CMP/AMP/THK/VIP/01
My name is Ponnaih Sivaraja aged 50 born at Meenodaikattai and lived at Thirayikeni. I have 2 brothers my father worked at Ampaarai sugar factory. 12 days after my birth my mother died. My brothers and I grew with my grandmother and my father. When my grandmother died my father found it difficult to raise us without help. My relatives forced my father to remarry. My step mother raised us well. Two brothers were born all together there were 5 boys. Our father raised us well. After sometimes my step mother died due to illness. My younger brothers were raised by my step mother’s relatives. My elder brothers and I were raised by my father. My father tried to educate us and we went to school. Our father faced to lot of difficulties we also helped our father we did our own work cooked and went to school.
We had to dropout from the school and we did self employment. My brothers got married I married my relative girl and had a baby girl on 04.04.1985. I did cultivation and lived happily. One day I climbed the coconut tree to get coconut and fell off the tree on to a mamoty and was critically injured. I was unconscious for three months at Batticolo hospital my wife sold off everything for my medical expenses. After three months I came back home but couldn’t work. My wife, her sisters and father in law looked after me. My wife looked after me and wife by going to house work and doing labour works. I couldn’t bare to see my wife’s difficulties somehow I got well. I did work and stared a small shop my family came to a good position. But in 1990 during the ethnic conflict I lost my wife and my child when I was searching for them I was caught by the trouble makers and everyone who was caught were cut by knives and axe and I escaped with my father in law and ran but I lost my father in law he ran away somewhere. The army came and chased the trouble makers. I saw my father in law critically injured and girls burnt and searches for my wife and child the army came in the truck and took all the injured to the hospital. I couldn’t find my wife and child. The army searched for me and who Sivaraja was and I told them it was me they told me that your wife and child were there near the truck. I ran to see them I told them to go in the truck and stayed to help the victims after that we were put in Karaitheevu Vibulanandha school we didn’t have food or clothes after a few days my relatives got to know that we were in the camp and took us to there house I did labour work from there and looked after my family we made a small house in the relatives land and lived there for few years. With a idea of getting a land and to make my child’s future I did cultivation from the profit I bought my own house. Two girls were born we lived happily with three children. I made my children study well. I married off my elder girl and gave my house to her in my paddy land I made a house and lived there with two children on 2004.12.26 I lost all my belonging to Tsunami I lived in a camp for three months.
NGO made a temporary shelter for me and my own land I did labour work but it was not enough to look after my children. I took loan and tried to do cultivation but the land was useless due to the sea water I did labour work again to look after my family during this time the government gave two and a half laks for Tsunami victims I buit a stone house but couldn’t finish it there were doors or windows but we lived. With my relatives help leased out a land and did peanut cultivation with the profit I payed off some debt and did work on my house I couldn’t think of get into a good position and marrying off my 2 children. My wife couldn’t work as she was sick I had to do everything meanwhile my 2nd daughter was proposed they wanted to finish the house for her I got loans from everywhere and married her off and gave her the house. I wrote off the house and half the land to my daughter and stayed with her. I have a land but I couldn’t build a house, I couldn’t go to labour work also because of my health and my wife was also sick I still battle to look after my wife and the child. I live praying to god.
CMP/AMP/THK/VIP/01- 1
සර්වෝදය පාර,
විනායගපුරම් - 04.
අවතැන් වීම්.
සුනාමිය.
මගේ නම පොන්නයියා සිවරාසා, වයස අවු: 50 යි. මීනෝඩෙයිකට්ටෙයි ප‍්‍රදේශයේ ඉපදී පසුව තිරායිකේනියේ පදිංචිව සිටියා. මට අයියලා 02 යි. මගේ තාත්තා අම්පාර සීනි කම්හලේ වැඩ කළා. මම ඉපදිලා දවස් 12න් අම්මා ලෙඩ වෙලා මිය ගියා. මගේ ලොකු අම්මා තමයි මාව හැදුවෙ. මාවයි මගේ අයියලා දෙදෙනයි තාත්තාගේ රැකවරණය මත ලොකු අම්මා ළඟ තමයි හැදුණෙ. මෙසේ ජීවත්ව සිටිය දී ලොකු අම්මා මිය ගියා. ඇය මිය ගියාට පසු අපිව බලා ගන්නට කෙනෙකු නැති නිසා තාත්තා හරියට දුක් වින්දා. මේ නිසා අපේ ඥාතීන් තාත්තට දෙවැනි විවාහයක් කර දුන්නා.
එසේ විවාහ වෙලා පුංචි අම්මා අපිව හොඳට බලා ගත්තා. සහෝදරයන් දෙදෙනෙකුත් ඉපදුණා. පවුලේ අපි පිරිමි 05 දෙන යි. අපට කිසි ම අඩුවක් නැතිව තාත්තා හොඳින් සැලකුවා. පුංචි අම්මත් ලෙඩ වෙලා මිය ගියා. ඉන් පසු අපි දුක් කරදරවලට මුහුණ දුන්නා. බාල සහෝදරයන් දෙදෙනාව පුංචි අම්මගේ ඥාතීන් හදා ගත්තා. මමයි මට වැඩිමහල් අයියලා දෙදෙනයි තාත්තා සමග සිටියා. තාත්තා අපට හොඳට උගන්වන්න විශාල උත්සාහයක් ගත්තා. අපිත් පාසල් ගියා. කලක් යන විට තාත්තටත් බැරි වුණා. අපි තුන් දෙනා තාත්තට උදව් කරන්න ඕන නිසා තාත්තට වැඩට යන්න කියලා අපි අපේ වැඩ ටික කර ගෙන උයා ගෙන කාලා පාසලටත් ගියා. (තාත්තට ආදායමෙන් කිසි අඩුවක් නැහැ.)
මෙසේ සිටිය දී අපට පාසලට යාමට නොහැකිව පාසලෙන් ගිලිහී යාමට සිදු වුණා. පසුව අපි තාත්තාගේ රැකවරණය යටතේ ඉඳ ගෙන ම රැකියාවල් කරලා හම්බ කරන්න පටන් ගත්තා.
01-2
මේ කාලය තුළ අයියලා දෙදෙනා විවාහ කර ගෙන ගියා. ජාතීවාදී කලබල සමයේ මටත්, මගේ ඥාතියෙකු වන අම්බිගා නමැති අය සමග විවාහය සිදු වුණා. ඉන් පසු මට 1985.04.04 දින ගැහැණු දරුවෙකු ඉපදුණා. මම මගේ ජීවනෝපාය වූ වගා කටයුතු කර ගෙන ඉතා සතුටින් ජීවත් වුණා. මෙසේ සිටිය දී දවසක් වැඩ කරපු මහන්සියට තැඹිලි ගෙඩියක් බොන්න ගහට නැග්ගා. නගින විට අත ලිස්සිලා ගහ යට තිබුණු උදැල්ල උඩට වැටී උදැල්ලට බඩ කැපිලා මැරෙන්න ගියා. (දුව ඉපදිලා දවස් 15-20 පමණ ඇති.) මාස තුනක් රෝහලේ සිටියා සිහිය නැතිව. මගේ භාර්යාව මාව බේරා ගැනීම සඳහා තිබුණු දේපළ සියල්ලක් ම විකුණලා වියදම් කළා. මෙසේ මාස 03ට පසු මට සනීප වුණා. එහෙත් මට වැඩක් පලක් කර ගන්න බැහැ. මගේ භාර්යාව, භාර්යාවගේ සහෝදරයන්, මාමා හැමෝ ම මට සැලකුවා.
භාර්යාව මගේ දරුවත් සමග බොහෝ අමාරුකම් මත මාවත් බලා ගත්තා. ඒ විතරක් නෙමෙයි ආදායම් සඳහා වල් නෙළීම, රට කජු ගැලවීම වැනි කුලී වැඩට ගොස් පවුල නඩත්තු කළා. පවුලේ දුප්පත්කම නිසා භාර්යාව විඳින දුක දරා ගත නොහැකිව දෙවියනේ මාව අර ගෙන මගේ භාර්යාවට නිදහස දෙන්න කියා මම අඬනවා. මගේ භාර්යාවගේ උත්සාහය හා උපස්ථානය නිසා මා ඉක්මනින් සනීප වුණා. නැවතත් රැකියාව පටන් ගෙන ලැබෙන ආදායමෙන් ටිකක් ඉතිරි කරලා පුංචි කඩයක් දැම්මා. මගේ භාර්යාව හා දරුවා විඳි දුක් තුරන් කරලා ඉතා සතුටින් ජීවත් වුණා. අපේ පවුල ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණු වී හොඳ තත්ත්වයකට ආවා.
01- 3
මෙසේ සතුටින් සිටිය දී 1990 වර්ෂයේ පැවති කලබලවලින් සහමුලින් ම විපතට පත් වී සියලූ දේපළ අහිමි කර ගෙන භාර්යාව හා දරුවත් නැති කර ගෙන ඉතා තදින් ම පීඩාවට පත් වුණා. භාර්යාව හා දරුවත් නැති කර ගෙන, ඔවුන් සොයා ගෙන යන විට මාව කැරලිකරුවන් අල්ලා ගෙන ගියා. එහි අපේ ඥාතීන් පිරිමි හැමෝ ම පේළියට වාඩි කරවලා තිබුණා. මගේ භාර්යාවගේ පියා ළඟ මාව වාඩි කළා. පේළියෙන් පේළියට එක් එක් පුද්ගලයන් ම පිහි පොරොව වැනි ආයුධවලින් කපා දැමුවා. මට මගේ භාර්යාවත්, දරුවත් සොයා ගත යුතු යි කියන ආවේගයෙන් මගේ මාමාවත් අතින් අල්ලා ඇද ගෙන දුවන්න පටන් ගත්තා. දුව ගෙන යන විට මාමා ලිස්සිලා වැටුණා. ඔහුවත් උස්සලා මමත් දුව ගෙන ගියා. දෙන්න දෙපැත්තකට දුව ගෙන ගොස් හැංඟුණා.
එදා දවසේ ම හැංගිලා ඉඳ ගෙන මගේ පවුලේ උදවිය සොයන්න වත් ආරක්ෂා කර ගන්න වත් නොහැකිව ළත වුණා. එදා හවස් වුණා. හමුදාව සමග අපේ ඥාතීන් එක් වෙලා කැරලිකරුවන්ව එළවා දමා අපිව බේරා ගෙන එක්ක ගියා. සියලු දෙනා ම එක තැනකට රැස් වුණා. මගේ මාමා කැපුම් තුවාල සමග ජීවිතයත් මරණයත් අතර සටන් කරනවා. ඥාතීන් මැරිලා හිටියා. තරුණ ගැහැණු ළමයින්ව බලාත්කාරකම් කරලා පුච්චලා තිබුණා. හපෝ කියා අඬ අඬා භාර්යාවත්, දරුවත් සොයා ගෙන ගියා. මරණීය ඝෝෂාව කන් දීලා අහන්න බැහැ. හමුදාව ඔවුන්ගේ වාහන ගෙනැවිත් බරපතළ තුවාලකරුවන්ව පළමුව රෝහලට ගෙන ගියා. ඉන් පසු සියලු දෙනා ම වාහනවලට පැටෙව්වා. මගේ භාර්යාවයි, දරුවයි සොයා ගත නොහැකිව හිත අවුල් වෙලා සිටිය දී,
01-4
සිවරාසා කියන්නෙ කවුද කියා හමුදාව මාව සොයා ගෙන එනවා. මම කීවා මම තමයි කියා. ඔයාගේ භාර්යාවයි, දරුවයි වාහනේ අසල සිටිනවා, දරුවා ඔයා නැති නිසා වාහනේට නගින්න බැහැ කියලා දුවනවා, කියා කීවා. මට මොනවා කරන්න ද කියා දන්නෙ නැහැ. එම ස්ථානයට ගොස් බැලුවා. මගේ දුව තාත්තා කියා හයියෙන් අඬා ගෙන මා ළඟට දුව ගෙන ආවා. දරුවා වඩා ගෙන භාර්යාවයි, දරුවයි පවුලේ අනිත් අයයි ප‍්‍රවේශමෙන් වාහනේට නග්ගලා යවලා මමත් විපතට පත් වූවන්ට උදව් කිරීමෙන් පසු වාහනේට නැගලා ගියා.
අපිව වාහනෙන් ගෙන ගොස් කාරෙයිතීවු විපුලානන්දා පාසලේ නැවැත්තුවා. කෑමබීම, ඇඳුම් පැලඳුම් කියා මූලික පහසුකම් කිසිවක් ම නැතිව දුක් වින්දා. දින කිහිපයකට පසු මගේ ඥාතීන් විනායගපුරම් ප‍්‍රදේශයේ සිට මාව හොයා ගෙන ඇවිත් ඒ අයගේ නිවසේ නවාතැන් දුන්නා. එහි සිට කුලී වැඩට ගිහිල්ලා පවුල නඩත්තු කළා. ඥාතීන්ගේ වත්තෙ (භාර්යාවගේ නැන්දා) වෙන ම පැල්පතක් හදා ගෙන පදිංචිව සිටියා. මෙසේ අවුරුදු කිහිපයක් ගත වුණා. ඉන් පසු අපට ම කියා ඉඩමක් ඕන, දරුවට හොඳ අනාගතයක් තිබෙන්න ඕන කියන අධිෂ්ඨානයෙන් ඉඩමක් අර ගෙන වගා කළා. වගාව මට අත දුන්නා. එයින් හොඳ ලාභයක් ලැබුණා. ඒ ලාභයෙන් තවත් ඉඩමක් අර ගෙන ඒකෙ අපට ම කියා ගෙයක් හදලා පදිංචි වුණා. ඉන් පසු ගැහැණු දරුවන් දෙදෙනෙකු ඉපදුණා. ගැහැණු දරුවන් තුන් දෙනෙක් සමග මමයි, මගේ භාර්යාවයි සතුටින් ජීවත් වුණා.
01-5
පවුලේ අගහිඟකම් නැති වෙලා හොඳ තත්ත්වයකට ආවා. දරුවන්ට හොඳට ඉගැන්නුවා. ලොකු දුවට විවාහයක් කර දීලා හදපු ගේ ඇයට දීලා වගා කරපු ඉඩමෙ ගෙයක් හදා ගෙන දරුවන් දෙදෙනත් සමග එහි පදිංචි වුණා. මෙසේ ජීවත් වෙමින් සිටිය දී 2004.12.26 දින ඇති වූ සුනාමියට හසු වෙලා ජීවිත විතරක් බේරා ගෙන දේපළ සම්පූර්ණයෙන් ම නැති කර ගෙන නැවතත් සරණාගත ජීවිතයට පත් වුණා. කෑමබීම හැම දෙයකට ම අනුන්ට අත පාන්නට සිදු වූ තත්ත්වයක් මත මාස තුනක් පමණ අනාථ කඳවුරේ සිටියා.
ඉන් පසු රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් අපගේ ස්ථිර ඉඩම්වල තාවකාලික නිවාස ඉදි කර දුන්නා. එහි සිට කුලී වැඩවලට ගොස් ලැබෙන ආදායමෙන් මට දරුවන්ගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන්නට වත් බැරි වුණා. මොනවා කරන්න ද කියා නො දැන ළත වුණා. ණය මුදල් අර ගෙන මගේ ස්වයං රැකියාව කළා. ඒකත් අත දුන්නෙ නැහැ. මුහුදු වතුර ගොඩ ගැලීමෙන් වගා බිම්වල ස්වභාවය වෙනස් වීම නිසා වගාවෙන් විශාල පාඩුවක් ඇති වුණා. විටින් විට කුලී වැඩවලටත් ගොස් පවුල නඩත්තු කළා. පවුල අන්ත දුක්ඛිත තත්ත්වයකට පත් වුණා. ණය බරත් වැඩි වුණා. නැවත නැවත උත්සාහ කළත් පලක් නොමැති වුණා. මේ අතරතුර සුනාමි නිවාස සඳහා රුපියල් ලක්ෂ 2 Xක් ලැබුණා. එම මුදල්වලින් ස්ථිර නිවසක් සෑදුවා. නමුත් එය සාදා නිම කරන්නට නොහැකි වුණා. බාගෙට තමයි හදාලා තිබුණෙ. දොරවල් ජනෙල් පවා නැහැ. ඒකෙ ම පදිංචි වෙලා සිටියා.
01-6
පසුව මගේ ඥාතීන්ගේ ඉඩම් අඳයට අර ගෙන භෝග වගා කළා. රටකජුත් වගා කළා. එයින් ලැබුණු ආදායමෙන් ණය මුදලත් යම් තරමකින් පියවලා ගෙදර අඩුපාඩු ටිකත් හදා ගත්තා. ඊළඟට දරුවො දෙදෙනා හොඳ තත්ත්වයකට පත් කරලා විවාහයක් කර දිය යුතු යි කියන කල්පනාව මගේ හිතට වද දුන්නා. භාර්යාවට බර වැඩ කිසිවක් කරන්න බැහැ. ඇයත් රෝගී තත්ත්වෙන් සිටියා. මම තනියෙම සියලූ ම වැඩ කරලා භාර්යාවටත් උදව් කරන්න ඕන. මෙවැනි තත්ත්වයක් මත මගේ දෙවැනි දුවටත් විවාහ සම්බන්ධයක් ආවා. ඔවුන් නිවස අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලුවා. නැවතත් එහේ මෙහේ දුවලා ණය අර ගෙන නිවස අලුත්වැඩියා කර දීලා විවාහයත් කර දුන්නා.
දැනට ණය බර අධික වුවත් දරුවෙකුගෙන් නිදහස් වුණා කියන සැනසුම මට තිබෙනවා. පදිංචිව සිටි නිවසත්, ඉඩමෙන් බාගයකුත් දුවගෙ නමට ලියා තබා අපිත් ඔවුන් සමග ම ඉන්නවා. ඉඩමක් තිබුණත් ඒකෙ අතුපැලක් වත් හදා ගන්නට මට වත්කම් නැහැ. මගේ බාල දුව ලොකු දුවගෙ නිවසේ ඔවුන් සමග ම ඉන්නවා. මට එදිනෙදා කුලී වැඩකට වත් යන්න බැහැ. ශාරීරික තත්ත්වය ඉතා මත් අසාධ්‍ය යි. විශාල ශල්‍ය කර්මයක් කර තිබෙන නිසා මට බර වැඩ කරන්න බැහැ. ඉන්න දරුවත්, රෝගී භාර්යාවත් තබා ගෙන විවිධාකාරයෙන් සටන් වදිනවා. උපන් දා සිට තව මත් මගේ ජීවිත සටන අවසානත් නැහැ. යහපත් ජීවිතයක් ලැබුණෙත් නැහැ.
CMP/AMP/POT/VIP/01
சர்வோதயா வீதி
வினாயக புரம்
இடம்பெயர்வு
சுனாமி
எனது பெயர் பொன்னையா சிவராசா வயது 50 மீனோடைக் கட்டைப் பிறப்பிடமாகவும், பின் திராய்க்கேணியை வசிப்பிடமாகவும் கொண்டிருந்தேன். எனக்கு2 அண்ணன்மார் உண்டு. எனது தந்தை அம்பாறை சீனித்தொழிற்சாலையில் தொழில் புரிபவர். நான் பிறந்து12வது நாள் எனது தாயார் நோய்வாய்ப்பட்டு இறந்துவிட்டார். எனது மூத்தம்மா தான் என்னை வளர்த்தார். நானும் எனது சகோதரர்களும் மூத்தம்மாவின் பராமரிப்பிலும் தந்தையின் அரவணைப்பிலும் வளந்து வந்த காலத்தில் மூத்தம்மா இறந்துவிட்டார். இறந்ததன் பின் எங்களைப் பராமரிக்க ஆள் இல்லாமல் தந்தை மிகவும் கஸ்டப்பட்டார். இதைப் பார்த்த உறவினர்கள் தந்தைக்கு மறு திருமணம் செய்யும்படி கூறி திருமணம் செய்துவைத்தார்.
அவ்வாறு திருமணமாகிய எனது சிறியதாய் எங்களை நன்றாகவே பராமரித்தார். பின் இரு சகோதரர்களும் பிறந்தனர். மொத்தம் 5 ஆண் பிள்ளைகள் நாங்கள் எங்களுக்கு எந்தக் குறையும் இன்றி தந்தை வளந்து வரும் காலத்தில் சிறிய தாயும் நோய் காரணமாக இறந்து விட்டார். இதன் பின் மிகவும் கஸ்ட நிலைக்குள் தள்ளப்பட்டோம். இளைய சகோதரரர்கள் இருவரையும் சிறிய தாயின் உறவினர்கள் வளர்த்து வந்தனர். நான் எனது மூத்த சகோதரரர்கள் இருவரும் தந்தையுடன் இருந்தோம். தந்தை எங்களை நன்றாக படிக்க வைக்க மிக முயற்சி செய்தார். நாங்களும் பாடசாலை சென்றோம். காலம் செல்ல தந்தையும் மிக கஸ்டப்பட்டு வந்தார். நாங்கள் மூவரும் தந்தைக்கு உதவ வேண்டும் என்று அவரை வேலைக்குசெல்லுமாறு கூறி நாங்கள் எங்களது வேவைகளைச் செய்து கொண்டு சமைத்து சாப்பிட்டு பாடசாலையும் சென்றோம். தந்தைக்கு வருமானத்திற்கு ஒரு குறைவும் இல்லை.
இவ்வாறு வாழும் நிலையில் பாடசாலையை நாங்கள் தொடர முடியாமல் இடைவிலக வேண்டி ஏற்பட்டது. பின்பு தந்தையார் பாதுகாப்பில் இருந்து கொண்டே நாங்கள் சிறு தொழில்களை மேற்கொண்டு சம்பாதிக்க தொடங்கினோம்.
இவ்வாறான காலத்தில் சகோதரர்கள் இருவரும் திருமணம் முடித்து சென்றுவிட்டனர். இக்காலங்களில் எனக்கும் எனது உறவுமுறையில் உள்ளவரான அம்பிகா என்பவருக்கும் திருமணம் நடைபெற்றது. பின் எனக்கு1985.04.04ம் திகதி பெண் குழந்தை பிறந்தது. நான் எனது வாழ்வாதாரத் தொழிலாக பயிர்ச்செய்கையை செய்து மிகவும் சந்தோசமாக வாழ்ந்துவந்தேன். இவ்வாறு வாழ்ந்து வரும் வேளையில் வேலை செய்து களைப்பபை போக்க இளநீர் பறிப்பதற்கு மரத்தில் ஏறினேன். ஏறும் போது கை தவறி மரத்தின் கீழ் இருந்த மண்வெட்டியில் விழுந்துமண்வெட்டி வயிற்றில் ஏறி மரணப்படுக்கையில் வீழ்நதேன் (மகள் பிறந்தது 15-20 நாள்) 3 மாதம் மட்டக்களப்புவைத்தியசாலையில் சுயநினைவின்றி இருந்தேன். எனது மனைவி என்னைக் காப்பாற்ற இருந்த அனைத்துஉடமைகளையும் விற்றுச் செலவு செய்தார். இவ்வாறு மூன்றுமாதத்தின் பின் நான் குணமடைந்தேன். இருந்தும் என்னால் எவ்வித வேலைகளும் செய்ய முடியாது. எனதுமனைவி,மனைவியின் சகோதரிகள், மாமனார் என எல்லோரும் என்னை பராமரித்தனர்.
மனைவி எனது 1 குழந்தையுடன் என்னையும் மிகச் சிரமத்துடன் பார்த்தார். வீட்டு வேலை செய்து என்னை பராமரித்து வருவது மட்டுமல்லாமல் வருமானம் பெற புல் புடுங்குதல் கச்சான் ஆய்தல் போன்ற பல கூலி வேலைகளுக்குச் சென்றே குடும்பத்தைப் பராமரித்தார். குடும்பம் வறுமையின் விளிம்பில் நின்று மனைவி படும் ஆயிரத்தை என்னால் தாங்க முடியாது நிலையில் கடவுளிடம் என்னை எடுத்து மனைவிக்கு நிம்மதியைக் கொடு என்று அழுவேன். எனது மனைவியின் முயற்சியும் ஆதரவும் நான் விரைவில் குணமடைந்தேன். மீண்டும் தொழிலை ஆரம்பித்து வரும் வருமானத்தில் சேர்த்து வைத்துசிறு கடையும் ஆரம்பித்தேன். எனது மனைவி குழந்தை பட்ட கஸ்டத்தை எல்லாம் நிவர்த்தி செய்து மிகவும் சந்தோசமாக வாழ்ந்தேன். எனதுகுடும்பம் படிப்படியாக முன்னேறி நல்ல நிலையை அடைந்தது.
இவ்வாறு மிகச் சந்தோசமாக இருக்கும் வேளையில் 1990ம் ஆண்டு இடம்பெற்ற இனக்கலவரத்தினால் முற்று முழுதாக பாதிக்கப்பட்டு உடமைகள் அனைத்தையும் இழந்து மனைவி குழந்தையையும் தவறவிட்டு மிக மிக மோசமான நிலையில் பாதிக்கப்பட்டேன். மனைவியையும் குழந்தையயும் தவறவிட்டு தேடும் போது என்னை கலவரக்காரர்கள் பிடித்து இழுத்துச் சென்றனர். அங்கு எனது உறவினர்கள் அவைரும் வரிசையாக வைக்கப்பட்டு இருந்தனர். எனது மனையிவின் தந்தையின் அருகில் என்னை இருத்தினர். வரிசை வரிசையாக ஒவ்வொருவரையும் கத்தி கோடரி போன்ற ஆயுதங்களால் வெட்டி வீழ்த்தினர். நான் எனது மகளையும் மனைவியையும் தேட வேண்டும் என்ற வைராக்கியத்தில் எனதுமாமனாரையும் கையில் இழுத்து எழுந்தபடி ஓடத் தொடங்கினேன். ஓடிக் கொண்டிருக்கும் போது மாமனார் தவறி வீழ்ந்தார். அவரை தூக்கி விட்டு விட்டு நானும் ஓடினேன் இருவரும் திறைமாறி ஓடி ஒழிந்து கொண்டோம்.
அன்றைய தினம் முழுவதும் ஒழிந்திருந்து எனது குடும்பத்தாரைத் தேடவோ பாதுகாக்கவோ முடியாது தவித்தேன். அன்றைய நாள் பொழுது சாயும் நேரமாகியது. இராணுவத்தினருடன் எமது உறவினர்களும் சேர்ந்து கலவரக்காரர்களை விரட்டிய பின் எங்களை காப்பாற்றி அழைத்துச் சென்றனர். அனைவரும் ஒரு இடத்தில் கூடினோம். எனது மாமனார் வெட்டுப்பட்டு உயிருக்கு போராடிய நிலையிலும் உறவினர்கள் இறந்துகிடப்பதையும் பிள்ளைகள் பலாத்காரம் செய்யப்பட்டு எரிக்கப்பட்ட நிலையிலும் காணப்பட்டது. ஐயோ என அழுதபடியே எனதுமனைவி பிள்ளையை தேடினேன். மரண ஓலம் காதுகளில் கேட்க முடியவில்லை. ராணுவத்தினர்தங்களது வாகனங்களை கொண்டு வந்து அதிகமான காயக்காரர்கள முதலில் வைத்தியசாலைக்கு கொண்டுசெனற்னர். பின் படிப்படியாக அனைவரையும் வாகனத்தில் ஏற்றினர். எனது மனைவி பிள்ளை கண்டு பிடிக்க முடியவில்லை. மனம் பேதலித்தால் போல் நின்று கொண்டிருக்கும் போது, சிவராசா யார் என இராணுவத்தினர்என்னை அழைத்தனர். நான்தான் என கூறிவிட்டு அவர்களிடம் சென்றேன். உங்கள் மனைவியும் குழந்தையும் அங்குள்ள வாகனத்தில் அருகில் உள்ளனர். குழந்தை உங்களைக் காணாமல் வானத்தில் ஏறவதற்கு மறுத்து ஓடுகிறார்எனக் கூறினார். எனக்குஎன்ன செய்வதென்று தெரியாது. அவ்விடத்திற்கு சென்றுபார்த்தேன். எனதுமகள் அப்பா எனக் கத்தியபடி என்னிடம் ஓடி வந்தார்.அவளை அரவணைத்தபின் மனைவி மகள் மற்றும் குடும்பத்தாரைப் பத்திரமாக வாகனத்தில் ஏற்றி அனுப்பிவிட்டு நானும் பாதிக்கப்பட்டவர்களுக்கு உதவிய பின் வாகனத்தில் ஏறிச் சென்றேன்.
பின் எங்களை ஏற்றிச் சென்றுகாரைதீவுவிபுலானந்தா பாடசாலையில் தங்க வைத்தனர். உணவுஉடை எவ்வித அடிப்படை வசதியும் இன்றி மிகச் சிரமப்பட்டோம். ஒருசில நாட்களின் பின் எனதுஉறவினர்கள் தகவல் கிடைத்து வினாயகபுரம் இருந்து எம்மைத் தேடிக் கண்டுபிடித்து அழைத்துச் சென்றுஅவர்களது வீட்டில் தங்க வைத்தனர். அங்கு இருந்தவாறே கூலி வேலைகளுக்குச் சென்று அதில் வரும் வருமானத்தில் குடும்பத்தைப் பராமரித்து வந்தேன். உறவினரின் வளவுக்குள்ளே (மனைவியின் அத்தை) தனியாக குடிசை அமைத்து வசித்து வந்தோம். இவ்வாறுசில வருடங்கள் கழிந்தது. பின் எங்களுக்கெண்டொரு இடம் வேண்டும். பிள்ளையின் எதிர்காலம் நன்றாக அமைய வேண்டும் என்ற நோக்கில் மிகவும் உறுதியுடன் தொழில் செய்து வளவு ஒன்றை வாங்கி அதில் பயிர்ச்செய்கை மேற்கொண்டேன் தொழிலும் எனக்கு நன்றாக கைகொடுத்தது. அதில் நல்ல இலாபமும் கிடைத்தது. கிடைத்த இலாபத்தைக் கொண்டு இன்னுமோர் வளவு வாங்கி அதில் எமக்கென சொந்த வீடு கட்டி வசிக்கத் தொடங்கினேன். பிற்பாடு இரண்டு பெண் பிள்ளைகளும் பிறந்தன. மொத்தமாக 3 பெண் பிள்ளைகளுடன் நான் மனைவி என எமதுகுடும்பம் சந்தோசமாக வாழ்ந்தது.
குடும்பக் கஸ்டம் நீங்கி ஒரு நல்ல நிலைக்கு வந்த நான் எனதுபிள்ளைகளையும் நன்றாகப் படிக்க வைத்தேன். இவ்வாறானநிலையில் எனதுமூத்த மகளுக்கு திருமணம் செய்து வைத்து அவருக்குகட்டிய வீட்டைக் கொடுத்து விட்டு பயிர் செய்யும் காணியினுள் வீடுகட்டி இரு பிள்ளைகளுடன் வாழ்ந்து வந்தோம். இவ்வாறுநிம்மதியாக வாழும் காலத்தில் 2004.12.26 அன்றுஏற்பட்ட சுனாமி அனர்த்தத்தில் அகப்பட்டு உயிர்களை பாதுகாத்து உடமைகள் அனைத்தையும் முற்றாக இழந்து மீண்டும் அகதி வாழ்க்கைக்குள் தள்ளப்பட்டேன். உணவு , உடை என அனைத்துத் தேவைகளுக்கும் யார் யாரிடமோ கையேந்தி வாழும் வேலையில் மன வேதனையுடன் 3 மாத காலம் அகதி முகாமில் காலம் கழித்து வந்தேன்.
பின் அரச சார்பற்ற அமைப்புகளின் உதவியில் சொந்தக் காணயில் தற்காலிக கொட்டகை அமைத்து தரப்பட்டது. அதில் இருந்து கொண்டு கூலி வேலைகளுக்கும் சென்று அதில் வரும் பணத்தில் என்னால் பிள்ளைகளுக்கான தேவைகளைப் பூர்த்தி செய்யவே முடியவில்லை. என்ன செய்வதென்று தெரியாது. தவித்தேன். பின் கடன் வாங்கி எனது சொந்தத் தொழிலை மேற்கொண்டேன். தொழில் கொடுக்கவில்லை கடல் நீர் வந்துபயிர்நிலத்தின் தன்மை பாதிப்புள்ள நிலையில் தொழில் மிக மிக நஸ்டத்தையே தழுவினேன். கிடைக்கும் கூலித் தொழில்களைக செய்து குடும்பதைப் பராமரித்தேன். குடும்பம் மிக மோசமான நிலைக்குத் தள்ளப்பட்டது. கடன் சுமையும் வந்து சேர்ந்தது. மீண்டும் மீண்டும்முயற்சி செய்தும் பயனில்லை. இந்த நிலையில் சுனாமியில் பாதிக்கப்படுபவர்களுக்னெ வழங்கிய நட்ட ஈடா இரண்டரை இலட்சம் ரூபா வீட்டுத் திட்டம் பணம் கிடைத்தது. அதைக் கொண்டுநிரந்தர வீடான கல் வீட்டை அமைத்தேன். அதனை முற்றுமுழுதாக கட்டி முடிக்க முடியவில்லை. அரைகுறையாகவே இருந்தது. கதவு ஜன்னல் கூட இல்லாத நிலையில் அதிலேயே வசித்தோம்.
பின் எனது உறவினரின் உதவியுடன் குத்தகைக்கு காணி எடுத்து பயிர்ச்செய்கை மேற்கொண்டதுடன் கச்சான் செய்கையும் மேற்கொண்டேன். அதில் கிடைக்கும் வருமானத்தைக் கொண்டுகடனையும், சிறிதளவுகுறைத்து வீடின் ஒருசில வேலைகளையும் முடித்துவிட்டேன் இருந்து பிள்ளைகள் இருவரையும் நல்ல நிலைக்கு கொண்டுவந்து திருமணம் செய்துவைப்பது என்பது என்னை இன்னும் கலங்க வைத்தது. மனைவியால் எவ்வித பாரிய வேலைகளும் செய்ய முடியாது. நோயாளி ஆவாள். நானே அனைத்து வேலைகளும் செய்து மனைவிக்கும் உதவவேண்டும். இவ்வாறான நிலையில் எனதுஇரண்டாவது மகளுக்குத் திருமணம் பேசி முடிக்கப்பட்டது. வீடு திருத்தித் தருமாறு கேட்டனர். மீண்டும் அங்குமிங்கும் கடன் வாங்கி வீட்டையும் திருத்தி திருமணமும் செய்துவைத்தேன்.
தற்போதுகடன் சுமை அதிகரித்தாலும் ஒருமகைளக் கரையேற்றிய நிம்மதி, எனக்கு இருக்கின்றது. இருந்த வீட்டையும் பாதி வளவையும் மகளுக்கு எழுதி வைத்து விட்டு அவகளுடனே தங்கியுள்ளோம். வளவு இருந்தாலும் அதற்குள் குடிசை அமைக்கக் கூட என்னிடம் வசதி இல்லை. எனது கடைசி மகள் மூத்த மகளின் வீட்டில் அவர்களுடனேயே வசிக்கிறாள். நான் அன்றாடம் கூலி வேலைக்குப் போக முடியாது. உடல் நலம் மிகவும் சரியில்லாமல் உள்ளேன். பாரிய சத்திர சிகிச்சை செய்ததானல் என்னால் பலத்த வேலைகளை செய்ய முடியாது. இருக்கும் பிள்ளைகளையும் நோய்வாய்ப்பட்ட மனைவியையும் வைத்துக் கொண்டு பலவாறு போராடுகின்றேன். பிறந்த நாள் முதல் இன்னும் எனது வாழ்க்கைப் போராட்டம் முடியவும் இல்லை. நல்ல வழி கிடைக்கவும் இல்லை. இறைவனை நொந்து கொண்டு வாழ்கின்றேன்.