We need to respect difference
A 90 year old Muslim gentleman talks about the history of the Godapitiya mosque
අගයමු අපේ වෙනස්කම්
90 හැවිරිදි මුස්ලිම්වරයෙක් ගොඩපිටිය මුස්ලිම් පල්ලියේ ඉතිහාසය ගැන කතා කරයි
நாம் வேறுபாடுகளை மதிக்க வேண்டும்
90 வயதான முஸ்லீம் எஸ்.எல் மசூதி வரலாறு பற்றிய பேசுகிறார்
A long time ago, a Saint from Prophet Mohammed’s clan had come to Kooragala. After he preached, he then came here and passed away. We became Muslims after that, about 300 years ago. His tomb is in the mosque [Godapitiya]. At that time, we were Sinhalese from the Kasturiarachchi family. Marikkar means Arachchi. The old Arachchis became Marikkars.I’m 90 now.
හුගාක් ඉස්සර අපේ මොහම්මත්තුමාගේ පරම්පරාවේ කෙනෙක් ඇවිල්ල තියෙනව. කුරුගල, එහාට ඇවිල්ලා ආගම ගැන උපදෙස් කර කර ඇවිල්ලා මෙහේ තමයි මෑරිලා තියෙන්නේ. එයාගෙන් තමයි අපි මේ ආගමට හැරුණේ. අවුරුදු 300 කට විතර උඩදී. එයාගේ සොහොන තමයි අර පල්ලිය ඇතුලේ මේ බැදලා තියෙන්නේ. එතකොට අපි සිංහල. සිංහල කියන්නේ කස්තුරිආරච්චි මහත්තයාගේ පරම්පරාවෙන් ආපු මිනිස්සු තමයි අපි. මරික්කාර් කියන්නේ ආරච්චි. පරණ ආරච්චිල තමයි මරික්කාර් කියල හැරුණේ. මට 90යි වයස.
நீண்ட காலங்களுக்கு முன் நபி முஹம்மத் அவர்களின் வழித்தோன்றலில் ஒருவர் கூரைகளைக்கு வருகை தந்திருந்தார். இறைபோதனையில் ஈடுபட்டு இங்கேயே மரணித்தார். அவரின் அடக்கஸ்தலமுடைய பள்ளிவாசல் கொடப்பிட்டியவில் அமைந்துள்ளது. அந்நேரம் நாங்கள் கஸ்தூரியாராச்சி குடும்பத்தை சேர்ந்த சிங்களவர்கள்.மரைக்கர் என்றால் ஆராச்சி. பழைய ஆராச்சிகள் பின்பு மரைக்கர் ஆயினர். எனக்கு இப்போது 90 வயது.
A small Mosque was made here. In 1915 when the riots against Muslims happened, it was damaged. When the Governor during the Soulbury commission came to see this, they asked him for a mosque. He had replied 'use the trees of the forest' and that’s how this mosque became a grand big mosque here.
පොඩි පල්ලියක් හදලා තියෙනෝ. ඒක එහෙම තියෙනකොට තමයි 1915 කාලේදී අපේ කට්ටියට කෝලහාලයක් වෙලා පල්ලිය පොඩ්ඩක් කඩලා තිබුනා. එහෙම ඉන්නකොට හිටියා අපේ මුත්තගෙත් මුත්තා - රැවුල මුත්තා කියලා. ඉතින් මේ ආරන්චියට සෝල්බරි ආණ්ඩුව කාලේ ආණ්ඩුකාරය ඇවිල්ල බලන්න. පල්ලිය හදන්න ඉල්ලුවම, ඕනම කැලේකින් ගස් කපාගන්න කියල උත්තරේ දීලා තියෙනනෙ. ඒකෙන් කපල අරගෙන ඇවිල්ල තමයි පල්ලිය ලොකු කරලා තියෙන්නේ.
இங்கு சிறியதொரு பள்ளிவாசல் கட்டப்பட்டது. 1915ல் முஸ்லிம்களுக்கு எதிராக இனக்கலவரமொன்று நடைபெற்றது. சோல்பரி ஆணையாளர் அதனை வந்து பார்வையிட்டபோது பாதிப்படைந்திருந்த பள்ளிவாசலை மீண்டும் கட்டுமாறு பணித்தார். அதன் பின்னரே பெரிய பள்ளிவாசலாக மாற்றம் பெற்றது.
There’s an annual festival here in January. I would make a structure by myself, which took 15 days to make. The boys tie up the branches of the sacred bo tree in the temple so it can pass. When we were young, no one asked them to do it, they did it out of respect. When the Buddhist perahera/ procession goes by the Mosque, they would reduce the noise out of respect. We were like brothers. No difference. Even now in the Akuressa area, Sinhala people and Muslim.
අවුරුද්දකට සැරයක් ජනවාරි මාසේ මෙහේ උත්සවයක් තියෙනවා. ඒ උත්සවේ කාලෙට මම අර කරඩුව තනියම හදනවා. ඔක්කොම දවස් 15 යි යන්නේ. ඒක පාරේ ගෙනියන දවසට ඔය ළමයින්ට කිවුවම අර අතු ඔක්කොම උස්සල බැදලා දෙනවා අපිට පාරෙ ගෙනියන්න. අපි පොඩි දවස් වල අපි කියල නෙමෙයි, ඒ මිනිස්සු හිතල කරේ. එතකොට බෞද්ධාගමේ පෙරහැර යනකොට... පල්ලිය ලගින් සද්දෙ අඩු කරා. ඒ කියන්නේ මෙහෙමනේ, අනිත් එක්කෙනාට ගරු කරන එක, එයාලගේ ආගමට ගරු කරන එක ඒ ස්වභාවය තිබුණනේ. ඒ තරම් සහෝදරකමෙන් අපි ඉන්නේ. කිසීම වෙනසක් නෑ. දැන් අකුරැස්සේ වුනත් කොහේ වුනත් සිංහල මිනිස්සු අපේ මිනිස්සු බොහෝම එකට තමයි ඉන්නේ, කිසීම කරදරයක් නෑ.
ஒவ்வொரு ஜனவரியிலும் அங்கு வருடாந்த நிகழ்வுகள் நடைபெறும். இது 15 நாட்களுக்கு எடுக்கும். கோவிலில் உள்ள புனிதமான மரத்தின் கிளைகளை சிறுவர்கள் கட்டிப் போடுகிறார்கள். நாங்கள் யாரும் அதை செய்யும்படி அவர்களிடம் கேட்கவில்லை அவர்கள் அதை மரியாதையுடன் செய்தார்கள். மசூதியைக் கடந்து பெளத்த பெரஹெரா ஊர்வலம் செல்லும் போது அவர்கள் இரைச்சலை குறைத்துவிடுவார்கள். நாங்கள் சகோதரர்களைப் போல இருந்தோம்.
During the 89 insurrection, all the electricity meters of the houses were broken. There was a lot of problems. We used to hide when they came - near the river, here and there. We were frightened. It happened for about 6 months, during the UNP government. A lot of valuable people died as a result of it.
89 කාලෙ, ඔක්කොම ගෙවල් වල මිටර් ඔක්කොම කඩලා එළියක් තියන්න එපයි කියලා ඔන්න ඔහොම කලබල හුගක් තිබුනා. අපි ඉතින් ඒගොල්ලෝ එනකොට හැන්ගිලා ඉන්නවා - sගග අයිනෙයි අරෙහෙන් මෙහෙන්. භයට හිටියේ. ඒක මාස 6 විතර තමයි තිබුනේ. යූඑන්පී ආණ්ඩුව කාලේනේ. හුගක් වටිනා මිනිස්සු මරුනනේ ඒකෙන්.
89ம் ஆண்டு புரட்சியின்போது அனைத்து வீடுகளினதும் மின்சார மீட்டர்கள் அனைத்தும் உடைக்கப்பட்டன. நிறைய பிரச்சினைகள் இருந்தன. அவர்கள் வரும்போது நாங்கள் பயத்தினால் வீடுகளில் ஒழித்துக்கொள்வோம். U.N.P ஆட்சிக்காலத்தில் ஆறு மாதங்களுக்கு இடம்பெற்றது. இதன் முடிவாக பல பெறுமதியான உயிர்கள் கொல்லப்பட்டன.
[Son speaks] - I am not talking about our problems alone, I am talking about the issues all Sri Lankans have. Now, every religion, including Islam, speaks of solving problems through discussion. If we live within that frame, then there will be no space for extremists to enter. If we become strong and united as ‘Sri Lankans’, then we can defeat any negative force.
[පුතාගෙ හන්ඩ] මං කියන්නේ අපිට තියෙන ප්රශ්නය විතරක් බලල නෙමෙයි, සමස්ත ලාංකිකයන්ට තියෙන ගැටලුව ගැන. දැන් හැම ආගමේම, ඉස්ලාම් ආගමේත් කියලා තියෙනවා ඕනෑම දෙයක් සාකච්චා කරලා විසදුමකට එන්න. ඒ රාමුව තුල තමයි ඕන වෙලාවක කටයුතු කරන්න ඕන. එතකොට ජාතිවාදීන්ට ඇතුළුවෙන්න බෑනේ. අපි ප්‍රබල වෙන්න ඕන ලාංකිකයෝ හැටියට. හැම ජාතින් අතරම එහෙම ශක්තිමත් වෙන්න ඕන. එතකොට ඔය බලවේග අපිට පරාජය කරන්න පුළුවන්.
(மகன் பேசுகிறார்) - நான் எங்களது பிரச்சினைகளை பற்றி மட்டும் பேசவில்லை, இலங்கையிலுள்ள அனைத்து பிரச்சினைகளையும் நான் பேசுகிறேன். இப்போது, இஸ்லாம் உட்பட எல்லா மதங்களும் கலந்துரையாடல் மூலம் பிரச்சினைகளை தீர்ப்பதை பேசுகின்றன. அவ்வாறு நாம் வாழ்ந்தால், தீவிரவாதிகள் நுழைவதற்கு இடம் இல்லை. நாம் இலங்கையர்களாக ஒற்றுமையாகவும் பலமாகவும் இருந்தால் எந்தவொரு எதிர்மறை சக்தியையும் நாம் தோற்கடிக்க முடியும்.
We need to respect difference. Usually people with weak mentalities can’t understand this premise. People who think about the future, understand it. We need to cultivate this idea in people. Without letting these small things become big problems, the media can make a difference to reduce tensions.
විවිධත්වයට ගරු කරන්න ඕන. ඒක සාමාන්‍යයෙන් දුප්පත් මානසිකත්වයකින් හිතන අයට ඒවා තේරෙන්නේ නෑ. දුර දිග හිතල වැඩ කරන මිනිස්සුන්ට ඒක තේරෙනවා. අපි ඒවා තව මිනිස්සුන්ගේ හිත් වලට දීලා ඒ වැදගත්කම ගැන කියල ගොඩනගන්න ඕන. ඒවා ඉස්මතු වෙන්නේ නැතුව ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති විදියට අපි පුළුවන් තරම් මාධ්‍ය වලින් තමයි ඒක කරන්න ඕන.
நாம் வித்தியாசத்தை மதிக்க வேண்டும். பொதுவாக பலவீனமான மனநிலை கொண்ட இதனை புரிந்து கொள்ள முடியாது. எதிர்காலத்தைப் பற்றி சிந்திக்கிறவர்கள் அதை புரிந்துகொள்வார்கள். இந்த யோசனை மக்களில் நாம் வளர்க்க வேண்டும். இந்த சிறிய விஷயங்களால் பெரிய பிரச்சினைகள் உருவாகாமல் தவிர்ப்பதற்க ஊடகங்கள் பாரிய பங்களிப்புச்செய்ய முடியும்.