They arrested my husband

A collection of experiences related to ethnic conflict


මගේ සැමියා අත්අඩංගුවට ගත්තා

ජනවාර්ගික ප්රශ්නයට අදාළ අත්දැකීම් රාශියක්


அவர்கள் என் கணவரை கைது செய்தனர்

இனப்பிரச்சினை தொடர்பான அனுபவங்களின் தொகுப்பு





My parents are from Pothuvil and I was also born and brought up there. I got married to my uncle’s son. It was arranged by my parents. He was at Inspector Eaththam. I got 4 children; we educated all of them very well.
During the 1990 trouble, my husband got caught. The military had rounded up the area and arrested 20 people. My elder brother and my husband all were taken from our house. None of them got released. We were all in our elder sister’s house. She was married to a Sinhalese, we all stayed there. The military came and our mother told them there is no one at home. They broke in the house and found all of us squatting in fear. They took all of them telling that they would be released after loading soda bottles. Till now they have not been sent home. Later we received a letter informing that they were dead. They have killed more than 200 people at the police station.
It was the STF who took them away. When we went to the police station to make an entry we were asked to tell that they were taken away by LTTE. But we didn’t write such, how could we do that, it was not them who did that. Would Tamil people do that? It was the military who came and caught them. They rounded up the place and even checked inside the wells with a stick to see whether anyone hiding there. Later the Muslim people came to rape women. Then a good Muslim man from our neighborhood came and chased them away saying don’t harm these innocent people. They ran away. After my husband got caught, Muslims from this side came to our house and attempted to attack us with knife. My husband was taken away and there was no men at the house so we got scared and got displaced to Komari and stayed there for about 2 years. Later an AGA told us to be in our own homes, so we returned.
When we went to Komari in 1990, somebody has put the LTTE’s cloth inside our house. So STF had burnt down the house. The house was fully destroyed. Later with great difficulties we rebuilt the house. My husband is no more, all the children together helped to rebuild the house.
My son got married in Vaalaichenai. He is in Vantharumulai with my daughter-in-law. He works as a bank manager. One daughter is in the university. The other one is working at Learners; it was my son who financed her university education. He got interested in a woman and decided to marry her. They came to our place proposing the marriage. We all agreed for their wish. Then I went to their house and then asked my son “you have gone through enough difficulties when you lived with me, are you going to suffer again coming to live here?”. Then my daughter-in-law came and said “No mother-in-law, we would look after him very well”. I agreed for their wedding and it took place in Batticaloa Mariage Hall. They happily lived and gave birth to two children.
She likes me very much and would say “come often Mother-in-law!”. Like that one day she told me “ I am going to attend a meeting in Vavuniy, the car has space in it, you too come Mother-in-law”. I agreed and went along with her. Her meeting got finished by 2pm and when we came back she told me, “I feel tired I would sit back to have a nap you sit in the front Mother-in-law”. On the way the car hit a cow and toppled in to a hollow. We both fell down. They brought us to the main hospital and kept in ICU. It seems that she had been talking well and has instructed others to take care of me. I was kept in the ICU for one month. Within 2 or 3 days my son was taken home. They didn’t tell me that my daughter-in-law had died. When I inquired about her I was told that she was taken to India to fix a wire in her hand. They told me about her demise only after three months when I have recovered.
She had two daughters. We are taking care of one and the other one is with her mother. Thinking that I was dead they have even canceled my ration, now I have applied for it.
Later the Tsunami incident took place. Water didn’t come here, but we feared it would come and went to Lagukala in a lorry. We were there for 10 days. Sinhalese people fed us and took care of us very well. We were given three meals a day. Later we came back in lorry and saw our houses were not damaged. My youngest son would buy food for us.
My youngest son studied in a Sinhalese school. He liked a Sinhalese girl and got married to her and brought her to this house. They got two children, one boy and a girl. My daughter-in-law is from Badulla and now lives near to the Sinhalese school here. I gave my house and land to my youngest son.
Now my youngest son and daughter-in-law are living with me. He didn’t study well. Daughter-in-law is Sinhalese. She got qualified for university. But her elder brother had torn the admission letter in anger that she had married a Tamil boy. So she didn’t go to the university. My son is driving an Auto. With that income we all are living well in this house.


අපේ අම්මයි තාත්තයි පොතුවිල්වල. මමත් ඉපදිලා හැදී වැඩුනේ පොතුවිල්වල. මම අපේ මාමගේ පුතා බැන්දා. අම්මා තාත්තා තමයි බන්දලා දුන්නේ. එයා ඉන්නේ ඉන්ස්පෙක්ටර් ඒත්තම්වල. ළමයි හතර දෙනෙක් ඉන්නවා. එයාලට හොඳට ඉගැන්නුවා.
1990 ප්‍රශ්නයේ දී අපේ එක්කෙනාව අල්ලගෙන ගියා. 90 දී අමි කාරයෝ රවුන්ඩ් අප් කරලා 20 දෙනෙක් ඇල්ලුවා. අපේ මහත්තයා, අයියා ඔක්කෝම අපේ ගෙදරදී තමයි අල්ලගෙන ගියේ. අල්ලගත්තම එක්කෙනෙක්වත් නිදහස් කළේ නෑ. හැමෝම අපේ අක්කගේ ගෙදර තමයි හිටියේ. අක්කා සිංහල කෙනෙක් බැඳලා හිටියා. එහෙ තමයි හැමෝම හිටියේ. ආමි තමයි ආවේ. අපේ අම්මා කිව්වා කවුරුවත් නෑ කියලා. එහෙම කියනකොට දොර කඩලා බැලුවා. එතකොට හැමෝම බයේ වාඩිවෙලා හිටියා. හැමෝම අල්ලගෙන ගිහින් සෝඩා බෝතල් ටිකක් තියෙනවා බාලා එවන්නම් කිව්වා. අද වෙනකම්ම එව්වේ නැහැ. පස්සේ ලියුමක් ආවා ඔක්කොම මැරුණා කියලා. 200කට වැඩි දෙනෙක් පොලිස් ස්ටේෂමේ තියලා මරලා දැම්මා.
එස් ටී එෆ් තමයි ඇල්ලුවේ. අපි පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න ගියාම එස් ටී එෆ් ආමි කරපු දේ එල් ටී ටී ඊ කළා කියලා ලියලා දෙන්න කිව්වා. අපි එහෙම ලියලා දුන්නේ නැහැ. කොහොමද දෙන්නේ... එයාලා කළේ නෑනේ.. දෙමළ අය කරයිද? ඇවිල්ලා ඇල්ලුවේ ආමි තමයි. ‍හමුදාව රවුන්ඩ් අප් කරලා ළිං ඇතුළේ එහෙමත් ලීයක් දාලා බලනවා කවුරුහරි ඉන්නවද කියලා. පස්සේ මුස්ලිම් අය ගෑණුන්ව දූෂණය කරන්න ආවා. ළඟ හිටපු මුස්ලිම් අය එයා හොඳ කෙනෙක් ඒ ගොල්ලෝ පව් හොඳ ළමයි ඇයි මෙහෙම කරන්නේ කියලා උන්ට ගහලා පැන්නුවා. එයාලා දිව්වා. මෙයා ඇල්ලුවාට පස්සේ අහළ පහළ හිටපු මුස්ලිම් කට්ටිය එකතුවෙලා අපේ ගෙට රිංගලා අපිව මරන්න හැදුවා. මෙයා අහුවුනා‍නේ.. පිරිමි අයත් නෑනේ කියලා අපි බයවෙලා අවතැන් වෙලා කෝමාරිවල අවුරුදු දෙකක් හිටියා. ඊට පස්සේ ඒ ජී ඒ කෙනෙක් කිව්වා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ගෙවල්වල ගිහින් ඉන්න කියලා. ඊට පස්සේ අපි මෙහෙට ආවා. 1990 අවුරුද්දේ දී අපි කෝමාරිවලට ගිය වෙලාවේ කවුදෝ එල් ටී ටී ඊ ඇඳුමක් අපේ ගෙදර දාලා තිබුනා. එතකොට එස් ටී එෆ් ඇවිත් ගෙට ගිණි තිබ්බා. හැම දෙයක්ම සමතලා වුනා. ගේ සම්පූර්ණයෙන්ම කැඩිලා. පස්සේ තමයි දුක් විඳලා මේ ගේ හදාගත්තේ. එයත් නැහැනේ. ළමයි ඔක්කොම එකතුවෙලා හදලා දුන්නා.
මගේ පුතා වාලච්චේනෛයිවල කසාද බැඳලා ඉන්නවා. ලේලිත් එක්ක වන්දාරමුල්ලෛයි ඉන්නවා. එහෙ බැංකුවේ මැනේජර් වැඩ. දුව කැම්පස් ගියා. අනිත් දුව ලර්නස් එකක වැඩ. එයාට කැම්පස් යන්න අනිත් පුතා තමයි හම්බ කරලා සල්ලි ගෙව්වේ. එයා බඳින්න කෙල්ලෙකුට කැමති වුනා. කැමතිවෙලා මෙහෙ ඇවිල්ලා අහනකොට හැමෝම කැමතිවෙලා හිටියා. අපිත් එහෙ ගිහිල්ලා ගෙදර බලලා මම ඇහුවා ඇයි පුතේ මං එක්ක ඉඳලා දුක් විඳලා මදිද මෙහෙ ඇවිල්ලත් දුක් විඳින්නද යන්නේ කියලා. එතකොට ලේලි ඇවිල්ලා නෑ නැන්දේ අපි එයාව හොඳට බලාගන්නම් කිව්වා. හා කියලා මඩකලපුව කළ්‍යාණ මණ්ඩපයේ දී විවාහය සිද්ධ කළා. ඒගොල්ලෝ සතුටින් ඉඳලා ළමයි දෙන්නෙකුත් ලැබුනා.
ලේළී මට හරි කැමතියි. සැරින් සැරේ මට එන්න කියනවා. එක සැරයක් එයා මට කිව්වා මම වව්නියාවේ රැස්වීමට යනවා කාරෙකේ ඉඩ තියනවා ඔයත් එන්න නැන්දේ කියලා. හා කියලා මාත් ගියා. ගිහිල්ලා එයාට දෙකට රැස්වීම ඉවරවෙලා එනකොට එයා කිව්වා මට මහන්සියි.. මම පිටිපස්සේ නිදාගන්නම්. නැන්දා ඉස්සරහින් ඉඳගන්න කියලා. හා කියලා එනකොට කාර් එක හරකෙක්ගේ ඇ‍ඟේ වැදිලා පල්ලමකට වැටිලා මායි එයයි වැටුනා. ඊට පස්සේ ලොකු ඉස්පිරිතාලෙට ගිහිල්ලා අයි සී යූ එකේ තිබ්බා. එයා හොඳට කතා කළා. එයා කිව්වලු නැන්දව බලන්න.. නැන්දව බලන්න කියලා. මම මාසයක්ම අයි සී යූ එකේ ඉඳලා තියෙනවා. පුතාව දවස් දෙක තුනෙන් ගෙනහිල්ලා තියෙනවා. ලේළි මැරුණා කියලා මට කිව්වේ නැහැ. එතකොට මම ඇහුවා ඇයි දුව ආවේ නැත්තේ කියලා. ඇහුවම එයාලා කිව්වා ඉන්දියාවේ අතට කම්බි දාලා තියෙනවා කියලා. පස්සේ මාස තුනකට පස්සේ මට සනීප වුනාට පස්සේ තමයි කිව්වේ එයා නැතිවුනා කියලා.
එයාගේ ළමයි දෙන්නම ගෑණු ළමයි. එක ළමයෙක්ව අපි අරගත්තා. අනිත් ළමයා ඒගොල්ලන්ගේ අම්මා ගත්තා. මම මැරිලා කියලා මගේ කූපන් එකත් කපලා. කූපන් එක හදාගන්න ලියුමක් ලියලා දුන්නා.
ඊට පස්සේ සුනාමි ආවා. එතකොට වතුර ආවේ නැහැ. වතුර එයි කියලා බයේ තමයි ගියේ. එතකොට අපි ලොරියක නැගලා ලාහුගලට ගියා. අපි ගිහිල්ලා එහෙ දවස් දහයක් හිටියා. එතකොට සිංහල අය අපිට කෑම දීලා හොඳට බලාගත්තා. තුන් වේලම කෑම දුන්නා. පස්සේ ලොරියෙම ඇවිල්ලා මෙහෙ බලනකොට ගේ කැඩිලා නැහැ. අපේ පොඩි පුතා ගිහිල්ලා කෑම එහෙම කඩෙන් ගෙනෙල්ලා දුන්නා.
පොඩි පුතා සිංහල ඉස්කෝලේක ඉගෙන ගත්තේ. සිංහල කෙල්ලෙකුට කැමතිවෙලා බැඳලා එක්කගෙන ඇවිත් මේ ගෙදර ඉන්නවා. එයාට ළමයි දෙන්නයි. පිරිමි ළමයයි. ගෑණු ළමයයි. ලේළි බදුල්ලේ. මෙහෙ සිංහල ඉස්කෝලේ ළඟ තමයි ඉන්නේ. ගේයි ඉඩමයි පොඩි පුතාට තමයි දුන්නේ.
දැන් පොඩි පුතයි ලේළියි මාත් එක්ක තමයි ඉන්නේ. මෙයා හොඳට ඉගෙන ගත්තේ නැහැ. ලේළී සිංහල. කැම්පස් හම්බ වුනා. දෙමළ කොල්ලෙක් බැන්දා කියලා තරහට එයාගේ අයියා කැම්පස් ලියුම ඉරලා විසිකළා. ඒකෙන් කැම්පස් ගියේ නැහැ. පුතා ත්‍රීවිල් එකක් පදිනවා. ඒකෙන් ලැබෙන ආදායමෙන් දැන් අපි මේ ගෙදර හොඳට ඉන්නවා.




எங்கட அம்மா அப்பா பொத்துவில் நான் பிறந்து வளந்தது பொத்துவிலில, எங்கட மாமாட மகன கல்யாணம் கட்டின நான். அம்மா அப்பாதான் கல்யாணம் கட்டிதந்தவங்கள் அவர் இன்ஸ்பெக்டர் ஏத்தத்திலதான் இருக்கிறார். 04 பிள்ளைகள் பிறந்தது நல்லா படிப்பிச்ச
1990ம் ஆண்டு பிரச்சினையில எங்கட அவர பிடிச்சிட்டாங்க 1990ம் ஆண்டு ஆமிகாரர்கள் ரவுண்டப் பண்ணி 20 பேர பிடிச்சவங்க எங்கட அண்ணன், கணவர் எல்லாரையும் எங்கட வீட்ட வைச்சிதான் பிடிச்சவங்க பிடிச்சதில ஒருவரையும் விடல. எல்லாரும் எங்கட அக்காட வீட்டதான் இருந்தவங்க அக்கா ஒரு சிங்களவரத்தான் கல்யாணம் கட்டிருந்தவ அங்கதான் எல்லாரும் இருந்த ஆமிதான் வந்த. எங்கட அம்மா சொன்னா ஒருத்தரும் இல்ல என்று சொல்ல வீட்ட உடைச்சி பார்த்தா எல்லாரும் பயத்தில குந்திக்கொண்டிருந்த முழுப் பேரையும் பிடிச்சி கொண்டு போய் சோடா போத்தல் பறிச்சிட்டு அனுப்புறம் என்டாங்க இதுவரையும் அனுப்பல்ல. பிறகு கடிதம் வந்திச்சி செத்துட்டாங்க என்டு. 200 பேருக்கு மேல் பொலிஸ் ஸ்டெசனில வச்சி சாகடிச்சசுப் போட்டாங்கள்.
STF தான் பிடிச்ச நாங்க பொலிஸ்ல என்ரி போட போகபோன நேரம், STF ஆமி செய்ததற்கு LTTE செய்தது என்று எழுதி தரச் சொன்னவங்க ஆனா நாங்க எழுதி கொடுக்கல எப்படி கொடுக்கிறது அவங்க செய்யேலதானே. தமிழ் ஆட்கள் செய்வாங்களா வந்து பிடிச்சதே இராணுவம்தானே ரவுண்டப் பண்ணி பிடிச்சது இராணுவம் கிணத்துக்குள்ள கம்ப விட்டு குடைஞ்சு உள்ள யாரும் இருக்கிறாங்களா என்டு பார்த்தாங்க. பிறகு முஸ்லிம் ஆட்கள் பொம்பிளைகள கெடுக்க வந்தாங்கள் பக்கத்தில இருக்கிற முஸ்லிம் ஆள் அவர் நல்லம் வந்து பாவம் அவங்க நல்ல பிள்ளைகள் ஏன் இப்படி செய்றீங்க என்று அவனுகள் அடிச்சி விரட்டிட்டார். அவனுகளும் ஓடிட்டானுகள் இவர் பிடிபட இந்த பக்கத்து முஸ்லிம் ஆட்கள் எல்லாம் எங்கட வீடு பூந்து எங்கள வெட்ட வந்தாங்க. இவர் பிடிபட்டதானே ஆம்பிளகள் இல்லதானே நாங்க பயந்து திரும்ப இடம்பெயர்ந்து கோமாரியில 02 வருசம் இருந்த நாங்க. அதற்கு பிறகு AGA ஒருவர் சொன்னார். நீங்க உங்கட உங்கட வீட்டில போய் இருங்க என்று அதற்கு பிறகு இங்கு வந்தனாங்க
90ம் ஆண்டு நாங்க கோமாரிக்கு போன போது யாரோ LTTE இட உடுப்ப இந்த வீட்டுக்குள்ள கொண்டு வந்து போட்டிருந்தாங்க அப்போ STF வந்து வீட்ட பத்த வச்சவங்க எல்லாம் தரைமட்டமா இருந்தது. வீடு எல்லாம் உடைஞ்சு பிறகுதான் கஸ்டப்பட்டு இந்த வீட்ட கட்டின அவரும் இல்லதானே பிள்ளைகள் எல்லாம் சேர்ந்து கட்டி தந்தவங்க.
என்ற மகன் வாழைச்சேனையில கல்யாணம் கட்டியிருக்காரு மருமகளோட வந்தாருமூலையில இருக்காறு அங்க Bank ல மனேஜர் வேலை மகள் கெம்பஸ் போயிற்றா மற்ற மகள் லேனர்ஸ்ல வேலை அவர் கெம்பஸ் போக மற்றமகன் தான் உழைச்சி காசி கட்டினவர். அவர் கல்யாணம் கட்ட ஒரு பொம்பிளைய விரும்பிட்டார். விரும்பி இங்க கேட்டு வந்த எல்லாரும் விரும்பி முடிக்கட்டும் என்று இருந்த நாங்களும் அங்க வீட்ட போய் பார்த்த அப்போ நான் கேட்ட என்ப்பா என்னோட இருந்து கஸ்டப்பட்டது போதாது என்று இங்கயும் கஸ்டப்பட போறியா என்று கேட்டன் அப்போ மருமகள் வந்து இல்ல மாமி அவர நாங்க நல்லாப் பார்ப்பம் என்றோர் சரி என்று மட்டக்களப்பு கல்யாண மண்டபத்தில கல்யாணம் நடந்தது. அவங்க சந்தோசமாக இருந்து 02 பிள்ளைகளும் பிறந்தது.
அவக்கு என்னோட நல்ல விருப்பம் அப்ப அடிக்கடி வாங்க மாமி என்று சொல்லுவா, அப்படி ஒருநாள் அவ சொன்னா நான் வவுனியா கூட்டத்திற்கு போகப்போறன் கார் சும்மாதான் போகுது நீங்களும் வாங்க மாமி என்றா சரி என்று நானும் போனன். போயிற்று அவக்கு 02 மணிக்கு கூட்டம் முடிந்து வரக்கொள்ள அவ சொன்னா எனக்கு களைப்பா இருக்கு நான் பின்னுக்கு இருந்து படுத்து வாரன் நீங்க முன்னுக்கு இருந்து வாங்க மாமி என்று சொன்னா சரி என்று வரும்போது கார் மாட்டில மோதி பள்ளத்தில விழுந்து நானும் அவவும் விழுந்திட்டம் அப்போ பெரிய ஆஸ்பத்திருக்கு கொண்டுவந்து ஐஊரு இல வச்சிட்டாங்க அவ நல்லா கதைச்சவ அவ சொன்னதாம் மாமியத்தான் பாருங்க மாமியத்தான் பாருங்க என்று, நான் 01 மாதம் ஐஊரு இல இருந்த மகனையும் 02, 03 நாளையாள கொண்டு போயிற்றாங்க மருமகள் இறந்திட்டா என்டு எனக்குச் சொல்லல அப்போ நான் ஏன் மருமகள் வரல என்று கேட்டதற்கு அவக்கு இந்தியால கைக்குள்ள கம்பி வச்சிருக்கு என்றுதான் சொன்னாங்க, பிறகு 03 மாதத்தால எனக்கு நல்லானதற்கு பிறகுதான் சொன்னாங்க அவ செத்துட்டா அம்மா என்று
அவக்கு 02ம் பொம்புள பிள்ளை.ஒரு பொம்பிளய நாங்க எடுத்து பார்க்கிறம், ஒரு பொம்பிளய அவட அம்மா பார்க்கிறா. நான் செத்திட்டன் என்டு என்ர கூப்பனக் கூட வெட்டிட்டாங்க. கூப்பனுக்கு கடிதம் எழுதி கொடுத்திருக்கிறன்.
அதன் பின்னர் சுனாமி வந்தது. இங்க தண்ணி வரல இங்கையும் தண்ணி வரும் என்று பயத்திலதான் போன அப்ப நாங்க லொறி ஒன்றில ஏறி லாகுகலக்கு போன. நாங்க போய் 10 நாள் அங்க இருந்த. அப்போ சிங்கள ஆட்கள் எங்கள நல்லா சாப்பாடு தந்து கவனித்தாங்க 03 நேர சாப்பாடு தந்து, பிறகு லொறில வந்து இங்க பார்த்தா வீடு ஒன்றும் உடையல எங்கட கடசி மகன் போய்தான் சாப்பாடு எல்லாம் வாங்கி வந்து கொடுத்தவர்.
கடசி மகன் சிங்கள School ல படிச்சவர் ஒரு சிங்கள பிள்ளைய விரும்பி கல்யாணம் கட்டி கூட்டிகொண்டு இந்த வீட்டில வச்சிருக்கார். இவருக்கு 02 பிள்ளை இருக்கு அம்பிள ஒன்று, பொம்பிள ஒன்று. மருமக பதுள. இங்க சிங்கள ஸ்கூலுக்கு பக்கத்திலதான் இருக்கிறா. வீடு வளவு கடைசி மகனுக்குத்தான் கொடுத்த
இப்ப கடைசி மகனும் மருகளும், என்னோடதான் இருக்கிறார்கள் இவர் நல்லா படிக்கல மருமகள் சிங்களம். கேம்பஸ் கிடைத்தது தமிழ் பெடியன கல்யாணம் கட்டின என்று கோபத்தில அவளிட அண்ணன் கெம்பஸ் கடிதத்த கிழிச்சு எறிஞ்சுட்டார் அதால கெம்பஸ் போகல மகன் ஆட்டோ ஓடுகிறார். இதன் மூலம் வரும் வருமானத்த வச்சு இப்போ இந்த வீட்டில நல்லா இருக்கிறோம்.







A PROJECT BY


DISTRICT PARTNERS

Community Memorialization Project
186/5, 1/1 Havelock Road
Colombo 05

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License