Let's move forward
A fisherman from Nilwella speaks about his experiences from the Tsunami, the JVP insurrection and the civil conflict which prevailed in the country.
ඉදිරියට පා තබමු
මාතර නිලාවැල්ල ප්‍රදේශයේ ධීවරයෙකු සුනාමිය, ජ.වි.පෙ කැරැල්ල හා පැවති යුද්ධමය වාතාවරනය හේතුවෙන් මුහුණ් පෑ අත්දැකීම් පිළිබඳ කතා කරයි
முன்னோக்கி நகர்த்தலாம்
நில்வெல்லவைச் சேர்ந்த ஒரு மீனவர் சுனாமி, ஜே.வி.பி கிளர்ச்சி மற்றும் நாட்டில் நிலவிய உள்நாட்டுப் போரினால் ஏற்பட்ட அனுபவங்களைப் பற்றி பேசுகிறார்.
From November, December, the Eastern monsoons prevent fishing in these waters. Then our parents generation would go to Pottuvil, Kalmunai, Trincomalee, Sellipiaru to fish. Then they would pack the boats onto lorries and take it over. But fishermen from those areas didn't come here. Not then, not now. This is because, generally people won't allow non-villagers to come into this fishing harbour. Supposing it is someone from Dikwella... even he cannot come here and fish, unless at least he is married to someone from the village. Then he might have rights to fish. There is no such problem for us when we go there. That was always the system.
නොවැම්බර් දෙසැම්බර් වල වගේ ඉදලා ඊශානදිග හුළං පටන්ගත්තම මෙහෙ මාළු අල්ලන්න කොහොමටත් නැති වෙනෝ. ඊට පස්සේ අපේ තාත්තල කරන්නේ මොකක්ද, පොතුවිල් ගියා, කල්මුනේ ගියා. ත්‍රිකුණාමලේ, ඊට පස්සේ සෙලෙප්පියාරු යන්න ගියේ. එතකොට අපි අර ඔරු ටික අරගෙන යන්නෙත් ලොකු ලොරි ගෙනල්ල ලොරි වල තමයි. කොහොමටත් එහේ අය මෙහේ කර්මාන්ත කරන්න එන්නේ නෑ. ඉස්සරත් නෑ. හේතුවක් තිබුන දැන් අපේ අය ගිහිල්ල එහේ කර්මාන්ත කරාට අපේ වරායට ඇවිල්ල මෙහෙ කට්ටියට කර්මාන්ත කරන්න බෑ. එතකොට වරායට ඇවිල්ලා අපි හිතමු දැන් දික්වැල්ලේ මනුස්සයෙක් කියලා. එතකොට එයා මේ ගමේ කෙනෙක් නෙමෙයි නම්, ගම්වාසියෙක් නෙමෙයි නම්, අපේ ගම් වල අවිල්ල මාළු අල්ලන්න එයාට බෑ. අඩුම ගානේ එයා මෙහේ කසාදයක් හරි බැදලා තියෙන්න ඕන. එතකොට අයිතිවාසිකම් තියෙන්නේ මෙහෙ ඇවිල්ල මාළු අල්ලන්න. දැන් අපිට, එහේ එහෙම ප්‍රශ්නයක් නෑ. සංචාරක ධීවරයින්ට මාළු අල්ලන්න පුළුවන්. ඒ කාලේ ඉදලාම ඒක හැදිච්ච සිස්ටම් එකක්.
கிழக்கு பருவ பெயர்ச்சி காற்று நவம்பர், டிசம்பர் மாதங்களில் மீன் பிடி தொழிலை நிறுத்திவிடுகிறது. எங்களுடைய தந்தைகள் பொத்துவில், கல்முனை, திருகோணமலை மற்றும் செலுப்பியாரு பகுதிகளில் மீன் பிடி தொழிலுக்கு செல்வார்கள். அவரகள் படகுகளை பெரிய லொரிகளில் போட்டு கொண்டு செல்வார்கள். நம்முடைய ஆட்கள் அங்கே சென்று தொழில் செய்தாலும் அங்கு இருப்பவர்கள் இங்கே வந்து தொழில் செய்ய இயலாது. அப்போதும் இல்லை இப்போதும் இல்லை. டிக்வெல பகுதியிலிருந்து யாரும் இங்கே வர இயலாது. அவர் இந்த பகுதியில் யாரையாவது திருமணம் முடித்தால் மட்டுமே இங்கு தொழில் புரியலாம். எங்களுக்கு அந்த மாதிரி கிடையாது. நாங்கள் போகலாம். அந்த முறையே இருந்தது.
The sails on the Southern boats is different to what they use in Puttalam area. In the south it is smaller in front and gets bigger towards the mast. It is huge: The old folk say that it is a 'kachchiya'. It is always triangular. In Puttalam it is less long and square. The size of the boat depends on whether it is a deep sea boat or one that is close to land. The big boats were made by people who were experts. They did it with a lot of reverence. We remember the old ways. But the youth of today have no idea. We used to worship the boat before we got in out of respect. The master fisherman was called Maraakal. I don't know how that name came about but that is the word used in these parts for the captain of the boat. Only the master fisherman would have a boat. Now the term Marrakkal has become skipper. Even before the tsunami, the sail boat tradition was slowly dying. But after the tsunami it completely disappeared. After the tsunami a few still did the old type of fishing. But when they died, it died.
දකුණේ පාවිච්චි කරන රුවලයි ඔය පුත්තලම පැත්තේ පාවිච්චි කරන රුවලයි අතරේ වෙනසක් තියෙන. දැන් අපි පාවිච්චි කරන රුවල තියෙන්නේ ඉස්සරහ පැත්තේ පොඩියට ඇවිල්ල පස්සට එන්න එන්න පුලුවාන් තරම් ලොකුවට. රුවල ලොකු විශාල රුවලක්, සාමාන්‍යයෙන් පරණ අය කියනවා නම් රෙදි කච්චියක් තමයි යන්නේ. ත්රිකෝනාකාරයි අනිවාර්යයෙන්ම. එක පැත්තක් උල් හැඩේට.අනිත් පැත්ත පස්සට එන්න එන්න පළලින් වැඩියි. දැන් මිගමුව හලාවත, පුත්තලම් දිස්ත්‍රික්කේ පාවිච්චි කරන රුවල් දෙකේ හැඩ දෙකක් තියෙන්නේ. ඒගොල්ලොන්ගේ රුවල පළලින් අඩුයි දිගින් වැඩියි. රුවලත් තියෙන්නේ කොටු හැඩේට. ඈතට ගිහිල්ල මාළු අල්ලනවද ලග ඉදන් මාළු අල්ලනවද ඒ අනුව තමයි ඒ ඔරුව ලොකු පොඩි හැටියට තමන් විසින් තමන්ගේ මට්ටමට අනුව හදාගන්නේ. ලොකු ඔරු කියන ඒවා හදාගන්නේ අති දක්ෂ ඒ කියන්නේ පන්නකාරයෝ. ඒවා ගොඩාක් භක්තියෙන් කරන දෙයක්. හොදටෝම ඒ කර්මාන්තය දැන් අපිට මතකයි. ඔරුව ගාවට ගියාට පස්සේ ඔරුව ගොඩට වැදලා තමයි ඔරුව බාන්න සුදානම් වෙන්නේ. ඔය දැන් ඉන්න තරුණයෝ නම් එහෙම කරන්නේ නෑ. ඉස්සර මරක්කල කියන්නේ ඔරුවේ ප්‍රධානියාට. ඒක කොහොම හැදිලා ආවද කියන එක නම් මම දන්නේ නෑ ඒ වචනේ අපේ අයගේ භාවිතයේ. ප්‍රධානියාට විතරය ඔරුවක් තියෙන්නේ. මරක්කල, ස්කිපර් වෙලා. ඒ කියන්නේ අලුත් වචනේ ඇවිල්ලා. සුනාමියට ඉස්සෙල්ලත් රුවල් ඔරු කර්මාන්තය අඩු වුනා. සුනාමියෙන් පස්සේ ඒක නැති වෙලාම ගියා. සුනාමියෙන් පස්සේ දෙන්න තුන්දෙනයි යන්න හිටියේ. පස්සේ ඒ අය වයසට ගියාට පස්සේ ඒ අයත් ඒක නවත්තලා දැම්ම.
தென்பகுதியில் படகுகளில் பாவிக்கும் பாய்கள் புத்தளப்பகுதியில் பாவிப்பதற்கு வித்தியாசமாக இருக்கும். தென்பகுதி பாய்கள் முன்பகுதி சிறிதாகவும் பாய்மரத்தில் மேல் பெரிதாகவும் இருக்கும். வயதானவர்கள் இதற்கு காய்ச்சிய என்று சொல்வார்கள். இது முக்கோண வடிவில் இருக்கும். புத்தளப்பகுதியில் இது கொஞ்சம் நீளமாகவும் சதுரமாகவும் இருக்கும். படகுகளின் அமைப்பு அது ஆழ்கடல் படகா அல்லது நிலப்பரப்பை அண்டியதா என்பதை தீர்மானிக்கும். பெரிய படகுகள் அமைப்பது அதில் நிபுணத்துவம் பெற்றவர்களால். அதை அவர்கள் ஒரு பயபக்தியுடனேயே செய்தார்கள். எங்கள் பழைய நாட்களை எங்களுக்கு ஞாபகமிருக்கிறது. ஆனால் இன்றைய இளைஞர்களுக்கு எந்தவிதமான எண்ணமே கிடையாது. நாங்கள் படகில் ஏறும் பொழுதும் இறங்கும் பொழுதும் வணங்கி மரியாதையுடனேயே செய்வோம். இதில் பெரிய மீனவரை மரக்கல் என்று அழைப்பர்;. இந்த பெயர் எப்படி வந்தது என்று எனக்கு தெரியாது ஆனால் இப்பகுதிகளில் படகு கேப்டனிற்கு இந்த பெயரை பாவிப்பார்கள. பெரிய மீனவரே படகு வைத்திருப்பார். இப்போது மரக்கல் என்பது ஸ்கிப்பராக மாறிவிட்டது. சுனாமிக்கு முன்பதாகவே பாய்மர பாரம்பரியங்கள் அழிய தொடங்கிவிட்டது. சுனாமிக்கு பிறகு இது முற்றாகவே மறைந்து போய்விட்டது. சுனாமிக்கு பிறகு ஒரு சிலரே பழைய மீன்பிடியை செய்தார்கள். அவர்கள் இறந்தபிறகு இதுவும் மறைந்து போனது.
When the first wave came and wiped out everything, I didn't see it. I saw the second wave, that rose slowly from the sea. After the tsunami people were depressed and the fishing industry suffered losses. People thought this idea of the sea flooding the land was new, as they hadn't heard of it before. The people at sea, didn't suffer any damage, They didn't even know what had happened on land. The people in our village are religious. There is a temple here which is a large part of the their lives. Perhaps because of this, our village didn't suffer much damage or many deaths. After the tsunami however, we were flooded with aid from State and NGOs. People started seeing this like a blessing. People who were affected by the tsunami and those who weren't used many methods to acquire more aid. The NGOs also didn't bother looking into it. Sometimes, even the Government officials used us as a tool and got aid.
අර පලවෙනි සැරේ ඇවිල්ලා දේපල හානි කරගෙන මුහුද යනකොට මම දැක්කේ නෑ. ඊටපස්සේ තමයි මම දැක්කේ දෙවෙනි වතාවට මුහුද සැරින් සැරේ වතුර වැඩි වෙවී එන එක. සුනාමි දවස් වල ධීවර කර්මාන්තය ටිකක් ඉතිං තමන්ගේ අර දේපල හානියත් එක්ක සහ මිනිස්සුන්ගේ පොඩි මානසික පීඩනයකට ලක් වුනානේ. මුහුද ගොඩගලනවයි කිවුවහම මිනිස්සු ඒක අලුත් දෙයක් හැටියට හිතුවා. එහෙම දෙයක් කවදාවත් වෙලා නෑ. මුහුදේ හිටපු කට්ටියට කිසිම හානියක් වුනේ නෑ. මෙහෙම ගොඩබිමට වෙලාය කියල මුහුදේ වතුර වැඩි වෙලා මුහුද ගොඩට ඇවිල්ල මෙච්චර මිටර් ගානක් ඈතට මුහුද ගොඩගැලුවයි කියන එක එහෙම දෙයක් දැනිලා නෑ එයාලට. අපේ ගමේ මිනිස්සු ආගමට ලැදි. හොද පන්සලක් තියෙනව මෙහා පැත්තේ. පන්සලත් එක්ක මිනිස්සු හරිම බැඳිමක් තියෙනවා. ඉතිං මං හිතන්නේ ඒ භක්තියදෝ කොහෙද දෙයියෝ බැලුවා වගේ නිකං අපේ ගමට වෙරළාසන්න ගම් වලින් අඩුම දේපල සහ ජිවිත හානි. එතකොට කර්මාන්තෙට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආධාර ගලාගෙන එන්න පටන්ගත්තා නේ. මිනිස්සු බැලුවා දැන් මෙන්න හොද ඉල්ලමක් පෑදිලා තියෙනවා. සුනාමියේ හානිය වුනත් නොවුනත් මිනිස්සු මොකක් හරි උපක්‍රමයක් පාවිච්චි කරලා තමන්ටෙයි කියලා දෙන දෙයක් කවුරු හරි දෙන දෙයක් නේ ඒක, ඒක ඉතින් එහෙම ගත්ත මිනිස්සු. ඊට අමතර ඉතිං රාජ්‍ය නොවන සංවිධාන මම දන්න තරමින් ඉතිං හෙව්වුවේ බැලුවෙත් නෑ. මිනිහට දෙන ආධාර වලට වැඩිය ආයතන නිලධාරින් බැලුවා අපිටත් හොද ඉල්ලමක් පෑදිලා තියෙනෝ. ඉතිං එක එක ශ්‍රේණි වල නිලධාරින් අපි ආයුධයක් හැටියට තියාගෙන ඒගොල්ලොත් මේක රස්සාවක් කරගන්න ගත්තා.
முதலாவது அலை எல்லாவற்றையும் அழித்தது. நான் அதை பார்க்கவிலிலை. கடலில் இருந்து எழும்பிய இரண்டாவது அலையை பார்த்தேன். சுனாமிக்கு பிறகு மக்கள் சோர்வடைந்தும் மீன் பிடி தொழில் பாரிய இழப்புகளை சந்தித்தது. இம்மாதிரியான அலைகள் நிலப்பரப்புகளிற்கு பெருக்கெடுத்து செல்வது மக்களுக்கு புதிதாக இருந்தது. இது போல் அவர்கள் கேள்விப்பட்டதில்லை. கடலில் இருந்தவர்களுக்கு பெரிய பாதிப்பு எதுவும் நடக்கவில்லை. அவர்களுக்கு கரையில் என்ன நடந்தது என்பது கூட தெரியாது. எங்கள் கிராமத்தில் இருப்பவர்கள் சமயப் பற்றுள்ளவர்கள். இங்கிருக்கும் கோயில் அவர்களின் வாழ்க்கையில் மிகப்பெரிய பங்கை வகித்தது. அதனால் தானோ தெரியாது எங்களுடைய கிராமம் பெரிய அழிவையோ சாவுகளையோ எதிர் கொள்ளவில்லை. சுனாமிக்கு பிறகு அரசு மற்றும் அரசு சார்பற்ற நிறுவனங்களிலிருந்து நிறைய உதவிகள் கிடைத்தன. மக்களுக்கு இது ஒரு வரப்பிரசாதமாக அமைந்தது. சுனாமியில் பாதிக்கப்பட்டவர்களும், பாதிக்கப்படாதவர்களும் மாற்று வழிகளை பாவித்து உதவிகளை பெற்றார்கள். நிறுவனங்கள் அதை பற்றி கவனிக்கவில்லை. சில நேரங்களில் அரச அதிகாரிகள் எங்களை பாவித்து உதவிகளை பெற்று கொண்டார்கள்
Those were dark days in these parts. We weren't allowed to put to sea at night. We were worried if the Army would take us in or if they [JVP] would do something. Even if we caught fish, they wouldn't be worth much. The middlemen wouldn't come into buy them. JVP or not, people started giving tips on others. Similarly, the JVP would create problems for those that supported them and those that didn't. During the 88-89 period, we couldn't have our lights on...they would say eat like this, don't eat this... The army would ask to go fishing without fear that they will watch over us. But we aren't caught in the middle. But all that got resolved with time. There were a few abductions in our village, where they were taken, I think. 10 or 12 at once, disappeared without a trace. The police took them.
ඒ දවස් වල අර භයක්, භිෂණයක් තිබ්බනේ. එතකොට රෑට මුහුදු යන්න එන්න බෑ. එක්කෝ හමුදාවෙන් ගනිදෝ, මේ ඉන්න අය මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරාවිද ? එහෙම ප්‍රශ්නයක්නේ තිබුනේ. මාළු ටිකක් අල්ලගත්තත්, මාළු ටිකට මිලක් නෑ. එතකොට මාළු ගන්න වෙළෙන්දෝ එන්නේත් නෑ. කරා හෝ නොකරා ද, දැන් අර ජේවීපී කරපු අය පාවා දෙන්න ගත්තා, මිනිස්සු. ජේවිපී කට්ටිය ඒගොල්ලොන්ට උදවු කරන අය සහ උදවු නොකරන අය දෙගොල්ලොන්ටම විරුද්දව ප්‍රශ්න දාන්න ගත්තනේ. 88, 89 කාලේ එහෙම...ලයිට් නිවන්නෙයි කියනෝ, කෑම කන්න මෙහෙමෙයි කියනෝ, අරවා කන්න එපයි කියනෝ. හමුදාවෙන් කියනෝ තවත් එකක්, ඕගොල්ලෝ මුහුදු යන්න අපි බලාගන්නම් කියනෝ. දැන් ඒගොල්ලෝ කියන්නේ එකනේ, අපි මැදනේ, අපිට උත්තරයක් නෑ. ඉතිං ඒක කාලයාගේ අවෑමෙන් ඒක විසදිලා ගියා. මොකක්දෝ දන්නෑ කාරණාව අපේ ගමේ ඔය කීප දෙනෙක් එක පාරට අරගෙන ගිහිල්ලා මරලා මං හිතන්නේ. 10ක් 12ක් විතර වගේ අරන් ගිහිල්ලා එක පාරට නැති වුනා. නැති වුනා කියන්නේ එක පාර අරන් ගිහිල්ල ඒගොල්ලෝ. පොලිසියෙන් අරගෙන ගියේ. ඊට පස්සේ ඒ අයගේ මොකුත් ආරංචි නෑ.
இந்த காலம் இப்பகுதிகளில் ஒரு இருண்ட காலம். எங்களை கடலுக்கு செல்ல அனுமதிக்கவில்லை. எங்களுக்கு இராணுவம் எங்களை எடுத்து கொள்வார்களா அல்லது NItpgpapனர் எதுவும் செய்வாரகளா என்ற பயம் இருந்தது. மீன் பிடித்தாலும் அதற்கு விலை இல்லை. அதை வாங்குவதற்கு ஒருவரும் வரவில்லை. மக்கள் மற்றவர்களை பற்றிய விடயங்களை சொல்ல தொடங்கினார்கள். NItpgpapனர் அவர்களை ஆதரவு செய்தவர்களுக்கும் செய்யாதவர்களுக்கும் பிரச்சினைகளை கொடுக்க தொடங்கினார்கள். 88-89 கால கட்டத்தில் விளக்குகள் போட அனுமதியில்லை. அவர்கள் நாங்கள் எதை சாப்பிடுவது சாப்பிட கூடாது என்று கட்டளையிட தொடங்கினார்கள். இராணுவம் எங்களை பயமில்லாமல் கடலுக்கு செல்ல சொன்னது. எங்களை பாதுகாக்கிறோம் என்று சொன்னார்கள். ஆனால் நாங்கள் நடுவில் மாட்டி கொள்ளவில்லை. காலத்தோடு இல்லாமல் போனது. சில கடத்தல் கிராமத்தில் நடந்தது. 10 அல்லது 12 பேர் ஒரு விதமான தடயமுமில்லாமல் மறைந்து போனார்கள். பொலிசாரே அவர்களை கொண்டு சென்றார்கள்
The JVP insurrection was for a few months. The war started with 83 Black July and went on till 2009. People are forgetting that time, so it's no wonder they forget the insurrection. I remember how we had to go stand guard outside the schools to protect our children. We did 'duty' outside the school gates. NO one can enter. If they try, we ask questions and only if satisfied we let them in. That was our mentality then. Even if the Army and LTTE were fighting elsewhere and no direct terror happened here, the Government encouraged us to protect our children and property here in the South. Even if we see a unattended bag on a bus we would be cautious. If there was no owner, we would hand it over to the police. I think this mentality was successful. The war came to Colombo. The Gallery Naval base was attacked. So if these things happened it was entirely possible for them to come into our villages and bomb our schools. Even if we heard crackers at that time, the fear psychosis at the time made us think it was the LTTE.
අපි ජේවිපී එකෙයි කියන එක සාමාන්‍යයෙන් මාස කීපයක් අවුරුද්දක් දෙකක් තිබිලා ඒක තිබිච්ච එකක් නැති වෙලා ගියානේ. දැන් ඊට වැඩිය එල්ටීටීඊ කියන එක 83 වගේ කළු ජුලිය ඉදල ආපු එකක්. 2009 වෙනකන් තිබිච්ච එකක් නේ, ඒකත් දැන් මිනිස්සුන්ට අමතක නම් ඉතිං ඕකත් අමතක වෙන එක ආයි අමුතුවෙන අහන්න දෙයක් නෙවෙයිනේ. දැන් අපිට මතකයි මමත් මේ අපේ ළමයි වෙනුවෙන් ඉස්කෝලේ ගාවට යනෝ මුර කරන්න. එල්ටීටීඊ කාලේ. ජේවිපී කාලේ නෙමෙයි. ඩියුටියක් කරන්නේ ඉස්කෝලේ. අපි ඉස්කෝලේ ගේට්ටුව ගාව ඉන්නෝ. කිසි කෙනෙකුට ළමයි ගන්න එන්නත් බෑ. ඉස්කෝලෙට අතුල්වෙන්නත් බෑ. එනවා නම් ඔයා කවුද කොහෙද? එයා ගැන අනන්‍යතාවය තහවුරු කරගත්තොත් තමයි ඉස්කෝලෙට අපි එයාව යවන්නේ. අපි ඒ මානසිකත්වයක හිටියා. මෙහේ, දකුණේ. එල්ටීටීඊ කලබල ඇවිල්ල, හමුදාව සහ එල්ටීටීඊ එක යුද්දේ කරන අවස්ථාවේ දැන් මේවටත් භිෂණයක් ආවත් නාවත් රජය විසින් අපි පෙළඹෙවුවනේ තමන්ගේ දරුවෝ, දේපල ආරක්ෂා කරගැනීම සදහා, අපි අවධියෙන් ඉන්න ඕනෙයි කියල. එතකොටනේ කාගේ හරි බෑග් එකක් අර බස් එකේ තිබුනත් අපි නිතරෝම බලන්නේ හරි කාගේද අයිතිකාරයෙක් ඉන්නවාද, ඉන්නවා නම් ළගට ගන්න. නැත්නම් ඒක අපි භාරදෙනෝ පොලීසියට. එහෙම මට්ටමකට මිනිස්සුන්ගේ මානසිකත්වය. හැබැයි ඒක සාර්ථක වුනා, මම දැකපු විදියට. යුද්දේ දැන් ආවානේ, කොළඹට. ගාල්ලේ නාවික හමුදා කඳවුරට සම්පුර්ණයෙන් ඇවිල්ලා ගහලා ගියා නම්, ඉතිං අපේ ගමට ඇවිල්ලා අපේ ඉස්කෝලේ ළමයි ටිකකට ඔය පොඩි බෝම්බයක් දාල නිකං කුතුහලයක් වගේ ඇති කරන එක අලුතෙන් හිතන්න දෙයක් නෙවෙයිනේ. දැන් බොම්බේ නෙමෙයි, රතිඤ්ඤයක් හරි පත්තු වුනෝතින් ඉස්කෝලේ අපි කවුරුත් හිතන්නේ ඒ දවස් වල තිබිච්ච මානසික මට්ටමත් එක්ක එල්ටීටී එක ඇවිල්ලා කියා.
NItpgpapனரின் புரட்சி ஒரு சில மாதங்களே இருந்தது. யுத்தம் 83 கறுப்பு ஐ{லை மாதம் தொடங்கி 2009ம் ஆண்டு வரை சென்றது. மக்கள் அந்த காலத்தை மறந்து விட்டார்கள். அவர்கள் புரட்சியை மறந்தது பெரிய காரியமில்லை. நாங்கள் பாடசாலைகளுக்கு சென்று எங்கள் பிள்ளைகளை பாதுகாக்க காவலிருந்தது ஞாபகமிருக்கிறது. யாரையும் உள்ளுக்கு விடவில்லை. யாரவது வந்தால் நாங்கள் கேள்விகள் கேட்போம். எங்களுக்கு திருப்தியாக இருந்தால் மட்டுமே உள்ளுக்கு விடுவோம். இராணுவமும் புலிகளும் வேறு இடத்தில் சண்டையிட்டு கொண்டு இருந்தாலும் இங்கு ஒரு பயமுறுத்தல்கள் இல்லாவிட்டாலும், அரசாங்கம் எங்கள் பிள்ளைகளையும் சொத்துகளை பாதுகாக்க சொல்லி ஊக்கப்படுத்தியது. ஏதாவது ஒரு பார்சல் பஸ்களில் கிடந்தால் நாங்கள் எச்சரிக்கையாக இருந்தோம். சொந்தக்காரர்கள் இல்லாவிட்டால் பொலிசிடம் பாரம் கொடுப்போம். இந்த மாதிரியான மனநிலை வெற்றியளித்ததென்றே நான் நினைத்தேன். கொழும்பிற்கு யுத்தம் வந்தது. கடல்படை தளம் தாக்கப்பட்டது. இந்த நிலை இங்கு நடந்தால் அவர்களுக்கு எங்கள் கிராமத்திற்கு வந்து பாடசாலைகளை தாக்க வாய்ப்பிருந்தது. அந்த நேரங்களில் பட்டாசு வெடித்தாலும் இந்த மனப்பயம் புலிகளையே நினைக்க தோன்றியது.
There's no need to talk about the past. It was wrong of the LTTE to ask for a separate state. This country is shared by all of us. The Government didn't say 'if you start a war and you win, we'll give you a piece of the country', so the war is something they created. It is a great thing that the war ended. It doesn't matter who stopped it, but it is important to appreciate that it is over. That’s what I think. We should be grateful.
පසුකාලීනව වෙච්ච දේවල් කතා කරන්න උවමනාවකුත් නෑ. පස්සේ දේවල් ඉතිං වැඩකුත් නැහැ. දැන් යුද්දයක් එල්ටීටී එක වෙනම ආණ්ඩුවක් ඉල්ලන එක වැරදියිනේ. මේ රට අපි සැමෝගෙම. අපේ ආණ්ඩුව විහින් යුද්ද කරපල්ල, උඹලට දිනුවොත් කෑල්ලක් දෙනවයි, කියලා කොන්දේසියක් දැම්මේ නෑනේ. ඒක නිසා යුද්දයක් ඒගොල්ලෝ විහින් නිර්මාණය කරගත්තු එකක්. යුද්දේ නවත්තපු එක වටිනවනේ. දැන් ඒක අගය කරන්න ඕන කවුරු කරත්. මම නම් කියන්නේ ඒක හොදයි. ඒක වෙන්න ඕන දෙයක්.
பழையதை கதைப்பதால் பிரயோசனமில்லை. புலிகள் தனி நாடு கேட்டது பிழையானது. இது எங்கள் நாடு. அரசாங்கம் யுத்தத்தை தொடங்குங்கள் நீங்கள் வெற்றியடைந்தால் இந்த நாட்டின் பகுதியை தருகிறோம் என்று சொல்லவில்லை. இது அவர்கள் தொடங்கியது. இந்த யுத்தம் முடிவடைந்தது ஒரு பெரிய காரியமே. யார் இந்த யுத்தத்தை நிறுத்தினார்கள் என்பது ஒரு பொருட்டில்லை. இது முடிந்தது என்பதை நாங்கள் பாராட்ட வேண்டும். இது நான் நினைப்பது. நாங்கள் நன்றியுடையவர்களாக இருக்க வேண்டும்