My heart aches when I remember him
Parents from the Matara, Akuressa area speaks about the loss of their beloved son.
පුතා ගෑන මතක්වෙන කොට හිත වාවන්නෙ නෑ
මාතර, අකුරැස්ස ප්‍රදේශයේ මාපියන් දෙපලක් තමා පුතා අහිමි වු දුක්බර කතාව බෙදා ගනී
நான் அவரை நினைக்கும் போது, என் இதயம் காயப்படுத்துகிறது
மாத்தறையிலுள்ள பெற்றோர், அக்குரெஸ்ஸ பகுதியில் அவர்களின் அன்பான மகனின் இழப்பைப் பற்றி பேசுகின்றனர்.
This is our village, and that of our parents. There used to be a small hut with a thatched roof here. After our son went to the army, we built this house. He went in 87. He was 19 plus years. At 19, he wasn't small. He was tall, muscular and handsome. He failed his exams, and so he said ' mother, there is no point studying, I want to join the Army. I want to build a house for you'. So we signed him up. After joining in 87, he first went to Ampara for training. After 3 months of training, he went to Kuruwita Camp. He came home from camp and said, I can't fight like this, staying awake in jungles. It was about 3 years after joining. It won't go away. He then joined the 'bicycle' team. He said that when you join the bike team, you don't get shot or killed because it is safer. He liked living on the edge. He was there for about 4 years, in the special forces. He became second in command of about 40 in the team. He was supposed to be promoted after the holidays. But he was awarded it posthumously. He was handsome...my heart aches still when I remember.
මේ මුල් ගම පදිංචිය. අම්මලා තාත්තලාත් මේ ගමේම. මෙතන පොඩි ගෙයක් ඒ කාලේ තිබුනා. පොල් අතු වලින් බැදලා. ඊට පස්සේ පුතා හමුදාවට ගියාට පස්සේ මේ ගේ භාගයක් හදාගෙන යනකොට තමයි නැති වුනේ. පුතා ආමි එකට බැඳුනේ 87යි. අවුරුදු 19යි මාස ගානයි. 19 යි කියලා චූටි ළමයෙක් වගේ නෙමෙයි. උසයි, ගානට මහතයි. හැඩයි. ඔව්, හොදයි කඩවසම්. ආමි එකට, ඉස්කෝලෙන් විභාගේ පේල් වුනාට පස්සේ, අම්මේ ඉගෙන ගන්න බැරියෙයි, අම්මලාට ගෙයක් හදන්න ඕනෙයි කියලා හමුදාවට යනවයි කිවුවා. අපි අත්සන් කොරල, ඉතිං අපිත් නැති බැරි කම නිසා ගියා. 87 හමුදාවට ගියේ අම්පාරට නේ පලමු ට්‍රේනිං එක තිබුනේ. අම්පාර් කොන්ඩවටානේ කෑම්ප් එකේනේ. එතනින් ඒ මාස තුන පුහුණු වෙලා කුරුවිට කෑම්ප් එකට ගියා. කුරුවිට කෑම්ප් එකේ පුහුණු වෙලා, එතෙන්දි ඒකෙ හිටලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අම්මේ ඕකේ බැහැ මට යුද්ද කරන්න, කැලේ නිදිමරන්න බෑ. මං වෙනින් එහෙකට යනවා කියලා. එතකොට වුරුදු 3කට වැඩිය නෑ. හරි ලස්සනයි. අම්මෝ... තාම මේ පපුවෙන් තුරන් වුනේ නෑ. තාම තුරන් වුනේ නෑ. ඒ ගමන එයයි අර බයික් ටීම් එක තියෙනවනේ, ඒකට යනවයි කිවුවා. ඒකට ගියාම වෙඩි වදින්නේත් නැතෙයි කිවුවා. මැරෙන්නෙත් නැතෙයි කිවුවා. හරි ආරක්ෂාව හොඳෙයි කියලා. මෙය අර නිකං චන්ඩි වැඩ කරන්න හරි කැමතියි. ඒකට ගිහිල්ලා අවුරුදු හතරහමාරක් විතර හිටියා. විශේෂ බලකායේනේ හිටියේ. ඉතිං ඒකෙ ගිහිල්ල තමයි ඒකෙත් දෙවෙනියට ඉඳලා තියෙන්නේ. 40යි කට්ටිය ඉඳලා තියෙනේ. මෙය මැරෙන්න සුමානයක් දෙකක් තියා උසස්වීමක් ඇවිල්ලා තියෙනෝ. මෙය නිවාඩු එනකොට තමයි ඒක දෙන්න ඉඳලා තියෙන්නේ. මරුනයින් පස්සේ තමයි ඇවිල්ලා මෙහෙදී ඒ තනතුර ලබලා දුන්නේ.
இது எங்களது பெற்றோர்களினதும் எங்களுடையதும் கிராமம் ஆகும். இங்கு ஒரு வேயப்பட்ட கூரையோடு ஒரு குடிசை ஒன்று இருந்தது. எங்கள் மகன் இராணுவத்திற்கு சென்றபிறகு இந்த வீட்டை கட்டினோம். அவன் 87 ல் 19 வயதாக இருக்கும் நேரம் சென்றான். அவன் சிறியவனல்ல, அவன் உயரமாகவும் அழகாகவும் இருப்பான். பரீட்சையில் சித்தியடையவில்லை, அதனால் அவன், “ அம்மா, நான் படிப்பதில் பிரயோசனமில்லை. நான் இராணுவத்தில் சேரப்போகிறேன். உங்களுக்கு ஒரு வீடு கட்டித் தருகிறேன்” என்றான். நாங்களும் அவனை இராணுவத்தில் சேர்த்து விட்டோம். அவன் அம்பாறைக்கு பயிற்சிக்கு சென்றான். 3மாத பயிற்சிக்கு பின் குருவிட்ட கேம்பிற்கு சென்றான். பயிற்சிக்கு பிறகு வீட்டிற்கு வந்து “ எனக்கு இப்படி இருக்க பிடிக்கவில்லை, காடுகளில் கண்விழித்து சண்டை பிடிக்க விரும்பவில்லை” என்று சொன்னான். இது இராணுவத்தில் சேர்ந்து 3 வருடத்திற்கு பின்பு. நினைக்கும் போது என் இதயம் வலிக்கிறது. அதற்கு பிறகு அவன் பைசிக்கல் சேனையில் சேர்ந்தான். பைசிக்கல் அணியில் சேர்ந்தால் துப்பாக்கி சூடுகளிலிருந்தும், கொல்லப்படுவதிலிருந்தும் தப்பிக்கலாம் ஏனென்றால் அதிலிருப்பது பாதுகாப்பானது. அவனுக்கு ஆபத்திலிருப்பது பிடித்திருந்தது. அவன் 4 வருடம் அதில் இருந்தான். 40 பேரிற்கு இரண்டாவது பொறுப்பாக இருந்தான். விடுமுறைக்கு பிறகு அவனுக்கு பதவி உயர்வு கிடைக்க இருந்தது. ஆனால் அது அவன் இறந்த பிறகே கிடைத்தது.
Our son died on the 16th of October 1995. I wanted to know how he died. His brother-in-law was also in the same team. He was with him, so we heard the story from him. There were about 40 in the bike team. They had been near a culvert in Batticaloa. Their commanding officer, had told them not to go beyond that point. But suddenly they had heard gunfire raining down. My son had said, we need to leave. Their leader had said, Dammi, don't go. But he had said we need to go now. So 4 of them had done, and 4 more had followed with 3 guns. Then, they had seen a bus and about 40 commandos in black, with black bandanas getting down. They had mistaken these for [Army] commandos, but they were Tigers. All 8 were shot there. The best 8 were shot down...My son was shot in the neck. I'm too sad to give details... His brother-in-law had set one of the bikes on fire, and escaped with my son on another bike.
අපේ පුතා නැති වුනේ 95, 10 වෙනි මාසේ 16 වෙනිදා. පුතා නැති වුනේ කොහෙමද දැනගන්න ආසාව තිබුනා. එය බැඳපු කෙල්ලගේ අයියා ඉන්නෙත් ඒ කණ්ඩායමනේ. දැන් ඔය කතාව දැනගන්න හම්බවුනේ එතන හිටපු මස්සිනා හින්ද. මේ බයික් ටීම් එකේ 40ක් කට්ටිය ඉන්නවාලු. මඩකලපුවේ තියෙනවලු කලපුවක් වගේ බෝක්කු ගැට්ටක්. ඒ බෝක්කූ ගැට්ට ගාව කට්ටිය ඉඳලා තියෙනෝ. ඉන්න වෙලාවට, ඒ කෑම්ප් එකේ ලොකු මහත්තයා කිවුවලු කිසිකෙනෙක් මේ වරුවේ අඩිය හොලවන්න එපයි කිවුවලු. හොලවන්න එපයි කියලා මේ කට්ටිය ඉන්නකොට ඇහෙනවලු මහා මේඝ වරුසාව වගේ වෙඩි. අපේ පුතා කිවුවලු දැන් නම් ඉඳීමෙන් වැඩක් නැතෙයි. යමු කියලා. ලොකු මහත්තයා කිවුවලු දම්මි, යන්න එපයි කිවුවලු. බෑ මහත්තයෝ, එහෙම බැහැයි, මං යන්න ඕනෙයි කිවුවලු. බයික් පැදගෙන 4 දෙනෙක් පාරට බහිනකොට අනිත් 4 දෙනාත් ආවලු. 8 දෙනයි. පැදගෙන ගියාලු. රූන් ගාලා... මෙගොල්ලොන්ට තුවක්කු 3ක් දීලා තිබුනලු පාවිච්චියට. මගේ අම්මේ.. මඩකලපුවෙන් ඇවිල්ලා කොමාන්ඩෝ සුට් එක ඇඳල කළු රෙදි කෑල්ලක් ඔලුවේ බැඳලා කොමාන්ඩෝකාරයෝ ඇවිල්ල 40ක් බැහැලලු බස් එහෙක. කට්ටිය රැවටුනාලු මේ කොමාන්ඩෝකාරයොයි කියලා. ඒකෙන් මරුනේ. අර කොටි 40ක් ලු අර ඇවිල්ලා තියෙන්නේ. මෙගොල්ලෝන් අත ඉස්සුවලු. අත ඉස්සුවහම දුන්නලු පට පට ගාලා. වෙඩි තියලා 8 දෙනෙක් එතනම මැරිලා. හොඳම ලොකු 8 දෙනා එතනම මැරුණා. අපේ පුතාට වෙඩි පාර තිබුනේ මේ බෙල්ලට. ඉතිං දුකයි, කියන්න බෑ ඒවා. ඉතිං මස්සිනා හිටියනේ, මස්සිනා බයික් එකට පයින් ගහලා ගිනි කූරක් ගහලා බයික් එකට පත්තු කරලා දාලා, පුතා කර තියා ගත්තලු, රූන් ගාලා තව බයික් එකක නැගලා ආවලු.
எங்கள் மகன் 16 ஒக்டோபர் 1995 ல் இறந்தான். அவன் எப்படி இறந்தான் என்று நான் தெரிந்து கொள்ள நினைத்தேன். அவனுடைய மைத்துனன் அவனுடைய அணியில் இருந்தவன். அவனோடு இருந்ததால், அவனிடமிருந்து என்ன நடந்தது என்று அறிந்து கொண்டோம். அவனுடைய பைக் குழுவில் 40 பேர் இருந்தார்கள். அவர்கள் மட்டகளப்பில் ஒரு மதகுக்கு பக்கத்தில் இருக்கும் போது அவர்களுடைய கட்டளை அதிகாரி அந்த எல்லைக்கு அப்பால் போக கூடாது என்று கட்டளையிட்டிருந்தார். திடிரென துப்பாக்கி சத்தம் கேட்க தொடங்கியது. என் மகன் அந்த இடத்திலிருந்து சென்று விடுவோம் என்று சொன்ன போது, அவர்களுடைய தலைவன் “ தம்பி போக வேண்டாம்” என்றார். ஆனால் அவன் இப்போதே போக வேண்டும் என்று கூற, 4 பேரும் மற்றும் 4 பேர் 3 துப்பாக்கிகளுடன் அவனோடு சென்றார்கள். அப்பொழுது 40 கொமோன்டக்களை ஒரு பஸ்சில் கண்டிருக்கிறார்கள். ஆனால் அவர்கள் புலிகள் என்பதை அறியவில்லை. 8 பேரும் சுடப்பட்டார்கள். என் மகனுக்கு கழுத்தில் சூடு.. எனக்கு தகவல்களை தர மிக கவலையாக இருக்கிறது. அவனுடைய மைத்துனன் மோட்டார் பைக்கை கொழுத்திவிட்டு என் மகனோடு இன்னொரு பைக்கில் தப்பி சென்றார்கள்.
Father and I were in the field. During this time the rains were heavy and had flooded the area. While we were there, I looked up and saw a crowd gathered on the edge of the paddy. I said to him [father], 'I wonder why'... it was only 2 days since my son had come for holidays and returned. I dove into the water and came to this side, while father came around on land. The people said, let's go home. I asked them why, because I never imagined this. There was a Jam fruit tree in front of the house. There was a crowd by it. The police were there. I never thought it was about my son, because he was just here... They said, 'mother, do not be afraid'. I said, why should I fear, I have done nothing wrong, wit happened?'. They said, your son is dead. Father had nothing to say. I thought, if I had died while swimming to been bitten by a water snake, it would have been better. I didn't want to see the funeral of my precious son. They said, 'mother don't cry. Today thousands of bodies were brought to Colombo'. By then the body was brought to Matara. Our son in law was in the Matara camp. He together with relatives, and my daughter, did everything and brought the body here by 10 p.m.
තාත්තයි, මායි වෙලේ ගිහිල්ලා. මේ වගේ කාලේ, වැහැලා මෙච්චෙක් විතර ගංවතුර ගලල, තාත්තයි මායි දෙන්නා දෑකැති දෙකකුත් අරන් ගිහිල්ල වෙලේ ගොයම් කපනවා. ඉතිං අපි වෙලේ ගොයම් කපනකොට මං උඩහ බැලුවා. කුඹුර උඩහ බලනකොට දෙවැට අයින දිගේ ඉන්නවා සෙනග, හතර පස් දෙනෙක්. මං මෙයාට අනේ මොකද දන්නැතෙයි කිවුවා…එතකොට අපේ පුතා ගෙදර නිවාඩුවට ඇවිල්ලා ගිහිල්ලා දවස් දෙකයි. වතුරේ කිමිදී කිමිදී බැහැ බැහැ තාත්තා ගොඩ පාරෙන් ආවා. මම වෙල මැදින්ම ආවා ගොඩට. එන්නෙයි ගෙදර යන්න කිවුවා. මං ඇහුව මක්කටෙයි.. හිතුවේ නෑනේ මේ ගැන, මොකටෙයි.. ? ගෙදර එනකොට මෙතන ජෑම් ගහක් තිබුනා. ඔය ජෑම් ගහ ලග සෙනඟ පිරිලා. පොලිසියෙන් ඉන්නෝ. ඇයි හත්දෙයියනේ මේ මොන කරුමයක්ද, මම හිතුවෙම නෑ, ඇයි ඊයේ ගිහිපු දරුවානේ. මං හිතුවෙම නෑ. මං බලනකොට පොලිසියෙන් හත් අට දෙනෙක් දහයක් දොළහක් වගේ ඉන්නවා. අම්ම බය වෙන්න එපයි කිවුවා. ඇයි මොකටෙයි මං බය වෙන්නේ..? මොකෝ වරද ? මොකද වුනේ ? පුතා නැති වුනයි කිවුවා. ඒ ගමන් ඉතිං තාත්තට කියන්න දේවල් නෑ, මම අර වෙලේ ඉඳගෙන කිමිදී කිමිදී දිය පොලගෙක් වත් කාලා මං මැරුණා නම් හොදෙයි කිවුවා. මගේ රත්තරං පුතා මරණය නම් මට බලන්න බැරිය කිවුවා. අම්මේ අඩන්න එපයි කිවුවා. අද දහස් ගණනක් කොළඹට ගෙනල්ලයි කිවුවා, අම්මේ අඩන්න එපයි කිවුවා. ඉතිං, මෙලහට මරණේ ගෙනල්ලා. මාතරට ගෙනල්ලා එතකොට. අපේ බෑනා කෙනෙක් ඉන්නෝ මාතර කෑම්ප් එකේ. එයයි තමයි එතකොට මගේ මස්සිනයි, එතකොට ලොකු දූ දෙන්න එයාට තමයි කතා කරලා තිබුනේ. ඒ ළමයට. ඒපාර ඒ ළමයා මේවා කරලා හරිගස්සලා මරණේ අරගෙන මෙහාට ආවා 10 වෙනකොට.
நானும் அவரும் வயலில் இருந்தோம். அந்த நேரத்தில் பெரிய மழை காரணமாக அந்த பிரதேசம் வெள்ளத்தால் முழ்கியிருந்தது. நான் பார்க்கும் போது வயலில் மறுபக்கத்தில் ஒரு கூட்டம் கூடியிருந்தது. நான் என்ன நடக்கிறது என்று தெரியவில்லை என்று அவரிடம் கூறினேன். என் மகன் விடுமுறையில் வந்து சென்று 2 நாள் தான் போயிருந்தது. நான் அந்த பக்கத்திற்கு தண்ணீரில் சென்றேன். அவர் நிலப்பக்கமாக அந்த பக்கத்திற்கு சென்றார். கூட்டத்திலிருந்தவர்கள் எங்களை வீட்டுக்கு செல்வோம் என்று கூப்பிட்டார்கள். நான் அவர்களிடம் ஏன் என்று கேட்டேன் ஏனென்றால் நான் இவ்வாறு யோசிக்கவே இல்லை. வீட்டிற்கு முன்னால் ஒரு மரமிருந்தது. கூட்டமொன்று அதற்கு பக்கத்திலிருந்தது. போலிசும் இருந்தார்கள். நான் இது என் மகனை பற்றியென்று நினைக்கவே இல்லை. ஏனென்றால் அவன் இப்போது தான் வந்து சென்றிருந்தான். “அம்மா பயப்படாதீர்கள்” என்று சொன்னார்கள். ஏன் நான் பயப்பட வேண்டும், நான் ஒன்றும் செய்யவில்லையே, என்ன நடந்தது என்று கேட்டேன். அவர்கள் “ உன் மகன் இறந்து விட்டான்” என்று சொன்னார்கள். அப்பா ஒன்றும் சொல்லவில்லை. நான் நீந்தி வரும் போது செத்திருந்தால் அல்லது ஒரு நீர்ப்பாம்பு கொத்தியிருந்தால் மிகவும் நன்றாக இருக்கும் என்று நினைத்தேன். என் செல்ல புதல்வனின் மரண சடங்கை பாரப்பதற்கு எனக்கு விருப்பமில்லை. “ அம்மா அழ வேண்டாம், ஆயிரக்கணக்கான உடம்புகள் கொழும்பிற்கு கொண்டு வரப்பட்டது” என்று கூறினார்கள். அந்த நேரத்தில் உடம்பு மாத்தறவிற்கு கொண்டு வரப்பட்டது. என் மருமகன் மாத்தற கேம்பில் தான் இருந்தான். அவனும் மற்ற உறவினரகளும் என்னுடைய மகளும் சேர்ந்து எல்லா வேலைகளும் செய்து உடம்பை இரவு 10 மணிக்கு கொண்டு வந்தார்கள்
My son used to say, mother, people that go missing in action are taken and killed by the Tigers. It is so much better to kill myself than to be taken alive my Tigers. If I kill myself, it is over. If I get taken alive they will kill me many times over. They will torture me by putting me in a cage made of wire. They will dip me in chili. They will prick me with needles or nails. He said all this in the kitchen while eating his rice. I said, my precious son, don't get caught to them, and also don't shoot yourself, you find a way to come home somehow. Even on the day he left I said, please come back now, there are other jobs you can do here.
ඔය අපේ පුතා ඒ දවස් වල කිවුවා, අම්මේ අතුරුදහන් වෙච්ච කට්ටිය කොටි අරන් ගිහිල්ල මරනවයි කියලා. අතුරුදහන් වෙනවට වැඩිය හොඳෙයි කිවුවා කොටින්ට අහු වෙනවට. ‘අම්මේ කොටින්ට නම් අහු වෙන්නේ නැතෙයි, මං ඉබේ වෙඩි තියාගෙන මැරෙනවයි’ කිවුවා. ඒ මොකදැයි ඇහුවම, ඉබේ වෙඩි තියාගෙන මැරුණම ඒක ඉවරෙයි කිවුවා, අරුන්ට අහු වුනොත් මැරී මැරී ඉපදෙනවයි කිවුවා. කම්බි කුඩුවේ දානවයි කිවුවා, මිරිස් ගෝනි බස්සනවයි කිවුවා. ඉඳි කටු ගහනවයි කිවුවා, ඇණ ගහනවයි කිවුවා. නොයෙකුත් වද හිංසා දෙනවයි කිවුවා. මං එක්ක කිවුවා, කුස්සියේ බත් කන ගමන් අම්මේ මම නම් කොටින්ට අහු වෙන්නේ නෑ, මම ඉබේ වෙඩි තියාගෙන මගේ තුවක්කුවෙන් මං මැරෙනවයි කිවුවා. ඔව් සත්තයි එහෙම කිවුවා මාත් එක්ක. එතකොට ඉතිං මං කිවුවා ‘අනේ මගේ රත්තරං පුතේ කොටින්ට අහු වෙන්නත් එපා මගේ රත්තරං පුතේ උඹ ඉබේ වෙඩි තියාගන්නත් එපා. උඹ කොහොම හරි වරෙන් ගෙදර’. යන දවසෙත් මං කිවුවා ‘අනේ රත්තරං පුතේ ඔය ගමන නවත්තපන්, දැන් යුද්දෙනේ හරියට මේ පැත්තේ ජේවිපීකාරයින්ගේ යුද්දත් තියෙනවානේ’.
என் மகன் போரின் போது காணாமல் போகிறவர்கள் புலிகள் கொண்டு சென்று கொல்வதாக சொன்னான். அவர்களிடம் பிடிபடுவதை விட நானே தற்கொலை செய்து கொள்ளலாம் என்பான். நான் தற்கொலை செய்து கொண்டால் நல்லது அவர்களிடம் பிடிபட்டு பல முறை சாவதை விட என்று சொல்வான். அவர்கள் சித்திரவதை செய்து கம்பியால் செய்யப்பட்ட கூட்டில் அடைப்பார்கள். என்னை மிளகாய் தூளில் தோய்த்து எடுப்பார்கள் என்னை ஊசிகளால் குத்துவார்கள் என்று சமையலறையில் அவன் சாப்பிடும் போது சொல்லியிருக்கிறான். அவர்களிடம் பிடிபடாதே, உன்னையே சுட்டு கொள்ளாதே என்று நான் அவனுக்கு கூறுவேன். அவன் வீட்டை விட்டு போகும் போது தயவு செய்து திரும்பி வா, உனக்கு வேறு தொழில்கள் செய்யலாம் என்று சொன்னேன்.
We are happy that the war ended and also that the rest of them are now safe. We gave up our son for the country. That is why we went to Colombo and signed for him to join. From that day on, we give alms on his behalf every October 17th. HIs little son, has now finished studies and is looking for a job. They lived in Kegalle, because his wife is from there. She raised him alone, with her parents and siblings. She got his salary. We got nothing. She got it all. Except for the 50000 we got for his funeral.
යුද්දේ ඉවර වුනු එක හින්දාත්, අනිත් කාන්ඩෙ ආරක්ෂා වෙන හන්දත්, අපි සතුටුයි. ඉතිං රට වෙනුවෙන්ම තමයි අපි පුතා දුන්නේ, කොළඹ ගිහිල්ලා අත්සන් කොරලා ඉතිං. එදා ඉඳලා පුතා වෙනුවෙන් හැම අවුරුද්දෙම දානේ දෙනෝ ඔක්තෝම්බර් 17. පුතාගේ ළමය ඉගෙනගෙන, දැන් රස්සාවක් ගන්න තමයි හදන්නේ. ගිහිල්ලා ඒගොල්ලෝ ගෙවල් හදලා තියෙන්නේ කෑගල්ලේ. ඒ අම්මගේ ගම එහේ. මුණුපුරා තාත්තා වගේම. තාත්තා නැති වුනේ මාස 9 වෙදිනේ. ඔව්, ඇවිදින්නත් බෑ. ඉතිං තනියම ළමයෙක්ව හැදුවේ එයා; ඒ අම්මයි තාත්තා සහෝදරයෝත් ඉන්නවනේ. ඇයි පඩිය හම්බවෙනවනේ. අපිටත් මුකුත් හම්බවෙන්නේ නෑ. එයාටනේ හම්බ වුනේ. අපිට දුන්නනේ අර මුල් මේවෙකෙන් 50,000 ක්, එච්චරයි.
யுத்தம் நிறைவடைந்ததையிட்டு நாங்கள் மகிழ்ச்சி அடைகிறோம். மற்றவர்கள் எல்லோரும் இப்போது பாதுகாப்பாக இருப்பார்கள். எங்கள் மகனை நாட்டுக்காக அர்ப்பணித்தோம். அதனால் தான் கொழும்பு சென்று அவனை இராணுவத்தில் சேர்த்தோம். அந்த நேரத்திலிருந்து ஒவ்வொரு ஒக்டோபர் 17ம் திகதியும் அவனுக்காக தான தருமங்களை செய்கிறோம். அவனுடைய மகன் படிப்பை முடித்துவிட்டு வேலைக்கு தேடி அலைகிறான். அவனுடைய மனைவி கோகலையில் வசித்து வந்தார்கள். மகனை அவள் மட்டுமே வளர்த்தெடுத்தாள் பெற்றோர்களும் சகோதரிகளினதும் உதவியோடு. மகனின் சம்பளமும் அவளிடமே இருந்தது. ஒன்றுமே எங்களுக்கு கிடைக்கவில்லை. மரண சடங்கிற்காக நாங்கள் செலவலித்த 50000 ம்தவிர.
During the JVP insurrection, this area was a war zone. We didn't stay in our homes during the night. We wouldn't light a lamp. There was no electricity but they banned us from lighting lamps. We were afraid. We couldn't talk. They would be walking on the road with guns and bombs. Once, I said, please don't come this way. They scolded me, and said they will beat me. Honestly, they said they will throw the bomb at me if I spoke too much. Now, our son was already in the Army at that point. They said, make him resign immediately. How can we? You can't just resign from the Army, it's not like a school where you can take a child out. They said, if we don't get him out, they will kill us all. WE didn't know them, they were not from here. They took our ID cards. They threatened us. We took the children, and left our homes. We went to Galle, Kantale, Thihigoda...we stayed in many places till the troubles ceased. They stopped suddenly in 1990. Our son didn't come home till then.
ජේවිපී කාලේ, අපෝ, මෙහේ නම් හරි යුද්දයක් තිබ්බේ. අපි ඉතිං රැයේ පානේ ගෙවල් වල හිටියේ නෑ. පහනක් වත් පත්තු කරන්න භයයි. ඒ කාලේ ලයිට් නෑනේ. ලාම්පු නේ පත්තු කෙරුවේ. ඒකත් තහනම් කරා පත්තු කරන්න. අපි ඉතිං භයෙන් හිටියා. බෑනේ කතා කරන්න. අර පාරෙන් මෙහා පැත්තට එනෝ අරගෙන තුවක්කු බෝම්බ අරගෙන එනවා. මං කිවුවම දවසක් මෙහෙන් එන්න යන්න එපයි කියලා මටත් බැන්න. මටත් මේකෙන් ගහනවයි කිවුවා. ඇත්තටම, මේ බෝම්බෙන් ගහනවයි කිවුවා වැඩිය කට දෑවොත්. අපේ පුතා ඉතිං හමුදාවට ගිහිල්ලා නේ එතකොට. ඉතිං ඒගොල්ලොන් කිවුවා මේ හමුදාවෙන් ගිය මිනිස්සු අස් කරන්න ඕනෙයි. ඉතිං අපි කිවුවා කොහොමෙයි අපි අස් කරන්නේ. අපිට මොකෝ ඉස්කෝලෙක ඉඳලා එක්කෙන්න වගේ එහෙම අපිට නම් බැරිය කිවුවා. හැබැයි අස් කරන් ඇවිල්ලා නොදුන්නොත් පවුලම මරනවයි කිවුවා. එහෙම කිවුවේ, පිටින් ආපු අය. අඳුරන්නෑ කවුරුවත්. ඉතිං අපේ ඇදුනුම් කාඩ් එක පවා අරන් ගියා. අපිට හරියට තර්ජනය කරා. අපි ඉතිං ගෙවල් දොරවල් දාල සේරම ළමයි අරගෙන ගියා - ගාල්ලේ ගියා, ඔය කන්තලේ ගියා. ඔය තිහගොඩ... ඔය ගිහිල්ල එක එක තැන්වල හිටියා, කලබල අඩු වෙනකන්. කලබල අඩු වුනයින් පස්සේ අපේ පුතා වත් ආවේ නෑ ගෙදර. එක පාරට, ඒක ඉවර වුනේ 90 නේ. ඒවා ඉවර වුනයින් පස්සේ තමයි මේ ගේ හදන්න පටන් ගත්තේ.
ஜேவிபி யினரின் காலத்தில் இந்த இடம் ஒரு யுத்த களமாக இருந்தது. நாங்கள் இரவு நேரங்களில் வீடுகளில் இருப்பதில்லை. எங்களால் விளக்குகள் ஏற்றுவதற்கு முடியாது. மின்சாரம் இல்லை, அவர்கள் எங்களை விளக்குகள் ஏற்றுவதற்கு அனுமதிக்கவில்லை. நாங்கள் பயந்திருந்தோம். பேச முடியாது. அவர்கள் துப்பாக்கிகளோடும் குண்டுகளோடும் பாதைகளில் நடப்பார்கள். இந்த பகுதிக்கு வராதீர்கள் என்று அவர்களிடம் நான் சொன்னபோது, என்னை ஏசினார்கள். என்னை அடிப்போம் என்றார்கள். அதிகம் பேசினால் குண்டை என் பக்கம் போடுவேன் என்றார்கள். அந்த நேரத்தில் என் மகன் இராணுவத்தில் இருந்தான். என் மகனை இராஜனமா செய்து விட்டு வரசொன்னார்கள். அது எப்படி நடக்கும் இராணுவத்திலிருந்து இராஜினமா செய்ய முடியாது. அவர்களைப் பற்றி எங்களுக்கு தெரியாது. அவர்கள் இப்பகுதியில் இருப்பவர்கள் அல்ல. அவர்கள் எங்களுடைய அடையாள அட்டைகளை எடுத்து கொண்டார்கள். எங்களை பயமுறுத்தினார்கள். எங்களுடைய பிள்ளைகளை தூக்கி கொண்டு வீட்டை விட்டு சென்றோம். நாங்கள் காலிக்கும் கந்தளாய்ககும், திகிகொடைக்கும் சென்றோம். பல இடங்களில் இந்த பிரச்சினைகள் முடியும் வரையும் இருந்தோம். 1990 ல் பிரச்சினைகள் நிறுத்தப்பட்டது. அது வரையும் எங்கள் மகன் வீட்டுக்கு வரவில்லை