Incidents in my life

The story of the brother who is worried about her mother's condition.


මගේ ජීවිත කතාව

මවගේ තත්වය ගැන කනස්සල්ලට පත්ව සිටින සහෝදරයාගේ කතාව.


எனது வாழ்க்கை சம்பவம்

தாயின் நிலைமை பற்றிக் கவலைப்படும் சகோதரருடைய கதை.



CMP/AMP/SAM/BLJ/08
M.B.A. Samad
141/D, Block “J” West – II
Thennampillai Village
Sammanthurai
07.05.2016
Incidents in my life
My family is small. My mother, grand mother and I. When mother was pregnant with me, my father passed away. I grew under the care of my mother’s brother. My mother is emotionally unstable. The condition will get worse 03 or 4 times a year. During that time, she wouldn’t let me any clothes. I struggled a lot in my mother’s care. Mostly my grandmother raised me. Once when I was eight months old, my mother put me in a sack and tried to cook me in the fire where they steamed paddy. Luckily a woman from next door heard my cries and rushed into see what was happening and saved me. She informed my grandmother who was next door. My mother was unstable that’s why she try to put me in the fire. If the woman was not there, I wouldn’t write this story now. I am grateful to her.

I grew up without my mother’s care. My grandmother only looked after me. With much struggle I studied. My uncle and grandmother looked after me lovingly. My uncle took care of us by going to work. When I was studying in Grade 7, 8, my mother used to disappear, we search every where like ponds and rivers. She used to beat me when she was angry. I never get angry with my mother because she didn’t know what she was doing. When she was stable, she put me on her lap and combed my hair. I cried all the time. My grandmother and neighbors used to cheer me up. My uncle married when I was doing G.C.E (O/L). He sold textile . He went to Colombo to buy textiles and died in an accident in Panchikawatha. When he went to Colombo he told me to be careful. I travelled to Colombo to his funeral, I didn’t know how to go , that was my first journey. I cried all the way and went to his funeral.

As I didn’t get any help for my education, I stopped my studies with G.C.E (O/L). My uncle did loom work, I also trained in weaving loom and sold textiles going around in bicycle. I wanted to cure my mother. I admitted her to the Batticaloa hospital. I went with her to the clinic every month and gave her medicine. When I was taking her to the hospital, she suddenly removed her saree, I got her down and asked her woman to dress her up. I was so sad that I wasn’t a woman. I gave her medicine regularly. I went to work as assistant to the Grama Sevaka. I did all the work as he was old. I was given a salary, I looked after my mother and grandmother well. There was nobody to cook food for me. I lived with difficulty. I loved a girl, when I asked her to marry me, she told me that she had an elder sister, she would marry only after her marriage. So I decided to go to Saudi Arabia. I told the girl’s family and went to Saudi for six years and came back home and married the girl I loved. I came for 45 days and went back. I built a house and I lived happily with my wife and contacted her through letters. My mother died after three months when I was in Saudi. She died in the lap of my wife. I was sick with worry. I heard that my wife and her family did the funeral well. My grandmother died after 8 months. Now I am an orphan, I don’t have father, mother or uncle. I lived without peace but I fell down and broke my leg, I struggled for three months, after the operation.

My wife got to know this and asked me to come to the village, she told me that she would take care of me. I didn’t get my salary but returned home. I didn’t have any children for 10 years. A girl was born on 14.02.2008. We started a new life. My wife, my daughter and I live very happily now.

Yours
samad.





CMP/AMP/SAM/BLJ/08 – 1

M.B.A. සමඩි,
141/D, බ්ලොක් J බටහිර II,
තෙන්නම්පිල්ලෙයි ගම්මානය,
සම්මාන්තුරේ.
2016.05.07

පවුලේ කතාව

මගේ ජීවිත කතාව.

මගේ ජීවිත කතාව. මගේ පවුල ඉතා කුඩා පවුලක්. මම, මගේ මව, ආච්චි. මේ තුන් දෙනා තමයි ඉන්නෙ. මම මවගේ කුස තුළ සිටිය දී ම පියා මිය ගොස් තිබෙනවා. මවගේ මල්ලිගේ රැකවරණය මත තමා මා හැදුණෙ. මව මානසික රෝගියෙක්. අවුරුද්දකට 03 හෝ 04 වතාවක් අසනීප තත්ත්වය වැඩි වෙනවා. ඒ දවස්වල මගේ මව ඇඟේ ඇඳුමක් වත් අන්දවන්න දෙන්නෙ නැහැ. මව නිසා මා හරියට දුක් වින්දා. ආච්චිගේ රැකවරණය මත තමයි හැදුණෙ. මම මාස 08 දරුවෙක්ව සිටිය දී වී තම්බලා, ඒ කාලෙ දර ලිපෙන් තමයි වී තම්බන්නෙ, ආච්චි අල්ලපු ගෙදරට වතුර ගේන්න ගිහින් තිබෙනවා. මගේ මව සිහිබුද්ධිය නැතිව සිටිය දී මාව ගෝනියකට දාලා බැඳලා වී තම්බපු ලිපට උඩින් තැම්බෙන්න අරිනවා කියලා ගින්දර උඩින් ගෝනිය අත් දෙකෙන් අල්ලා ගෙන එහාට මෙහාට වනලා තිබෙනවා. මම අත පය හොලවලා කෑ ගහන ශබ්දෙ ඇහිලා අල්ලපු ගෙදර කාන්තාවක් ඇවිල්ලා ගෝනිය ඇදලා ලිහලා බලන විට ඒ මමලු. ඇඟ රත් වෙලා තිබුණ කියලා ආච්චි ළඟට දුවලා ගිහින් විස්තර කියලා මාව ආච්චිට දුන්නලු. ආච්චි මට කියනවා. මට ටිකක් තේරෙන විට අම්මාගෙ තත්ත්වය ගැන හිතලා දුක් වෙනවා, අඬනවා. ඕනෑ ම අම්මා කෙනෙකු තමන්ගේ දරුවා ලිපේ තියලා තම්බන්න හදනවා ද මගේ මවට සිහිබුද්ධිය නැති නිසා නේ ද මේ විදියට කරන්න හදලා තිබෙන්නෙ. ඇත්තෙන් ම එදා අල්ලපු ගෙදර මිනිස්සු

08 - 2

මේක දැක්කෙ නැත් නම් මම මේ කතාව ලියන්න පුළුවන් ද. ඒ ඇයට මා කවදත් ණයගැති යි. මට මව්කිරිත් නැහැ. මව් සෙනෙහසත් නැහැ. ආච්චිගේ රැකවරණය මත තමයි මම හැදුණේ. පසුව පාසලේ ඉතා මත් අමාරුකම් මත ඉගෙන ගත්තා. පාසල් යන කාලයේ ඉඳල ම ආච්චියි මාමයි මාව ආදරෙන් බලා ගත්තා. හම්බ කරලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. මාම විතර යි හම්බ කරලා හැමෝට ම සැලකුවේ. 7-8 පන්තියේ ඉගෙන ගන්න කොට මගේ මව හිටි ගමන් නැති වෙනවා. මම තමයි පාරවල් ගාණේ දුවලා ඇළ දොළ ළිං වළවල් මේ හැම තැන ම ගිහිල්ලා හොයා ගෙන එන්නෙ. කී දවසක් මම මවගෙන් ගුටි කන්නට ඇත් ද. කවදා වත් මම මගේ මව සමග තරහ වුණේ නැහැ. හේතුව සිහිබුද්ධියෙන් හිටිය නම් තමන්ගේ දරුවට ගහයි ද කියා හිතෙනවා. සිහිබුද්ධියෙන් ඉන්න වෙලාවට මාව උකුලෙ තියා ගෙන ඔළුව පීරනවා. මවගේ තත්ත්වය ගැන හිතලා තනියම ඉඳ ගෙන කඳුළු හලනවා. ආච්චියි අහල පහල මිනිස්සුයි මගේ සිත සනසනවා. අ.පො.ස. (සා/පෙළ) විභාගය ලියන්නට පෙර මගේ මාමා විවාහ වුණා. ඔහු රෙදි වෙළඳාම් කළා. මම රෙදි ගන්න කොළඹ යනවා. හොඳට පාසල් යන්න ඕන කියලා උපදෙස් දුන්නා. කොළඹ පංචිකාවත්තෙ දී පාර පනින කොට රිය අනතුරකින් ඔහු මරණයට පත් වුණා. මට ඉගෙන ගන්න උදව් කළ මාම එයා විතර යි. ඔහුගේ මරණයට ඥාතියෙක් කියලා ගිහින් හිටියෙ මම විතර යි. කොළඹ මොන වගේ ද කියල වත් මම දන්නෙ නැහැ. බස් එකට නැගලා වාඩි වෙලා ගියා තමයි. මට එය මුල් ගමන අඬ අඬා අහ ගෙන අහ ගෙන ගියා. කොළඹ දී තමයි මරණය භූමදාන කළේ. හැඬූ කඳුළින් ගියා. අ.පො.ස. (සා/පෙළ) දක්වා ඉගෙන ගෙන අධ්‍යාපනය අවසන් කළා. එතැනින් එහාට උදව් කරන්න කෙනෙක් සිටියෙ නැහැ. මාමා රෙදි වියනවා. මමත් ටිකක්

08 - 3

ඉගෙන ගෙන එම කර්මාන්තය කළා. රෙදි ටික බයිසිකලේ බැඳ ගෙන ගිහිල්ලා වෙළඳාම් කරනවා, මවගේ ලෙඩට බෙහෙත් කරන්න තියෙන දැඩි ඕනෑකම නිසා. මඩකලපු රෝහලට ඇතුල් කළා. මාස් පතා ක්ලිනික් එකට ගිහිල්ලා බෙහෙත් අර ගෙන පාවිච්චි කළා. තරමක් දුරට ලෙඩේ අඩු වේ ගෙන ආවා. නැවතත් ක්ලිනික් එකට යන්න බස් එකේ නැගලා යන විට ඇය සාරිය ගලවලා අතට ගත්තා. ඊට පස්සෙ බස් එකෙන් බැස්සා. මට ගැහැණු ළමයෙක් හිටිය නම් ලොකු උදව්වක් වෙනවා. මම පිරිමි කෙනෙක් වෙලා ඉපදුණා නෙ කියා සිතා දුක් වුණා. පසුව එතැනින් ගිය කාන්තාවකට කථා කරලා මගේ අම්මට මේ සාරිය අන්දලා දෙන්න කියලා සාරිය ඇන්දෙව්වට පසු නැවතත් බස් එකට ටිකට් අර ගෙන නියමිත තැනට ගියා. බෙහෙත් ටික හරියට දුන්නා. ඉන් පසු මා ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිට උදව්වට වැඩ කළා. අනෙක එම ග‍්‍රාම නිලධාරිට වයස යි. මම තමයි ඔක්කෝම වැඩ කරන්නෙ. මගේ මව හා ආච්චිට අඩුවක් නැතුව සැලකුවා. මට කන්න උයලා දෙන්න කෙනෙක් නැතිව හරියට දුක් වින්දා. ඒ වෙලාවෙ මම ගැහැණු ළමයෙක් සමග යහළු වුණා. විවාහ කර ගන්න ඇහුවා. ඇය කීවා මට වැඩිමහල් සහෝදරියො ඉන්නවා. ඒ ගොල්ලන්ගේ බෙල්ලට තැල්ල ගියාට පසුව තමයි මට තැල්ල බඳින්න පුළුවන් කියලා. මම තීරණය කළා සවුදි ගිහිල්ලා ඇවිල්ල තමයි ආයෙ බඳින්නෙ කියලා. කාව්න් ලියලා තියලා මම සවුදි ගිහිල්ලා අවුරුදු 06කට පසු ගමට ඇවිත් මා ආදරේ කළ බිරිඳව සතුටින් විවාහ කර ගත්තා.

08 - 4

දින 45 වීසා එකෙන් ඇවිල්ලා නැවතත් සවුදි ගිහිල්ලා මට ම කියලා ගෙයක් හදා ගත්තා. මමයි මගේ භාර්යාවයි ලිපි ගනුදෙනු මගින් දුක සැප බෙදා ගත්තා. නැවතත් සවුදි ගිහිල්ලා මාස 03කින් මගේ මවගේ පණ මගේ උකුලේ දී යන්නෙ නැතුව, ලේලිගේ උකුලේ දී ගිය බව දැනුම් දීලා තිබුණා. මම හඬා වැලපුණා. මවගේ මරණය බලන්න මට එන්න බැරි වුණා. පිලිස්සුණු තුවාලයට උණු වතුර වක් කළා වාගේ දැනුණා මට. මම විතරක් ඇහැට නොපෙනෙන දේශයක සිටිනවා කියා දුක් වුණා. එහෙත්, මගේ බිරිඳයි ඇගේ පවුලේ අයයි අවමංගල උත්සවය හොඳට කළා කියා ආරංචි වෙලා සතුටු වුණා. එතැන් සිට මාස 08කින් ආච්චිත් මළා කියා ආරංචි වුණා. මම අම්මට එක ම දරුවා. අම්මා, තාත්තා, ආච්චි, මාමා දැන් කවුරු වත් නැහැ. මම අනාථ යි. මට කියලා ඉන්නේ මගේ භාර්යාව විතර යි. දින කිහිපයක් ගත වුණා. මම සියලූ ම දුක් කරදර සිතේ තබා ගෙන නිදහසක් නැතිව ජීවත් වුණා. ඉන් පසු ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ මමත් සවුදිවල දී වැටිලා, මගේ කකුල කැඩිලා, ශල්‍යකර්ම කරලා මාස 03ක් දුක් වින්දා. මගේ භාර්යාව මේ ගැන ආරංචි වෙලා වහා ම ගමට එන්න කියා හැඬුවා. කකුල කැඩුණට කමක් නැහැ. මම හම්බ කරලා ඔයාව හොඳින් බලා ගන්නම් වහා ම ගමට එන්න කියා කීවා. මට බෝනස් සල්ලි පවා ගන්න දුන්නෙ නැහැ. මේ රටට ආවා. අවුරුදු 10න් පසුවත් අපට දරුපලක් ලැබුණෙ නැහැ. මමයි භාර්යාවයි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස තැබුවා. 2008.02.12 දින ගැහැණු දරුවෙකු ඉපදුණා. සියලු දුක අමතක කරලා අලුත් ජීවිතයක් මමයි, මගේ භාර්යාවයි, මගේ දරුවයි සතුටින් ජීවත් වෙනවා.

CMP/AMP/SAM/BLJ/08

எம்.பி.ஏ. சமட்
141 டீபுளக்ஜேமேற்கு 2
தென்னம்பிள்ளைக்கிராமம்
சம்மாந்துறை
7.5.2016

குடும்ப கதை

எனது வாழ்க்கை சம்பவம்

எனது வரலாறு எனது குடும்பம் மிகவும் சிறியது. நானும் எனது தாய், பாட்டி மூன்று பேருமே உள்ளோம். தாயின் கருவில் இருக்கும் போதே எனது தகப்பன் இறந்துவிட்டார். தாயின் தம்பியின் பாதுகாப்பிலேயே வளர்த்து வந்தேன். தாய் ஒரு மன நோயாளி. வருடத்தில் 3 அல்லது 4 முறை நோய் கூடுதலாக வரும். அந்தக் காலப் பகுதியில் எனது தாய் உடம்பில் துணிகூட போடவிடமாட்டா. நான் மிகவும் தாயினால் கஷ்டப்பட்டேன். பாட்டி தான் என்னைப் பெரும் கண்காணிப்புடன் வளர்த்து வந்தார். நான் 8 மாதக் குழந்தயாக இருந்தபோது நெல்லு அவித்து விட்டு விறகினால் தான் நெல்லு அவிப்பது. பாட்டி பக்கத்து வீட்டுக்கு தண்ணீர் எடுக்கப் போன பிறகு எனது தாய் சுயநினைவின்றி என்னை சாக்கினுள் போட்டு நெல் அவித்த அடுப்பினுள் மேல் வேகவைக்கப் போவதாக கூறி நெருப்பிற்கு மேலால் சாக்கை 2 கையாலும் பிடித்து ஆட்டியுள்ளா. நான் கால் கையை ஆட்டி அழுத நேரம் பக்கத்து வீட்டிலுள்ள பெண் ஒருத்தி ஓடி வந்து சாக்கை பறித்து சாக்கை பிரித்துப் பார்த்தாவாம். மேல் சூடா இருந்ததாம். எனது பாட்டியிடம் ஓடிப்போய் விளக்கத்தைச் சொல்லி என் கை கொடுத்தாம் என எனது பாட்டி என்னிடம் கூறுவார். எனக்கு புத்தி தெரிந்த நேரம் தாயின் நிலைமை பற்றிக் கவலையும் கண்ணீரும் சிந்துகிறேன். எந்தத் தாயும் எனது குழந்தையை அடுப்பில் வேக வைக்க விருப்புவாவா. எனது தாயின் சுயநினைவு இல்லாத காணரத்தினால் தானே இப்படி செய்ய எத்தனித்துள்ளார். உண்மையில் இவைகளை பக்கத்து வீட்டுக்காரி
காணாமல் விட்டிருந்தால் இக் கதை நான் எழுதுவேனா? அவக்கு என்றென்றும் நான் நன்றிகடன் பட்டுள்ளேன். எனக்கு தாய் பாலுமில்லை. தாயின் அன்பு அரவணைப்பில்லாமல் பாட்டியின் அரவணைப்பினிலேயே வளர்ந்து வந்தேன். பின் பாடசாலையில் மிகவும் கஷ்டத்துக்கு மத்தியில் படித்தேன். பள்ளிப் பருவத்திலேயே பாட்டியும் எனது மாமாவும் என்னை அன்பாக வளர்த்தார்கள். உழைத்து தர யாருமே இல்லை. மாமா மாத்திரம் தான் உழைத்து எல்லோரையும் பார்த்து வந்தார். 7,8 படிக்கும்போதே எனது தாய் நின்ற மாதிரி காணாமல் போய்விடுவார். நான் தெருத் தெருவாய் ஓடி ஓடி ஆறு, கிணறு, மடு, பள்ளம் இவை எல்லாம் தேடிக்கொண்டு வருவேன். எத்தனை நாள் கோபத்தில் எனக்கு அடித்த. ஒரு நாள் கூட நான் எனது தாயைக் கோபப்பட்டதே இல்லை. காரணம் நல்ல நினைவு இருந்தால் பெற்ற பிள்ளைக்கு அடிப்பாவா. நல்ல நினைவில் இருக்கும் போது மடியில் போட்டு எனது தலையைச் சீவுவா. தாயின் நிலைமையை பார்த்து தனியே உட்கார்ந்து கொண்டு கண்ணீர் வடிப்பேன். எனது பாட்டி அயலவர்கள் என்னை ஆறுதல் படுத்துவார்கள். பின் சாதாரணதர பரீட்சை எழுதும்போது எனது மாமாவும் திருமணம் முடித்துவிட்டார். புடவை வியாபாரம் செய்து கொண்டிருக்கிறார். என்னைப் படிக்க வைப்பது மாமா. நான் அவர் புடவை வியாபாரம் செய்வதற்கு புடவை எடுக்க கொழும்புக்குப் போவதாக கூறி பாடசாலை ஒழுங்காக போகும் என்று அறிவுறுத்தல் சொன்னார். புடவை கொண்டு சென்று பஞ்சிகாவத்தையை கடக்கும்போது வாகன விபத்தில் உயிரிழந்தார். என்னைப் படிப்பதற்கு உதவி செய்யும் மாமா அவர் மட்டும் தான். மரணித்தவுடன் அவரின் சொந்தமென்று நான் மட்டுமே போய் சேர்ந்தேன். கொழும்பு எப்படி என்றும் தெரியாது. பஸ்ஸில் ஏறிக் குந்திக்கொண்டு போனதான். எனக்கு முதல் பிரயாணம். அழுது அழுது கேட்கப்போனேன். கொழும்பில் தான் மௌத்து அடக்கம் செய்யப்பட்டது. கவலையும் கண்ணீருமாக சேர்ந்தேன். சாதாரணதரம் வரை படித்துவிட்டு படிப்பை நிறுத்தினேன். மற்றப் படிப்புக்கு யாரும் உதவி செய்ய முன் வரவில்லை. மாமா தறிவேளை செய்தவர். நானும் கொஞ்சம் பழகித் தொழில் செய்துவந்தேன். புடவைகளை சைக்களில் கட்டி வியாபாரம் செய்தேன். தாயின் வருத்தம் பார்க்க வேண்டுமென்று வைராக்கியம். மட்டக்களப்பு ஆஸ்பத்திரியில் அனுமதித்தேன். மாதா மாதம் கிளினிக் சென்று மாத்திரை எடுத்து பாவித்து வந்தேன். ஓரளவு படிப்படியாக குறைந்து வந்தது. வேளைக்கு வேளை மாத்திரை கொடுக்க வேண்டும். மீண்டும் மட்டக்களப்பு ஆஸ்பத்திரிக்கு கிளினிக் கொண்டு செல்வதற்காக பஸ்ஸில் ஏறிக்கொண்டு போகும் போது கட்டியிருந்த சாரியை கழட்டிவிட்டார். உடனே பஸ்ஸை விட்டு இறங்கி விட்டோம். எனக்கு ஒரு பெண் பிள்ளை இருந்தால் மிச்சம் உதவியாக இருக்குமே. நான் ஒரு ஆணாகப் பிறந்துவிட்டேன் என நினைத்து கண் கலங்கினேன். பாதையில் வந்த பெண் ஒருவரைக் கூப்பிட்டு எனது தாயிற்கு இச்சாரியை கட்டி விடுங்கள் என்று சாரி கட்டி முடிந்து மீண்டும் பஸ் ஏறி டிக்கட் திரும்ப வாங்கி உரிய இடத்துக்கு போய் சேர்ந்தோம். மாத்திரைகளை ஒழுங்காகக் கொடுத்தோம். பின் நான் எனது பகுதியில் கிராம அதிகாரிக்கு உதவியாளராக கடமையாற்றினேன். குடும்பத்தில் மிகவும் வயதாளி நான் தான். சகல வேலைகளையும் செய்வேன். அதில் சம்பளம் தருவார்கள். எனது பாட்டி, தாய் இருவரையும் கண் கலங்காமல் பார்த்து வந்தேன். எனது சாப்பாடு சமைத்துத்தர ஒருவருமில்லாமல் மிகவும் கஷ்டப்பட்டேன். அந்த நேரம் ஒரு பிள்ளையை விரும்பினேன். திருமணம் முடிக்கக் கேட்டேன். அவள் கூறினாள் எனக்கு மூத்த சகோதரிகள் உள்ளனர். அவர்களுக்கு தாலி ஏறினால் தான் எனது கழுத்தில் தாலி ஏற வேண்டும் எனக் கூறினாள். நான் முடிவு எடுத்தேன் இனி சவுதி போய் வந்து தான் இனிக் கலியாணம் கட்டுவது எனக் கூறி எழுதி வைத்து விட்டு சவுதி போக முடிவு செய்தேன். அதே போல் பெண் வீட்டாரிடமும் சம்மதம் கேட்டு காவின் எழுதி வைத்துவிட்டு தான் சவுதி போய் 6 வருடம் நின்று பின் ஊருக்கு வந்து சந்தோசமாக நான் விரும்பிய மனைவியை திருமணம் முடித்துக் கொண்டேன்.

45 நாள் விசாவில் மீண்டும் சவுதி போய் எனக்கென்று வீடு கட்டினேன். நானும் மனைவியும் சந்தோசமாக கடிதத் தொடர்பில் பட்ட இன்ப துன்பங்களையெல்லாம் எழுதினோம். நான் மீண்டும் சவுதிபோய் 3 மாதத்தால் எனது தாயின் உயிர் என் மடியில் போகாமல் என் மூலம் கிடைத்த மருமகள் மடியில் உயிர் பிரித்து விட்டதாக அறிவித்தார்கள். நான் அழுதேன். கதறினேன். எனது தாயின் மரணத்தைப் பார்க்க என்னால் வர முடியவில்லையே. சுட்ட புண்ணில் சுடு தண்ணீர் பட்டமாதிரியே இருந்தது. நான் மட்டும் கண் காணாத தேசத்தில் உள்ளேன் என கவலைப்பட்டேன். இருந்தாலும் எனது மனைவி அவருடைய குடும்பம் மரணச்சடங்குகளை சந்தோசமாகச் செய்து முடித்தார்கள் என்பதைச் சந்தோசப்பட்டேன். அதிலிருந்து 8 மாதத்துக்குப் பிறகு எனது பாட்டியும் இறந்து விட்டார் செய்தி கேள்விபட்டேன். நான் தாய்க்கு ஒரு பிள்ளை. தாய், தகப்பன், பாட்டி, மாமா யாருமே இல்லை. நான் ஒரு அனாதை. எனக்கென்று எனது மனைவி மாத்திரமே உள்ளார். சில நாட்கள் நகர்ந்து விட்டது. நானும் பல கவலைகளையும் அள்ளிப் போட்டு நிம்மதி இல்லாமல் வாழ்ந்த பின் மரத்தால் விழுந்தவனை மாடு வெட்டியது போல் நானும் சவுதியில் விழுந்து கால் உடைந்து சத்திர சிகிச்சை செய்து 3 மாதம் கஷ்டப்பட்டேன். எனது மனைவி இதை அறிந்து உடன் ஊரு வரும்படி அழுதாள். கால் உடைந்தால் பரவாயில்லை. நான் உழைத்து கண் கலங்காமல் பார்ப்பேன். உடனே வரும்படி கட்டளை இட்டா. போனஸ் பணம் கூட எடுக்கவில்லை. ஒரு வருடத்தின் பின் நாடு வந்து சேர்ந்தேன். சில வருடங்கள் கழிந்து விட்டன. 10 வருடம் கழித்து குழந்தைப் பாக்கியம் கிடைக்கவில்லை. நானும் மனைவியும் இறைவன் நம்பிக்கையுடன் 14-02-2008 அன்று எனக்கு பெண் குழந்தை கிடைத்தது. சகல கவலைகளையும் மறந்து புதிய ஒரு வாழ்க்கை கொண்டு மிகவும் சந்தோசமாக எனது மனைவியும் நானும் எனது பிள்ளையும் சந்தோசமாக வாழ்ந்து வருகிறோம்.






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License