CMP/AMP/SAM/UTP 02
Dear brother,
This is your sister writing to you about the wounds of wartimes because of the ethnic conflict between Muslims and Tamils in 1987, My husband, my three girls and I ran for our safety to the Sammanthurai Korakkal school. The government through the Grama Sevaka supplied us with food. We thought that if we went to Thurai Neelavanai we would be safe and went there.
We stayed in our relatives land for a while, as my husband didn’t have a job, we didn’t have food to eat. My husband did labour work and a bought a small piece of land and ran a shop. The LTTE started to attack the army. The attacks became fierce. The army dropped bombs from the helicopter. The bomb fell on the electricity line and the pieces of the bomb hit me on my left eye. I couldn’t open my eyes. I lost my left eye. I was pregnant then. My husband brought me to the Batticaloa hospital. I couldn’t stay in the hospital, leaving my three girls at home. So I went home without receiving any treatment. when I came home , the fight got violent.
The green army burnt the public on tires. We stayed at home and ate the food we had. The army came to next door hacked and murdered the people there and came to our house with blood stained hands. They shouted for us to come out, “ We are hungry and you are eating food” they yelled at us and dragged my husband outside. One of them said that it was muslim people, we should leave here. They went from there. It’s god’s act to turn them away. We thanked God . They were cruelest Green army who cut and chopped the people they saw on sight.
It was dangerous to stay in that place, as I was pregnant, my husband took me and my child by bicycle first. He told the girls to stay safely at the house and left me at Kallaru. When he went back to the house, the girls were not there, hearing the gunshots , they ran away somewhere, my husband searched for them all night. They went with the neighbours and stayed in a safe place. Next day they were found. We took refuge in the Kallaru School. We didn’t take any food or clothes. My time came, I gave birth to my fourth child at the Kallaru Government hospital. As there was not much facilities, I was so sick during child birth. The fourth child was a boy. I was happy that it was a boy and sad because of our suffering. God helped us in so many ways. I believed god would save us, I prayed to god to stop this rotten war.
We stayed in the refugee camp and the people helped us by bringing cooked food. Dry food was given to us through the Grama Sevaka. We cooked our food. The hostility decreased. We faced many difficulties to raise our four children. We didn’t have money. My husband got sick. He couldn’t work so I went to work in a rice mill and worked in the paddy field. We wanted to go home and walked to the next refugee camp at Karaithivu. I stayed there for three years, my children didn’t go to school.
When we came to our place, it was take by others. The land at Neelavanai was taken by the army. We came and stayed at the 5 perches of land that the government provided. We began our life . Now when I am telling the story, so many years have passed since my husband died, my girls got married and my boy also. I am staying with my second daughter.
I am living without my husband, he died of heart attack when he was coming from Sammanthurai to Pothuvil . I was so concerned that didn’t come. Even to search for him, there wasn’t anybody. My children were small. The police informed us about our husband’s death. I was so shocked. My husband’s body was at the Thirukovil hospital. There was no money for us to go and see him. We borrowed money from others and brought the body back. We didn’t know how to pay back the loan.
It was difficult to raise my children without my husband. I went for work. My children couldn’t study. Because of the incident in 1990, I couldn’t see, I don’t have money for the operation. My children don’t have a home and we live in one house. My children are self employed and I don’t have anybody to look after me. This situation shouldn’t happen to anybody.
CMP/AMP/SAM/UTP/02- 01
S. පුෂ්පවල්ලි,
උදයපුරම්,
සම්මන්තුරේ.
මගේ ආදරණීය සහෝදරයා වෙත සදාදර නංගී විසින් ලියනුයේ, පසු ගිය කාලයේ යුද්ධය නිසා ඇති වූ දුක් දොම්නස් ගැන මෙම ලිපිය මගින් ඔබට දන්වනවා. අපි පවුල පිටින් සම්මන්තුරේ ජීවත් වූ ඒ කාලයේ මගේ මතකයේ හැටියට 1989 වෙන්න ඕන, ඒ කාල සීමාව තුළ ඇති වෙච්ච මුස්ලිම් දෙමළ කලබල නිසා මමයි, මගේ ස්වාමි පුරුෂයයි, ගැහැණු දරුවන් තුන් දෙනයි කෝරක්කර් පාසලේ සරණාගත වුණා. ඒ අවස්ථාවේ රජයෙන් ග‍්‍රාම නිලධාරි මගින් ආහාර ලබා දුන්නා. ඉන්දියානු හමුදාවත් අපටත්, එහි සරණාගතව සිටි අයටත් ආහාර දුන්නා. දිගට ම එහි සිටිය නොහැකි නිසා තුරෙයි නීලාවනෙයි ගියොත් දන්නා හඳුනන අයගේ උදව් උපකාර ආරක්ෂාව ලැබෙනු ඇතැයි කියා සිතා තුරෙයි නීලාවනෙයි ප‍්‍රදේශයට ගියා.
ටික කලක් හඳුනන ඥාතියෙකුගේ ඉඩමක සිටියා. මගේ ස්වාමි පුරුෂයාට ස්ථිර රැුකියාවක් නොතිබුණු නිසා කෑම ටික කන්නත් හරියට දුක් වින්දා. මගේ ස්වාමි පුරුෂයා කුලී වැඩ කරලා ඉඩම් කෑල්ලක් අර ගෙන පොඩි සිල්ලර කඩයක් දා ගෙන ජීවත් වුණා. මෙසේ සිටිය දී එල්.ටී.ටී.ඊ. (L.T.T.E) ත‍්‍රස්තවාදීන් විසින් රජයේ හමුදාවට විරුද්ධව ප‍්‍රහාර එල්ල කළා. දෙපාර්ශ්වයේ ම ප‍්‍රහාර උග‍්‍ර වී ගෙන ගියා. ශී‍්‍ර ලංකා හමුදාව හෙලිකොප්ටරයෙන් බෝම්බ දැමුවා. කොහෙන් දෝ ආපු බෝම්බයක් විදුලි රැහැන් උඩට වැටී පිපිරුවා. පිපිරුණු බෝම්බයෙන් පිට වුණු කුඩු වර්ගයක් මගේ වම් ඇසේ වැදුණා. ඇස් අරින්න බැරි වුණා. මගේ වම් ඇසටත් ඒක බලපෑවා. මේ වන විට මා මාස ගණන සම්පූර්ණ වූ ගැබිණි මවක්. මෙහි සිට ගමනාගමන පහසුකම් කිසිවක් නැතිව බොහොම අමාරුවෙන් මඩකලපු රෝහලට ඇස්වලට ප‍්‍රතිකාර කිරීම සඳහා මගේ ස්වාමි පුරුෂයා මාව රෝහලට ඇතුල් කළා. මගේ ස්වාමි පුරුෂයාට
02-02
කඩේ වෙළඳාමත් නැහැ. ගැහුණු දරුවන් තුන් දෙනා තනියෙම දාලා රෝහලට වෙලා ඉන්නත් බැහැ. ඒ නිසා ප‍්‍රතිකාර හරියට ගත්තෙ නැතිව වහා ම ගෙදර පිටත් වුණා. ගෙදර එන වෙලාවේ ප‍්‍රහාරය බොහෝ දුරට උග‍්‍ර වී තිබුණා. ඒ වෙලාවේ දී,
කොළ කොටියා කියන හමුදාව ත‍්‍රස්තවාදීන් කියා සාමාන්‍ය මිනිස්සුත් අල්ලා ගෙන කපා දමා ටයර් දාලා පුච්චනවා. අපි ගෙයි ඇතුළෙ ඉඳ ගෙන අපිට තිබූ කෑම ටික කමින් සිටියා. ඒ අවස්ථාවේ කොළ කොටියා අල්ලපු ගෙදර සිටි මිනිස්සුන්ව කපා මරා දමා අත්වල ලේ වගුරමින් වැටට පයින් ගහලා කඩා ගෙන ගෙයි ඇතුළට රිංගලා කවුද ගෙදර වරෙල්ලා එළියට කියා කෑ ගැහුවා. අපි බඩගින්නෙ ඉන්නවා, උඹලට මොකට ද කෑම කියමින් මගේ ස්වාමි පුරුෂයා ඇද ගෙන යන විට ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයා මචන් මේ මුස්ලිම් කට්ටිය අපි ඉක්මනට එහා පැත්තට යමු කියා ඔහු වෙනත් දෙසකට හරවා ගෙන ගියා. එසේ හරවා ගෙන ගියේ අපි අදහන දෙවියො තමා. අපි හැමෝ ම දෙවියන්ට ස්තුති කළා. අතපය වෙව්ලන්න පටන් ගත්තා. මොක ද කොළ කොටියා කියන්නේ අහු වෙන අහු වෙන හැම දෙනා ම කපලා මරා දමන භට පිරිසක්.
ඒ වෙලාවෙ එතැන සිටීම භයානක යි. මමත් මාස ගණන සම්පූර්ණ වූ ගැබිණි මවක් නිසා මාවයි මගේ අත දරුවයි පළමුව බයිසිකළේ තබා ගෙන ගැහැණු දරුවන් දෙදෙනාට ගෙදරට වී ප‍්‍රවේශමින් ඉන්න කියලා මාව කල්ලාරු කියන ස්ථානයේ ගෙදරක නවත්වලා, දරුවන් දෙදෙනා කැටුව ඒම සඳහා නැවත ගිහින් බලන විට දරු දෙදෙනා එහි ඉඳලා නැහැ. වෙඩි ශබ්ද තවත් උග‍්‍ර වූ නිසා මගේ ගැහැණු දරුවන් දෙදෙනා කොහේ ගියා ද
02-03
කියා දන්නෙ නැහැ. මගේ ස්වාමි පුරුෂයා කලබල වෙලා එළි වෙන තුරු සොයා ඇවිද්දා. ඔවුන් අල්ලපු ගෙදර අයත් සමග දුවලා ගිහිල්ලා ආරක්ෂාකාරී ස්ථානයක සිටියා. ඊළඟ දවසේ ඔවුන් සොයා ගන්න පුළුවන් වුණු නිසා නැති වී ගිය මගේ විශ්වාසය නැවතත් මා තුළට ආවා. අපගේ බඩුමුට්ටු කිසිවක් ගත්තෙ නැහැ. ජීවිතය විතරක් බේරා ගෙන කල්ලාරු පාසලක තිබූ අනාථ කඳවුරකට ගියා. මේ විදියට අපි අපේ දේපළ හා ඇඳුම් පැලඳුම් කිසිවක් ගන්නෙ නැතිව ආවා. මට දරුවා හම්බ වෙන දවසත් කිට්ටු වුණා. කල්ලාරු රජයේ රෝහලේ මගේ හතර වැනි දරු ප‍්‍රසූතිය සිදු වුණා. වෛද්‍ය පහසුකම් අඩු නිසා ප‍්‍රමාණවත් ප‍්‍රතිකාර නොලැබීමෙන් මා ප‍්‍රසූත අවස්ථාවේ දී බලවත් ලෙස රෝගී තත්ත්වයට පත් වුණා. මඩකලපු රෝහලට ගෙන යන්න ඕන කියා කීවා. නමුත් දෙවියන්ගේ පිහිටෙන් මා නැවතී සිටි රෝහලේ ම සිටියා. හතර වැනියට ඉපදුණෙ පිරිමි දරුවෙක්. පිරිමි දරුවෙකු ඉපදුණා කියන සතුට එක පැත්තකින්. අනික් පැත්තෙන් පීඩා හා දුක් වේදනාව. මොනවා කරන්න ද සියල්ල ම දෙවියන් වහන්සේ විසින් අත් කර දුන් ඉරණම. කොතරම් කරදරවලින් අපිව ආරක්ෂා කළා ද? ඉදිරියටත් දෙවියන් අපිව ආරක්ෂා කරනවා කියන විශ්වාසය මා තුළ තදින් ම තිබුණා. දෙවියනේ මේ කාලකණ්ණි යුද්ධය නවත්වන්න කියා සිත තුළින් ම ප‍්‍රාර්ථනා කරමින් සිටියා.
මෙසේ අනාථ කඳවුරේ සිටින ගමන් ම එහි දී ලබා දුන් කෑමබීම අපේ සිතට හයියක් ලැබුණා. කල්ලාරු ජනතාව අපට කෑම උයලා ගෙනැවිත් දී උපකාර කළා. ඒ අයට ස්තුති කරන්න ඕන. ග‍්‍රාම සේවක මගින් එකතු කර ගත් වියළි සලාක අපට ලැබුණා. අපි අපේ කෑම ටික උයා ගෙන කෑවා. මෙසේ මාස කිහිපයක් ගත වුණා.
02-04
ප‍්‍රහාරයේ උග‍්‍ර තත්ත්වය ටිකක් අඩු වී තිබුණා. මේ කාලය තුළ අපේ දරුවන් හදා ගන්න හරියට දුක් වින්දා. අතේ මිටේ මුදල් කිසිවක් තිබුණෙ නැහැ. ස්වාමි පුරුෂයා රෝගියෙකු වුණා. ඔහුට වැඩක් පලක් කර ගන්න බැරි තත්ත්වයකින් සිටි නිසා මා පුද්ගලිකව පවත්වා ගෙන ගිය හාල් මෝලකට කුලී වැඩට ගියා. කුඹුරුවලට ගොස් වල් නෙළුවා. මෙසේ සිටිය දී ම අපේ ගමට යන අදහසකින් ක‍්‍රම ක‍්‍රමයෙන් කාරෙයිතිවු පාසලේ කි‍්‍රයාත්මකව තිබූ අනාථ කඳවුරට පයින් ම ගියා. දරුවන් හතර දෙනාවත් පයින් ම එක් කර ගෙන කාරෙයිතිවු අනාථ කඳවුරට ළඟා වුණා. එහේ ඉඳලා ම අපේ දරුවන්ට අවුරුදු තුනක කාලයක් පාසල් අධ්‍යාපනයක් නැතිව ම ගෙවී ගියා. 1993 වර්ෂයේ අපේ ස්ථිර පදිංචි ස්ථානයට ගොස් බලන විට අපේ ඉඩකඩම් පැහැර ගෙන තිබුණා. නීලාවනෙයි ප‍්‍රදේශයේ තිබූ අපේ ඉඩම හමුදාව අත්පත් කර ගෙන කඳවුරු ගහලා තිබුණා. අපට රජයෙන් ලබා දුන් පර්චස් පහක (05) ඉඩමේ ඉඳ ගෙන අපගේ පැරණි ජීවිතය ආරම්භ කළා. අද මා මාගේ කතාව කියන විට මගේ ස්වාමි පුරුෂයා ජීවතුන් අතරින් වෙන් වෙලා වසර ගණනාවක් ගෙවිලා ගියා. ගැහැණු දරුවන් තුන් දෙනා ම විවාහ වුණා. පිරිමි දරුවත් විවාහ වෙලා, මගේ දෙවැනි දුවත් විවාහ වෙලා එක ම ගෙදරක ජීවත් වෙනවා. මා මේ කතාව කියන විට ඒ කාලයේ වෙච්ච සිද්ධීන් මතක් වන විට දැන් මට ස්වාමි පුරුෂයා නැතිව ජීවත් වීමට හරි අමාරුවක් දැනෙනවා.
02-05
ස්වාමි පුරුෂයා අහිමි වීමේ දුක් වේදනාව තව මත් විඳිනවා. සම්මාන්තුරේ සිට වෙළඳාම් කරන්න පොතුවිල් ගොස් එන අතරමග දී ස්වාමි පුරුෂයා හෘදයාබාධයෙන් මිය ගියා. මම වෙළඳාමට ගිය ස්වාමි පුරුෂයා තව ම ගෙදර ආවෙ නැහැ කියා දරුවන් හතර දෙනා සමග කලබල වෙලා සිටියා. ස්වාමි පුරුෂයා සොයා ගෙන එන්න වත් අපට කවුරුවත් හිටියේ නැහැ. දරුවෝ හතර දෙනා ම පොඩි යි. පොලීසිය මගින් ස්වාමි පුරුෂයා මිය ගියා කියන ආරංචිය අපට ලැබුණා. හිත ගැස්සෙනවා. ඒ වෙලාවේ මගේ පණ ගියා වාගේ මට දැණුනා. මගේ ස්වාමි පුරුෂයාගේ දේහය තිරුක්කෝවිල් රොහලේ තබා තිබුණා. එහි යන්නට අපට අතේ මුදල් වත් තිබුණෙ නැහැ. හඳුනන අයෙකුගෙන් ණය මුදලක් අර ගෙන මෘත ශරීරය රැගෙන ආවා. ඉන් පසුව මම ඒ ණය මුදල පියවන්නේ කොහොම ද කොහෙන් ද කියා දන්නේ නැතිව දරු හතර දෙනා සමග විඳපු වේදනාව...!
ස්වාමි පුරුෂයෙකු නැතිව ජීවත් වෙන්නේ කොහොම ද කියන වේදනාව මම විඳවලා තිබෙනවා. ළමයි ටික හදා ගන්න ගෙදර වැඩට ගියා. ළමයි අධ්‍යාපනයත් නැති කර ගෙන සී සී කඩ වෙලා සිටියා. එය දුටු මගේ සිත බිඳී ගියා. මට 1990 වර්ෂයේ ඇති වූ කලබලවල දී වෙච්ච ආබාධය නිසා ඇස් හරියට පේන්නෙත් නැහැ. තව මත් මේ ඇස වෙනුවෙන් වෛද්‍යවරයා වෙත ගිහින් එනවා. ඔපරේෂන් කරන්න වත් මා ළඟ සල්ලි නැහැ. දැනට අවුරුදු විසිපහක් ගත වෙලා ඉවර යි. ළමයින්ටත් ගෙවල් දොරවල් නැතිව එක ම ගෙදර තමයි හැමෝ ම ජීවත් වෙන්නෙ. මාව බලන්න කවුරුවත් ම නැහැ. මට වෙච්ච මේ තත්ත්වය වෙන කිසිවෙකුට සිද්ධ වෙන්න එපා.
මෙයට අවංක,
S. පුෂ්පවල්ලි
CMP/AMP/SAM/UTP/02
எஸ் புஸ்பவள்ளி
உதயபுரம்
சம்மாந்துறை
எனது அன்பு சகோதரனுக்கு
பாசமிகு தங்கை எழுதுவது எனக்குகடந்த கால யுத்தக்கறை படிந்த அந்தக் காலங்களில் ஏற்பட்ட துயரங்களை இந்தக்கடிதத்தின்ஊடாக தெரியப்படுத்துகின்றேன். நாங்கள்குடும்பமாக சம்மாந்துறையில் வாழ்ந்து கொண்டிருக்கும் அந்தக் காலத்தில் எனக்கு ஞாபகம் இருக்கிறது. 1987ம்ஆண்டு என்று நினைக்கின்றேன். அந்தக் காலக்கட்டத்தில் ஏற்பட்ட தமிழ் முஸ்லிம் கலவரத்தினால் நானும் எனதுகணவரும் மூன்று பெண் பிள்ளைகளும் பாதுகாப்புத் தேடி சம்மாந்துறை கோரக்கர் பாடசாலையில் அடைக்கலம் புகுந்தோம் அந்தநேரத்தில் அரசாங்கத்தின ஊடாக கிராம சேகவர் மூலமாக உணவுதந்தார்கள். மேலும் இந்திய இராணுவத்தினர் எங்களுக்கும் அங்கு அடைக்கலம் தேடி வந்து இருந்தவர்களுக்கும் உணவு தந்தார்கள். தொடர்ந்து அங்கு இருக்க முடியாத காணத்தரால் துறை நீலாவனைக்கு சென்றால் தெரிந்தவர்களின் உதவியுடன் பாதுகாப்பாக இருக்கலாம் என்றெண்ணி துறை நீலாவணைக்கு சென்றோம்.
சிறிது காலம் தெரிந்த உறவினருடைய காணியில் இருந்தோம். எனது கணவருக்குநிரந்தர தொழில் இல்லா நிலையில் சாப்பாட்டிற்கே மிகவும் கஷ்டப்பட்டோம். எனது கணவர் கூலித் தொழில் செய்து ஒருகாணித் துண்டினைவாங்கிக சிறியதொரு சில்லறைக் கடையை நடாத்திக் கொண்டு காலத்தை ஓட்டிக் கொண்டிருந்தோம். இப்படியாக இருக்கையில் 1990ம் ஆண்டில் எல்.ரி.ரி.ஈ பயங்கரவாத இயக்கத்தினர் அரச படையினருக்கு எதிராக தாக்குதல்களை தொடுத்தனர். தாக்குதல்கள் இருதரப்பில் இருந்தும் உக்கிரமடைந்து கொண்டிருந்தது. இலங்கை இராணுவத்தினர் ஹெலிகப்டரில் இருந்து குண்டு போட்டார்கள். எங்கேயோ இருந்துவந்து விழுந்த குண்டு மின்சார கம்பியில் பட்டு வெடித்தது. வெடித்த இந்த குண்டின் துகள்கள் தெறித்து வந்து எனது இடது கண்ணில் பட்டுவிட்டது. எனது கண்களைத் திறக்க முடியவில்லை. எனது இடது கண் பாதிக்கப்பட்டது. இந்த நிலைமையில் நான் நிறைமாதக் கர்ப்பிணியாக இருந்தேன். இங்கிருந்து போக்குவரத்து வசதிகள் எதுவுமின்றி மிகவும் சிரமப்பட்டு மட்டக்களப்பு வைத்தியசாலைக்கு கண் சிகிச்சைக்காக எனது கணவர் என்னை கொண்டுவந்து சேர்த்தார்.
கடையில் வியாபாரமும் இல்லை. எனது மூன்று பெண் பிள்ளைகளையும் தனியே விட்டு விட்டு வைத்தியசாலையில் இருக்க முடியாத நிலையில் ஒழுங்காக பெறாமல் உடனே வீடு திரும்பினேன். வீட்டுக்கு வரும் நேரத்தில் தாக்குதல்கள் உக்கிரமடைந்து கொண்டிருந்தது. அந்த வேளையில் கொல்கொட்டியா இராணுவ படையினர் பயங்கரவாதி என்று சொல்லி பொதுமக்களையும் பிடித்து வெட்டி டயரில் போட்டு எரித்துக் கொண்டிருந்தார்கள். நாங்கள் வீட்டுக்குள்ளே ஒதுங்கிக் கொண்டு எங்களுக்கு இருந்த சாப்பாட்டை சாப்பிட்டுக் கொண்டிருந்தோம். கொலக் கொட்டியாகக்கள் பக்கத்து வீட்டில் இருந்தவர்களை வெட்டி கொன்றுவிட்டு இரத்தம் படிந்த கைகளுடன் வேலியை உடைத்து உடைத்துக் கொண்டு வீட்டுக்குள் புகுந்து யாரடா வெளியே வாடா என்று சத்தம் போட்டு கூப்பிட்டார்கள். நாங்கள் பசியுடன் இருக்கிறோம். உனக்கு என்ன சாப்பாடு என்று எனது கணவன்ரை இழுத்துக் கொண்டு போகும் வேளையில் அவனுடன் வந்த மற்றவன் இது முஸ்லிம் கட்டி (முஸ்லீம் ஆக்கள்) நாங்கள் கெதியென்று அங்காலை போவோம். என்று மறுபக்கமாக திறை திருப்பியது நாங்கள் வழிபடும் தெய்வம்தான். எல்லோரும் கடவுளுக்கு நன்றி கூறினோம். கை காலெல்லாம் வெலவெத்துப் போய் விட்டது. ஏனென்றால் அவர்களுடைய கண்ணில் பட்ட எல்லோரையும் வெட்டி அரிந்து விட்டுப் போகின்ற படையினர் கொக்கொட்டியா இராணுவத்தினர்.
அந்த நேரத்தில் அந்த இடத்தில் இருப்பது ஆபத்து, நான் நிறைமாதக் கர்ப்பிணியாக இருப்பதால் என்னையும் எனதுகைக் குழந்தையையும் முதலில் சைக்கிளில் ஏற்றிக் கொண்டு சென்றார். பெண் பிள்ளைகள் இருவரையும் வீட்டில் பத்திரமாக இருக்கச் சொல்லி விட்டுகல்லாறு என்ற இடத்தில் ஒரு வீட்டில் என்னை விட்டு விட்டு பிள்ளைகள் இருவரையும் திரும்பச் சென்று கூப்பிட்டு வருவதற்காக செல்கையில் அங்கு பிள்ளைகள் இருவரையும் காணவில்லை. வெடிச்சத்தம் இன்றும் அதிகரித்தால் எனது இரண்டுபெண் பிள்ளைகளும் எங்கு சென்றார்கள் என்று தெரியவில்லை. எனது கணவர் பதற்றமடைந்து விடியும் வரை விசாரித்துக் கொண்டு தேடினார். அவர்கள் பக்கத்து வீட்டில் இருந்தவர்களுடன் சேர்ந்து ஓடிச் சென்று ஒரு இடத்தில் பாதுகாப்பாக இருந்தனர். அடுத்த நாளில் அவர்களை கண்டு பிடித்ததால் தொலைந்து போன எனது நம்பிக்கை மீண்டும் எனக்குள்ளே வந்தது. எங்களுடைய பொருட்கள் எதையும் நாங்கள் எடுக்கவில்லை. எங்களுடைய உயிரை மாத்திரம் கையில் பிடித்துக் கொண்டு கல்லாறு பாடசாலையொன்றில் அகதி முகாமில் போய் தஞ்சம் புகுந்தோம். இப்படி நாங்கள் எங்கள் உடைமைகளையும் உடுதுணிகள் எதையுமே எடுக்காமல் வந்து சேர்ந்தோம். எனக்கு பேறுகாலம் வந்தது. கல்லாறுஅரசாங்க வைத்தியசாலையில் எனதுநான்காவது பிள்ளையை பெற்றெடுத்தேன். வைத்திய வசதி குறைவாக இருந்த காரணத்தினால் போதிய சிகிச்சை வசதிகள் இல்லாமல் நான் பிள்ளைபேற்றின் போது மிகவும் நோயாளியாகிவிட்டிருந்தேன் மட்டக்களப்பு ஆஸ்பத்திரிக்குஏற்ற வேண்டும் என்றுகூறினார்கள். ஆனால் ஏதோகடவுள் புண்ணியவான் நான் இருந்த ஆஸ்பத்திரியில் இருந்தபடியே இருந்து விட்டுடேன். நான்காவதுபிறந்தது ஒருஆண் பிள்ளை ஆண் பிள்ளை பிறந்த சந்தோஷம் ஒருபக்கம். ஆனால் கஷ்ட நிலைமையை நினைத்து வேதனைப்பட்டது ஒருபுறம். என்ன செய்வதுஎல்லாம் கடவுள் விட்ட வழி. எவ்வளவோ காப்பாற்றிவிட்டார். இன்னும் காப்பாற்றுவார் என்னும் நம்பிக்கை எனக்குள்ள அரித்தபடியே இருந்தது. கடவுளே இந்த பாழாய் போன யுத்தத்தை நிறுத்துங்கள் என்றுமனதுக்குள் வேண்டிக் கொண்டேன்.
அப்படியே அகதி முகாமில் இருந்தபடியே அங்கே தந்த சாப்பாடுகள் எங்களுக்கு தைரியத்தை கொடுத்தது கல்லாறு சனங்கள் சமைத்த உணவுகளை கொடுத்து உதவினார்கள் அவர்களுக்கு நன்றி கூற வேண்டும். கிராமசேவகர் ஊடாக சேகரிக்கப்பட்ட உலர் உணவுகள் பொருட்கள் கிடைத்தது. நாங்கள் சாப்பாடுகளை சமைத்துச் சாப்பிட்டோம். சில மாதங்கள் உருண்டோடியது.
தாக்குதல்கள் உக்கிரம் குறைவடைந்து இருந்தது. இந்த காலகட்டத்தில் எனது நான்கு பிள்ளைகளையும் வளர்க்க மிகவும் கஷ்டப்பட்டோம். கையில் சொந்தமாக பணம் எதுவுமில்லை. கணவர் ஒரு நோயாளி ஆகிவிட்டிருந்தார். அவர் வேலை எதுவும் செய்ய முடியாத நிலைமையில் இருந்ததால் நான் தனியார் நடத்தி வந்த அரிசி ஆலையில் கூலி வேலைக்குச் சென்றேன். வயலில் சென்று புல் பிடுங்கினேன். அப்படியே இருந்து சொந்த ஊருக்கு செல்லும் நோக்கத்தில் படிப்படியாக காரைதீவுப் பாடசாலை ஒன்றில் இருந்த அகதி முகாமிற்கு நடை நடையாக நடந்து சென்றோம். நான்குபிள்ளைகளையும் நடத்திக் கொண்டு காரைதீவு அகதி முகாமை வந்தடைந்தோம். அங்கேயே இருந்து எங்களது பிள்ளைகளுக்கு 3 வருடங்களாக பாடசாலை படிப்புஎதுவும் இல்லாமல் காலம் சென்றுவிட்டது. 1993ம் ஆண்டில் எங்களது சொந்த இடத்தில் வந்து பார்க்கும் எங்களது இடம் எல்லாம் பறிபோய் விட்டிருந்தது. நீலாவணையில் இருந்த எங்களது காணி இராணுவம் பிடித்து முகாம் அமைத்து இருந்தனர். எங்களுக்குஅரசாங்கத்தால் தந்த ஐந்து பேர்ச்சஸ் வளவில் வந்து இருந்து எங்களதுபழைய வாழ்க்கையை தொடங்கினோம். இன்று நான் என் கதையை கூறும் போது எனதுகணவர் காலமாகி பல ஆண்டுகள் சென்றுவிட்டது. எனது பெண் பிள்ளைகள் மூன்று பேரும் திருமணம் முடித்து விட்டார்கள். ஆண் பிள்ளையும் திருமணம் முடித்து எனதுஇரண்டாவது மகளும் திருமணம் முடித்து ஒரே வீட்டிலே வாழ்ந்து கொண்டிருக்கின்றோம். நான் இதை கூறும் போது அந்தக் காலத்தில் நடந்த சம்பவங்களை நினைத்து இப்போது நான் கணவர் இல்லாமல் வாழ்கிறது ஒருகஷ்டமாகவே இருக்கிறது.
கணவரை இழந்த மனவேதனை துயரம் இன்னும் அனுபவித்துக் கொண்டிருக்கின்றேன். நான் பிரச்சினை நேரத்தில் சம்மாந்துறையில் இருந்துவியபாரத்திற்காக பொத்துவிலுக்கு போய் வரும் வேளையில் இடையில் மாரடைப்பு நோயால் கணவர் இறந்துவிட்டார். நாங்கள் வியபாரத்திற்கு சென்ற கணவன் இன்னும் வரவில்லையே என்று நான்குபிள்ளைகளுடன் பதறிக் கொண்டிருந்தோம். கணவர் போய் தேடி பார்ப்பதற்குகூட எங்களுக்கு யாருமே இல்லை. நான்குபிள்ளைகள் சிறு பிள்ளைகள் பொலிஸ் மூலமாக எங்களுக்கு கணவர் இறந்து விட்டார் என்று கேள்விப்பட்டோம். மனம் பதறியது. அந்த நேரத்தில் எனக்கு உயிர் போய் வந்ததது போல் இருந்தேன். கணவனை திருக்கோயில் வைத்தியசாலையில் வைக்கப்பட்டிந்த இடத்திற்கு போவதற்கு எங்களிடம் பணம்கூட இல்லை. தெரிந்த ஒருவரிடம் பணம் கடனாக வாங்கிக் கொண்டுகணவரின் சரீரத்தை பெற்றுக் கொண்டுவந்தோம். அதன் பிறகு நான் அந்த கடனை எவ்வாறுகொடுப்பது எப்படி என்றுதெரியவில்லை. நான்குபிள்ளைகளுடன் பட்ட வேதனை.
ஒரு கணவர் இல்லாமல் எவ்வாறுவாழ்வது. என்று வழியை அனுபவித்தேன். பிள்ளைகளை வளர்ப்பதற்கு வீட்டு வேலைக்குச் சென்றேன். பிள்ளைகள் கல்வியை இழந்து சிதறி திரிந்தார்கள். மன் உடைநது போய்விட்டது. எனக்கு1990ம் ஆண்டு பிரச்சினையில் எனதுகண்கள் சரியாக பார்க்க முடியாது. இன்றும் இந்த கணுக்காக வைத்திரை நாடிக் கொண்டிருக்கின்றேன். ஒப்பரேசன் செய்வதற்கு கூட என்னிடம் பணம் இல்லை. இருபத்தைந்து வருடங்கள் ஆகிவிட்டது. பிள்ளைகளும் வீடுஇல்லாமல் ஒரு வீட்டில் இன்று குடும்பம் வாழ்ந்து கொண்டியிருக்கிறோம். பிள்ளைகளுக்குத் தொழில் இல்லாமல் தொழில் செய்து கொண்டிருக்கின்றார்கள். என்னைப் பார்ப்பதற்கு ஒருத்தருமே இல்லை. எனக்கு வந்த நிலைமை. வேற யாருக்கும் வரக்கூடாது.