We did not have lunch

The story of the family that suffered poverty

අපි දිවා ආහාරය ගත්තේ නැහැ

දිළිඳුකමට ගොදුරු වූ පවුල පිළිබඳ කතාව

மதிய உணவு இல்லை

வறுமையால் கஷ்டப்பட்ட குடும்பத்தின் கதை

My name is Sahayamalar Peiris. My father’s name is Saviri Peiris and my Mother is Maarikkose. I was born in 1969 April 7th in a village called Arippu (Muththarippuththurai). For my primary education I went to Arippu Ro.Tha.Ka School. Though I was from a very poor family I was determined to complete O/L. Even though I got 6 passes for my O/L, since I didn’t have a pass for Maths I was unable to continue with my A/L. Due to poverty my mother stopped my studies.
Because I was so determine about having a good education and job I sat for O/L for the second time. Again I couldn’t get a pass for Maths. With that I stopped my studies and started doing labor work at the sea by knitting fishing nets to support my family. My father is a drunkard. My mother sells fish in the neighboring village. My family is very big, with 6 children. I got 3 elder brothers and 2 elder sisters.
My mother supported us by selling fish. But we were a poor family; our father wasn’t giving any support to the family. It’s our mother who took care of us. I left my studies and did small labor jobs like knitting fishing nets, watering the coconut trees. Later in 1984, while I was in Grade 10 I started teaching at a preschool for Rs 50. We should pay to sit for O/L for the third time. My mother wasn’t in favor of that. But nobody got educated in our family, so my intention was to somehow study and get advanced.
In 1988 since the village people requested me I went to Jaffna to get trained as pastor, there I received a 6 months training. I am interested in temple related things. I started teaching as a pastor in 1985 while I was studying for my O/L. later I was just being a help to my mother at home. We were so poor; the difficulties we went through cannot be described. We would roast and pound tamarind seeds and eat it for lunch. Or else catch mussels and boil them for lunch.
Our poverty level was unacceptable. We had a very hard life. I was distressed by the fact that my father and all the brothers were drunkards and nobody was educated. I was also just at home, and then a sister called Nobert asked whether I can go to work in Jaffna at Uduvil. So in the year 1989 I went there to work as a caretaker to mentally challenged children.
I worked there for a year. They promised a salary which they never gave. Life was hard even there. They would scold and even beat me. I told them I cannot stay there but if they want I can work under them. They were giving me so much trouble and later sent me to Mannar.
In Mannar again I have applied to sit for O/L for the third time. I stayed at Mannar convent and studied Maths while doing some work there, like watering the plants. In April, 1990, O/L exams were held in Jaffna and I got 3Cs and 4Ss.
In 1990, April 7th we got displaced due to war. We went on foot and found refuge in Madu Temple. At that time Father Sebestian Croos was the higher priest there. He asked me what I was willing to do and I told him that I wish to study A/L. He told me that I should look after my parents if he supports me to study A/L. I didn’t attend to school to study A/L, instead while studying for A/L I was working as a voluntary teacher. In addition to that I was taking classes in Pandivirichchan. I sat for A/L in 1991 and got one C and one S. Since I cannot get a job without having three passes I sat for A/L again in 1992 and got a C and 2Ss. I also sat for clerical exam and teaching exam. So many holy fathers have helped me for my education. I worked as a voluntary teacher for 10 years and got my teaching appointment in 21st November, 2000. I was not interested in falling in love or getting married, I wanted to become a holy sister.
From 2002 to 2004 I was at Batticaloa training collage. After that I returned to Arippu, there at that time my cousin had come from India. He was a widower with three children. I got married to him as a second wife because people have started to gossip linking both of us. Because I am a government employee I receive Rs 40,000 and he gets Rs 15,000, which is enough income for us. In addition to his 3 children I now have one more child and we are having a very happy life.
I expect children to be noble and devoted. Our future generation should be good. Now people think big about themselves if they receive a high salary. Money could get lost any time. Being noble is important. I feel good and relaxed by telling my story.

මගේ නම සහායමලර් පීරිස්. තාත්තාගේ නම සවිරි පීරිස්. අම්මාගේ නම මාක්‍රස්. මම අරිප්පුවේ මුත්තාරිප්පපුතුරෛ කියන ගමේ 1969 අප්‍රේල් 07 දින උපන්නේ. මම මුලින්ම අරිප්පුව රෝමානු කතෝලික පාසලෙන් ඉගෙන ගත්තා. මගේ පවුල ගොඩක් දුප්පත් වුනත් සාමාන්‍ය පෙළ ඉගෙනගෙන ඉවරවෙන්න ඕන කියලා දැඩි විශ්වාසයෙන් හිටියා. මම සමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් හයක් පාස්වෙලා තිබුනත් ගණිතය නැති නිසා උසස් පෙළ ‍ඉගෙනගන්න මට බැරිවෙයි කියලා පේනවා. අපේ පවුල දුප්පත් නිසා මගේ අම්මා මගේ ඉගෙනීමට විරාමයක් තිබ්බා. ඒ තරම් උනන්දු වුනේ නෑ.
‍ඉගෙන ගන්න ඕන හොඳ රස්සාවක් කරන්න ඕන කියලා හිතලා ආයෙත් දෙවනිපාර විභාගය ලිව්වා. ආයෙත් ගණිත විෂයය අසමත් වුනා. ඒකෙන් මගේ ඉගෙනීම නවත්තලා දැල් වියන්න ගිහින් මගේ පවුල ජීවත් කරවන්න කටයුතු කළා. මගේ තාත්තා බේබද්දෙක්. මගේ අම්මා මාලු අරන් එහා ගමට ගෙනිහින් විකුණලා එනවා. අපේ පවුලේ ළමයි හයදෙනෙක් ඉන්නවා. මට අයියලා තුන්දෙනයි. අක්කලා දෙන්නයි. අපේ පවුල ගොඩක් ලොකුයි.
අම්මාගේ වෙළෙඳාමෙන් අපිව ලොකු මහත් කළා. ඒත් අපි දුප්පත් පවුලක්. අපේ තාත්තාගෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නෑ. අම්මා තමයි අපි හයදෙනාම හැදුවේ. මම ඉගෙනීම අතහැරලා දැල් ගොතන්නයි තල් පැල වලට වතුර දාන්නයි වගේ පොඩි පොඩි කුලී වැඩවලට ගියා. පස්සේ 1984 දී මම දහය ව‍සරේ ඉගෙන ගන්නකොට පෙරපාසලක උගන්වන්න ගියා. රුපියල් 50කට මොන්ටිසෝරියක ඉගැන්නුවා. උගන්වන අතරෙම තුන්වෙනිපාර විභාගය ලියන්න සල්ලි ගෙවලා විභාගය ලියන්න ඕන. අම්මා කැමති නෑ. ඒත් අපේ පවුලේ කවුරුවත් ඉගෙන ගත්තේ නෑ. මගේ අරමුණ ඉගෙන ගෙන කොහොමහරි ඉදිරියට එනඑක. 1988 වසරේ දී ගමේ අය කීව නිසා ආගමික ගුරු පුහුණුවකට යාපනයේ ගියා. මම පල්ලියේ වැඩට නම් හරි ආසයි. 1985 දී සාමාන්‍ය පෙළ කරද්දිම ආගමික ගුරු රාජකාරිය කළා. පස්සේ අම්මාට ගෙදර වැඩවලට උදව් කළා. අපේ දුප්පත්කම නම් කියන්න බැරිතරම් දුප්පත්. දවල්ට කන්න නෑ. ගඩා ගෙඩි කනවා. මට්ටියෝ තම්බලා කනවා.
දුප්පත්කම කියලා පිළිගන්න බැරිතරම් දුප්පත්කම. හරියට දුක්වින්දා. තාත්තත් බොනවා. අයියලත් බොනවා. මම හරි දුකෙන් හිටියේ. මොකද හැමෝම බොනවා කිසිකෙනෙක් ඉගෙන ගත්තේ නෑ කියලා මගේ හිතේ ලොකු දුකක් තිබුනා. පස්සේ නිකම්ම තමයි ගෙදර හිටි‍යේ. පස්සේ නෝබට් කියලා කන්‍යා සොයුරියක් අපේ ගමට ඇවිත් යාපනයේ උඩුවිල්වල රස්සාවක් කරන්න කැමතිද කියලා ඇහුවම 1989 දී උඩුවිල්වල මානසික රෝගී (මොළය වැඩෙන්නේ නැති) ළමයින් බලාගන්න ගියා. එක අවුරුද්දක් වැඩකළා. පඩි දෙනවා කීවා. ඒත් දුන්නේ නැහැ. අනික සමහර කන්‍යා සොයුරියන්ගෙන් කරදරයි. බනිනවා. අන්තිමේ දී ගැහුවා. මම ආයේ මෙහේ ඉන්නේ නැහැ ඕනනම් ඔයාලා යටතේ වැඩකරන්නම් කීවා. එයාලගෙන් හරි කරදරයි. ඊට පස්සේ මාව මන්නාරමට යැව්වා.
මන්නාරමේ දී ආයෙත් සාමාන්‍ය පෙළට දැම්මා. මන්නාරමේ කොන්වන්ට් එකේ දී හරක් පැටවුන්ට වතුර දීම වගේ වැඩ කරමින් ගණිතය පාස් වුනා. 1990 දී විශේෂ සාමාන්‍ය පෙළ විභාගයක් යාපනයේ දී පැවැත්වුවා. සම්මාන තුනයි. සාමාන්‍ය පාස් හතරයි. 1990 අප්‍රේල් හත වෙනිදා යුද්ධයෙන් අවතැන් වෙලා ගියා. කලින්ම ගිහින් මඩු පල්ලියට ගියා. එහෙ ඉන්නකොට එහෙ මීසම් පාලක හිටියේ සෙබෙස්තියන් කෲස් පියතුමා. දුව ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ කියලා පියතුමා ඇහුවා. මම කිව්වා ෆාදර් මම උසස්‍ පෙළ ඉගෙන ගන්න ඉන්නේ කියලා. එතුමා කීවා උසස් පෙළ ඉගෙන ගෙන අම්මා තාත්තාව හැමදාම බලාගන්න ඕන කියලා.
මම පාසල් ගිහින් ඉගෙන ගත්තේ නැහැ. මම ඉගෙන ගන්න කාලෙම ස්වෙච්ඡාවෙන් පා‍සලේ ඉගැන්නුවා. එසේම පන්ඩිරිච්චාන් වල පංති කළා. 1991 වර්ෂයේ උසස් පෙළ ගත්තා. සම්මානයයි සාමාන්‍ය සාමාර්ථයයි. පස්සේ විෂයයන් තුනම නැතිව රැකියාවක් ගන්න බෑ. ආයෙත් පාඩම් කළා. 1992 දී ආයෙත් සම්මානයයි, සාමාන්‍ය සාමාර්ථ දෙකයි ආවා. ලිපිකරු විභාගය හා ගුරු විභාගය ලිව්වා. මට ෆාදර්ලා බොහෝ දෙනක් ඉගෙන ගන්න උදව් කළා. අවුරුදු දහයක් ස්වෙච්ඡාවෙන් ඉගැන්නුවා. 2000 වසරේ අප්‍රේල් 21 මට ගුරුපත්වීමක් ලැබුනා. අද වෙනකම් මට ආදරය කරන්න ‍ඕන විවාහ වෙන්න ඕන කියලා ආසාවක් නැහැ. කන්‍යා සොයුරියක් වෙන්න ඕන.
2002 සිට මඩකලපුව ගුරු පුහුණු පාසලේ 2004 දක්වා හිටියා. ආයෙත් අරිප්පුවට ආවා. එතකොට මගේ මස්සිනා ඉන්දියාවේ ඉඳන් ඇවිල්ලා හිටියා. එයා විවාහ වෙලා බිරිඳ මියගිහින්. ඔහුට දරුවන් තුන්දෙනයි. ගමේ අය අතර මාවයි මස්සිනාවයි ගැන වැරදි කතන්දර පැතිරුණු නිසා මම ඔහුගේ දෙවැනි විවාහයට පත්වුනා. දැන් මම රාජ්‍ය සේවකයෙකු නිසා එයින් ලැබෙන රුපියල් හතලිස් දාහ වැටුපයි මහත්තයාට ලැබෙන රුපියල් පහළොස් දාහයි අපිට ඇති. ඔහුට දරුවන් තුන්දෙනයි. මට එක දරුවයි. ගොඩක් සතුටින් ජීවත් වෙනවා.
මගේ බලාපොරොත්තුව නම් හැම ළමයෙක්ම විනයගරුකව, භක්තිවන්තව ඉන්න ඕන කියලා. අනාගත සමාජය හොඳ වෙන්න ඕන. දැන් ගොඩක් අය හිතන්නේ වැඩි පඩියක් ගන්න අය ලොක්කෝ කියලා. සල්ලි අද තියෙනවා. හෙට නැති වෙයි. විනය තමයි වැදගත්. මගේ කතාව කීවට පස්සේ හිත ගොඩාක් සැහැල්ලු වුනා. නිදහසක් දැනෙනවා.

எனது பெயர் சகாயமலர் பீரிஸ் . அப்பாவின் பெயர் சவிரி பீரிஸ். அம்மாவின் பெயர் மாரிக்கோஸ். நான் அரிப்பு (முத்தரிப்புத்துறை) எனும் கிராமத்தில் 1969 சித்திரை மாதம் 07ம் திகதி பிறந்தேன். என்னுடைய ஆரம்பக்கல்வியை அரிப்பு றோ.த.க.பாடசாலையில் பயின்றேன். எனது குடும்பம் மிகவும் வறுமைப்பட்ட நிலையில் இருந்தாலும் நான் O/L வரை படித்து முடிக்க வேண்டும் என்று உறுதியாக இருந்து படித்தேன். எனக்கு O/L பரீட்சை எடுத்து 6 பாடங்கள் இருந்தும் கணிதம் இல்லாமையினால் A/L படிக்க எனக்கு வசதியீனமாகக் காணப்படுகின்றது. என்னுடைய குடும்பம் வறுமையில் காணப்பட்டதனால் என்னுடைய அம்மா எனது படிப்பிற்கு முட்டுக்கட்டை போட்டார்.
படிக்கோனும் நல்ல தொழில் செய்யனும் என்ற உறுதியான நம்பிக்கையோடு இருந்ததனால் திரும்பவும் 2nd say எடுத்தேன். மீண்டும் கணிதப்பாடம் சித்தியடையவில்லை. அத்தோடு எனது படிப்பை நிறுத்தி விட்டு கூலித் தொழிலான கடற்கரைக்குச் சென்று வலை திரித்து எனது குடும்பத்தை காப்பாற்றுவதற்காகச் செயற்பட்டுக் கொண்டிருந்தேன். எனது அப்பா ஒரு குடிகாரர். எனது அம்மா மீனைக் கொண்டு போய் பக்கத்து ஊரில் வியாபாரம் செய்து கொண்டு வருவார். எங்களது குடும்பத்தில் மொத்தம் 06 பிள்ளைகள் எனக்கு 3 அண்ணாவும் 2 அக்காவும் எங்கட குடும்பம் மிகவும் பெரிய குடும்பம்.
அம்மா வியாபாரம் செய்து எங்களை காப்பாற்றி வந்தார். ஆனால் நாங்கள் வறுமைக்குட்பட்ட குடும்பம். எங்கட அப்பாவால எங்களுக்கு எந்தப் பயனுமே இல்லை. அம்மாதான் எங்கள் 06 பேரையும் வளர்த்தார். நான் படிப்பை விட்டுட்டு வலை தெரிக்கவும், தென்னங் கன்றுகளுக்கு தண்ணீர் ஊற்றல் போன்ற சிறு சிறு கூலி வேலைகளுக்குப் போனேன். பிறகு 1984 இல் நான் 10 ம் ஆண்டு படிக்கும் போதே முன்பள்ளி படிப்பிக்கச் சென்றேன். 50 ரூபாய்க்கு முன்பள்ளி கற்பித்தேன். கற்பித்துக்கொண்டே 3ம் முறை O/L படிப்பதற்கு காசு கட்டித்தான் பரீட்சை எழுத வேண்டும். அம்மாவுக்கு விருப்பமில்லை. ஆனால் எங்கட வீட்ட யாருமே படிக்கவில்லை. என்ர நோக்கம் என்னவென்றால் படித்து எப்படியாவது முன்னுக்கு வரவேண்டும்.
1988ம் ஆண்டு ஊர்மக்கள் கேட்டதன் பிரகாரம் மறையாசிரியராக பயிற்சி பெறுவதற்காக யாழ்ப்பாணம் சென்றேன். சென்று 6 மாதங்கள் மறையாசிரியர் பயிற்சியை பெற்றுக் கொண்டேன். எனக்கு கோயில் விடயம் என்றால் மிகவும் ஆர்வம் உண்டு. 1985 O/L எடுக்கும் போதே மறையாசிரியராக கற்பிக்கத் தொடங்கி விட்டேன். பின்பு வீட்டில் அம்மாவுக்கு உதவி செய்து கொடுத்துக் கொண்டிருந்தேன். எங்களுக்கு வறுமை என்றால் சொல்லேலாத வறுமை. மதியத்தில் சாப்பிட மாட்டோம். புளியங்கொட்டைகளை வறுத்து இடித்துச் சாப்பிடுவோம். மட்டியை பிடித்து அவித்து சாப்பிடுவோம்.
வறுமை என்றால் ஏற்றுக் கொள்ள ஏலாத வறுமை. சரியாக கஸ்ரப்பட்டோம். அப்பாவும் குடிப்பார். அண்ணாமாரும் குடிக்கின்றார்கள். என்ற தாக்கம் நிறைய இருந்தது. இப்பிடி எல்லோரும் குடிக்கிறார்களே ஒருவரும் படிக்கவில்லையே என்று நிறைய வேதனைகள் என்ர மனதிலே இருந்தது. பிறகு சும்மாதான் வீட்டில் இருந்தேன். திரும்பி நோபட் என்ற அருட்சகோதரி ஒருவர் எங்கள் பங்குக்கு வந்து யாழ்ப்பாணம் உடுவில் என்ற இடத்தில் வேலை செய்கின்றீர்களா? என்று கேட்க 1989ம் ஆண்டு உடுவில் இல் மூளை வளர்ச்சி இல்லாத பிள்ளைகளைப் பார்ப்பதற்காகச் சென்றேன்.
1 வருடம் வேலை செய்தேன். சம்பளம் என்று சொன்னார்கள். ஆனால் சம்பளம் தரவில்லை. அங்கயும் சில சில அருட்சகோதரிகளால் துன்பம்தான். பேச்சுக்கள் ஏச்சுக்கள். கடைசியில் ஒரு அடியும்தான். நான் இனி இங்க இருக்க மாட்டேன். வேணும் என்றால் உங்களுக்கு கீழே வேலை செய்கின்றேன் என்று கூறினேன். அவர்களால் சரியான துன்பம். அத்தோட என்னை மன்னாருக்கு அனுப்பினார்கள்’
மன்னாரில் திரும்ப 3rd say O/L F போட்டேன். மன்னார் கொன்மேன்ற் இல் இருந்து கன்றுகளுக்கு தண்ணீர் ஊற்றுவது அப்பிடி வேலை செய்து கொண்டு கணித வகுப்பு எடுத்துக் கொண்டிருந்தேன். 3rd year M special O/L 90 ம் ஆண்டு April Jaffna இல் நடைபெற்றது. 3C, 4S பாடங்கள் பாஸ்
1990 சித்திரை 07 யுத்தத்தால் இடம் பெயர்ந்து சென்றோம். கால் நடையாக சென்று மடுவில் தஞ்சம் புகுந்தோம். அங்கிருக்கும் போது அந்த நேரம் பங்குத் தந்தையாக அருட்தந்தை செபஸ்ரியான் குரூஸ் இருந்தார். மகள் நீங்கள் என்ன செய்யப் போகிறீர் என்று பங்குத் தந்தை கேட்டார். நான் father A/L படிக்கப் போகிறேன் என்றேன். நான் A/L படிப்பித்தால் கடைசி வரை அம்மா அப்பாவைப் பார்க்க வேண்டும் என்று கூறினார். நான் பாடசாலைக்குச் சென்று படிக்கவில்லை நான் படிக்கும் போதே வொலன்டியராக பாடசாலையில் கற்பித்தேன். அத்தோடு பண்டிவிரிச்சானில் வகுப்பு எடுத்தேன். 1991ம் ஆண்டு A/L எடுத்தேன். ;. C, S எனது பெறுபேறு பிறகு 3 பாடம் Pass இல்லாமல் வேலை செய்ய முடியாது. திரும்பவும் படித்தேன். 1992 மீண்டும் யுஃடு எடுத்தேன். C, S, S வந்தது. கிலரிக்கல் Exam and Teaching Exam போன்றன எழுதினேன். எனக்கு நிறைய father கல்விக்கு உதவி செய்தனர். 10 வருடங்கள் வொலன்டியராக படிப்பித்தேன். 2000ம் ஆண்டு கார்த்திகை 21 எனக்கு Teaching கிடைத்தது. இதுவரை எனக்கு Love பண்ணனும் Wedding செய்யனும் என்று ஆசை இல்லை.அருட்சகோதரியாக வர வேண்டும்.
2002 மட்டக்களப்பு Training Collage 2004 வரை இருந்தேன். திரும்ப அரிப்புக்கு வந்தோம். அப்போது எனது மச்சான் இந்தியாவில் வந்திருந்தார். அவர் திருமணம் செய்து மனைவி இறந்து விட்டார். அவருக்கு 3 பிள்ளைகள். ஊரில் என்னையும் மச்சானையும் சேர்த்து தப்பாகக் கதைத்ததன் விளைவாக நான் அவரையே 2ம் தாரமாகத் திருமணம் செய்தேன். இப்ப நான் அரச உத்தியோகம் என்பதனால் எனக்கு வரும் 40,000 சம்பளமும் எனது கணவருக்கு வரும் 15,000 சம்பளமும் போதுமானதாகக் காணப்படுகின்றது. அவருக்கு 3 பிள்ளைகளோடு எனக்கு இப்ப 01 பிள்ளை. மிகவும் சந்தோசமாக வாழ்ந்து வருகின்றோம்.
என்ர எதிர்பார்ப்பு என்னவென்றால் எல்லா பிள்ளைகளிடம் ஒழுக்கமும் பக்தியும் காணப்பட வேண்டும். பின்னுக்கு வார சமுதாயம் நல்லதாக காணப்பட வேண்டும். இப்ப என்ன நினைக்கிறார்கள் என்றால் அதிக சம்பளம் எடுத்தால் நாங்கள் பெரியவர் என்று நினைக்கின்றனர். பணம் இன்று இருக்கும். நாளை இருக்காது. ஒழுக்கம் தான் முக்கியம். என்னுடைய கதையைக் கூறியதன் மூலம் எனது மனம் மிகவும் இலேசாகக் காணப்படுகின்றது. நிம்மதியாகக் காணப்படுகின்றது.



Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License