CMP/MN/MW/KUM/02
My name is J.Santhanaluxmy. I studied up to Grade 5. I got married at the age of 30. I lived with my husband only for five years. I got one son and a daughter. My husband left me and got married again when my daughter was 2 years old and son was 1 year old. After that my family survived on my earning. I did farming, home gardens and small trades. After 10 to 12 years the war broke out. We got displaced from place to place; we would stay in a place for four days or for three months, like that we moved to Mullaitheevu, Kilinochchi and went to Vavuniya.
Even though the situation was such, I educated both my children. I did that facing so many troubles and difficulties. My daughter was studying O/L when they caught her. My son was in Grade 10. He started working realizing the difficulties I was going through. He would do some small works and bring money for our expenses. He would also take care of the cow, and do gardening. He would work hard. My daughter was very good at her studies. When she was studying for A/L after completing O/L the war started again. We went to Vavuniya. We stayed in Vavuniya Kamini and Veerapuram for nine months. After staying there for nine months, 2010 November we came back to our own village.
I lost all my belongings, the house and the comfort. After coming back I made my daughter study for A/L. Then she started studying for nursing. It was my son who supported her education through his farming and gardening. One of my younger brothers died in the war leaving behind his five children and their mother. Both families lived together, so we had to educate all the children. my daughter completed her studies and now being trained for job. My son wanted to take a license saying that he had now grown up and therefore cannot do farming. So I bought an Auto for him.
He looked after the five children and their mother and our family – mother and two children, with his earnings from driving an auto. All five children are studying. The eldest is studying A/L, next one is in Grade 8 and the other one in Grade 7. Meanwhile my sister’s husband got sick. They had one daughter and they couldn’t afford to educate her. I brought her with me and educated her. She is sitting for the Grade 5 Scholarship exams this time. Our life is going on with such difficulties, but now our problems have lessened.
Out of 8 children – 5 brother’s, 1 sister’s and 2 mine - only one is doing a government job. Son is running an Auto, I wish to educate all seven of them and make them government servants, and I have confidence that I can do it.
In the year 2006, one day around 8 pm, when the military started to move forward, out of fear that the Movement would take my daughter away, my son and I took her to Madu and kept her there in hiding for 3 months. We both returned and stayed at our place. At 8 pm they started shelling. Shells began to fall all over, we couldn’t figure out where to find protection. We ran around all over, shells were falling aimlessly all over. We got ready to run away from that place and heard that everybody who stayed in Madu were chased away. I had to bring my daughter back. It was difficult; members of the Movement were standing on the road. Parents didn’t know how to bring their children back, we dressed them up in different cloths and made them hide among the things we carried and brought them back to our village. After 3, 4 months the members of the Movement came and took them promising that they would bring them back. They took her with them and for five months I couldn’t spot her. I didn’t know where she was. No place was left without searching for her. I wandered around on roads like a mad person. I would never forget that in my life.
Finally, after five months they said I could see her. I went to see her from here. The place she was kept in was horrible. I was heartbroken, I started to shout at them and met the person in charge and cried. I cried saying “I was bringing her up with much difficulties without the support of a father ever since she was one year old. You are keeping her in such state. I need her in my late life, I wouldn’t leave this place without her, if not I would die here” saying that I started to bang my head in a wall there. Then the senior person in charge came and said “mother don’t cry, she is a child without the support of a father, we would release her, but the son has to join”. At that situation I was proud about my intelligence and with the confidence that I would somehow save him, I agreed to handover him.
I told them that I would give my son to them when he reaches that age, and would give my daughter too at the right age, and asked them to release my daughter, and they did. 9 months after her release my son became 17 years old and they took him. For three days they have locked him in a room, I searched him for three days. Finally they kept him locked for three days in Mullaitheevu. I went there and said I cannot build my house, to do that I need him, and told them that I would bring him back after completing the house and brought him with me.
I hid him in a bunker for 9 days. I was so determined to save him, I thought no matter who comes, somehow I have to save my children. I wouldn’t die even the Movement shoot me, doesn’t matter if the army shoot me. Somehow I have to save my children I thought and brought them to Vavuniy on 2009 March 9thd and found refuge in Kamini camp. I cannot forget this incident in my life.
CMP/MN/MW/KUM/02
මගේ නම ජේ. සන්තාන ලක්ෂ්මී. මම 5 වසර වෙනකම් ඉගෙන ගත්තා. මට අවුරුදු 30 දී බැන්දා. අවුරුදු 5 යි මහත්තයත් එක්ක ජීවත් වුනේ. එක පිරිමි ළමයයි, එක ගැහැණු ළමයයි ඉන්නවා. දුවට අවුරුදු දෙකයි. පුතාට අවුරුද්දයි වෙනකොට මහත්තයා මාව අතහැරලා දාලා වෙන එක්කෙනෙක්ව කසාද බැඳලා ඉන්නවා. විවාහ වුනාට පස්සේත් මගේ ආදායමෙන් තමයි පවුල ජීවත් කළේ. ගොවිතැන් කරනවා. ගෙවත්තේ වවනවා. පොඩි පොඩි ව්‍යාපාර කරනවා. අවුරුදු 10 – 12 කට පස්සේ යුද්ධෙ කාළේ පටන් ගත්තා. දවස් හතරක් එක තැනක මාස තුනකට තව තැනක. මේ විදියට අවතැන් වෙලා ගිහිල්ලා මුලතිව්, කිළිනොච්චි ගිහිල්ලා වව්නියාවට ගියා.
මෙහෙම ඉඳගෙන මම ළමයි දෙන්නටම ඉගැන්නුවා. උගන්නන කාළේ හරියට කරදර තිබිලත් ප්‍රශ්න මැද්දේ ළමයින්ට ඉගැන්නුවා. පුතා ඕ ලෙවෙල් ඉගෙන ගන්න කාළේ පුතාව අල්ලගෙන ගියා. පුතා 10 වසරේ ඉද්දී අල්ල ගත්තේ. මගේ පුතා මම කරදර වෙනවා දැකලා වැඩ කරන්න පටන් ගත්තා. පොඩි පොඩි වැඩ කරලා මට සල්ලි ගෙනත් දෙනවා. හරක් බලනවා. ගොවිතැන් කරනවා. මේ විදියට දුක් විඳලා වැඩ කළා. දුවත් හොඳට ඉගෙන ගන්නවා. ඕ ලෙවෙල් ඉවර වෙලා ඒ ලෙවල් කරන කාළේ ආයෙත් යුද්ධය පටන් ගත්තා. ඒ ලෙවෙල් ඉගෙන ගන්න ගමන්ම වව්නියාවට ගියා. වව්නියාවේ කාමිනිවලයි, වීරපුරම්වලයි මාස නවයක් හිටියා. පස්සේ මාස නවයකට පස්සේ 2010 යේ එකළොස්වැනි මාසේ ගමට ආවා.
ගමේ තිබ්බ බඩු භාණ්ඩ හැම දෙයක්ම නැතිවුනා. ආයෙත් දුවට ඒ ලෙවෙල් ඉගැන්නුවා. එයා පස්සේ නර්සිං ඉගෙන ගන්න ගියා. මගේ පුතා තමයි ගොවිතැන් එහෙම කරගෙන දුවට ඉගෙන ගන්න උදව් කළේ. ඒත් එක්කම අපේ මල්ලී කෙනෙක් ළමයි පස්දෙනාවයි, අම්මවයි දාලා මැරිලා ගියා. අපි පවුල් දෙකම එකතුවෙලා ජීවත් වෙනකොට හැමෝටම උගන්වන්න ඕන. දුව ඉගෙනගෙන ඉවරවෙලා ට්‍රේනින්ග් එකේ හිටියා. පුතා කිව්වා මමත් දැන් ලොකුයි. ගොවිතැන් කරන්න බැහැ. ලයිසන් ගන්න යන්න ඕන කියලා. පස්සේ ත්‍රීවිල් එකක් අරන් දුන්නා.
පුතා ත්‍රීවිල් එකේ පැදලා අර ළමයි පස්දෙනයි, අම්මයි, අපේ පවුලේ මායි දුවයි ඔක්කොම බලාගත්තේ. එතැන පස්දෙනාම ඉගෙන ගන්නවා. ලොකු දුව ඒ ලෙවෙල් ඉගෙන ගන්නවා. ඊලඟ එක්කනා 8 වසරේ. අනිත් එක්කනා 7 වසරේ. ඒ අතරේ මගේ නංගීගේ මහත්තයාට බෑ කියලා ආවා. එයාට එක දුවෙක් ඉන්නවා. එයාට උගන්වන්න එයාගේ අම්මට බැහැ. එයාවත් මම එක්කන් ඇවිල්ලා ඉගැන්නුවා. මේ පාර 5 වසර ශිෂ්‍යත්වය ලියනවා. මේ විදියට කරදර මැද්දේ අපේ ජීවිතය ගතවෙනවා. දැන් අපේ කරදර අඩුයි.
මගේ ළමයි අට දෙනාගෙන්ම (මල්ලිගෙ පහයි, නංගිගෙ එක්කනයි, මගේ දෙන්නයි) එක්කනයි රජයේ රස්සාවක් කරන්නේ. පුතා ත්‍රීවිල් එක පදිනවා. දැන් ඉන්න හත් දෙනාම උගන්නලා රජයේ රස්සාවල් කරන තැනකට ගේන්න ඕන කියන බලාපෙරොත්තුවයි, විශ්වාසයයි තමයි මට තියෙන්නේ.
2006 අවුරුද්දේ ආමි එකෙන් එනවා කියලා රෑ 8 ට විතර කිව්වා. මායි මගේ පුතයි දුවව අරන් ගිහිල්ලා සංවිධානයෙන් අල්ලයි කියලා මඩුවල මාස තුනක් හංගගෙන ගමේ හිටියා. රෑ 8 ට ෂෙල් ගහන්න පටන් ගත්තා. ෂෙල් ඇවිල්ලා වැටෙනකොට කොහේ ගිහිල්ලා හැංගෙන්නද කොහේ යනවද කියලා හිතාගන්න බැරුව එහෙ මෙහෙ දුවලා බලනකොට ඇස් ඉදිරිපිට දිගටම ෂෙල් වැටෙනවා. අපි දුවමු කියලා ඉන්නකොට මඩුවල ඉඳලා හැමෝටම යන්න කියලා. ගියානම් මගේ දුවත් අරන් එන්න ඕන. මගේ දුව එක්ක එනවා නම් හොරෙන් තමයි ගේන්න ඕන. පාර දිගේම සංවිධානේ කට්ටිය. හැම දෙමාපියෝම ළමයි කොහොමද ගිනියන්නේ කියලා දන්නේ නැතිව අපි ළමයින්ට වෙන ඇඳුම් අන්දවලා බඩු භාණ්ඩවලට හංගලා තමයි ගමට ගෙනාවේ. මෙහේ ඇවිල්ලා මාස තුන හතරකට පස්සේ යවන්න අම්මේ අපි ගෙනත් ඇරලන්නම් කියලා ගියා. එක්ක ගිහිල්ලා මාස පහක් වෙනවා. මගේ ළමයා නැහැ. කොහෙද ඉන්නේ කියලවත් දන්නෙ නැහැ. මම හොයපු නැති තැනක් නැහැ. හොයා ඇවිදලා ඒ කාළේ මම පිස්සු හැදිලා වගේ පාරේ ඇවිද ඇවිද හිටියා. මගේ ජීවිතේට මම ඒක අමතක කරන්නේ නැහැ.
අන්තිමේ දී මාස පහකට පස්සේ ඇවිල්ලා බලන්න පුලුවන් කිව්වා. මෙහෙ ඉඳන් බලන්න ගියා. දුව තියන් ඉන්න තැන බලන්නවත් බැහැ. එතන දී මට හරියට දුක හිතිලා කෑ ගහලා බලාගන්න එක්කනාට කියලා ඇඬුවා. මම අවුරුද්දේ ඉඳන් මේ ළමයා තාත්තත් නැතුව මෙච්චර දුක් විඳලා හදාගෙන එනකොට මගේ ළමයා මේ විදියට තියාගෙන ඉන්නව නේ... මගේ ළමයා එනකොට මං මැරිල තියෙයි. මම මෙහෙන් යන්නේ නැහැ. මීටවඩා හොඳයි මම මැරෙනවා කියලා එතනම බිත්තියක ඔලුව ගහගන්න ගියා. එතකොට ලොකු නිලධාරියෙක් ඇවිල්ලා අම්මා අඬන්න එපා, තාත්තා නැතිව ඉන්න ළමයා. අනිවාර්යෙයන් දුව එවන්නම්. ඒත් පුතා සංවිධානයේ ඉන්න ඕන. මම මේ කාළෙම මගේ බුද්ධියට ප්‍රසංසා කරලා මගේ පුතාව ආරක්ෂා කරගන්නම් කියන විශ්වාසයෙන් මගේ පුතාව බාර දුන්නා.
මගේ දුවට වයස ආවම මම බාර දෙන්නම්. මගේ දුවට වයස ආවම මම බාර දෙන්නම්. මගේ දුව අතහරින්න කියලා කිව්වම ඒගොල්ලෝ දුව අතහැරියා. දුව අතහැරලා මාස නවයකට පස්සේ මගේ පුතාට වයස 17 යි. ඇවිල්ලා එයාව අරන් ගියා. ගිහිල්ලා දවස් තුනක් එක කාමරයක හිර කරලා තියාගෙන හිටියා. මම දවස් තුනක් ගිහිල්ලා හෙව්වා. අන්නිතිමේ දී මුලතිව්වල දවස් තුනක් හිරකරගෙන හිටියා. එහෙ ගිහිල්ලා මට ගෙයක් හදාගන්නත් බැහැ. ඒ හින්දා පුතාව නිදහස් කළොත් මට යන්න පුලුවන්. ගේ හදලා ඉවරවෙලා පුතාව එක්කන් එන්නම් කියලා එයාව එක්කගෙන ආවා.
දවස් නවයක් පුතාව බංකරය ඇතුළෙම හංගගෙන ඉඳලා කවුරු ආවත් කමක් නැහැ මට සංවිධානයෙන් වෙඩි තිබ්බත් මැරෙන්නේ නැහැ. ආමි එකෙන් වෙඩි තිබ්බත් කමක් නැහැ. මගේ ළමයි දෙන්නා ආරක්ෂා කරගන්න ඕන කියලා එක්කගෙන ගිහිල්ලා 2009 අවුරුද්දේ තුන්වැනි මාසේ නව වෙනිදා වව්නියාවේ ගාමිනී කඳවුරේ දී යටත් වුනා. ඒක තමයි මට ජීවිතේට අමතක කරන්න බැරි සිදුවීම.