තැනක් නැතිව සිටි අවස්ථාවේ මගේ පියා සමග සහෝදරයන් සියලු දෙනා ම හම්බ කරන්න පටන් ගත්තා.

01 - 05

ඉන් පසු මගේ දෙවැනි සහෝදරියටත් සියලු දෙනා ම හම්බ කරලා, ගෙයක් සාදා දීලා, විවාහ කර දුන්නා. ඉන් පසු ගැහැණු දරුවන් 04 දෙන යි, පිරිමි දරුවන් 02 දෙන යි. අම්මා, තාත්තා ඇතුළු පවුලේ 08 දෙනෙක් අපි ඉතා සතුටින් ජීවත් වුණා. මොවුන් දෙදෙනාට පිරිමි දරුවන් 05 දෙන යි. අපි පස් දෙනෙක් පාසල් යනවා. මගේ සහෝදරයත් (කාක්කා) කුලී වැඩ කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ පියාගේ නංගිගේ පුතා මගේ සහෝදරිය විවාහ කර ගන්න කැමති වුණා. තාත්තා කීවා අපේ දරුවන්ට මගේ පවුලෙන් මනමාලයො ගන්නෙත් නැහැ. ඒ වාගේ ම උඹේ පවුලේ අයත් අපේ දරුවන්ට මනමාලයො ලෙසට ගන්නත් බැහැ කියලා අම්මට තදින් නියෝග කළා. අම්මත් ඊට එකඟ වුණා.

එවිට 1990 දී යුද්ධය පටන් ගත්තා. ඒ වෙලාවේ අපේ ගෙවල් දොරවල් අත හැර දාලා මගේ වැඩිමහල් සහෝදරියගේ නිවසට ගියා. එහි මාස කිහිපයක් ගත කළා. ඒ වන විට මා 7 වසර ඉගෙන ගන්නවා. මගේ සහෝදරියගේ නිවසේ සියලූ දෙනාට ම ඉන්න ඉඩ පහසුකම් මදි යි. මොනවා කරන්න ද. ඉන් පසු මගේ පියාට එක පාර ම පපුවෙ අමාරුවක් හැදුණා. රෝහලට ඇතුළත් කළා. දින 06ක් පියා රෝහලේ සිටියා. ඉන් පසු අපේ පවුල අන්ත තත්ත්වයට පත් වුණා. මගේ කාක්කත් (සහෝදරයත්) වැඩට යන්නෙ නැහැ. පියත් රෝහලේ සිටියා.

01 - 06

රෝහලේ සනීප කරන්න බැරිව වෛද්‍යවරු කීවා ගෙදර අරන් යන්න කියලා. ඉන් පසු ගෙදර ගෙනැත් දවස් තුනක් ඉඳලා තුන් වෙනි දවසෙ ඔහු මිය ගියා. පියාගේ මරණයේ ශෝකය නිසා මම හරියාකරව පාසල් ගියෙත් නැහැ. මගේ මල්ලි යන්නෙත් නැහැ. පසුව ක‍්‍රම ක‍්‍රමයෙන් මම පාසල් යන්න පටන් ගත්තා. මගේ මල්ලි පාසල් යන්නෙ ම නැහැ. පාසල් යන්න හොර වෙලා. මගේ මල්ලිට කොච්චර කීවත් ඔහු ඇහුවේ නැහැ. මගේ මව අඳුරු කාමරේ ඉන්නවා. මොනවා කරන්න ද. මෙසේ කලක් යන විට මල්ලිත් අපෙන් වෙන් වුණා. කොච්චර කීවත් ඔහු කවුදෝ යහළුවෙකුගේ ගෙදරක නැවතී සිටියා. පියා නැති වීමේ ශෝකය එක පැත්තක. මල්ලි අපෙන් වෙන් වීමේ ශෝකය තවත් පැත්තක. කාට කියලා අඬන්න ද මේවා කියන තත්ත්වයකින් තමයි මගේ මව සිටියේ.

මගේ මවත් අඳුරු කාමරේ ජීවිතය අවසන් කර ගෙන එළියට ඇවිත් අපේ සහයෝගය ඇතිව ජීවිතය පටන් ගත්තා. ක‍්‍රම ක‍්‍රමයෙන් අනෙක් සහෝදරියන්ටත් තරමක් දුරට නිවාස සාදා දුන්නා. ඒ අවස්ථාවෙ මමයි, මගේ සහෝදරියයි තමයි පාසල් යන්නෙ. ඒ කාලයේ ඉගෙන ගන්න පහසුකම් නැතිව හරියට දුක් වින්දා. ඒ කාලයේ මගේ සහෝදරියන්ගේ ආදරය මට වැඩියෙන් ලැබුණා. මට බඩගින්න දුක.

01 - 07

මොනවා කරන්න ද කියා දන්නෙ නැතිව මම ජීවත් වුණා. මා පාසලේ අධ්‍යාපනයට වඩා ඉගෙනුමට තමා මුල් තැන දෙන්නෙ. මගේ පාසල් ජීවිතයේ මගේ යෙහෙළියන් සියලූ දෙනා ම එකතු වෙලා ගෙදර මොනවා හරි වැඩක් කීවොත් කොපි පොතක් අර ගෙන යෙහෙළියගේ කුඹුරට කෑම බීමත් අර ගෙන ගිහින් කෑම කාලා ඇලෙන් නා ගෙන, සෙල්ලම් කරලා හැන්දෑවට තමයි ගෙදර එනවා. ගෙදර ආවට පස්සෙ අම්මා කියනවා දරුවා උදේ ඉඳලා මෙපමණ වේලාවක් පාඩම් කරලා මහන්සි වෙලා එනවා. ඒ නිසා මගේ දරුවට කෑම දෙන්න කියලා අක්කාට බණිනවා. එවිට මට ගින්නක් නැහැ. ඒ විතරක් නෙමෙයි සවසට ගෙදර ආවට පසු අයියාගේ බයිසිකලේ අර ගෙන යෙහෙළියන් සමග හැම තැන ම රවුම් ගහනවා. මෙසේ ඇවිද්දට ලැබුණු තෑග්ග තමයි අ.පො.ස. (සා/පෙළ) විභාග ප‍්‍රතිඵල. මොනවා කරන්න ද ඒ වෙලාවේ මට පාඩම් කරපන් කියා ගහන්න කෙනෙක් සිටියේ නැහැ. ඒ තරමට පවුලේ හැමෝ ම මට හරි ආදරෙයි.

අ.පො.ස. (සා/පෙළ) විභාගය ලීවාට පසු මගේ හිතට අදහසක් ආවා. මමත් අනික් ළමයි වාගේ හොඳට ජීවත් වෙන්න ඕන කියන අදහසක් මගේ හිතට ආවා. දෙමළ යතුරු ලියනය මාස 03ක් පුහුණු වුණා. පසුව මැහුම් පාඨමාලාව මාස තුනක් පුහුණු වුණා. පවුල් සංවිධාන ක‍්‍රම පිළිබඳව මාස 03ක් පුහුණු වුණා. ඒ වාගේ ම පෝෂණය. ඒ පුහුණුවත් අවුරුද්දක් (01) පුහුණු වී තිබෙනවා.

01 - 08

ඒ වාගේ පුහුණුවලට ගිහිල්ලා ඒවායේ සහතික මා ළඟ තිබෙනවා. සාමාන්‍ය පෙළ (O/L) විභාගය ලියලා ප‍්‍රතිඵල එන තුරු බලා නො සිට මම සමාජ සේවයේ නිරත වුණා. තව දුරටත් ඉගෙන ගන්න අපට පහසුකම් නැහැ. තවත් රාත්තා (අක්කා) කෙනෙකුට ගේ හදන්න ඕන. විවාහ කරලා දෙන්න ඕන. ඉන් පසුව තමයි මට ගෙවල් දොරවල් ලැබෙන්නෙ. මොනවා කරන්න ද? දුක අපව වැළඳ ගත්තා. සැප අපෙන් ඉවත් වෙලා ගියා.

ඊළඟට අපේ වියදමට හෝ ආදායමක් උපයා ගන්න ඕන කියා ගෙදර පෙර පාසලක් පැවැත්තුවා. ඒත් එක්ක ම කුර්ආන්, මදරිසා ආදිය කරලා අවුරුද්දක් දෙකක් එතැන දී ගත වුණා. මටත් හිතට සැනසුමක් ලැබුණා. ඉන් පසු මගේ අක්කත් (රාත්තා) විවාහ කර ගත්තා. ඊළඟට මමයි, මගේ මවයි, අයියා කෙනෙකුයි තමයි ගෙදර. ලස්සන පුංචි පවුලක් ලෙස ජීවත් වුණා. එක පාරට ම මට පුද්ගලික රෝහලකින් රැකියාවක් ලැබුණා. ඉතා සතුටින් එම රැකියාව කරමින් සිටිය දී, එම රෝහල අසල සිටින පුද්ගලයෙකු මාව විවාහ කර ගැනීමට එහි සිටින වෛද්‍යවරයාගෙන් අසා තිබෙනවා. ඔහුු මගෙන් ඇසුවා. මම ඒකට කැමති වුණේ නැහැ. මම කිව්වා අපේ පවුලේ සහෝදරයො 10 දෙනෙක් ඉන්නවා. මම තමයි පවුලේ බාලයා කියලා. මොනවා කීවත් ඔහු ඇහුවෙ නැහැ. අවසානයට ඌ මා ළඟට ඇවිත් කීවා උඹ මාව විවාහ කර ගත්තෙ නැත් නමි උඹේ බෙල්ල කපලා මුහුදට දානවා කියා මාව බය කළා. මම අවුරුදු 05ක් එහි වැඩ කරලා තිබෙනවා. මේ වගේ ඉරණමක් උදා වුණේ නැහැ. මොනවා කරන්න ද දෙවියනේ කියා,
01 - 09

දෙවියන්ට ප‍්‍රාර්ථනා කර කර සිටියා. හොඳ පඩියක් ලැබුණා. සිතට නිදහස, සතුට ඒකත් නැති වුණා. මෙම නරක මිනිස්සු නිසා මේ ගැන ආරංචි වෙලා අයියා කීවා උඹ මීට පස්සෙ වැඩට යන්න එපා කියලා මට වැඩට යන්න නො දී නතර කළා.

ඊළඟ දවසෙ මම ගෙදර ඉඳ ගෙන රෙදි මහන විට මගේ සහෝදරයා මට මනමාලයෙක් බැලීමේ කටයුතුවල යෙදී සිටියා. පසුව 2-3 දෙනෙක් ම මාව විවාහ කර ගන්න කැමති යි කියා මගේ සහෝදරයාට කියා තිබෙන බව ඔහු කීවා. එක පාරට ම මගේ ස්වාමි පුරුෂයා ගෙවල් දොරවල් මොකුත් එපා කියලා, මාව විවාහ කර දෙන්න කියලත්, නැත් නම් මොන විදියකින් හරි ඔහු මාව විවාහ කර ගන්නවා කියලත්, ඔහුගේ බෑනා කෙනෙකු අතේ පණිවිඩයක් එවා තිබුණා. ඔහු එම පණිවිඩය මගේ අයියට කිව්වා. අයියත් කැමති වුණා. මොනවා කරන්න ද මේ හැම දෙයක් ම සිද්ධ වෙන්නේ උඹේ ඉරණම අනුව යි. බලෙන් එන එන අයව අත හැරලා අන්තිමට මම කොහේ ගිහිල්ල ද උඹට මනමාලයෙක් හොයන්නෙ. මට තවත් ඉන්න පුළුවන් ද. මමත් විවාහයක් කර ගන්න ඕන කියා කියලා සියලු දෙනාගේ ම කැමැත්ත පිට මගේ විවාහය 1996.04.30 දින සිදු වුණා. දෙවියන්ගේ පිහිටෙන් මගේ ස්වාමි පුරුෂයත් මාව හොඳින් රැක බලා ගත්තා. මේ විදියට මගේ ජීවිතේ ගත වුණා. මගේ දෙමව්පියන් කොතරම් ආදරයෙන් මාව හැදුව ද, ඊට වඩා ආදරයක් ඔහු දැක්කුවා. මගේ ස්වාමි පුරුෂයාගේ පවුලේ අයත් මා සමඟ හොඳින් හිටියා.

01 - 10

1998.01.01 දින මගේ ආදරණීය දියණිය ඉපදුණා. එම සතුටින් සිටි මගේ ස්වාමි පුරුෂයා දවසක් හරි සතුටින් කෑම කමින් සිටිය දී, දියණිය දෙස බලා කියනවා දුවේ මම රට යනවා. ඔබයි, ඔබේ අම්මයි හොඳට කාලා බීලා සතුටින් ඉන්න ඕන. හේතුව මගේ දරුවත් ගැහැණු දරුවෙක්. තව ටික දවසකින් ලොකු වෙනවා. මම ඔයාගේ අම්මව හොඳින් රැක බලා ගන්න ඕන කියලා මගේ ස්වාමි පුරුෂයා කඳුළු සැලූවා. ඒ වන විට මගේ දරුවට මාස 06 යි. ඔයාගෙන් මම මොනවක් වත් ඇහුවා ද කියා මම ඇසුවා. එවිට ඔහු කීවා ඔයාට මනමාලයො කී දෙනෙක් ආව ද එහෙත් ඔයා කැමති වුණේ නැහැ. හේතුව මා සමග ජීවත් වෙන්න ඕන කියලා තමයි ඔයාගේ ඉරණම ලියවිලා තිබෙන්නෙ. ඒ නිසා ඔයාව හොඳින් තියා ගන්න ඕන. ඒක තමයි මගේ යුතුකම කියා පිළිතුරු දුන්නා.

තව දුරටත් අවුරුදු දෙකක් ගත වුණා. දරුවට මාස 11 යි. ඉන් පසු මම අනිවාර්යයෙන් ම රට යන්න ඕන. ඒ පොළොවේ පය ගැහුවට පස්සෙ මම මැරුණත් දුකක් නැහැ කියලා 1998.12.20 දින සවුදි අරාබියාවට ගියා. යන විටත් හරි අමාරුවෙන් තමයි ගියේ. ප‍්‍රශ්න රාශියකට මුහුණ දුන්නා. යන්න එපා ඔයාට මෙහෙ හොඳ රැකියා තිබෙනවා, ඇයි යන්න හදන්නෙ කියා කී සැරයක් කීවත් ඔහු ඇහුවේ නැහැ. මොනවා කරන්න ද ඔහුගේ මාරයා ඉඳලා තිබෙන්නෙ සවුදි අරාබියාවල. නමුත් එම ස්ථානයට යා යුතු යි යනු

01 - 11

දෙවියන්ගේ නියමය. ඉන් පසු අවුරුදු 2Xක් අපේ ජීවිතය සතුටින් ගත වුණා. සිටි සැටියේ දවසක් 2001.09.08 දින මගේ ස්වාමි පුරුෂයා පැය 2-3ක් ම මා සමඟයි, දරුවා සමඟයි හරි සතුටින් කථා කළා. අවසානයට කීවා මට ඔයයි දරුවයි බලන්න ඕන කියා හිතෙනවා කියා. මම ඇහුවා ඇයි ඔයාට මොකුත් අසනීපයක් ද කියා. එවිට ඔහු නැහැ, මට ඔයයි දරුවයි බලන්න ඕන කියා හිතෙනවා කියා නැවතත් කීවා. ඒක තමයි මා සමග කථා කළ අන්තිම වචනය.

ඊට පස්සෙ 2001.10.08 දින මගේ ස්වාමි පුරුෂයා නැති වුණා කියන ආරංචිය තමයි මගේ කනට ඇහුුණෙ. මෙදින ලාහිලාහ ඉලලල්ලාහු වුණා. එච්චර තමයි මගේ ජීවිතේ නැති වුණා. මගේ විවාහ ජීවිතේ අඳුරු ලෝකයක් වුණා. හඬා වැලපුණා. දෙවියන් වහන්සේට අත පෑවා. මගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් වෙච්ච ණය හිසට ඉහළින් ගිහින් තිබෙනවා. දෙවියනි ඔබ තමයි මේ සියල්ල ආරක්ෂා කර දෙන්න ඕන කියා සිතමින් මගේ අඳුරු කාමරේ ජීවිතය පටන් ගත්තා. මමයි, මගේ දරුවන් දෙදෙනයි මගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් ගත කළ යුතු (ඉත්තා) කාලය මාස 4 යි දවස් 10 යි ගත කළා. බිත්ති හතරට කොටු වෙලා, කුර්ආන් කියලා, දෙවියන්ට යාච්ඤා කරමින් සිටියා. ඒ යුතුකම් කොටස ඉවර යි. ඉන් පසු මගේ මගේ ස්වාමි පුරුෂයාගේ සහෝදරයෙක් මගේ සහෝදරිය විවාහ කරලා ඔවුන්ට පිරිමි දරුවෙකු ඉන්නවා. ඒ දෙදෙනා වෙන් වෙලා සිටියා. ඉන් පසු මගේ සහෝදරිය දෙවන විවාහය කර ගත්තා. දැනට මගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා ඒ දරුවට

01 - 12

හරි හැටි සලකන්නේ නැහැ. ඒ නිසා ඔහුත් මා සමග තමයි ඉන්නෙ. ඔහුගේ මව ඒ දරුවා මා වෙත දෙන විට වයස අවු: 1 X යි. මගේ දරුවට වයස මාස 08 යි. ඒ පිළිබඳ විස්තර මගේ ස්වාමි පුරුෂයත් දන්නවා. ඒ නිසා මගේ ජීවිතයේ හැමූ කුණාටුවෙන් පසු මේ දෙදෙනා හදා ගෙන හිටියා. මට වැඩිමහල් සහෝදරියට අවුරුදු 10ක් තිස්සේ දරුපලක් ලැබුණෙ ම නැහැ. ඒ නිසා මගේ දරුවා ඔවුන්ගේ දරුවෙකු මෙන් හදා ගෙන ආවා. හොඳට ආදරෙන් හැදුවා. පසුව ඔවුන්ට දරුවෙකු ඉපදුණාට පසු මගේ දුව අත හැර දැම්මා. මගේ දරුවට ඒ බලපෑම තව මත් තිබෙනවා.

ඉන් පසු මටයි, මගේ දරුවන්ටයි මගේ නැන්දම්මාගේ පවුල තමයි සැලකුවේ. මගේ නැන්දම්මාගේ පවුල මට ඉතා හොඳින් සැලකුවා. ඒ වන විට මට වයස අවුරුදු 22 යි. මම විවාහ වන විට මට වයස අවුරුදු 18 යි. ඒ නිසා මගේ නැන්දම්මාගේ පවුලයි, අපේ පවුලයි හැමෝ ම කියනවා ඔයාට විවාහයක් කථා කරලා තිබෙනවා මොක ද කියන්නෙ කියලා. දෙපාර්ශ්වය ම මට බල කරනවා. මම කොච්චර කීවත් ඔවුන් අසන හැඩක් නම් නැහැ. හේතුව මමත් විශාල පිරිසක් සමග ආශ‍්‍රය කරලා තිබෙනවා. ඔවුන්ගේ දුකට පිහිට වෙලා තිබෙනවා. දෙවන විවාහයක් කර ගත්තට පසු දරුවන්ට ඇති විය හැකි බලපෑම් ගැන මා හොඳාකාරව දන්නවා. එවිට මා ඔවුන්ට කීවා, ඔය ගොල්ලො මට විවාහයක් කරලා දෙනවා නම්, ඒ සතුට ඔබ සියලු දෙනා ම බෙදා ගන්නවා. එමෙන් ම මට කරදරයක් ඇති වුණත් ඔබ සියලු දෙනා ම අන්තිම මොහොත දක්වා ම එම ප‍්‍රශ්නයට මුහුණ දිය යුතු යි කියා.

01 - 13

එහෙම කරන්න පුළුවන් නම් පමණක් මට විවාහයක් කරලා දෙනවා කියන තීරණයට එන්න කියා. කිසිවෙකු කට ඇරියෙ නැහැ. ඉන් පසු මම තීරණය කළා මේ අයගෙන් යැපෙන්නෙ නැතිව අපි අපේ දරුවන් දෙදෙනා හදා ගන්න ඕන. යහපත් ගතිපැවැතුම්වලින් පිරි දරුවන් ලෙස හදලා ඔවුන් දියුණු කරන්න ඕනෑ යනු මගේ ඉලක්කය වුණා. 2004.12.20 දින මගේ මවත් මිය ගියා. මම ගෙදර ඉඳ ගෙන කුර්ආන් හා මදරසා පන්ති සමග රෙදිත් මහ ගෙන මගේ දරු දෙදෙනත් සමග අවුරුදු හතරක් සතුටින් ගත කළා. කොතරම් සතුටින් සිටියත් මගේ ස්වාමි පුරුෂයාගේ වියෝව මට දරා ගන්න බැහැ. මගේ ජීවන රටාව අතරමග නතර වුණා. ලබා ගත් ණය මුදල් ටික ගෙවලා ඉවර කරන්නෙ කොහොම ද කන්න බොන්න නැන්දම්මලා නෑනලා උදව් කරනවා. තවත් ඔවුන්ගෙන් ඉල්ලන්නෙ කොහොම ද කියා මගේ සිත දෙදරන්න පටන් ගත්තා. මේ සෑම දෙයක් ගැන ම සිතලා මමත් අසනීප වෙලා නිතර නිතර රෝහල් යන්න පටන් ගත්තා. ඉන් පසු මම කල්පනා කළා, මිනිස්සුන්ට අත් නොවන ඉරණමක් තිබේ ද, මේක මගේ ඉරණම, මොනවා කරන්න ද, අම්මත් නැහැ, තාත්තාත් නැහැ, බැඳ ගත්තු මිනිහත් නැහැ, තනියෙම ඉඳ ගෙන දරු දෙදෙනා හදා ගන්න එක තමයි මගේ යුතුකම.

ඉන් පසු 2005.05.20 දින W.D.E. ආයතනයේ සේවයට බැඳුණා. මගේ නැන්දම්මගේ පවුලට එතරම් කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ නිසා මම වෙනත් ළමයි සමග කථාබස් කිරීම, පුහුණු පාඨමාලාවලට
01 - 14
සහභාගි වීම තුළින් මගේ සිතට සතුටක් දැණුනා. මගේ දරුවන්ට මේවා පෙන්වන්නෙ නැතිව හැදුවා. ඉන් පසු මගේ පුතාට ආගම පිළිබඳ මදරසාවල අවුරුදු 03ක් නැවතිලා ඉඳලා ඉගෙන ගන්න ඔහු යැව්වා. ඔහු ළමයින්ගේ කථා අහලා 4 වැනි අවුරුද්දට මාසික මුදල් ගෙවා තිබිය දීත් ඔහු මට යන්න බැහැ කීවා. කොතරම් කීවත් ඔහු ඇහුවේ නැහැ. අන්තිමට කීවා ඔයාගේ කැමැත්තට මාව මදරසාවලට යැව්වොත් මම කොළඹ බස් එකට නැගලා කොහේ හරි යනවා කියලා. ඊට පස්සෙ මම ඔහු අත හැරලා පාසලට ඇතුල් කළා. පාසල් උපකරණ සියල්ලක් ම අලුතින් ගන්න සිද්ධ වුණා. අ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටියා. ගණිතය අසමත්. වැඩ 05ක් සමත් වෙලා තිබුණා. තව සැරයක් ඉගෙන ගන්න පුතේ කියා කියන විට ඔහු කීවා මට ආයෙත් පාසල් යන්න බැහැ, මම පිටින් ඉගෙන ගෙන විභාගෙ ලියනවා කියලා. යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ කටයුතුවල යෙදුණා. දෙවියන්ගේ පිහිටෙන් එක වැඩක් හරියට ඉගෙන ගෙන තිබෙනවා. නරක මිතුරන්ගේ ආශ‍්‍රයක් නැතුව මේ වැ‍ඩේ හරි හොඳට ඉගෙන ගෙන හොඳට ජීවත් වෙන්න ඕන කියලා මම දෙවියන්ගෙන් පතනවා. ඒ වාගේ ම මගේ ගැහුණු දරුවත් දෙවියන්ගේ ආශීර්වාදය හා දරුවාගේ උත්සාහයත්, මගේ ආදරයත් මත විෂයන් 09ක් සමත් වෙලා අ.පො.ස. (උ/පෙළ) කරනවා. ඇයි අපි කාගෙන් වත් යැපෙන්නෙ. දැන් මගේ දරුවන් මට උපදෙස් දෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. සමහර වෙලාවට එක ම පාරෙන් 2-3න් වතාවක් යන්නේ නැහැ. හේතුව අපි ගැන

01 - 15

කවුරුත් මොකුත් සිතයි දෝ යන බයක් මට මුල දී තිබුණා. දැන් මේ උගෘගෑග ආයතනයේ පුහුණු හා දැනුවත් කිරීම්වලින් පසු හැම දෙයක් ම මම ඉගෙන ගත්තා. මුල දී මට උපදේශන සේවාව (කවුන්සලින්) අවශ්‍ය වෙලා තිබුණා. දැන් මම යම් කෙනෙකුට මොනවාගේ ප‍්‍රශ්නයක් ඇති වුණත් මට පුළුවන් ආකාරයෙන් විසඳුම් ලබා දෙනවා. එසේ නැති නම් ප‍්‍රශ්නයට විසඳුම් ලැබිය හැකි ස්ථානවලට ඒ අය යොමු කරනවා. මා වැනි කාන්තා මූලික පවුල්වලට, ජීවනෝපාය ලබා දිය යුතු අයට ජීවනෝපාය ලබා දී තිබෙනවා. එපමණක් නො ව දෙමව්පියන් නැති දරුවන්ට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දෙන ආධාරත් ලබා දී තිබෙනවා. මේ වාගේ දේවල් කරන නිසා මගේ හිතටත් සැහැල්ලුවක් දැනෙනවා. ඒ නිසා මගේ දරුවොත්, මමත් ඉතා සතුටින් මගේ පවුල හා නැන්දම්මාගේ පවුලේ අයගේ සහයෝගයෙන් සහ දෙවියන්ගේ ආශීර්වාදයෙන් ජීවත් වෙනවා. මාගේ ශෝක ජනක කථාව මෙයින් අවසන් කර, මගේ දරුවන්ගේ සෞභාග්‍යමත් අනාගත ජීවිතය ගැන සිතා ලත වෙන මවක්.


ஒளி என்னும் மரத்தில்
புயல் என்னும் காற்றுவீசியது
சொந்தம் என்னும் உறவுகள் பிரிந்தது
சோகம் என்னும் இருள்சூழ்ந்தது


மேற்படிஎனதுதாய் கல்முனைக்குடியைச் சேர்ந்தவர். ஆனால் அவவின் குடும்பங்கள் நிலாவெளி எனும் ஊரில் உள்ளார்கள். அவ்வேளையில் எனது தாயும்அங்கு போய் ஒருசிலகாலமாக வாழ்ந்துவந்தார். அந்தநேரம் எனது தகப்பன் மீராவெல்வை அலியார் என்பவர் தொழில் செய்வதற்காக நிலாவெளி என்னும் ஊருக்குப் போய் இருந்தார். அவ்வேளையில் எனது தாய் உதுமாலெவ்வை மைமுனாச்சி என்பவைசந்தித்தார். அப்போது எனது தாய் முதல் ஒரு திருமணம் முடித்து அவக்கு ஆண் குழந்தை ஒன்றும்உள்ளது. அனுவின் கணவர் மரணித்துவிட்டார்.

அந்த சோக நிலையில் இருக்கும்போதுதான் எனது தகப்பன் இவவை இரண்டாம் திருமணம் முடிப்பதற்கு தாயின் சகோதரியிடம் கேட்டார். அதற்கு தாய் மறுத்தாள். எனது தகப்பன் கூறினாராம் நீங்கள் கவலைப்பட வேண்டாம். உனது பிள்ளையையும் உன்னையும் கண்கலங்காமல் பாதுகாப்பது எனதுகடமை என்னை நீங்கள் நம்பிவாங்கள் என்று பல தடவைகள் கூறினாராம். அதற்குப் பிற்பாடு எல்லோருடைய சம்மதத்தின்படி எனது தாயை வாப்பா திருமணம் முடித்து சம்மாந்துறை என்னும் ஊருக்கு கொண்டுவந்தார். அதிலும் எனது வாப்பாவின் குடும்பங்கள் நல்ல வசதியுள்ளவை. எனது தாயின்குடும்பம் வசதி குறைந்தவர்கள். ஆனால் இவர் திருமணம் முடித்துள்ளார் என்று கேள்விப்பட்ட எனது வாப்பா குடும்பம் இவரை வெறுத்தார்கள். அப்போது எனது தாய்க்கு கண்டபடி ஏசினார்கள். திட்டினார்கள். எனது வாப்பாவிடம் எனது மாமிமார்கள் எனக்கு ஒருகலியாணம் முடிக்காத பிள்ளை கிடைக்கவில்லையா நமது குடும்பம் எப்படிப்பட்டது நாம் எப்படி பணக்காரர்கள் இப்பாடியான ஒரு ஏழைய திருமணம் முடிக்க உனக்கு எப்படி மனசு வந்தது என்று ஒவ்வொருவரும் மாறிமாறி கதைக்க எனது தாய் சத்தம் போட்டு அழத் தொடங்கினாராம். என்ன செய்வது என்று கவலை அடைந்தார். கண்ணீர் சிந்தினாராம்.

அடுத்து ஒரு சில காலம் உருண்டோடிவிட்டது. அதன் பின்னர் எனது மூத்த சகோதரி எனது தாய்க்கு வயிற்றில்தரித்தாள். அந்த நேரம் எனது தாய்க்கு வீடுவளவும் இல்லாமல் எனது மாமிவீட்டில்தான் இருந்தாள். ஒரு சில மாதம் போய்விட்டது. பின்னர் எனது தகப்பன் கூலிவேலை செய்வதற்கு வாப்பா போய்விட்டார். அப்போது எனது தாய்க்கு பிள்ளை பிறக்கும் வருத்தம் வந்து இவ வைத்தியசாலைக்கு போய்விட்டார். தாய் அப்படி இருக்கையில் எனது வாப்பா வேலை முடிந்து பசியின் கொடுமையால் வாடிவதங்கி வந்தார். அங்கு பார்தார். எவரும் இல்லை. அவரின் தங்கை அதாவது எனது மாமி சாப்பிட்டுக் கொண்டு இருக்கிறாள். இவரை வாஎன்று கூடசொல்லாமல் சாப்பிடுகிறாள். இவையெல்லாம் நினைத்து கண்ணீர் விட்டார் எனது வாப்பா. அதற்குப் பிற்பாடு நேரக வைத்தியசாலைக்குப் போனார். அங்கு பிள்ளை பிறந்து விட்டது. பெண்பிள்ளை. இவருக்கு ஒருபுறம் சந்தோசம்

மறுபுறம் துக்கம் காரணம் எங்கு தமது மனைவியைகூட்டிப்போறது. என நினைக்கும்போது கடவுள் உதவியால் பக்கத்து வீட்டார்கள் வந்து எங்களின் வீட்டுக்கு கூட்டிவாருங்கள் என சந்தோசத்தோடு தனது தாயைக் கூட்டிப்போனார்கள்.

மேலும் ஒரு சிலகாலம் வாழ்ந்தார்கள். பின்னர் எனது தாயின் தாய் இதனைக் கேள்விப்பட்டு எனது தாய்க்கு ஒருவளவைக் கொடுத்த. அதன் பிறகு அவ்வளவுக்குள் ஒரு சிறிய குடிசையை அழைத்து எனது தாயும் தகப்பனும் நல்ல சந்தோசமாக வாழ்ந்து வந்தார்கள். இவகள் இரு பேருக்கும் 6 பெண்பிள்ளைகளும் 2 ஆண்பிள்ளைகளும்மொத்தமாக 10 பேர் கொண்டஒருஅழகிய நல்லகுடும்பமாகவாழ்ந்து வந்தார்கள். அதில் நான்எட்டாவதுபிள்ளை. எனது வாப்பாகூலிவேலைசெய்து எங்கள்எல்லோரையும்பராமரித்துவந்தார். திடீரென எனது தாயின் மூத்த மகள்எங்கள் எல்லோரையும் விட்டுவிட்டு பொத்துவில் எனும் ஊரில் திருமணம் முடித்துவிட்டார் என தாய்கேள்விப்பட்டார். அதிலும் கவலைஅடைந்தார். கண்ணீர் சிந்தினார். உதவியாக இருந்த எனதுதாய்வீட்டில் ஒரு சிறிய கைத்தொழில் செய்தார். காரணம் எனது வாப்பாவின் வருமானம் குடும்பச்செலவுக்கு போதாது.

அடுத்து எனது வாப்பா உம்மா இருவரும் நினைத்து கவலைப்பட்டார்கள். எனது குடும்பத்தில் உள்ளவர்கள் எவரும் நம்மிடம் வருவதும் இல்லைபோவதும் இல்லை. நாம் என்ன செய்வது இறைவன் இருக்கான் என்ற நம்பிக்கையில்வாழ்ந்தார்கள். காலமும் கடந்து சென்றது பிள்ளைகளும் ஓர் அளவு பெரிதாகிவிட்டார்கள். 2 பேர் கூலிதொழில் செய்தார்கள் .வாப்பாவும் மொத்தம் 3 பேர் இவர்கள் மூன்றுபேருடைய வருமானத்தையும் எனது தாய் வாழ்க்கைச்செலவை செய்துவந்தார்கள். நேரம் எனது வாப்பாவின் சகோதரர்கள் வந்து எனது செல்வர்களை அவர்கள் வீட்டுக்கு வரும்படி கூட்டிப்போவார்கள். அவை எனது தாயுக்கு பிடிக்கவில்லை எவ்வளவு எல்லாம் நம்பளை கஷ்டப்படுத்தியவர்களின் வீட்டுக்கு நீங்கள் போகவேண்டாம் என்று கூறியும் எனது வாப்பா அவர்களின் வீட்டுக்கு போய்விட்டார். காரணம் எனது வாப்பாவுக்கு காணி வளவுமாடு இப்படியான சொத்துக்கள் உள்ளது. அதனால் இவர்தான் மூத்தமகன்.ஆகவே இவரின் கையெழுத்து இல்லாமல் விற்கமுடியாதுஎ ன்பதற்காக ஏதோ ஒரு வைத்திய முறையை கையாண்டு கூட்டிப்போய்விட்டார்கள். அங்கு போனதன் பின்னர் மனைவி பிள்ளைகள் என்ற எண்ணம் இல்லை. எனது வாப்பாவுக்கு அதிலும்அவர்காலை 5 மணிக்கும் அவர்களின் வீட்டுக்குப் போனால் இரவு12 மணிக்குத்தான் எங்களின் வீட்டை வருவார் வாப்பா. இப்படியான இன்னல்கள் எல்லாம் யாரிடம் சொல்வது. எப்படிக் கதைப்பது என்று எனது தாய் எந்நேரமும் அழுவாள். அவ்வேளையில் நான் சின்னப் பிள்ளை என்னை மடியில் போட்டுக் கொண்டு எனது வாப்பாவை பார்த்துக்கொண்டு இரவு10 , 11 மணிவரையும் வாசல்படியில் உட்கார்ந்து இருப்பார் எனதுஉம்மா. எனக்கு வாப்பா 3 நாளைக்கு இல்லாமல் விட்டால் காய்ச்சல்வரும். அப்படிப் பாசமானவர் இந்தநிலைக்கு ஆளாகிவிட்டார்.

மேலும் இப்படியே ஒருசில ஆண்டுகள் ஓடிவிட்டது. எனது மூத்த சகோதரிக்கு திருமணமும் முடிந்துவிட்டது. இதன் பின்னர் எங்களுக்கு இருப்பதற்கு இல்லம் இல்லாமல் தவித்துக்கொண்டு இருந்த சந்தர்ப்பத்தில் எனது வாப்பா சகோதரர்மார் எல்லோரும் உழைப்பதற்கு முயற்சித்தார்கள்.

அடுத்து எனது இரண்டாவது சகோதரிக்கு எல்லோரும் உழைத்து ஒரு வீட்டைக்கட்டி திருமணம் முடித்துள்ளோம். இதன்பிறகு 4 பெண்பிள்ளைகளும் 2 ஆண்பிள்ளைகளும் தய் தகப்பன் எட்டுப்பேரைக் கொண்ட ஒரு அழகிய குடும்பமாகவாழ்ந்து வந்தோம். நாங்கள் 4 பேர் பாடசாலைக்குச் செவ்பவர்கள். எனது காக்காவும் கூலித்தொழில் செய்வதற்குமுன்வந்தான். அப்போது எனது வாப்பாவின் தங்கையின் மகன் எனது சகோதரியை திருமணம் முடிப்பதற்கு முன்வந்தான். எங்களின் வாப்பாகூறினார் தமது பிள்ளைகளுக்கு எனது குடும்பத்தில் உள்வர்களளையும் மாப்பிளயைாக எடுப்பதில்லை போல்உனது குடும்பத்தில் உள்ளவருக்கு மாப்பிள்ளயைாக எடுப்பதில்லை எனஉத்தரவுவிடுத்தார். எனது தாயிடம் அதனை தாயும் சம்மதித்தார்.

அப்போது 90ம்ஆண்டு யுத்தக்கலவரம் ஏற்பட்டது. இதன் காரணத்தால் எங்களின் வீடு வளவுகளைவிட்டு எனது மூத்தசகோதரியின்வீட்டுடிக்குப் போனோம். அங்கு ஒருசிலமாதங்களாக வாழ்ந்தோம். அந்நேரம் நான் 7ம்ஆண்டு கல்விகற்கிறேன். எனதுசகோதரியின் வீட்டில் எல்லோரும் வசிப்பதற்கு இடவசதிகாணாமல் உள்ளது. என்னசெய்வது அதற்பிற்பாடு எனது தகப்பனுக்கு திடீர்எனசெஞ்சுவலிஏற்பட்டது. பின்னர் வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டனர். 6 நாள் வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டார். இதற்குப்பின் எங்களின் குடும்ப நிலை மிகவும் மோசமாக உள்ளது. எனது காக்கா தொழிலுக்கும் போவதில்லை. வாப்பாக்கூடவைத்தியசாலைில்இருந்தார்.

வைத்தியசாலையில் முடியாமல் வீட்டை எடுத்துபோக என்று வைத்தியர்கள் கூறி விட்டார்கள். இதற்கு பின்னர் மூன்று நாட்கள் வீட்டில் வாப்பா இருந்து விட்டு மூன்றாம்நாள் இறையடிசேர்ந்துவிட்டார். எனது தகப்பன் இந்த சோக நிலையில் பாடசாலைக்கு நல்ல முறையான நான் போவதும் இல்லை. பின்னர் படிப்படியாக நான் பாடசாலைக்குப் போக ஆரம்பித்தேன்.எனது தம்பி எவ்வளவு சொல்லியும் அவன் கேட்கவில்லை. எனது உம்மாவும் இருட்டறையில் இருக்கிறான் என்ன செய்வது அப்படிகாலம் போகப் போக தம்பியும் எவ்வளவு சொல்லியும் அவன் யாரோ ஒருநண்பனின் வீட்டில் இருந்தான். வாப்பா மரணித்த சோகம் ஒரு புறம் தம்பி எங்களை விட்டுப் பிரிந்த மறுபுறம் யாரிடமும் இவைகளை சொல்லி அழுவது என்ற நிலையில் எனது தாய் இருந்தார். மேலும் எனதுதாயும் இருட்டறை வாழ்க்கை முடித்துவிட்டு வௌியேறி எங்களின் ஆதரவோடுவாழ்க்கையை ஆரம்பித்தார். அதன் பின்னர்படிப்பாடியாக மற்ற சகோதரிகளுக்கும் ஒர் அளவான வீடுகளைக் கட்டி முடித்தோம். அவ்வேளயைில் நானும் எனக்குமூத்த சகோதரியும் தான் பாடசாலைக்குச் சொல்வதுஅந்த நேரம் படிப்பதற்குவசதி இல்லாமல் மிகவும் கஸ்டப்பட்டோம். அக்கட்டத்தில் எனது சகோதரிகளின் அன்புமிகவும் எனக்கு கூடுதாலக இருந்தது எனக்குபசி கவலைகள்.

இப்படிப்பட்ட பல பயிற்சி எடுத்து அவைகளின் சான்றுகளும் என்னிடம் உள்ளது சாதாரண தரம் எழுதிவிட்டு பெறுபேற எதிர்பார்க்காமல் பல சமூகப்பணிகளில் ஈடுபட்டேன். மீண்டும் எனதுபடிப்பை தொடர்வதற்குஎங்களிடம் வசதியில்லை. இன்று ஒருராத்தாவுக்கு வீடுகட்ட வேண்டும். திருமணம் முடிக்க வேண்டும். அதற்குப் பிறதான். எனக்கு வீடு வளவு கிடைக்கும் என்ன செய்யலாம் துன்பம் எங்களை சூழ்ந்து விட்டது. இன்பம் எங்களை விட்டு விலகியுள்ளது.

அடுத்து நமது செலவுக்காகவும் ஒரு வருமானத்தை ஈட்ட வேண்டும் என்று வீட்டில் முன்பள்ளி ஒன்றை ஆமைத்தேன். அத்தோடு குர்ஆன் பத்ரசாவும் அமைத்து ஒரு இரு வருடங்கள் அதில் ஓடி விட்டது. எனக்கும் மனதுக்குள் நல்ல ஆறுதகால இருந்தது. பின்னர் எனதுராத்தாவும் திருமணம் முடித்துவிட்டார் இதற்குப் பிறகுநானும் எனதுஉம்மாவும் எனதுகாக்காவும் ஒருசிறிய அழகிய குடும்பமாக வாழ்ந்துவந்தோம் திடீரென தனியார் வைத்தியசாலையில் ஒருவேலை கிடைத்துது. மிகவும் சந்தோசத்துடன் அவ்வேளையை செய்து கொண்டு இருக்கும் நேரம் அந்த வைத்தியாலைக்குப் பக்கத்தில இருக்கும் ஒரு ஆள் என்னை திருமணம் முடிப்பதற்குஅங்குள்ள வைத்தியரிடம் கேட்டுள்ளார். அவர் என்னிடம் கேட்டார். நான் மறுத்தேன். எனக்கு10 சகோதரங்கள். ஆனால் நான் கடைசிப் பிள்ளை. எறுஎவள்ளவுஎல்லாம் சொல்லியும் அவர் கேட்கவில்லை. கடைசியாக அவன் என்னிடம் வந்து சொன்னான். நீ என்னை திருமணம் முடிக்க மறுத்தால் நான் உன்னுடையகழுத்தை வெட்டி கடலில் போடுவேன் என்று என்னை பயமுறுத்தினான். நான் 5 வருடம் அங்கு வேலை செய்துள்னே். இப்படியான கதைகள் வரவில்லை என்ன சோதனை இறைவா என்று, இறைவனிடம் துவாக் கேட்ட வண்டிம் இருந்தேன். நல்ல சம்பளம் மனதுக்குள் நிம்மதி சந்தோசமாகன வாழ்க்கை அதுவும் போய்விட்டது. இந்த கேட்ட மனிதர்களால் எனதுகாக்கா இவையெல்லாம் கேள்பிப்பட்டு இனி நீ வேலைக்குப் போக வேண்டாம் என்று என்னைத் தடுத்துவிட்டார்.

அடுத்து நான் எனது வீட்டில் இருந்து தையல் தொழில் செய்து கொண்டுஇருக்கும் போது எனது சகோதரன் எனக்குமாபபிள்ளை பார்க்கும் வேலையில் ஈடுபட்டார். பின்னர்2,3 பேர்எனதுகாக்காவிடம் என்னை கல்யாணம் முடிப்பதற்குகேட்டார்குளாகம் என்றுகூறினார். திடீரென எனதுகணவர் வீடு வளவுஒன்றும் தேவையில்லை என்னு என்னை திருமணம் முடித்து துரும்படியும் இல்லையென்றதால் வேறு ஏதோ முறையில் அவர்என்னை திருமணம் முடிப்பார் என்றும் அவரின் மருமகனிடம் சொல்லி அனுப்பியுள்ளார். அவன் எனது காக்காவிடம் சொன்னான் அதற்கு காக்காவும் சம்மதித்து என்ன செய்யலாம் எல்லாம் உனது தலைவிதி இப்படி நன்மைக்கு வலிய வருபவரை விட்டு விட்டு நாம் எங்குஉனக்குமாப்பிள்ளை தேடுவதுநானும் இன்னும் இருக்கிறதா நானும் இனி திருமணம் முடிக்க வேண்டும் என்றுகூறி எல்லோருடைய சம்மமத்தின் பின எனதுதிருமணம் 1996-11-30ம் திகதி நடைபெற்றது. இறைவன் உதவியால் எனதுகணவரும்,என்னை நல்ல முறையில் பார்த்தார். அப்படியே எனது வாழ்க்கை ஓடிக் கொண்டு போனது. எனதுதாய் தகப்பன் எனக்குஎப்படி பாசம் காட்டி வளர்த்தார். எனது கணவரின் குடும்பங்களும் என்னுடன் நல்ல முறையில் இருந்தார்கள்.

1998.1.1இல் எனது அருமை மகள் பிறந்தாள். இந்த இன்பத்தில் மிதந்த எனதுகணவர் ஒருநாள் நல்ல சந்தோசமாக சாப்பிட்டுக் கொண்டு இருக்கும் வேளையில் மகளைப் பார்த்துக் கூறினார். மகளே நான் சவூதிப் போகப் போகிறேன். நீயும் எனது தாயும் நல்லமுறையில் சாப்பிட்டு நல்ல ச்தோசமாக இருக்க வேண்டும். காரணம் எனதுபிள்ளையும் பெண் பிள்ளை இன்னும் கொஞ்ச நாள் போனால் பிள்ளையும் பெரிதாகி விடும். நான் உனது உம்மாவை நல்ல முறையில் வைக்க வேண்டும் என்று கண்ணீர்சிந்தினார். எனது கணவர். அவ்வேளையில் எனதுபிள்ளையின் வயது6 மாதம். அதற்குநான் கேட்டேன். நான் உங்களிடம் எதுவும் கேட்டேனா. என்றவுடன் அவர் கூறினார் உனக்கு எவ்வளவு மாப்பிளைகள் வந்தும் நீ விரும்பவில்லை காரணம் என்னில்தான் உனது தலைவிதி அமைந்துள்ளது ஆகவு உன்னை நான் நல்லாக வைப்பதுதான் எனதுகடமை என பதில் அளித்தார்.

மேலும் இரண்ாண்டுகள் உருண்டோடிவிட்டது. பிள்ளைக்குப் 11 மாதமாகிவிட்டது. இதன் பின்னர்நான் கட்டாயம் வௌிநாடு பாகத்தான் வுண்டும். அந்த மண்ணில் மிதித்துவிட்டு மரணித்தாலும் எனக்குகவலையில்லை என்றுகூறிவிட்டு 1998.12.20ம் திகதி சவுதிக்கு சென்றார். போகும் போது கூட மிகவும் கஸ்டப்பட்டுதான் போனார். பல பிரச்சினைகளை சந்தித்தார். எவ்வளவுதடவை போக வேண்டி இங்குஉங்களுக்குநல்ல தொழில் இருக்கிறது னு் போகப் போகிறீர்கள் என்று தடுத்துபம் அவர் கேட்கவில்லை என்ன செய்வது அவரின் மரணம் அங்கு சவுதியில் காத்துக் கொண்டு இருக்கிறதுது. ஆனால் அந்த இடத்துக்குபோய் சேர வேண்டும் என்ற முடிவு இறைவனின் விதி. அதன் பின்னர்2 வருடங்கள் மிகவும் சந்தோசமாக வாழ்க்கை ஓடிக் கொண்டு போனது. திடீரென 2001.09.08ம் திகதி எனதுகணவர்தொலைபுசியில் 2, 3 மணித்தியாலம் என்னுடனும்,எனதுபிள்ளையுடனும் நல்ல சந்தோசமாக கதைத்தார். கடைசியாகச் சொன்னார் எனக்குஉன்னையும், எனது மகளையும் பார்க்க வேண்டும் போல் உள்ளது. என்றவுடன் நான் அவரிடம் கூறினன் உங்களுக்கு ன்ன சுகமில்லையா என்றவுடன் அவர்கூறினார். எனக்குஒன்றும் இல்லை நான் உன்னையும் எனது மகளையும் பார்க்க வேண்டும் போல் உள்ளது என்று மீண்டும் சொன்னார். அதுதான் கடைசி வார்த்தை என்னுடன் பேசியது.

அடுத்து 2001.10.8ம் திகதி எனது கணவரின் மரணச் செய்திதான் எனதுகாதில் கேட்டது. இன்னாலில்லாஹி வயினாலிறா அவ்வளவுதான் எனதுவாழ்க்கை துளைந்து விட்டது. எனது இல்லற வாழ்க்கை ஒரு இருட்டறையாகிவிட்டது. கத்தினேன். கதறினேன். கடவுளிடம் கையேந்தினேன். எனதுகணவுருக்கு பட்ட கடனெல்லாம் தலைக்குமேலாகி விட்டது. இறைவா நீதான் எல்லாவற்றுக்கும் துணை என்றுகூறி, எனதுஇருட்டறைகளும் எனதுகணவருக்காக இருக்க வேண்டிய இத்தா கடமையில் 4 மாதமும், 10 நாட்களும் நாலு சுவருக்குள்ளும் இருந்து குர்ஆன் ஓதி துவாக் கேட்ட வண்ணம் இருந்தேன். அக்கடமையும் முடிந்துவிட்டது. அதற்குமேல் எனதுகணவரின் சேதரர் எனது சகோதரியை திருமணம் முடித்து அதில் ஒருஆண்பிள்ளை அவர்குள் இருபோடும் பிந்து விட்டார்கள். அதற்கப் பிற்பாடு எனது ராத்தாவும் இரண்டாம் திருமணம் முடித்தார். தற்போதைய எனது ராத்தாவின் கணவர் இந்தப் பிள்ளையை நல்லபடியாக கவனிப்பதில்லை. ஆகவு அவனும் என்னிடம்தான் அவளின் உம்மா என்னிடம் இப்பிள்ளையை தரும்போதுபிள்ளைக்குஒன்றரை வயது. எனது மகளுக்கு வயது8 மாதம். இதுபற்றிய விளக்கம் எனது கவணவருக்கும் தெரியும். ஆகவே எனதுவாழ்க்கையில் அடித்த புயல்காற்றின் பின்னர் வஇர்கள் இருபேரையும் வளர்த்து வந்தேளன். எனக்குமூத்த சகோதரிக்கு10 வருடகாலமாக பிள்ளை பாக்கியம் கிடைககவில்லை. அதனால் எனது மகளை அவர்களின் மகளைப் போல் வளர்த்துவந்தார்கள். நல்ல பாசம் காட்டினார்கள். பின்னர் அவர்களுக்கு என்றுஒருகுழந்தை கிடைத்தவுடன் எனதுமகளை கைவிட்டார்கள். எனதுபிள்ளைக்குஅந்த தாக்கம் இன்னும் இருக்கிறது. அதனைத் தொடர்ந்துஎன்னையும் எனதுமக்களையும் எனது குடும்பமும் எனது மாமி குடும்பத்தாரும் கவனித்து வந்தார்கள். அவ்வேளையில் எனக்கு வயது 22. நான் திருமணம் முடிக்கும் போது வயது 18 ஆகும். ஆகவே எனதுமாமியாகர் குடும்பம் எனதுகுடும்பம் எல்லோம்.எனக்கு திருமணம் முடிப்பதற்கு வருகிறதாம் எனது முடிவு என்ன என்று இருதரப்பினரும் என்னை வற்புறுத்தினார்கள். எவ்வளவு சொல்லியும் இவர்கள் கேட்பதைப் போல் இல்லை. ஏனு் என்றால் நானும் எவ்வளவுஎல்லாம் மக்களுடன் பழகி இருக்கிறேன். அவர்களின்சோகங்களுக்குஆறுதல் சொல்லி இருக்கிறேன். ஆனால் இரணட்ாம் திருமணம் முடிப்பதால் பிள்ளைகளுக்கு வரும் பாதிப்பு பற்றி எனக்குநன்றாய் தெரியும். நான் கடைசியாக கூறினேன். நீங்கள் எனக்குதிருமணம் முடித்துத் தந்தால் எல்லேரும் எப்படி இன்பத்தில் கலந்துள்ளீகள். அதேபோல எனக்கு ஒரு பிரச்சினை என்றால் எல்லோரும் கடைசி வரைக்கும் எனது பிரச்சினைக்கு முகம் கொடுக்க வேண்டும். அப்படி நிற்கிறீர்கள் என்றால் மாத்திரம்எனக்கு திருமணம் என்ற முடிவுக்குள் வாங்கள் என்றவுடன் எவரும் வாய்திறக்கவில்லை. அதன் பின்னர்நான் முடிவு எத்தேன். இவர்குளிடம் தங்கி வாழாமல் நாம் நமதுபிள்ளைகள் இரண்டையும் வளர்க்க வேண்டும். வர்களை நல்ல முறையில் ஈமான் உள்ள பிள்ளைகளாக வளர்த்து இவர்களை முன்னேற்றுவது எனது இலக்காக இருந்தது. 2004.12.20இல் எனது தாயும் மரணித்துவிட்டார். நான் வீட்டில் இருந்துகுர்ஆன் மதிரசாவும் நடத்திக் கொண்டு தையல் தொழிலும் செய்துகொண்டுஎனது மக்களுடன் நல்ல சந்தோசமாக வாழ்ந்தாலும் எனதுகணவரின் இழப்புஎன் மனத வாட்டியது. நமது வாழ்க்கை வட்டம் தடம் புரண்டு விட்டது. நமது கடன்கள் எல்லாம் எப்படி கட்டி முடிப்பது. சாப்பிடுவதற்கு நமது மாமி மச்சிமார்கள் உதவி செய்கிறாள். இன்னும் எப்படி நாம்கேட்பது. என்று சொல்லி எனதுமனம் மிகவும் துடியாய் துடித்தது. இவையெல்லாம் சிநத்தித்து எனக்கும் அடிக்டி சுகமில்லாமல் வைத்தியசாலைக்கு போவதாக இருந்தேன். இதன் பின் நானே நினைத்தேன். மனிதருக்கு வராத விதியா நமது தலைவிதி என்ன செய்வது தாயிடம் இல்லை, தகப்பனம் இல்லை கட்டிய கணவரும் இல்லை. தனிமரமாக இருந்துநமதுபிள்ளைகளை வளர்ப்பதுதான் நமது கடமை.

அடுத்து 2005.05.20ம் திகதி டபிள்யு.டி.ஈ நிறுவனத்தில் வேலைக்குச் சேர்ந்தேன். எனது மாமி குடும்பத்தினருக்கு விருப்பம் இல்லாமல் இருந்தது. ஆகவே வேறு பிள்ளைகளுடன் பேசவது பழகுவது. பயிற்சி வகுப்புக்களில் கலந்துகொள்வதில் எனதுமனதுக்குள் மிகவும் சந்தோசத்தைக் கொடுக்கின்றது. இவையில்லாமல் எனதுபிள்ளைகளுக்கு காட்டாமல் வளர்த்துவந்தேன். பின்னர் மகனை மார்க்கம் சம்பந்தப்பட்ட மத்ரசாவில் 3 வருடம் தங்கி ஓதவிட்டேன். அவன் பிள்ளைகளின் கதைகள் கேட்டு நாலாவது வருடம் மாதாந்தக் காசியும் கட்டி விட்டு போதவற்கு எனால் முடியாது என கூறிவிட்டான். எவ்வளவு சொல்லியும் அவன் கேட்கவில்லை. கடைசியாக கூறினான். உங்களுடைய விருப்பத்திற்கு என்னை கட்டாயப்படுத்தி மத்ரசாவுக்கு அனுப்பினால் நான் கொழும்பு வங்கியில் எங்கையாவுக்கு போய் விடுவேன். என்று கூறினால் அதோடு நான் அவளை விட்டு பாடசாலைக்கு சேர்த்துள்ளேன். பாடசாலை பொருட்கள் ஒன்றும் இல்லை. எல்லாம் புதிதாக வாங்க மீண்டும் பாடசாலைக்கு சேர்ந்து ஜி.சி சாதாரண பரிட்சை எழுதினான். பின்னர் கணிதப் பாடம் காணாது மீதியாக 5 பாடம் சித்தி அடைந்துள்ளனர். மீண்டும் படிமகன் என்றவுடன் அவன் பாடசாலைக்கு போக என்னால் முடீயாது நான் வௌியில் சாதாரண தரம் போட்டு எதுவேன். என்று மோட்டார் சைக்களில் திருத்தம் வேளையில் ஈடுபட்டான். இறைவனின் உதவியால் ஏதோ ஒரு வேலையை பழகியுள்ளார். விடா நண்பர்களிடம் கூடாமல் இந்த வேலையாவுதல் செய்து நல்ல எதிர்காலம் இயங்க வேண்டும் என்று இறைவனிடம் கேட்டுக் கொள்கிறேன். அதேபோல எனதுபணெ் பிள்ளையையும் இறைவனின் அருளாலும் பிள்ளையின் முயற்சியாலும் என்னுடைய அன்பாலும் ஒன்பதுபாடமும் சித்தியடைந்து நல்ல பெறுபேற்றை எடுத்து எனது ஆசையை நிறைவேற்றி தற்போதுஉயர்தரம் படித்துக் கொண்டுள்ளார். ஏனு் மற்றவர்குளின் நாம் தங்கி வாழ வேண்டும். இப்போது எனதுபிள்ளைகள் எனக்கு ஆலோசனை கூறும் அளவுக்குவந்துள்ளார்கள். ஒரு சில நேரம் ஒரே வழியால் 2,3 தடவை போக மாட்டேன். காரணம் நம்பளை பற்றி மற்றவர்கள் என்ன நினைப்பார்களோ என்ற பயம். ஆரம்பத்தில் எனக்கு இருந்தது. தற்போது இந்த டபிள்யு டி எப் நிறுவனத்தில் இணைந்ததன் பின் பல விழிப்புணர்வுப் பயிற்சியின் பின்னர்எல்லாவற்றையும் நான் கற்றுள்றேன். ஆரம்பத்தில் எனக்குஉளவள ஆற்றுப்படுத்தல் ஆலோசனை தேவையாக இருந்தது. இப்போதுநான் ஒருசிலருக்குஎப்படியான பிரச்சினைகள் வந்தாலும் என்னால் முடிந்தளவு தீர்த்துவைப்பேன். இல்லாவிடின் எங்கு இப்பிரச்சினைக்கான தீர்வுஉள்ளதோ அங்குமற்றவர்களை அனுப்பி வைப்பேன். என்னைப் போல பெண் தலைமை தாங்கும் குடும்பங்களுக்கு எங்குவாழ்வதற்கும் பெற்றுக் கொடுக்க வேண்டுமோ அப்படியானவர்களுக்கு உதவி பெற்றுக் கொடுத்துள்ளேன். அதுமட்டுமல்லாமல் தாய் தந்தை இழந்த பிள்ளைகளுக்கு டி எஸ். காரியாலயத்தில் உதவிகள் பெற்றுக் கொடுத்துள்ளேன். இப்பாடியான வேலைகள் செ்யவதால் எனதுமனதுக்கும் ஆறுதலாக உள்ளது. இதனால் எனதுபிள்ளைகளும் நானும் நல்ல சந்தோசமாக எனது குடும்பத்தினர் எனது மாமியார் குடும்பத்தினர்உதவியோடும் இறைவனின் ஆசிர்வாதத்தோடும் வாழ்ந்துவிடுகிறோம். இத்துடன் எனது சோகக் கதையை முடித்து ஒளிமயமான எனது பிள்ளைகளின் எதிர்காலத்துவாழ்க்கையை நினைத்து ஏங்கும் தாய்.



Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License