Experiential sharing on war life


යුධ ජීවිතයට සහභාගී වීම


போர் வாழ்க்கை தொடர்பான பகிர்வு

My parents came from Vidathaltheevu and settled here in 1956. I was born and grew up here. Forested areas in this place got cleared up and it got developed. This place is rich in resources with plenty of water and land. We mostly do agriculture. Before displacement we used to grow chilies. We got good income from that. We also had opportunities to raise poultry and cattle. My father worked in a hospital.
Those people (LTTE) were in good terms with us. Sometimes they were helpful to my father. When things were such we got evicted from this place in 1989 November 29th. Those who lived near Mannar town took the sea root. We took the land root and went to Vavuniya and stayed in several camps.
We left all our belongings. They told us to handover our belongings and vehicles, we handed them over in a school. They told the eviction is only for a three months period and then, we could return, that was the agreement. So we didn’t take anything with us. We just took some cloths and valuables like Deeds.
At that time of our leaving, in our place there was a woman called Meenachchi. She gets wheezing. My father gives her medicines. During the final hours of our departure, she was grieving thinking of our displacement. She cried embracing us and asked us not to leave, how could we not leave? She was so distressed and when we were about to leave in the next morning she succumbed to death because she was so upset about our leaving.
Lories came from Vavuniya. They boarded all the people in those Lorries and dropped them in Poonthoattam. It was raining and we faced troubles from the military there. We went by foot together with the elderly persons and kids. We suffered a lot.
In the camp where we stayed, we were unable to go out. They put us all together in a school and gave us food. We had toilet issues. It was raining hard. Then little by little they sent people to places like Puthalam, Anuradhapuram and Kalawewa.
We didn’t go to camps. We stayed with our relatives. One of our brothers got married in Katugaskota and lived there. He came to Vavuniya and took us in a vehicle. There we rented a house and stayed. First 10 years we lived in Katugaskota. My marriage took place there. Later our aunties got settled in Paratheniya. After that we also moved out and stayed there. Finally we came to Puthalam. There we bought a permanent land, built a house and got settled.
Later in 2013 we came to our village since we had our parents’ paddy fields and agricultural lands. When we got resettled after displacement there was nothing left in our place. The houses were destroyed even the foundation stones were missing. But it was not done by them (LTTE). Some people were settled here and we heard that it was those people who sold things little by little for their food. They didn’t do anything unfair to us.
In our village living cost is low. Water and fire woods are available. We can grow vegetables in our own gardens. Would get rice through paddy cultivation. In addition to all that we are so attached to our own village, so we got settled back here.
At that time we had some difficulties. We didn’t have much electricity. Water in the wells got contaminated. We gradually got improved and now received the benefits of Indian housing scheme and built a house. I have four children. It’s now eleven months since my husband died of heart dieses. We built this house with much difficulty. Now the agricultural department gave us mango and papaya plants. We have planted them. Three girls and only one boy. Son is sitting for O/L this time. Eldest daughter is studying for BA in Kurunagal. Second daughter is a nursery school teacher. This is how my life is.
All three ethnic communities live in Periyamadu. We lived in harmony without any troubles, helping each other. We would attend their wedding functions. They would also come for our functions. Even those days we lived in harmony and we do the same now. This trouble came all of a sudden. It was another group who evicted us, not these people.
Muslim people didn’t get affected by the war. Tamils have died in shell attacks and people went missing. People who lived here got displaced to some other places. Many became widows.
At present our village got all the facilities. Before displacement our village didn’t have electricity. We studied with a help of kerosene lamp and progressed in life. Now the hospitals and schools got good facilities. But now there are less people here. But government had provided good facilities to those who live here. For agricultural activities they give paddy seeds for concession price. They also give mango and jack fruit trees to plant in gardens.
Earlier we had road issues. We had to walk for 8 kms, back and forth to Vidathal Theevu. Or else we have to take bullock carts or tractors. Now the roads are built and there are no difficulties. Our village is very rich in resources. For paddy cultivation or any other agricultural activities like growing fruits, Periyamadu got plenty of water and land.
Now they introduce good governance. This concept includes the thoughts of women development and having them as members of government.

මගේ අම්මයි, තාත්තයි විඩක්කල් තීව්වල ඉඳලා 1956 දී මෙහේ පදිංචි වුනා. මම මෙහේ තමයි ඉපදුනේ. මෙහේ ඉපදිලා හැදී වැඩෙන කාළේ මෙහෙ කැළේ එහෙම සුද්ද කරලා හොඳ දියුණුවට තිබුනා. අනික මෙහෙ වතුරයි, පසයි හොඳට තිබුනා. වැඩිපුර ගොවිතැන් කරනවා. අවතැන්වෙලා යන්න කළින් මිරිස් වගාව කළා. හොඳ ආදායමක් ලැබුනා. ඒත් එක්කම කුකුළෝ, හරක්, එළුවෝ ඇතිකරන්න අවස්ථාව තිබුනා. මගේ තාත්තා ඉස්පිරිතාලේ වැඩකළා.
ඒගොල්ලෝ (එල් ටී ටී ඊ) අපෙත් එක්ක හොඳ සහෝදරත්‍ව‍යෙන් හිටියා. සමහර වෙලාවට තාත්තගේ උදව්වටත් ආවා. මෙහෙම ඉන්නකොට 1989 අවුරුද්දේ නොවැම්බර් 29 වෙනිදා අපිව මෙහෙන් එළෙව්වා. මන්නාරම ටවුම පැත්තේ හිටපු අය මුහුද පැත්තෙන් තමයි ගියේ. අපි පාලම් පාරුවෙන් ගිහින් වව්නියාවට ගියා. වව්නියාවට ගිහින් එක එක කඳවුරුවලට ගියා.
අපේ හැම දෙයක්ම අත හැරලා ගියේ. ඒ ගොල්ලෝ කිව්වේ මොකක් ද කියනවා නම් ඔයගොල්ලන්ගේ බඩු භාණ්ඩ, වාහන තියෙනවා නම් අපට බාර දෙන්න කියලා. ඉස්කෝලෙට ගිහිල්ලා ඔක්කොම බාර දුන්නා. ඒගොල්ලෝ කිව්වා තුන් මාසයක් මේවා තියන්න, ආයේ එන්න කියලත් තමයි පොරොන්දු පත්‍රය දුන්නේ. ඒ නිසා අපි මොකුත් ගත්තේ නැහැ. අඳින ඇඳුම විතරක් අරගෙන වටිනා ඔප්පු විතරක් අරන් ගියා.
අපි යන දවස්වල මීනාච්චී කියලා එක අම්මා කෙනෙක් හිටියා. එයාට හතිය එනවා. අපේ තාත්තා තමයි එයාට බෙහෙත් දෙන්නේ. අන්තිම වෙලාවේ අපි අවතැන් වෙලා යනකොට එයාට හරි හිතේ අමාරුවක් ආවා. එයා ඇවිල්ලා හැමෝම බදාගෙන අඬ අඬා යන්න එපා කියලා මෙහෙ ඉන්න කියලා කියනකොට අපි කිව්වා අපිට එහෙම ඉන්න බෑනේ කියලා. එහෙමම එයා කල්පනා කර කර ඉඳලා අපි උදේ යන්න ලෑස්ති වෙනකොට අපි ‍එයාව දාලා යනවා කියලා හිතේ අමාරුවටම මැරුණා.
වව්නියා පැත්තේ ඉඳන් ලොරි ආවා. ඒ ලොරිවල හැමෝම නැඟලා එක්ක ගිහින් පූන්තෝට්ටම් වලින් බැස්සුවා. ටිකක් වැස්සයි, හුළඟයි තිබුනා. එතන ඉඳන් හමුදාවෙන් ප්‍රශ්නේ. අපි පයින් තමයි ගියේ. වයසක මිනිස්සු පොඩි ළමයි ඔක්කොම එකට හිටියා. කරදරයි කියන්නේ අපි හරියට කරදර වුනා.
කෑම් එකට ගියාට පස්සේ කෑම්ප් එකෙන් යන්න දෙන්නේ නැහැ. එක ඉස්කෝලෙක හැමෝම නවත්තලා කෑම එහෙම දුන්නා. ටොයිලට් ප්‍රශ්න එහෙම තිබුනා. වැස්ස කියන්නේ හොඳටම වහිනවා. පස්සේ එක එක වාහන ඇවිල්ලා පුත්තලම, අනුරාධපුර, කලාවැව කියන පැතිවලට යැව්වා.
අපි විතරක් කඳවුරුවලට ගියේ නැහැ. නෑදෑයොත් එක්ක හිටියා. අපේ අයියා කෙනෙක් කටුගස්තොටට බැඳලා හිටියා. එයා ඇවිල්ලා අපිව වව්නියාවට වා‍හනේ නංගවලා එක්ක ගියා. එහේ ගිහිල්ලා කුළියට ගෙයක් අරගෙන හිටියා. මුලදී අවුරුදු 10 ක් කටුගස්තොට හිටියා. මගේ විවාහය එහෙදිම සිද්ධ වුනා. පස්සේ පරදෙනිය කියන ප්‍රදේශයට ඇවිල්ලා එහෙ අපේ ලොකු අම්මයි, පුංචි අම්මයි පදිංචිවෙලා හිටියා. එහෙමම අපි එහෙ හිටියා. අන්තිමට පුත්තලමට ආවා. එහෙදී ස්තිරවම ඉඩමක් සල්ලිවට අරගෙන ඒකෙම ගෙයක් හදාගෙන හිටියා.
පස්සේ අපේ අම්මා තාත්තගේ කුඹුරු, වතුපිටි තියෙනවා කියලා 2013 දී ‍අපේ ගමට ආවා. අවතැන්වෙලා ගිහිල්ලා ආයේ පදිංචි වෙච්ච වෙලාවේ ඇවිල්ලා බලනකොට මොකවත් නැහැ. ගෙවල් ඔක්කොම බිමට පාත් වෙලා. පවුන්ඩේෂමවත් නැහැ. එත් ඒක ඒගොල්ලෝ (එල් ටී ටී ඊ) කළේ නැහැ. මෙහේ ටික දෙනෙක්ව පදිංචි කළා. ඒගොල්ලෝ හැම දේම විකුණගෙන කෑවා කියලා මට දැනගන්න ලැබුනා.
අරගොල්ලෝ අපිට කිසිම පාඩුවක් කළේ නැහැ. අපේ ගම නිසා වියදම අඩුයි. දර වතුර ගන්න පුලුවන්. එළවළු අපි වත්තේ වවා ගන්නවා. ගොවිතැන් කරන නිසා වී ලැබෙනවා. ඒත් එක්කම අපේ ගම කියන කල්පනාව නිසාම මෙහෙ ඇවිල්ලා පදිංචි වුනා. ඒ කාළේ ටිකක් අඩුපාඩුයි. වැඩිපුර කරන්ට් එක නැහැ. ළිංවල වතුර නරක්වුනා. එහෙමම ටික ටික නැගිටලා දැන් ඉංදියන් ගෙවල් වැඩසටහන ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ගෙවල් හදාගෙන ඉන්නවා. මට ළමයි හතර දෙනෙක් ඉන්නවා. මහත්තයා පපුවේ අමාරුවකින් නැතිවෙලා මාස 11 ක් වෙනවා. දුක් විඳලා තමයි මේ ගේ හදාගෙන ඉන්නේ. දැන් අඹ පැළ, ‍පැපොල් පැළ එහෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙනවා. ඒවා හිටවලා තියෙනවා. ගෑණු ළමයි තුන් දෙනයි, එක පිරිමි ළමයයි. පුතා මේ පාර ඕ ලෙවෙල් ලියනවා. ලොකු දුව කුරුණෑගල උපාධිය ඉගෙන ගන්නවා. දෙවැනි ළමයා පෙර පාසලක උගන්නනවා. මේ විදියට අපේ ජීවිතය ගතවෙනවා.
පෙරියමඩු ගැන කිව්වොත් මෙහේ ජාති තුනේම මිනිස්සු ඉන්නවා. ජාති තුනේම මිනිස්සු කිසි ප්‍රශ්නයක් නැතිව සන්තෝෂයෙන්.. එගොල්ලන්ට අපි උදව් කරනවා අපිට ඒ ‍ගොල්ලෝ උදව් කරනවා. ඒ විදියට තමයි හිටියේ. අනිත් කට්ටිය හිටියත් ඒ ගොල්ලන්ගේ වැඩසටහන්වලට අපි සම්බන්ධ වෙනවා. ඒ ගොල්ලොත් අපේ වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා. ඉස්සරත් සහයෝගයෙන් තමයි හිටියේ. දැනුත් සහයෝගයෙන් තමයි ඉන්නේ. හදිස්සියේ තමයි මේවගේ ප්‍රශ්නයක් ඇතිවුනේ. තවත් ගෲප් එකක් ඇවිත් තමයි අපිව එළියට බැස්සුවේ. මේගොල්ලෝ අපිව එළෙව්වේ නැහැ.
යුද්දෙන් මුස්ලිම් අයට කිසි පාඩුවක් වුනේ නැහැ. දෙමළ අය ගොඩක් ෂෙල් වැදිලා මැරිලා තියෙනවා. අතුරුදහන් වෙලා තියෙනවා. මෙහෙ හිටපු අය වෙන තැන්වලට අවතැන් වෙලා තියෙනවා. වැඩිපුරම වැන්දඹුවෝ විදියට ඉන්නවා.
දැන් තත්ත්වය අනුව අපේ ගමේ හැම පහසුකමක්ම තයෙනවා. යුද්ධයෙන් අවතැන් වෙන්න කළින් අපේ ගමට කරන්ට් එක තිබුනේ නැහැ. අපි ලාම්පුවෙන් පාඩම් කරලා තමයි ඉදිරියට ආවේ. දැන් රෝහල් ද ස්කූල් ද හැම පහසුකමක්ම තියෙනවා. මිනිස්සු තමයි අඩු. ඒත් ඉන්න මිනිස්සුන්ට හොඳට පහසුකම් ආණ්ඩුවෙන් සපයලා තියනෙවා. ගොවිතැන ගැන කිව්වොත් සහනාධාර විදියට බීජ දෙනවා. පළතුරු වත්ත කියලා අඹ පැළ, කොස් පැළ එහෙම හිටවන්න දෙනවා.
ඉස්සර අපිට පාරවල් හොඳට තිබ්බේ නැහැ. මෙහේ ඉඳන් කිලෝ මීටර් 8 ක් ඉඩත්තල්තීව් වලට පයින් ගිහිල්ලා පයින්ම එනවා. නැත්තම් කරත්ත, ට්‍රැක්ටර් වගේ දේවල්වලින් තමයි එන්නේ. දැන් පාර එහෙම හැදුවට පස්සේ කරදරයක් නැහැ. අපේ ගම සරුසාරයි. පෙරියමඩු කියන්නේ පළතුරුවලටත්, ගොවිතැනටත් හොඳ වතුර, පස තියෙන තැනක්.
යහපාලනය කියලා එකක් හඳුන්වලා දෙනවා. ඒකේ ගෑණු අයට ඉදිරියට එන්නයි, දේශපාලනයට එන්නයි ඕන කියලා අදහසක් තියෙනවා.

எனது அப்பா அம்மா விடத்தத்தீவில் இருந்து இங்கு 1956 குடியேறினார்கள். நான் இங்கு தான் பிறந்து வளர்ந்தேன். பிறந்து வளர்ந்து இங்க காடு எல்லாம் துப்பரவாக்கி நல்ல முன்னேற்றமாக இருந்தது. இருந்தாலும் இங்கு நீர்வளம் நிலவளம் நல்லமுறையாகக் காணப்படுகின்றது. விவசாயம் கூடுதலாகச் செய்வோம். மிளகாய்ச் செய்கையும் இடம்பெயர்ந்து போவதற்கு முன்பதாகச் செய்தோம். நல்ல வருவாய் கிடைத்தது. அத்துடன் கோழிகள் ,ஆடுகள் ,மாடுகள் என்பன வளர்க்கக் கூடிய வாய்ப்பு காணப்பட்டது. எனது அப்பா வைத்தியசாலையில் வேலை செய்தார்.
அவங்களும் (LTTE) எங்களோட நல்ல ஒற்றுமையாகத்தான் இருந்தாங்க சில நேரங்களில எங்கட அப்பாவோட உதவியா இருந்தாங்க. அப்படி இருக்கேக்க 1989ம் ஆண்டு நெவம்பர் 29ம் திகதி நாங்க இங்கேயிருந்து வெளியேற்றப்பட்டோம். மன்னார் டவுன் பக்கம் இருக்கிறவங்க கடல் மூலமாகத்தான் போனாங்க. நாங்க பாதையாலதான் வவுனியாவிற்கு போய் ஒவ்வொரு முகாம்களுக்கு போனாங்க
எங்கட உடைமைகளை எல்லாம் விட்டுட்டம். அவங்க சொன்ன காரணம் என்னென்டா உங்கட பொருள் பண்டங்கள் வாகனங்கள் இருந்தா எங்கட்ட ஒப்படைங்க என்று சொல்லி ஸ்கூல் கொண்டு போய் எல்லாத்தையும் ஒப்படைச்சோம். அவங்க சொன்னது 3 மாதம் தவணை. திரும்பி வருவீங்க எண்டுதான் எங்கட்ட ஒப்பந்தம் தந்தது. அதோட நாங்க எதுவும் எடுக்கேல. உடுத்துற உடைகளை மட்டும் எடுத்துட்டு பெறுமதியான உறுதிகள் மட்டும் கொண்டு போனோம்.
நாங்க போற கட்டத்தில எல்லாம் மீனாட்சி என்ர ஒரு அம்மா இருந்தா. அவவிற்கு வீசிங் வாரது. எங்கட அப்பாதான் மருந்து குடுப்பார். கடைசி நேரம் நாங்க இடம் பெயரப்போகிறோமம் என்று அவவிற்கு ஒரு ஏக்கம் மாதிரி. அவ வந்து எல்லாரையும் கட்டிப் பிடிச்சு அழுது நீங்க போகாதீங்க இங்க இருங்க என்று சொல்ல நாங்க அப்படி இருக்கேலாதுதானே. அதோட அவ யோசிச்சு யோசிச்சு இருக்க காலைலே நாங்க போக எண்டு வெளிக்கிடக்கே அவ நாங்க விட்டுட்டு போகப் போறோம் என்ற ஏக்கத்திலேயே இறந்துட்டா
வவுனியா பக்கமிருந்து லொறிகள் வந்தது. அந்த லொறிகள்ல எல்லா மக்களையும் ஏத்தி அங்கால பூந்தோட்டத்தில விட்டாங்க. கொஞ்சம் மழையும் சுருதியும். ஆமிக்காரங்க அங்கேயிருந்து பிரச்சனை. நாங்க கால்நடையாத்தான் போனோம். வயோதிபர் சிறு பிள்ளைகள் எல்லாரும் ஒன்டாத்தான். ஆனால் கஸ்டங்கள் என்றா நிறைய கஸ்டப்பட்டோம்.
கேம்பில போயிருந்தா கேம்ப விட்டு அங்கால அகற்றேல. ஒரு ஸ்கூல்ல கொண்டு போய் எல்லாரையும் ஒன்றா வைச்சிட்டு சாப்பாடு எல்லாம் தந்தாங்க டொய்லட் பிரச்சனை எல்லாம் இருந்தது மழையும் சரியான மழை பிறகு ஒவ்வொரு வாகனங்கள விட்டு புத்தளம் அநுராதபுரம் கலாவேவ என்று அந்தப் பக்கம் மக்கள அனுப்பினாங்க.
நாங்க மட்டும் முகாம்களுக்கு போகேல்ல. சொந்தக்காரங்களோட இருந்தோம். எங்கட அண்ணா ஒருவர் கட்டுகஸ்கோட்டையில் திருமணம் செய்து இருந்தார். அவர் வந்து எங்களை வவுனியாவுக்கு வாகனத்தில் ஏற்றிக் கொண்டு சென்றார். அங்கு போய் வாடகைக்கு வீடு எடுத்து இருந்தோம். முதல் 10 வருடங்கள் கட்டுகஸ்கோட்டையில் இருந்தோம் எனக்கு திருமணம் அங்கேயே நடைபெற்றது. பிறகு பறதெனிய என்ற இடத்திற்கு வந்து அங்க எங்கட பெரியம்மா சின்னம்மா குடியேறினாங்க அதோட நாங்க அங்க இருந்தோம். கடைசியாக புத்தளம் வந்தோம். அங்கு நிரந்தரமான காணி ஒன்றை வாங்கி அதிலே வீடு கட்டி இருந்தோம்.
பிறகு எங்கட தாய் தகப்பன்ட வயல்காணி தோட்டக்காணி இருக்கு என்று சொல்லி 2013 இல் எங்கட ஊருக்கு வந்தோம். இடம் பெயர்ந்து திரும்ப மீள் குடியேறின நேரம் வந்து பார்க்கும்போது ஒண்டுமேயில்ல. வீடு எல்லாம் தரைமட்டமா . அஸ்திவாரக் கல் முதல் கொண்டு இல்ல ஆனா அதை அவங்க (LTTE) செய்யேல. இங்க கொஞ்சபேர் குடியேற்றப்பட்டாங்க. அவங்கதான் விற்று விற்று சாப்பிட்டாங்க என்று எங்களுக்கு தகவல் வந்தது. அவங்க அநியாயமா எங்களுக்கு ஒன்டுமே செய்யேல.
எங்கட ஊர்தானே செலவு குறைவு. தண்ணீ, விறகு எடுக்கலாம். மரக்கறி நாங்களே தோட்டத்தில உற்பத்தி செய்யிறது. விவசாயம் செய்து அதால நெல்லு கிடைக்கும். அதோட எங்கட ஊர் என்ற பற்றுதானே கூடுதலா அதோட இங்க வந்து குடியேறி இருக்கிறோம்.
அந்த நேரம் கொஞ்சம் இன்னல்கள். அதிகம் மின்சாரம் இல்லை. கிணறுகளில் தண்ணீர் பழுதாகி விட்டது. இப்படியே படிப்படியாக முன்னேறி இப்ப இந்தியன் வீட்டுத்திட்டம் தந்து இருக்கின்றார்கள். அதிலே வீடு கட்டி இருக்கின்றோம். எனக்கு 04 பிள்ளைகள் எனது கணவர் இதய நோயால் இறந்து 11 மாதங்கள் ஆகின்றன. கஸ்ரப்பட்டுத்தான் இந்த வீடு கட்டி இருக்கின்றோம். இப்ப மாங்கன்று, பப்பாக்கன்று விவசாயத் திணைக்களத்தினால் தந்து இருக்கின்றார்கள். அதை நட்டு இருக்கின்றோம். 3 பொம்பிள்ளையும் 1 பொடியனும் தான். மகன் இந்த முறை O/L பரீட்சை எழுதுகின்றான். குருநாகலில் மூத்த மகள் BA படிக்கின்றாள். 2 வது பிள்ளை பாலர் பாடசாலை கற்பிக்கின்றார். இப்படியே எங்கட வாழ்க்கை போகுது.
பெரிய மடுவைப் பொறுத்தளவில இங்க 3 இன மக்களும் இருக்கிறாங்க. 3 இன மக்களும் ஒரு பிரச்சனை இல்லாம சந்தோசமான முறையில அவங்களுக்கு நாங்க உதவுறது எங்களுக்கு அவங்க உதவுறது அப்படித்தான் இருந்தோம். வெடிங்கா இருந்தாலும் அவங்கட பங்சனில நாங்க கலந்து கொள்கிறது. அவங்களும் எங்கட பங்சனில கலந்து கொள்வாங்க. முதலும் ஒற்றுமையாத்தான் இருந்தோம். இப்போதும் ஒற்றுமையாத்தான் இருக்கிறோம்.. திடீரென்றுதானே இப்படி பிரச்சனை ஒன்று வந்தது. இன்னொரு குரூப்தானே வந்து எங்கள வெளியேற்றினது. இவங்களால நாங்க வெளியேற்றப்படேல.
யுத்தத்தில முஸ்லீம்களைப் பொறுத்தளவில் எந்த பாதிப்பும் இல்ல. தமிழ் ஆட்களைப் பொறுத்தளவில செல் அடிகள்ல இறந்திருக்கிறாங்க காணாமல் போயிருக்கிறாங்க இங்க இருந்த மக்கள் வேற இடங்களுக்கு இடம் பெயரந்திருக்கிறாங்க. கூடுதலாக விதவைகளாக இருக்கிறாங்க
இப்போதைய நிலையில எங்கட ஊரில எல்லா வசதி வாய்ப்புகளும் இருக்கு. நாங்க இடம் பெயர்ரதுக்கு முன்ன எங்கட ஊரில கரண்ட வசதி இல்ல. நாங்க லாம்பிலதான் படிச்சி நல்லா முன்னேறினோம். இப்ப ஆஸ்பத்திரியோ ஸ்கூலோ எல்லாம் நல்ல வசதியா இருக்கு மக்கள்தான் கொஞ்சம் குறைவா இருக்கிறாங்க ஆனா இருக்கிற ஆட்களுக்கு நல்ல வசதி வாய்ப்பெல்லாம் அரசாங்கம் கொடுத்து இருக்கிறாங்க. விவசாயத்தை பொறுத்தளவில மானிய அடிப்படையில விதை நெல்லுகள் கொடுக்கிறாங்க. பழத்தோட்டங்கள் என்று சொல்லி மாமரம் பிலா மரங்களையும் நடுறதுக்கு கொடுக்கிறாங்க.
முந்தி எங்களுக்கு பாதைப் பிரச்சனை இருந்தது இங்க இருந்து 8 கிலோ மீட்டர் விடத்தல் தீவிற்கு நடந்து போய் நடந்து வாரது இல்லாட்டி வண்டில் டிரெக்டர் மூலமாதான் வாரது. இப்ப பாதையெல்லாம் போட்டதற்கு பிறகு கஸ்டம் இல்ல. எங்கட ஊர் நல்ல வளமான ஊர். பெரிய மடு பழமா இருந்தாலும் விவசாயமா இருந்தாலும் நல்ல நீர் வளம் நில வளம் உள்ள இடம்.
நல்லாட்சி என்று அறிமுகப்படுத்திறாங்க நல்லாட்சியிலயும் பெண்களுக்கான முன்னேற்றமும் அவங்களும் உறுப்பினராக வேண்டும் என்ற கருத்து இருக்குது



Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License