My life goes on like this...

Experiential sharing of a family that faced many losses due to communal violence.


මේ විදියට ජීවිතය ගෙවී ගෙන යනවා...

Sharing experiences in a family that has caused many losses due to ethnic violence.


என்னுடைய வாழ்க்கையே இப்படியே செல்கின்றது...

இனக்குழப்பதால் பல இழப்புக்களை சந்தித்த குடும்பத்தின் அனுபவ பகிர்வு.



CMP/AMP/POT/INE/22
R.Gopal
Inspector Etham
Pothuvill

There were 08 in my family, 06 boys and 02 girls. When I was small my father died under LDO Scheme a mud house was built for us. We were given ½ area of land. We lived under much hardship all of us had to eat all of us had to study.

I was 06 years old then. I went to labour work and earned 5/- per day. My brother went to work in the paddy field he got 2.50/- per day.

In 1965 I married my aunt’s daughter at that time I had Quarry I had 06 boys and a girl I worked in the Quarry worked in the Chena went fishing, with the money I earned I looked after 09 of them. I didn’t let my children face difficulty I educated them. When our family began to progress our village faced shell attacks.

We took refuge in Komary camp. We faced much difficulty and poverty. One day STF came to our village and rounded up all the boys and took 17 boys into custody. My son was one of them. He was studying A/L. ( Marked man chose them) The STFL police took them to the police station and burnt thrm behind the police station.

It was terrifying to live in the camp after that. We didn’t receive much aid. We earned by going to labour work, going to fish, selling wood. We went to see our house in the village often but the STF Muslims had broken the house and took the doors, windows and also the cement bags in our temple. The village was destroyed.

For the fear of mines the army took 300 males from the camp and made them walk in front of them through the streets and jungles. Later ther put 100-160 people in the armoured vehicle. One of them died suffocated. They took 04 of them to in Etham put them in a lorry and took them to Thandiyadi camp and burnt them with tyres. Eye witnesses told us.

We lived in the camp with much difficulty. In 1993 they told us that there was no problem and took us to our village but there was nothing in the village. With the did from GS & DS we went to the forest cut logs and made huts and lived here. Later they rounded up the males and showed them to the masked men some of them were taken, some were released.

One day the army took 35 males from the camp all the woman shouted cried and ran after them. The army chased them away.

The Muslims identified them because they were angry with them. The STF took the 35 males and burnt them with tyres. In Etham there were young widows some were married. Some left the village.

The army rounded up village after, so we went to an aunt’s place at Pothuvill and stayed three months there. Later we returned home. The police had made a checkpoint near our house. One day a police man was caught in a mine explosion. The army shelled the village and put the girls in a house and tried to burn them but the chief came and let them go but they burnt all the houses.

Later they moved the checkpoint away. The villagers built houses and went to work. I gradually saved money and educated my children one son studied in Jaffna. We received compensation of 15000/- from the DS for my dead child in 1994.

I spend the money because of my hardship. I had only 3000/- balance I bought two goats from that money t raised them later they increased to 52 goats I sold goats one by one and earned 36500/- later I got 35000/-. Thieves stole 26 goats (Tamils and Muslims). Crocodiles ate 2 goats. Later I grazed the goats myself I went in the morning and came back at noon with them.

I did gardening in my land too. All my children got married except my girl. She was born in 1967. We searched for many matches but she said no to them when we die what would happen to her. She is working in Pothuvill hospital, A son who is working in DS office is also unmarried but he loves a girl.

I am old now. I am 71 years old (1944.06.01) wife is 68 (1948.03.17) I have 09 goats. If I look after them well there will be profit. One goat got sick and I had to spend a lot for it.
My life goes on like this.





CMP/AMP/POT/INE/22-01

බී. ගෝපාල්,
ඉන්ස්පේක්ටර් ඒත්තම්,
පොතුවිල්.

මගේ කථාව.

අපේ පවුලේ 08 දෙන යි (පිරිමි 06 යි, ගැහැණු 01 යි). මම පොඩි කාලෙ දී ම තාත්තා මැරුණා. 1950 දී කැලෑ කපලා හේනකුත්, ඉඩම් අක්කර X නිවාස යෝජනා ක‍්‍රමය යටතේ LDO ව්‍යාපෘතිය මගින් මැටි ගෙයකුත් හදලා දුන්නා. එතකොට හරි අමාරු යි. තාත්තත් නැහැ. හැමෝ ම කන්නත් ඕන. ඉගෙන ගන්නත් ඕන.

මට එතකොට වයස අවුරුදු 06 යි. කුලී වැඩට යනවා. දවසකට රු: 5/=ක් දෙනවා. අයියා ගොයම් කපන්න යනවා. පංගුවක් 2.50 යි. මෙසේ කාලය ගෙවී ගියා.

1965 දී මට වයස අවුරුදු 21යි. මගේ ම නැන්දම්මගේ දුව විවාහ කර ගත්තා. එතකොට මම ගල් කඩනවා. ගල් කුවාරියක් (ගල් කඩන තැනක්) තිබුණා. මටත් දරුවො (පිරිමි 06 දෙන යි, ගැහැණු 01 යි) සිටියා. මම ගල් කඩනවා, හේන් ගොවිතැන් කරනවා, මාළු අල්ලන්න යනවා. එයින් ලැබෙන ආදායමෙන් 09 දෙනෙකු ජීවත් වුණා. හැබැයි මම දරුවන්ට මහන්සි වෙන්න ඉඩ තිබ්බෙ නැහැ. ළමයින්ට ඉගැන්නුවා. මෙසේ තරමක් දුරට පවුල දියුණු වේ ගෙන යන විට 1990 වර්ෂයේ අපේ ගමට ෂෙල් ප‍්‍රහාර එල්ල වුණා.

ඉන් පසු අවතැන් වී කෝමාරි අනාථ කඳවුරේ සිටියා. බොහෝ අමාරුකම් දුප්පත්කම් මත්තේ ජීවත් වුණා. දවසක් STF කඳවුරට ඇවිල්ලා

20-02

පාරෙ වැඩ කරන්න කියා තරුණයො ටික දෙනෙකු තෝරා ගත්තා (17 දෙනෙක්). මගේ පුතත් ඒකට හසු වුණා. ඔහු උසස් පෙළ ඉගෙන ගන්නවා. (වෙස් මුහුණු දාලා තමයි 17 දෙනා ම තෝරා ගත්තෙ.) මේ අයව STF එකයි, පොලීසියයි එකතු වෙලා වාහනේට දා ගෙන ආවා. ඉන් පසු පොලීසිය පිටිපස්සේ මේ 17 දෙනා ම ගිනි තියලා පිච්චුවා.

ඊට පස්සෙ කඳවුරේ ජීවත් වෙන්නත් බය හිතුණා. කඳවුරෙන් දෙන කෑම, සහනාධාර මදිවට මාළු අල්ලන්න, දර විකුණන්න, කුලී වැඩටත් යනවා. ඒවායින් ලැබෙන සුළු ආදායමෙන් කඳවුරේ ජීවත් වුණා. ඉඳහිට ගම් පැත්තට ගිහින් බලනවා. එවිට STF එකයි, මුස්ලිම් මිනිස්සුයි එකතු වෙලා දොර කඩලා. දොර, ජනෙල්, කෝවිල ඇතුළෙ තිබුණු සිමෙන්ති ඔක්කෝම හොරකම් කර ගෙන ගිහිල්ලා. මුළු ගම ම බිම් මට්ටම් වෙලා තිබුණා.

මේ අතරතුර කඳවුරේ සිටි පිරිමි 300ක් පමණ. අත්වැල් බැඳ ගෙන පාර අයිනෙත්, මුහුදු වෙරළෙත්, කැලෑ ප‍්‍රදේශයෙත් බිම් බෝම්බවලට බයේ අපිව ඉස්සරහට යවලා ඔවුන් වාහනවලත්, පයිනුත් ඇවිල්ලා තිරුක්කෝවිල් රෝහලේ කොඩියක් දැම්මා. ඊට පස්සෙ 100-160ක් පමණ ට‍්‍රැක්ටර් පෙට්ටියට පටවලා ඔක්කොම තද වෙලා පෑගිලා එක් කෙනෙක් මැරිලත් ගියා. මෙසේ සිටිය දී 04 දෙනෙකු ඒත්තම්වලින් අල්ලා ලොරියට පටවා ගෙන ගොස් තාන්ඩියඩි කඳවුරේ ටයර් දාලා පිච්චුවා කියා දැකපු අය කීවා.

20-03

කඳවුරේ දුක් විඳිමින් සිටිය දී 1993 වර්ෂයේ දවසක් හැමෝ ම එන්න, කලබල නැහැ, ඔය ගොල්ලන්ගෙ ගමට යන්න කියලා ලොරියට නග්ගලා ගමට ගෙනැත් බැස්සුවා. මෙහෙ ආවට පස්සෙ මොකක් වත් නැහැ. ගස් යට වාඩි වෙලා හිටියා. ඉන් පසු STF, DS, GS විසින් පොල් අතු, ලී අපි ඒ ගොල්ලන්ගෙ උදව් ඇතිව කැලේට ගිහිල්ලා ලී කපා ගෙන ඇවිල්ලා පොඩි පොඩි පැල්පත් හදා ගෙන හිටියා. ඊට පස්සෙ හැම දා ම වැටලීම් (රවුන්ඩප්). පිරිමි ටික අරන් යනවා. ඔලුබක්කට පෙන්වනවා. ඇතැම් අය අර ගෙන යනවා. ඇතැම් අය අත හරිනවා.

දවසක් රවුන්ඩප් එකෙන් 35 දෙනෙකු අරන් ගියා. ගැහැණු ටික කෑ ගහ ගෙන පිටුපසින් යන විට ඔවුන් එළවා ගත්තා. STF එක සමග මුස්ලිම් අයත් එකතු වෙලා ඔවුන්ගෙ තරහකාරයො හැමෝ ම පාවා දුන්නා. 35 දෙනා ම ටයර් දාලා පණ පිටින් පිච්චුවා. ඒත්තම් ප‍්‍රදේශයේ අඩු වයසේ වැන්දඹු කාන්තාවන් බොහෝ දෙනෙකු හිටියා. සමහර අය බැඳලා. සමහර අය ගම අත හැරලා වෙනත් ප‍්‍රදේශවලට ගිහිල්ලා. සමහරු මැරිලා ඔවුන්ගෙ ළමයි ජීවත් වෙනවා.

හැම දා ම වැටලීම් (රවුන්ඩප්). මේ නිසා අපි පොතුවිල් නැන්දම්මාගේ ගෙදර ගිහින් මාස 03ක් හිටියා. ඊට පස්සෙ මොකුත් නැහැ කියලා ගෙදරට ආවා. අපේ ගෙදරට එහා පැත්තෙ කෙළවරේ චෙක් පොයින්ට් එකක් ගහලා පොලීසිය හිටියා. ඊට පස්සෙ දවසක් චෙක් පොයින්ට් එකට පිටුපස්සෙ

20-04

පොලිස්කාරයෙකු එන විට බිම් බෝම්බයකට හසු වෙලා ඔහුගේ කකුල කැඩිලා ගිහිල්ලා. ඊට පස්සෙ වෙඩි පහරවල්, ෂෙල් ප‍්‍රහාර. ළමයි ඉස්කෝලෙ ගිහිල්ලා. අපි ගල් කපමින් සිටියා. ගල් ටික වාඩියෙ. ඇඟ පුරාම මැටි. දුව ගෙන ආවා. පැල්පත් ඔක්කෝම ගිනි ගන්නවා. ඊට පස්සෙ බලන කොට තරුණ ගැහැණු ළමයි ටිකක් ගෙයක් ඇතුළට දාලා ලාම්පුතෙල් වක් කරනවා. ළමයි ටික කෑ ගහනවා. ඊට පස්සෙ පොලීසියෙ ලොක්ක ආවා. ඉන් පසු අත හැරියා. පැල්පත් ටික පිච්චිලා ගිනිබත් වෙලා තිබුණා.

මෙසේ සිටිය දී බොහෝ විට පොයින්ට් එකේ ග‍්‍රනයිඩ් ශබ්ද ඇසෙනවා. ඊට පස්සෙ එතැන චෙක් පොයින්ට් එකක් නැහැ. හැමෝ ම ගිහිල්ලා. ටිකක් නිදහස්. නැවතත් යන්තමට පැල්පත් ටික හදා ගෙන හෙමිහිට නැවතත් රස්සාව කරන්න පටන් ගත්තා. ටික ටික ඉතිරි කරලා ළමයින්ට ඉගැන්නුවා. එක පුතෙක් යාපනේ ඉගෙන ගත්තා. මෙසේ සිටිය දී මැරුණු දරුවන්ට ග‍්‍රාම සේවක මගින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් 1994 දී රු: 15000/=ක් දුන්නා. ගෙදර තිබුණු අදිමදිකම් නිසා ඒ සල්ලිවලින් ටික ටික අර ගෙන රු: 3000/=ක් ඉතිරි වෙලා තිබුණා.

රු: 3000/=ට එළුවො දෙදෙනෙක් මිල දී ගත්තා. එළුවො ටික හැදුවා. පට්ටිය බෝ වෙලා එළුවො 52ක් හිටියා. ඒකෙන් එළුවො ටික ටික විකුණලා ඉතිරි කර රු: 36,500/=ක් ගත්තා. ඊට පස්සෙ රු: 35,000/=ක එළුවො විකුණුවා. විකුණලා එළුවො 26 දෙනෙක්

20-05

හොරු අර ගෙන තිබුණා (දෙමළ මුස්ලිම් දෙගොල්ලො එකතු වෙලා). එළුවො 02ක් කිඹුලා අල්ලා ගෙන කෑවා. ඊට පස්සෙ එළුවොත් එක්ක මමත් ගිහිල්ලා එළුවන්ට තණකොළ කවලා දවාලට ගෙදර එනවා. ඒත් එක්ක ම වත්තෙත් වගා කර ගෙන, එළුවො ටිකත් බලා ගෙන ළමයි ඔක්කෝම විවාහ වුණා. ගැහැණු දරුවා විතර යි විවාහ කරන්නෙ නැතිව ඉන්නෙ. ඇය 1967 ඉපදුණේ. කී තැනකින් ඉල්ලුව ද එයාව. එපා කියනවා. අපේ ඇස් දෙක පියවුණාට පස්සෙ මොක ද කරන්නෙ. ඇය පොතුවිල් රෝහලේ වැඩ කරනවා. එක පුතෙක් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරනවා. එක පුතෙක් රට ගියා. එයා විතරක් තව ම විවාහ කර ගත්තෙ නැහැ. ගැහැණු ළමයෙක් සමග යහළු වෙලා ඉන්නවා.

දැන් මම වයසටත් ගියා. වයස අවුරුදු 74 යි. (1944.6.01 භාර්යාව 1968) 1948.03.17 දින ඉපදිලා තිබෙනවා. ඇයටත් දැන් වයස යි. දැන් එළුවො 09 දෙනෙක් ඉන්නවා. ගැහැණු සත්තු 02 යි. ළඟ දී පැටව් ගහනවා. එළුවො ටික හරියට බලා ගත්ත නම් හොඳ ආදායම් තිබෙනවා. තෙල් ගහපු ගොයම් කාලා එළුවොන්ගෙ කට කුණු වෙලා පණුවො හැලෙනවා. ඒකට ගොඩ වෙදකම් කරලා හරි වියදම්. බේර ගත්තා. මොනවා කරන්න ද මේ විදියට ජීවිතය ගෙවී ගෙන යනවා.

බී. ගෝපාල්.

CMP/AMP/POT/INE/22

இ.கோபால்
இன்ஸ்பெக்டர் ஏத்தம்
பொத்துவில்

எனது கதை

எங்கட குடும்பத்தில 8 பேர் (ஆண் 6,பெண் 1). நான் சின்ன பிள்ளையாக இருக்கும்போது அப்பா இறந்துவிட்டார். நாஙகள் 1950ம் ஆண்டு காடு வெட்டி சேனைப்பூமியும் அதோட அரை ஏக்கர் காணித்திட்டத்தின் கீழ் எல்.எ.ஓதிட்டத்தினால் மண்வீடு கட்டித்தரப்பட்டது. அன்னேரம் கடும்கஸரம். அப்பாவும்இல்ல. எல்லாரும் சாப்பிடவும்வேணும். படிக்கவும் வேணும்.

எனக்கு அன்னேரம் 5 வயது. கூலிவேலைக்குப்போற சம்பளம் ஒருநாளைக்கு 5. அதோட அண்ணன் வௌ்ளாமை வெட்டப்போற 1 பங்கு1.50 சதம் இவ்வாறு காலங்கள் கடந்தன.

1965ம் ஆண்டு எனக்கு 21 வயது. நான் எனது சொந்த மாமியின் மகளை கலியாணம் முடிச்சன். அன்னேரம் நான் கல்லு வெட்டுற கல்குவாரி வைத்திருந்தேன். எனக்கும் பிள்ளைகள் 6 ஆணும், 1 பெண்ணும் இருந்தது. நான் கல்வெட்டுற வேலை செய்யுற மீண்பிடிக்க போற அதால வாற வருமானத்தைக்கொண்டு 9 பேரும் காலத்தைக் கடத்தி வந்தோம். ஆனால் நான் பிள்ளைகளை கஸ்ரப்படவைக்கல. அவங்கள படிக்கவைச்சன். இவ்வாறு ஒருளவு குடும்பம் முன்னேறிக் கொண்டுவரும்போது, 90ம் ஆண்டு எங்கட கிராமத்தை நோக்கி செல்தாக்குதல் நடைபெற்றது.

அதுக்கு பிறகு இடம்பெயர்ந்து கோமாரியில் அகதி முகாமில் பல கஸ்ரம் வறுமைக்கு வாழ்ந்து வந்தோம். ஒருநாள்எஸ்.ரி.எப், ….. செய்றதிற்கு என கொஞ்சப் பொடியனுகள தெரிஞ்சி எடுத்தானுகள் (17 பேர்) அதுல என்ட மகனும் ஒன்டு அவன் உயர் தரம்படிக்கின்றார் (முகமூடிமூலம்தான் 17 பேரையும்தெரிங்சி எடுத்த) இவங்கள் எஸ்.ரி.எப்பும் பொலிஸும் சேந்து ஏத்தி வந்தானுகள். அதுக்குப்பிறகு பொலிசுக்கு பின்பக்கமாக அவர்கள் 17 பேரையும் தீவைத்து எரித்தார்கள்.

இதுக்குப்பிறகு முகாமில் வாழ்வதும் பயங்கரமாக இருந்தது. முகாமில் தரும் சாப்பாடு நிவாரணம் போதாத நிலையில் மீன்பிடித்தல் விறகு விற்பனை கூலித்தொழில்களுக்கும் போய் அதால கிடைக்கும் சிறுவருமானத்தில் வாழ்க்கையை முகாமில் நடாத்தி வந்தோம். இடையிடை ஊர்ப்பக்கம் வந்து பார்த்தால் எஸ்.ரி.எப் முஸ்லீம் ஆக்களும் சேர்ந்து வீட்டை உடைச்சி ஓடு கதவு யன்னல் நிலை கோயிக்குள் இருந்த சீமெந்து எல்லாத்தையும் களவு எடுத்துக்கொண்டு போயிற்றாங்கள் ஊரே தரமட்டம்.

இதற்கிடையில முகாமில இருந்து ஒரு 300 ஆம்புளயல் இருக்கும் கைகளை கோர்த்தபடி வீதி ஓரத்தினாலும் கடற்கரை காட்டுப்பகுதியினாலும் மிதிவெடிக்கு பயத்தில எங்களை முன்னுக்கும் அனுப்பி அவனுகள் வாகனத்திலும் கடந்தும் திருக்கோயில் வைத்தியசாலையில் வந்து கொடி ஏத்திவைச்சானுகள். அதுக்குப்புறகு 100-150 பேரை மெசின் பொட்டியில் ஏத்தினானுகள். எல்லாரும் நெருக்கடிப்பட்டு மிதிபட்டதில் ஒரு ஆள் செத்துப்போயிற்றா. இப்படி இருக்கக்குள்ள 4 பேரை ஏத்தத்தில பிடிச்சிலொறியில ஏறிக்கொண்டு வந்து தாண்டியடி கேம்பிலடயர் போட்டு எரித்தார்கள். கண்டவர்கள் சொன்னார்கள்.

முகாமில கஸ்ரத்திற்கு மத்தியில் இருக்கும்போது 1993ம் ஆண்டு ஒரு நாள் எல்லாரும் வாங்க பிரச்சினை இல்லை உங்கட ஊருக்கு போங்க என்டு லொறியில ஏத்தி ஊரில் கொண்டுவந்து விட்டால் இஞ்ச ஒன்டும் இல்ல. மரத்துக்கு கீழ் குந்திக்கொண்டு இருந்தோம். அதுக்குப்புறகு எஸ்.ரி.டிப்டி.எஸ். ஜி.எஸ் மூலம் கிடுககள் கம்பு நாங்கள் அவங்கட உதவியோட காட்டிற்குப் போய் கம்பு அதுகள வெட்டி சின்ன சின்ன குடில்களை கட்டி இருந்தோம். அதுக்குப் பறுககு ஒரே சுற்றிவைளப்பு ஆம்புளைகளை கொண்டுபோற பொம்மைக்கிட்ட காட்டுற சிலரை எடுக்கி சிலரை விடுவார்கள்.

ஒருநாள் 35 பேரை சுற்றிவளைத்துகொண்டுபோக. பொம்புளைகள் எல்லாம் கத்திக்கொண்டு பின்னால போக துரத்தினானுகள். எஸ்.ரி.எப்பும் அவனுகளோட முஸ்லீம் ஆக்களும் அவனுகள் கோவக்காற ஆக்கள் எல்லாரையும் காட்டினானுகள். 35 பேரையும்டயர் போட்டு அப்படியே உயிருடன் எரித்தார்கள். ஏத்தத்தில இளம் வயதில் விதவையாக இருந்தார்கள். சில புள்ளைகள் கலியணம் முடிச்சிற்றுகள். சிலர் ஊரை விட்டு வேற ஊருக்குபோயிற்றுதுகள். சிலதுகள் செத்து பிள்ளைகள் இருக்குதுகள்.

ஒரே சற்றிவளைப்பு. நாங்கள் பொத்துவிலில் மாமியாரின்வீட்டில 3 மாதம் இருந்தோம். இதுக்குப்புறகு ஒன்டையும் காணல. என்று வீட்டுக்கு வந்துட்டம். எங்கட வீட்டு அங்கால சைற்று அந்த முலையில செக்பொயின் ஒன்டு அடிச்சி பொலிஸ்காரனுகள்இருந்தானுகள். அதுக்குப்புறகு ஒரு நாள் பொயின்றுக்கு பின்பக்கமாக ஒரு பொலிஸ் வரவும் மிதிவெடி வெத்ததில்அவன்டகால்பறந்துபோயிற்று. அதுக்குப்புறகு வெடி செல் அடி பிள்ளைகள் பள்ளிற்கு போயிற்றாங்கள். நாங்கள் கல்லு வெட்டினா பலகல்லுவாடியில மேல்எல்லாம் ஓடி வாறம் எல்லா குடில்களும் பத்துது. புறகு பார்த்தால் கொஞ்சம் குமர் புள்ளைகள ஒரு வீட்டுக்குள்ள போட்டு மண்ணெண்ணய ஊத்திதானுகள். பிள்ளைகள் எல்லாம் கத்துதுகள் அதுக்குப்புறகு பொலிஸ் பெரியவன் வந்தான் அதுக்குப்புறகு விட்டுத்தாக்கங்கள். எல்லா குடிசைகளும் எரிந்து தரைமட்டமாக காணப்பட்டது.

இப்படி இருக்கிற நேரம் பல தடவைகள் பொயின்ரில சத்தம் கேட்கும். அதுக்குப்புறக அவடத்தில இல்லாம எழும்பிற்றாங்க. கொஞ்சம் நிம்மதியாக ஓரளவு குடிசைகளை கட்டிக்கொண்டு மெதுவாக பழையபடிதொழில்களில் இறஙகினோம். மெல்ல மெல்ல மிச்சம் புடிச்சி பிள்ளைகளை படிக்கவைச்சன். ஒரு மகன் யாழ்ப்பாணத்தில படிச்சான். இப்படி இருக்கக்குள்ள செத்த பிள்ளைகளுக்கு விதான மூலம் டி.எஸ் ஆபிசுல 1994ம் ஆண்டு 15,000 காசி கிடைச்சிது. வீட்டு கஸ்ரத்தால அந்த காசிய செலவுக்கு கொஞ்சம் கொஞ்சமாக எடுத்தம். 3000 காசிமிச்சம்இருந்தது.

3000 காசையும் குடுத்து ரெண்டு ஆடு வாங்கினேன்.அத பராமரிச் சிவந்தன். அது பெருகி 52 ஆடு இருந்தது. அதில இடைஇடையே ஆடுவித்து மொத்தமாக 36,500 அதுக்குப்பிறகு 35,000க்கும் ஆடுவித்தன். கள்ளனுகள் 26 ஆட்டைகளவெடுத்து விட்டானுகள். (தமிழ் முஸ்லீமும் சேர்ந்து) 2 ஆட்ட முதலை பிடித்து சாப்பிட்டுவிட்டது. அதுக்குப்பிறகு ஆட்டுடன் நானும் காலையில் சென்றுமேயவிட்டு மதியம் வீடுவந்து சேருவேன். அதோட வளவுக்குள் பயிர்போட்டுக் கொண்டு ஆட்டயும் பராமரிச்சிக்கொண்டு பிள்ளைகள் எல்லாம் கலியாணம் முடிச்சிறாங்கள். பெண்பிள்ளை மட்டும் திருமணம் முடிக்கவில்லை. 1967ம் ஆண்டு பிறந்தது எத்தின இடத்தில கேட்ட வேணாம் என்று சொல்லுகின்றா. எங்கட கண் மூடினா என்ன செய்கிற அவ பொத்துவில் வைத்தியசாலையில் வேலைசெய்கிறா. மகன் ஒருவர். ஏ.எஸ். ஓப்பிசில வேலைசெய்கிறார். ஒருமகன் வெளியிலஅவர் மட்டும் திருமணம் முடிக்கவில்லை. ஒருபிள்ளையை விரும்பிஉள்ளார்.

இப்ப வயதும் போயிற்கு எனக்கு 71 வயது. (1944.06.01). மனிசி (68).பிறந்தது 1948-03-17 அவக்கும் வயது போயிற்கு. இப்ப 9 ஆடு இருக்குது. 2 பொட்டை கிட்டதில குட்டிபோடும் வழமையாக ஒருஆடு 3 குட்டிபோடும் மற்றது 2 போடும். ஆட்டை சரியாக பராமரிச்சா நல்ல இலாபம் என்னை அடிச்ச சௌ்ளாமைய ஆடு கடிச்சி அதுறவாய் அழுகிப்போய் புழுக்கொட்டுப்பட்டு அதுக்கு நாட்டு வைத்தியம் பார்த்து நல்ல செலவு. தப்பவைச்சி எடுத்தித்தான் என்ன செய்வது. இப்படி வாழ்க்கை போய்க்கொண்டு இருக்கி.






A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License