To my lost husband

An abandoned wife writes a letter to husband requesting him to come back.


අතුරුදහන් වූ ස්වාමි පුරුෂයා වෙත

අතහැර දමා ගිය බිරිඳ තමාට ආපසු පැමිණෙන ලෙස ඉල්ලමින් ලිපියක් ලියයි.


தொலைந்துபோன கணவருக்கு

ஒரு கைவிடப்பட்ட மனைவியொருவர் கணவனை தன்னிடம் திரும்பி வரும்படி கேட்டுக்கொள்கிறார்.



CMP/AMP/POT/SAK/02-1
Sangamankandy
Komari Post
2016.03.29

To my lost husband
I am fine here. Where ever you are you should be fine and alive. Are you really lost? or left? I don’t know. But on 1990.04.01 the new years day you said that you are going to buy new cloths for me and for our children. When you left us our son was 2 years old and our daughter was 1 year old. Today our children havestudied and married and doing jobs . In between these days I was suffering much. I can’t tell or write about our struggle. I passed all of those. I was in the middle of the sea when you left me. Now I am standing on the shore. But I have suffered a lot. I have passed my younger days. Now I am stepping into my elderly years. Loneliness is so scary now . If I get sick there is no one to comfort me and love me. There is no pension money and no savings. I didn’t think about these in my past. All I wanted is to bring my children up and make them study well. So I didn’t have time to think . Now I am expecting a lot. Wont my husband come again? I f he comes alive I’ll be so happy. I f you are alive and if you are able to read this letter if you can’t help it doesn’t matter just say that you are alive that’s enough for me. This is the number to contact me – 0771543653. We married on 1983.12.01 we were like poles in 1990.04.01. Still I don’t know the reason why we left each other is it ethnic problem? or the circumstances? I don’t know but whatever it is it’s not a problem I believe that you are alive. Please contact me quickly. We took a photo in Batticalo in 1984 I have attached it to the letter if you are able to see this letter don’t waste any second just try to find me.

Always your abandoned wife

S.Ponnammah
Sangamankandy
Koomari poat
Srilanka
077-1543653


CMP/AMP/POT/SAK/02 - 01

එස්. රානි,
සංගමාන් කන්ඩි,
කෝමාරි තැපැල්,
2016.03.29

මාගේ අතුරුදහන් වූ ස්වාමි පුරුෂයා වෙත,

මා මෙහි සනීපෙන් ඉන්නවා. ඔබ කොහේ සිටියත් සැපෙන් ජීවතුන් අතර සිටිය යුතු යි. ඔබ අතුරුදන් වුණා ද? නැත හොත් මා අත හැර ගියා ද කියා මා දන්නේ නැහැ. නමුත් 1990.04.01 දින තමා ඔබ දරුවන්ටයි මටයි අලුත් ඇඳුම් අර ගෙන එන්නම් කියා ගියේ. එදා ඔයා යන විට පුතාට වයස අවුරුදු දෙක යි, දුවට වයස අවුරුදු එක යි. දැන් අපේ දරු දෙදෙනා ම ඉගෙන ගෙන, රැකියාවල් කරමින්, විවාහ වී ජීවත් වෙනවා. මේ අතරතුර කාලය තුල මා විඳි දුක් වේදනා ජීවිත සටන් ගැන කියන්න හෝ ලියන්න හෝ පුළුවන්කමක් නැහැ. නමුත් මේ සියල්ල පසු කර ගෙන ආවා. ඔබ වෙන් වන විට මම මහ මුහුද මැද සිටියා. දැන් මම වෙරළෙ ඉන්නවා. නමුත් හොඳට දුක් විඳලා තිබෙනවා. මගේ තරුණ කාලය හැකි තාක් දුරට පසු කර ගත්තා. දැන් මහලු කාලයට මුල් පියවර තබා තිබෙනවා. තනියම ඉන්න දැන් බයක් හිතෙනවා. ලෙඩ දුක් හැදුණ ම සැනසුම් වදන් කියන්න, ආදරයෙන් කථා කරන්න, හේත්තු වෙන්න උරහිසක් අවශ්‍ය වෙනවා නේ ද. විශ‍්‍රාම වැටුපක් නැහැ. ඉතිරියක් නැහැ. පසු ගිය කාලයේ මේ කිසිවක් ගැන හිතුවෙ නැහැ. දරුවන් ලොකු මහත් වෙන්න ඕන, ඉගෙන ගන්න ඕන කියන එක යි මගේ අරමුණ වෙලා තිබුණෙ. මා ගැන හිතන්න වෙලාවක් තිබුණෙ නැහැ. දැන් බලපොරොත්තුවක් තිබෙනවා මගේ ස්වාමි පුරුෂයා එන්නෙ නැති වෙයි දෝ කියා. ජීවතුන් අතර ඉඳලා ආවොත් කොතරම් සතුටක් ද.

02 - 02

ඔබ විතරක් ජීවතුන් අතර සිටිනවා නම්, මගේ ලිපිය කියවන්න පුළුවන් වුණා නම්, මට උපකාර කරන්න බැරි වුණත් මම ජීවතුන් අතර ඉන්නවා කියා වචනයක් කියන්න ඒ ඇති. මට ඇමතිය යුතු අංකය 0771543653. අපගේ විවාහය 1983.12.01 දින සිදු වුණා. 1990.04.01 අප දෙදෙනා වෙන් වුණා. අපගේ වෙන් වීමට හේතුව කුමක් ද මේ දක්වා දන්නෙ නැහැ. ජනවාර්ගික ප‍්‍රශ්නය ද? ත‍්‍රස්තවාදය ද? වාතාවරණය ද? එය කුමක් වුව ද කමක් නැහැ. ජීවතුන් අතර සිටිනවා ඇතැයි කියා මා විශ්වාස කරනවා. වහා ම මට අමතන්න. මෙය 1984 වර්ෂයේ අප දෙදෙනා මඩකලපුවේ දී ජෝඩුවට අර ගත් ඡායාරූපය. මෙම ලිපිය දකින්න ලැබුණොත් වහා ම එක විනාඩියක් හෝ ප‍්‍රමාද නො කර මාව බලන්න උත්සාහ කරන්න යැයි කියමින් සමු ගන්නවා.

මෙයට - කවදත් ඔබේ,
අත හැර ගිය භාර්යාව.
මගේ ලිපිනය:

එස්. පොන්නම්මා,
සංගමාන් කන්ඩි,
කෝමාරි තැපැල්,
ශී‍්‍ර ලංකා.
0771543653

CMP/AMP/POT/SAK/02

எஸ்.ராணி
சங்கமான்கண்டி
2016.03.29

எனது தொலைந்துபோன கணவருக்கு,

நான் இவ்விடம் நலம். நீங்கள் எங்கிருந்தாலும் நலமுடன் உயிருடன் வாழவேண்டும். நீங்கள் காணாமல்போய் விட்டீர்களா? அல்லது கைவிட்டுதான் போய்வீட்டிர்களா? தெரியவில்லை. ஆனால் 1990.04.01 இந்த திகதியில் தான் சித்திரைப்புத்தாண்டுக்கு பிள்ளைகளுக்கும் எனக்கும் புத்தாடை வாங்குவதாக கூறிச்சென்றீர்கள். அன்று நீங்கள் போகும்போது மகனுக்கு இரண்டு வயது. மகனுக்கு ஒருவயது. இன்று நமது இரண்டு பிள்ளைகளும் படித்து தொழில் செய்து திருமணம் செய்து வாழ்கின்றனர். இந்தஇடைப்பட்டகாலப்பகுதியில்நான்படாதகஸ்டம். துன்பம், போராட்டங்கள் சொல்லவோ எழுதவோமுடியாது. ஆனால் அவையெல்லாவற்றையும் கடந்துவந்துவிட்டேன். நீங்கள் பிரியும்போது நடுக்கடலில் நின்றேன். நான் இப்போது கரையில் இருக்கின்றேன். ஆனால் கஷ்டங்களை அனுபவித்துவிட்டேன்.

எனது இளமைக்காலத்தை இயன்றவரை கடத்திவிட்டேன். இப்போது முதுமைக்காலத்துக்குள் முதல் அடி எடுத்து வைகின்றேன். தனிமை இப்போது பயமாகவுள்ளது. நோய்வாய்பட நேரிடும் போது ஆறுதல் கூற அன்பு காட்ட சாய்ந்து கொள்ள தோள் தேவைபடுமே. பென்ஷன் பணமில்லை. சேமிப்பும்இல்லை. கடந்த காலங்களில் எதுவும் தோணவில்லை. பிள்ளைகள் வளர வேண்டும். படிக்கவேண்டும். இது மட்டுமே நோக்கம். என்னைப் பற்றி நினைக்க எனக்கு நேரம் கிடைக்கவில்லை. இப்போது எதிர்பார்க்க தோணுகின்றது. எனது கணவர் வரமாட்டாரா,உயிருடனிருந்து வந்தால் எவ்ளவு சந்தோஷமாகஇருக்கும்.

நீங்கள் மட்டும் உயிருடன் இருந்தால் எனது கடிதம் படிக்க நேரிட்டால் எனக்கு உதவ முடீயாவிட்டாலும் உயிருடன்தான் இருக்கின்றேன் என்னு ஒரு வார்த்தையை கூறிவிடுங்கள். அதுவேபோதும்.
என்னுடன் தொடர்பு கொள்ள நம்பர் 0771543653.
நமது திருமணம் 1983.12.01 இன்று நடந்தது. 1990.04.01 இரு துருவங்களாகிவிட்டோம். நமது பிரிவுக்கு என்ன காரணம் இன்றுவரையும் தெரியவில்லை. இனப்பிரச்சினையா பயங்கரவாதமா சந்தப்ப சூழ்நிலையா எதுவாக இருந்தாலும் உயிருடன் இருப்பீர்கள் என்னுதான் நம்புகிறன். உடனே தொடர்பு கொள்ளுங்கள். 1984ம் ஆண்டு நாம் இருவரும் மகட்டகள் பப்லி் எடுத்துக்கொண்ட நிலைப்படம்தான் இந்த நமது ஜோடிப்புகைப்படம். கடிதம் கண்டால் காண நேரிட்டால் ஒரு கணமும் தாமதிக்காமல் என்னை காண முயற்சியுங்கள் என்று கூறி விடைபெறுகின்றேன்.

இப்படிக்கு
என்று உங்கள்
கைவிடப்பட்ட மனைவி

எனதுமுகவரி

S Ponnammah
Sangaman Kandy
Komari Post
Sri Lanka
0771543653






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License